Close Menu
Lanka Focus News
    What's Hot

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක මාරක අනතුරු

    October 11, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»මනුෂ්‍ය ඝාතනයක් කළ අයෙකුට මරණ දඬුවම
    Featured

    මනුෂ්‍ය ඝාතනයක් කළ අයෙකුට මරණ දඬුවම

    By LFNJanuary 21, 2026No Comments2 Mins Read120 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කළැයි සිද්ධියක් සම්බන්ධයෙන් අනුරාධපුර මහාධිකරණය හමුවේ අධිචෝදනා ලබා සිටි පියෙකු සහ පුතුන් දෙදෙනෙකු ඇතුළත් එකම පවුලේ විත්තිකරුවන් තිදෙනා අතරින්, පියා පමණක් මනුෂ්‍ය ඝාතන චෝදනාවට වරදකරු බවට තීන්දු කර ඔහුට මරණ දඬුවම නියම කර තිබේ.

    මෙලෙස මරණ දඬුවම නියම කළේ උතුරු මැද පළාත් බද්ධ මහාධිකරණ විනිසුරු ලක්මාලි හේවාවසම් මෙනවිය විසිනි.

    අදාළ නඩුවේ දෙවන සහ තුන්වන විත්තිකරුවන් ලෙස නම් කර තිබූ පළමු විත්තිකරුගේ පුතුන් දෙදෙනාට එරෙහිව ගොනු කර තිබූ මනුෂ්‍ය ඝාතන චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරීමට පැමිණිලි පාර්ශ්වය අසමත් වී ඇති බව පෙන්වා දුන් මහාධිකරණ විනිසුරුවරිය, ඔවුන් දෙදෙනා නිදොස් කොට නිදහස් කර මුදා හැරීමට නියෝග කළාය.

    මෙලෙස මරණ දඬුවම නියම වූයේ පදවිය ප්‍රදේශයේ පදිංචි 75 හැවිරිදි පුද්ගලයෙකි.

    නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරු ලක්මාලි හේවාවසම් මෙනවිය සඳහන් කළේ, මනුෂ්‍ය ඝාතනය සිදුකළ බවට පළමු විත්තිකරුට එරෙහිව පැමිණිල්ල විසින් එල්ල කර ඇති චෝදනාව සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරීමට පැමිණිලි පාර්ශ්වය සමත්ව ඇති බවයි. එහෙත් දෙවන සහ තුන්වන විත්තිකරුවන්ට එරෙහි චෝදනා එලෙස සනාථ කිරීමට පැමිණිල්ල අසමත් වී ඇති බවද ඇය පැවසුවාය.

    2015 වසරේ ඔක්තෝබර් මස 8 වැනි දින හෝ ඒ ආසන්න දිනයකදී, අනුරාධපුර මහාධිකරණ බල ප්‍රදේශයට අයත් පදවිය වැලිඔය ප්‍රදේශයේදී, විත්තිකරුවන් එක්ව පදවිය වැලිඔය, කල්‍යානපුර, නාමල්වැව ප්‍රදේශයේ පදිංචිව සිටි ඩබ්. සිරිසේන නමැති පුද්ගලයාට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කළ බවට ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 296 වගන්තිය ප්‍රකාරව නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනු කර තිබිණි.

    මෙම නඩුවේ ලඝු නොවන මූලික විභාගය කැබිතිගොල්ලෑව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවති අතර, අධිචෝදනා ගොනු කිරීමෙන් අනතුරුව වැඩිදුර විභාගය සඳහා නඩුව අනුරාධපුර මහාධිකරණයට යොමු කර තිබිණි. මෙම නඩුවේදී සාක්ෂිකරුවන් දස දෙනෙකු නම් කර තිබූ අතර, වැලිඔය පොලිසිය විසින් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කර ඇත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක මාරක අනතුරු

    October 11, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,477 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,427 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,628 Views
    Don't Miss

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 202605 Views

    ඊයේ (13) දිනය තුළ දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදුවු මාරක රිය අනතුරු කිහිපයකින් පුද්ගලයින් පස්දෙනෙකු ජීවිතක්ෂයට…

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක මාරක අනතුරු

    October 11, 2026

    ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ඉක්මවූ වැසි

    October 10, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.