Author: LFN

තායිලන්තයේ සිට මෙරටට එවා තිබූ පාර්සලයක් තුළ තිබී රුපියල් මිලියන 60කට අධික වටිනාකමකින් යුත් කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙකු මධ්‍ය තැපැල් හුවමාරුවේ රේගු නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ. රේගු අධ්‍යක්ෂ, රේගු මාධ්‍ය ප්‍රකාශක චන්දන පුංචිහේවා මහතා සඳහන් කළේ, එහි බර කිලෝ ග්‍රෑම් 6යි ග්‍රෑම් 201 බවය. විශේෂ පාර්සල් පරීක්ෂාවක් අතරතුර මෙම මත්ද්‍රව්‍ය තොගය සොයා ගෙන ඇති අතර, දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි සැකකරුවෙකුද මේ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත. මේ අතර, ඔරුගොඩවත්ත රේගු අංගනයේ පරීක්ෂා කිරීම් සඳහා යොදා තිබු බහාලුමක තිබී නීතිවිරෝධී ලෙස ආනයන කළ කහ තොගයක් සොයා ගැනීමට හැකි වූ බවඳ චන්දන පුංචිහේවා මහතා සඳහන් කළේය. රේගු නිවාරණ අංශයේ, මෙහෙයුම් ශාඛාව…

Read More

ටී 56 ගිනිඅවියක් සහ පතොරොම් තොගයක් රාගම පොලීසිය විසින් සොයා ගෙන තිබේ. ඊයේ (23) රාත්‍රියේ රාගම, පහළවත්ත ප්‍රදේශයේ පාලු ස්ථානයක තිබූ මෝටර් රථයක් රාගම පොලිස් නිලධාරීන් විසින් පරීක්ෂා කිරීමේ දී එහි තිබී මෙම ගිනිඅවිය හා පතොරොම් සහිත ගැබ් දෙකක් සොයාගෙන ඇත. මෙම අවිය හා පතොරොම් සමඟ මෝටර් රථය අදාළ ස්ථානයේ අතහැර දමා ගිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට රාගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Read More

මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වලත් පොළොන්නරුව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකිය. දකුණු පළාතේත් කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකිය. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී. සබරගමුව සහ මධ්‍යම පළාත්වල සහ කළුතර, බදුල්ල, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකිය.

Read More

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයිශංකර් මහතා සිය දෙදින නිල සංචාරය නිමකරමින් මීට සුළු මොහොතකට පෙර ඉන්දියාවේ නවදිල්ලි නුවර බලා දිවයිනෙන් පිටත්ව ගොස් තිබේ. ඒ ඔහු ඊයේ (22) මෙරටට පැමිණි ඉන්දීය ගුවන් හමුදාවට අයත් විශේෂ ගුවන් යානාවෙනි. එතුමා මෙරට රැඳී සිටි කාළය තුළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතුළු රාජ්‍ය නායකයින් කිහිපදෙනෙකු හමුවී සාකච්ඡා පවත්වා තිබුණි. ජයිශංකර් මහතාට සමුදීම සඳහා ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා මහතා ඇතුළු එම කාර්යාලයේ නිලධාරීන් පිරිසක් සහ ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශයේ උසස් නිලධාරීන් පිරිසක් ද කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ සිට තිබේ.

Read More

ශරීරයේ බර අඩුකිරීම සඳහා මෙතෙක් භාවිත කරන ලද එන්නතක්, පෙත්තක් ලෙස වැඩිදියුණු කර ඇති අතර, එම නව ඖෂධය සඳහා අමෙරිකානු ආහාර හා ඖෂධ පාලන අධිකාරියේ අනුමැතිය හිමිව තිබේ. Novo Nordisk සමාගම පවසන පරිදි, මෙවැනි පෙත්තක් සඳහා අනුමැතිය ලැබුණු පළමු අවස්ථාව මෙය වන අතර, එය බර අඩුකිරීමේ ඖෂධ ක්ෂේත්‍රයේ නව යුගයක ආරම්භයක් ලෙසද හැඳින්වේ. දිනකට වරක් ලබාගත හැකි මෙම පෙත්ත, එන්නත් ලබාගැනීමට වඩා පහසු විකල්පයක් වන අතර එන්නත මඟින් ලැබෙන ප්‍රතිඵලම මින් ලැබෙන බව ද එම සමාගම පවසයි. මෙම නව ඖෂධය 2026 ජනවාරි මාසයේදී අමෙරිකානු වෙළෙඳපොළට නිකුත් කිරීමට නියමිතය.

Read More

නුගේගොඩ මංසන්ධිය හා කොහුවල මංසන්ධිය අතර මාර්ගයේ දී සිදුකළ වෙඩි තැබීම බඩෝවිට අසංක නම් අපරාධකරුගේ පාර්ශ්වය විසින් මෙහෙයවා ඇති බවට සැකකරන බව පොලීසිය සඳහන් කරයි. ඊයේ (22) රාත්‍රී 8.30ට පමණ නුගේගොඩ මංසන්ධියේ හා කොහුවල මංසන්ධිය අතර මාර්ගයේ දී ත්‍රීරෝද රථයක ගමන් කරමින් සිටි තරුණයෙකු ඉලක්ක කර වෙඩිතැබීමක් සිදුව තිබුණි. වෙඩි තැබීමෙන් තුවාල සිදු වූ තරුණයා අපරාධකරුවකු වන අවිශ්ක නැමැත්තාගේ සමීපතමයෙක් බව සඳහන්ය. වෙඩික්කරුවන් යතුරුපැදියකින් අදාළ ත්‍රිරෝද රථය ලුහුබැඳ ගොස් අනතුරුව ඔවුන් ත්‍රිරෝද රථය හරස්කර නවත්වා වෙඩි ප්‍රහාර 3ක් එල්ලකර පලාගොස් තිබේ. වෙඩි ප්‍රහාරය ත්‍රිරෝද රථයේ රියදුරු ඉලක්ක කර තබා ඇති අතර ඉන් ඔහුගේ දකුණු බාහුවට හා උදරයට තුවාල සිදුව ඇති…

Read More

මෙරටට පැමිණි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් මහතා සහ අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය අතර හමුවක් අද (23) අරලියගහ මන්දිරයේදී පැවැත්වුණි. මෙම සාකච්ඡාවේදී දුම්රිය මාර්ග, පාලම් නැවත ගොඩනැගීම සහ රටේ කෘෂිකාර්මික අංශය ශක්තිමත් කිරීම සඳහා සහාය වීම ඇතුළුව ශ්‍රී ලංකාවට සහයෝගය ලබා දීමට ඇති සූදානම ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්‍යවරයා මෙහිදී තහවුරු කළේය. ශක්තිමත් පරිපාලන ක්‍රියාමාර්ගයන් සහ ආයතනික රාමු හරහා ආපදා තත්ත්වයන්ට ප්‍රතිචාර දැක්වීම සඳහා ඵලදායී පද්ධති ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම ද ඔහු මෙහිදී අවධාරණය කළේය. ඉදිරියට ගෙන යන සහන කටයුතු මෙන්ම ආපදා තත්ත්වයන්ට ප්‍රතිචාර දැක්වීම සහ රට යථා තත්ත්වයට පත් කිරීම සඳහා දෙරටේ ද්විපාර්ශ්වික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳ ව…

Read More

නැගෙනහිර දුම්රිය මාර්ගයේ මඩකලපුව දක්වා දුම්රිය ධාවනය හෙට (24) දින නැවත ආරම්භ වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව කොළඹ කොටුව සිට මඩකලපුව දක්වා ගමන් කරන මගීන් සඳහා කොළඹ කොටුව දුම්රිය ස්ථානයේන් පෙරවරු 6.00 සිට ත්‍රිකුණාමලය දක්වා ගමන් ගන 7083 දුම්රිය ගල්ඔය දුම්රිය ස්ථානයට පැමිණීමෙන් පසුව පස්වරු 12.40ට මඩකලපුව දක්වා දුම්රිය අංක 6011 යන දුම්රිය ධාවනය කිරීමට සැලසුම් කර ඇති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය. එමෙන්ම මඩකලපුව සිට කොළඹ කොටුව දක්වා ගමන් කරන මගීන් සඳහා මඩකලපුවෙන් පෙරවරු 5.00ට පිටත්වන දුම්රිය ගල්ඔයට පැමිණීමෙන් පසු ත්‍රිකුණාමලය සිට කොළඹ කොටුව දක්වා ගමන් කරන දුම්රිය ගල්ඔය දුම්රිය ස්ථානයෙන් පිටත් කිරීමට සැලසුම් කර ඇති බවත්…

Read More

රජයේ අනුමත සිංහල හා දෙමළ පාසල් සඳහා අද (23) සිට 2026 වසරේ ජනවාරි මස 4 වන දින දක්වා පාසල් නිවාඩු ලබාදී තිබේ. නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශ සඳහන් කර ඇත්තේ, 2026 අධ්‍යයන වර්ෂයේ පළමු වාරයේ පළමු අදියර සඳහා සියලු ම පාසල් 2026 ජනවාරි 05 වන සඳුදා දින ආරම්භ කිරීමට නියමිත බවය. ඒ අනුව 2026 අධ්‍යයන වර්ෂයේ පළමු වාරය 2025.12.09 නිකුත් කළ චක්‍රලේඛය පරිදි ක්‍රියාත්මක වේ. මීට අමතරව, 2026 වර්ෂයේ දෙවන හා තෙවන වාරයන් 2025.09.11 දිනැති අංක 30/2025 දරන පාසල් වාර සටහන – 2026 චක්‍රලේඛය පරිදිම ක්‍රියාත්මක වන අතර, විභාග දෙපාර්තමේන්තුව මගින් ප්‍රකාශිත පාසල් විභාග පැවැත්වෙන දිනයන්හි වෙනසක් සිදුනොවන බව වැඩිදුරටත්…

Read More