Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LFN
අත්තනගලු ඔයේ තිබී නිරුවත් පිරිමි මළ සිරුරක් සොයා ගෙන තිබේ. අත්තනගල්ල පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත මෙම මළසිරුර සොයා ගෙන ඇත. පොලීසිය පැවසුවේ මියගොස් ඇති පුද්ගලයාගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැති බවය. මෘත ශරීරය වතුපිටිවල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර අත්තනගල්ල පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.
අම්බලන්ගොඩ නගරයේ පිහිටි වෙළෙඳ ආයතනයක කළමනාකරුවෙකුට අද (22) උදෑසන වෙඩි තැබීමක් සිදුව තිබේ. වෙඩි තැබීමෙන් එම ආයතනයේ කළමනාකරු ජීවිතක්ෂයට පත්ව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර පළා ගොස් තිබේ. සිද්ධිය සම්බන්ධව අම්බලන්ගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
ඊශ්‍රායල රජය සිය ජනාවාස පුළුල් කිරීමේ වැඩසටහන යටතේ බටහිර ඉවුරේ මේ වනවිට අල්ලාගෙන සිටින කොටසේ ජනාවාස 19ක් ඉදිකිරීමට ඊශ්‍රායල ආරක්ෂක කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දී තිබේ. ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කැට්ස් සමග එක්ව මෙම යෝජනාව රැගෙන ආ එරට අන්ත දක්ෂිණාංශිකයෙකු වන මුදල් අමාත්‍ය බෙසලෙල් ස්මොට්‍රිච් පවසන්නේ, මෙම තීරණය පලස්තීන රාජ්‍යයක් පිහිටුවීම අවහිර කිරීමක් බවය. කෙසේ වෙතත් බටහිර ඉවුරේ ඊශ්‍රායල ජනාවාස ඉදිකිරීම ජාත්‍යන්තර නීතිය යටතේ නීති විරෝධී ක්‍රියාවක් ලෙස සැලකේ. ඊශ්‍රායලයේ මෙම තීරණය සෞදි අරාබිය හෙළා දැක ඇත. එමෙන්ම එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් පවසා ඇත්තේ, ඊශ්‍රායලය ‘නිර්දය’ ලෙස ජනාවාස ව්‍යාප්තිය ක්‍රියාත්මකකරන බවය. මෙම තීරණයෙන් පලස්තීන ජනතාවට ඉඩම් ලබාගැනීමේ හැකියාව සීමා…
නායයාම් ආශ්‍රිත පාසල් නැවත එම ස්ථානවලම විවෘත කිරීම අනතුරුදායක බැවින් එවන් පාසල්, සුදුසු ස්ථානයක ස්ථානගත කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුකරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය යුනිසෙෆ් නියෝජිතයින්ට දන්වා තිබේ. ආපදාවට ලක්වූ පාසල් යළි යථාතත්වයට පත්කිරීම පිළිබඳව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ යුනිසෙෆ් සංවිධානයේ නියෝජිතයින් පිරිසක් අතර හමුවක් ඊයේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැත්විය. එහිදී අදහස් දක්වමින් ඇය මේ බව පවසා ඇත. මේ අතර මහනුවර මහාමායා බාලිකා විද්‍යාලයට ඉහළ ඇති පස්කන්දක් නායයෑමේ අවදානමක් පවතින බවට තොරතුරු වාර්තා වීම නිසා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ මහනුවර දිස්ත්‍රික් නිලධාරීන් ඊයේ (21) එම ස්ථානය නිරීක්ෂණය කළේය. එහිදී නිගමනයකර ඇත්තේ එය පස් තට්ටුවක් කඩාවැටීමක් මිස නායයාමක් නොවන බවය.
ඌව පළාතේ සහ අම්පාර, මඩකළපුව, මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී. මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශවලත් වයඹ පළාතේත් අම්පාර, හම්බන්තොට සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 40ක පමණ තරමක තද සුළං ඇති විය හැකියි. බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බව සඳහන් වේ.
දිට්වා සුළි කුණාටුවෙන් ඇතිවු විනාශයට මුහුණ දීම සඳහා ශ්‍රී ලංකාවේ බාහිර ණය ගෙවීම් අත්හිටුවන ලෙස ලොව ප්‍රමුඛ පෙළේ ආර්ථික විශ්ලේෂකයින් පිරිසක් ඉල්ලීමක් කර තිබේ. නොබෙල් ත්‍යාග ලාභී ජෝසප් ස්ටිග්ලිට්ස් ඇතුලු ලොව ප්‍රමුඛ ආර්ථීක විශේෂඥයින් 120 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් විසින් මෙම ඉල්ලීම කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. දිට්වා සුළි කුණාටුවෙන් සිදුවු පාරිසරික විනාශයේ පරිමාණය සැලකිල්ලට ගෙන රටේ ආපසු ගෙවීම් කළමනාකරණය කළ හැකි මට්ටමකට යථා තත්ත්වයට පත් කිරීම සඳහා නව ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් සිදුකරන ලෙසද එම කණ්ඩායම ඉල්ලීමක් සිදුකර ඇත. අදාළ ඉල්ලීම සදහා ඉන්දියානු සංවර්ධන ආර්ථික විද්‍යාඥවරියක් වන ජයති ගෝෂ් මෙන්ම තෝමස් පිකට්, හිටපු ආර්ජන්ටිනාවේ ආර්ථික අමාත්‍ය මාටින් ගුස්මාන්, සහ…
මහවැලි ගඟ ආශ්‍රිතව මනම්පිටිය ගඟේ ජල මට්ටම ඉහළ මට්ටමක පැවතියත් එය ගංවතුර තත්ත්වක් දක්වා වර්ධනය වීමේ ප්‍රවනතාවයක් නොමැති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුවේඅධ්‍යක්ෂ, ජල විද්‍යා හා ආපදා කළමණාකරන ඉංජිනේරු එල්.එස්. සූරියබණ්ඩාර මහතා පැවසුවේ මහවැලි ද්‍රෝණියේ ඇතැම් ජලාශ වාන් දැමීම ආරම්භ කර ඇති බවත්ය. එමෙන්ම අනුරාධපුර දිස්ත්‍රික්කයේ තන්තිරිමලය ජලාශයේ ජල මට්ටම කිසියම් ඉහළ මට්ටමක පැවතියත් අනුරාධපුර දිස්ත්‍රික්කයේ බොහෝ ජලාශවල වාන් දැමීම තත්ත්වයත්, සුළු වර්ෂාපතන තත්ත්වයක් පැවතියත් එම ජලාශයේ ජල මට්ටම් විශාල ලෙස වැඩිවීමක් පෙන්නුම් නොකරන බවය. මේ අතර ගතවූ පැය 24ක කාලය තුළදී ජලාශ ආශ්‍රිතව ලැබුණු වර්ෂාපතනය අනුව වැඩිම වර්ෂාපතනයක් ලැබී ඇත්තේ අම්පාර දිස්ත්‍රික්කයෙන් බවද එය මිලිමීටර් 25ක් ලෙස වාර්තා…
අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ අලෙවිකරන බව පවසමින් මුදල් වංචා කිරීම සම්බන්ධ සිදුවීම් වාර්තාවීම ඉහළ ගොස් ඇති බව පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසයි. එහි ප්‍රධාන තොරතුරු ආරක්ෂක නිලධාරී නිරෝෂ් ආනන්ද මහතා පැවසුවේ අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ ඇනවුම් කරන්නේ නම් අදාළ ආයතනය පිළිබද නිවැරදි තොරතුරු ලබා ගත යුතු බවය. ආපදාවෙන් පීඩාවට පත් ජනතාවට මුදල් ලබා දීමේදී සිදුවන වංචා සම්බන්ධයෙන් ද පසුගිය දින කිහිපය තුළ පැමිණිලි ලැබුණු බව නිරෝෂ් ආනන්ද මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
ජාතික ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාර මහතා ඇතුළු පිරිසක් විසින් පොලිස් නිලධාරියෙකුට කළ බව කියන පහරදීමක් සම්බන්ධව වාර්තා වන කරුණුවලට අදාළව පොලීසිය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ. එහි සඳහන්ව ඇත්තේ පසුගිය 20 වැනි දින රාත්‍රී 08.40ට පමණ සූරියකන්ද පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි කරනු ලබන පොලිස් කොස්තාපල්වරයෙකු ඔහුගේ රාජකාරි නිම කර නිවසට යමින් සිටියදී කළුගල පන්සල අසලදී අදාළ මන්ත්‍රීවරයා ඇතුළු පිරිසක් තමාට පහරදී යතුරුපැදිය පැහැරගෙන ගිය බවට 119 මධ්‍යස්ථානය මගින් කොළොන්න පොලිස් ස්ථානය වෙත පැමිණිල්ලක් ලැබුණු බවය. එදින රාත්‍රී 10.10ට පමණ ජාතික ජනබලවේග රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාර මහතා විසින් ද කළුගල සිට හල්වින්න දෙසට කැබ් රථයෙන් ගමන් කරමින් සිටියදී…
එළඹෙන උත්සව සමය තුළ මහජන ආරක්‍ෂාව සහ සාමය තහවුරු කරමින්, එය සාමකාමීව සැමරීමට අවශ්‍ය පසුබිම සකස් කිරීම සඳහා යුද හමුදා මූලස්ථානය කේන්ද්‍ර කරගනිමින් “මෙහෙයුම් මැදිරියක්” ස්ථාපිත කිරීමට ආරක්‍ෂක ලේකම්වරයා උපදෙස් ලබාදී තිබේ. උත්සව සමය නිමාවන තෙක් අඛණ්ඩව ක්‍රියාත්මක වන මෙම මෙහෙයුම් මැදිරිය, ත්‍රිවිධ හමුදාව සහ ශ්‍රී ලංකා පොලිසිය අතර සමීප සහයෝගීතාවක් සහතික කරන ප්‍රධාන සම්බන්ධීකරණ කේන්ද්‍රස්ථානය ලෙස කටයුතු කරනු ඇත. මෙම ඒකාබද්ධ සම්බන්ධීකරණ යාන්ත්‍රණයේ මූලික අභිප්‍රාය වන්නේ, උත්සව සමය තුළ මතු විය හැකි ඕනෑම ආරක්‍ෂක අභියෝගයකදී හෝ හදිසි තත්ත්වයකදී කඩිනම්, විධිමත් සහ ප්‍රශස්ත ප්‍රතිචාර දැක්වීම සහතික කිරීමය. යාවත්කාලීන වන තොරතුරු හුවමාරුව ශක්තිමත් කිරීම, කාලෝචිත තීරණ ගැනීම සහ සියලුම ආරක්‍ෂක අංශවල…