Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LFN
ඌව සහ නැගෙනහිර පළාත්වලත් මාතලේ, නුවරඑළිය, පොළොන්නරුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් අද (23) දිනයේ වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, රත්නපුර , ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවල පස්වරු 2.00න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවය. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී. සබරගමුව සහ මධ්‍යම පළාත්වල සහ කොළඹ, කළුතර, බදුල්ල, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.
2025 ජනවාරි සිට නොවැම්බර් දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවේ අපනයන අංශය 5.8%ක වාර්ෂික වර්ධනයක් වාර්තා කර ඇත. ශ්‍රී ලංකා රේගුවේ දත්තවලට අනුව සහ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය විසින් ඇස්තමේන්තුගත මැණික් හා ස්වර්ණාභරණ සහ ඛණිජ තෙල් නිෂ්පාදන සඳහා වූ අපනයන ආදායමත් එක්ව ඩොලර් මිලියන 15776.36 ක් බව අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරි මංගල විජේසිංහ මහතා සඳහන් කළේය. 2025 නොවැම්බර් මාසයේදී වෙළද භාණ්ඩ සහ සේවා යන අංශයන්හි මුළු අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 1364.52 කි. එය 2024 නොවැම්බර් මාසයට සාපේක්ෂව 5.56% වාර්ෂික වර්ධනයකි. මේ පිළිබදව අදහස් දක්වමින් අපනයන සංවර්ධන මණ්ඩලයේ (EDB) සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරි මංගල විජේසිංහ…
අස්වැසුම සුබසාධන ප්‍රතිලාභ වැඩසටහනේ පළමු අදියර යටතේ තොරතුරු යථාවත් කිරීම දෙසැම්බර් 31 වනදායින් අවසන් වේ. මේ වනවිට ප්‍රතිලාභ ලබන නොලබන සියලුමදෙනාගේ තොරතුරු ඒ අනුව යාවත්කාලීන කෙරේ.
ඌව සහ නැගෙනහිර පළාත්වලත් මාතලේ, නුවරඑළිය, පොළොන්නරුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති විය හැකිය. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. සබරගමුව සහ මධ්‍යම පළාත්වල සහ කොළඹ, කළුතර, බදුල්ල, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකිය.
පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාර සමග ඇති වූ පහරදීමේ සිද්ධියට අදාළ පොලිස් කොස්තාපල්වරයා ඇඹිලිපිටිය කොට්ඨාස අපරාධ අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ සාපරාධී බිය ගැන්වීම ඇතුළු චෝදනා කිහිපයකටය. අත්අඩංගුවට ගත් පොලිස් කොස්තාපල්වරයා අද (22) පස්වරුවේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදු වූ රිය අනතුරුවලින් එකම පවුලේ මව සහ පුතා ඇතුළු පුද්ගලයින් සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. යාපනය පේදුරුතුඩුව මාර්ගයේ පුත්තූර් ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරකින් තරුණයෙකු මිය ගොස් ඇත. පුත්තූර් දෙස සිට පේදුරුතුඩුව දෙසට ධාවනය වූ යතුරු පැදියක් පැදිකරුට පාලනය කර ගැනීමට නොහැකිව ප්‍රතිවිරුද්ධ දිසාවෙන් පැමිණි තවත් යතුරුපැදියක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ. අනතුරින් යතුරුපැදි දෙකෙහිම පැදිකරු හා පැදිකාරිය මෙන්ම පසුපැදිකරුවන් දෙදෙනෙකු හා එක් පැදියක ගමන් කළ වයස අවුරුදු 06ක දරුවෙකු ද තුවාල ලබා යාපනය රෝහල වෙත ඇතුළත් කිරිමේදී එක් පසුපැදිකරුවෙකු මෙසේ මියගොස් ඇත. මෙලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 25ක් වූ පුත්තූර් ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. එමෙන්ම පාදෙණිය…
මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 07ක් සඳහා නිකුත් කර තිබු ඉවත් වීමේ රතු නිවේදන තවදුරටත් දීර්ඝ කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි. ඒ අනුව මහනුවර දිස්ත්‍රික්කයේ උඩුදුම්බර, මැදදුම්බර සහ මිණිපේ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලටත් නුවරඑළිය දිස්ත්‍රික්කයේ නිල්දණ්ඩාහින්න, මතුරට, හඟුරන්කෙත සහ වලපෙනේ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටත් මෙසේ අදියර තුන යටතේ ඉවත්වීමේ රතු නිවේදන තවදුරටත් ක්‍රියාත්මකය. එහි ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ හසාලි හේමසිංහ මහත්මිය පැවසුවේ බදුල්ල, කුරුණෑගල සහ මාතලේ යන දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ කිහිපයක් සඳහා ද නායයාමේ අවදානම් නිවේදන නිකුත් කර ඇති බවය. මේ අතර දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද දිනයේ වැසි රහිත කාලගුණ තත්ත්වයක් පැවතිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව…
“දිට්වා” සුළි කුණාටුවෙන් විනාශ වූ නිවාස සඳහා නිවාස සංකීර්ණ ස්ථාපිත කරදීමට සැලසුම් සකස්කරමින් සිටින බව නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍ය සුසිල් රණසිංහ මහතා පවසයි. අද (22) එම අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් අමාත්‍යවරයා පැවසුවේ මේ වනවිටත් දිස්ත්‍රික් ලේකම්වරුන් හරහා ඒ සඳහා විකල්ප ඉඩම් හඳුනාගෙන ඇති බවය. එමෙන්ම කෙටි කාලයක් තුල ආපදාවට ලක් වූ ජනතාවගේ ජීවිත යථාවත් කිරීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය. “පූර්ණ වශයෙන් හානි වූ නිවාස 6,000කට වඩා තියෙනවා. අර්ධ වශයෙන් හානි වූ නිවාස ලක්ෂයකට වඩා වාර්තා වෙලා තියෙනවා. නිවාස හානි නොවුණත් තවදුරටත් ජීවත්වීමට නොහැකි ප්‍රදේශ තිබෙනවා. අනාරක්ෂිත ප්‍රදේශ තිබෙනවා. තවදුරටත් පදිංචි කිරීමට නොහැකි. මේ කටයුතු අපි…
මැණික් තොගයක් ගුද මාර්ගයෙහි සහ ගමන් මල්ල තුළ සඟවාගෙන චීනය බලා රැගෙන යාමට තැත් කළ ශ්‍රී ලාංකික ගුවන් මගීන් දෙදෙනෙකු කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මොවුන් දෙදෙනා බේරුවල ප්‍රදේශයේ පදිංචි අවුරුදු 38 සහ 39 වයස්වල පසුවන මුස්ලිම් ජාතික මැණික් ව්‍යාපාරිකයන් දෙදෙනෙක් බව වාර්තා වේ. මෙම සැකකරුවන් දෙදෙනා ඊයේ (21) රාත්‍රී 10.20ට චීනයේ චෙන්ඩු නුවර බලා පිටත්ව යන චීන ගුවන් සේවයේ සී.ඒ.- 426 දරන ගුවන් යානයෙන් පිටත්ව යාම සඳහා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි. මෙහිදී රේගු නිලධාරීවරුන්ට මෙම පුද්ගලයින් දෙදෙනා පිළිබඳව සැකපහල වී ඇති අතර එහිදී සිදු කළ පරීක්ෂා කිරීම්වලදී මෙම මැණික් තොගය සොයා ගෙන ඇත.…
සෙට්ටිකුලම – වීරපුරම් ප්‍රදේශයේදී පුද්ගලයෙකු තියුණු ආයුධයකින් පහරදීම හේතුවෙන් තුවාල ලබා වව්නියාව රෝහලේ ප්‍රථිකාර ලබමින් සිටියදී මිය ගොස් ඇති බවට සෙට්ටිකුලම පොලීසිය පවසයි. මෙලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 19ක් වූ තවසිකුලම්, වව්නියාව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. දුරකතන සංවාදයක් හේතුවෙන් ඇති වූ බහින් බස්වීමක් දුරදිග යාමෙන් පිරිසක් විසින් මෙම පුද්ගලයාට තියුණු ආයුධයකින් පහරදී ඇති බව මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇත. මෙම ඝාතනය සම්බන්ධයෙන් වයස අවුරුදු 19 හා 22 වයස්වල පසුවන සැකකරුවන් තිදෙනෙකු සෙට්ටිකුලම පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත. එමෙන්ම තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා සෙට්ටිකුලම පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.