Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LFN
රටක් ලෙස ඉදිරියට යා හැක්කේ එකිනෙකාට එරෙහිව සැකයෙන් සහ අවිශ්වාසයෙන් බැලීමෙන් නොව, කිසිදු අභියෝගයක් හමුවේ නොසැළි, තිර අදිටනින් සහ එකම අරමුණකින් යුතුව සියලුදෙනා තමන් වෙත පැවරී ඇති වගකීම් ඉටු කිරීමෙන් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. ජනාධිපතිවරයා සහ ආණ්ඩුව ලෙස පැවරී ඇති වගකීමත්, ආගමික සංස්ථාවන් ලෙස පැවරී ඇති වගකීමත්, ජනතාව ලෙස සහ ආරක්ෂක හමුදාවන් ලෙස පැවරී ඇති වගකීමත් නිසි පරිදි ඉටු කිරීමෙන් ඉතා ඉක්මනින් ඉතිහාසයේ අප සතු වූ අභිමානය සහ ගෞරවයේ උරුමය සහිත මාතෘ භූමිය යළි නිර්මාණය කරගත හැකි බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ඒ වෙනුවෙන් එක්ව වැඩ කරමු’යිද සියලුදෙනාට ආරාධනා කළේය. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන්…
නීති විරෝධී මත්පැන් පැකට් කර දුර ගමන් සේවා බස් රථ සේවකයින් සඳහා අලෙවි කිරීමේ ජාවාරමක නිරත වූ ගැබිණි කාන්තාවක් වෙන්නප්පුව පොලීස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වෙන්නප්පුව, වයික්කාල ප්‍රදේශයේ පදිංචිව සිටින අවුරුදු 19ක කාන්තාවක් වන අතර සැකකාරිය ඊයේ (20) දිනයේදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය වැටලීම සිදු කරන අවස්ථාවේදී සැකකාරිය සිය සැමියා සමඟ මත්පැන් පැකට් කරමින් සිට ඇති අතර ඇය සතුව තිබී කසිප්පු බෝතල් 96ක් ද පොලිස් බාරයට ගෙන ඇත. ගැබිනි කාන්තාවක් දුර ගමන් සේවා බස් රථ සේවකයින්ට මත්පැන් පැකට් අලෙවි කරන බවට පොලිස් බුද්ධි අංශයට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කර තිබේ. අත්අඩංගුවට…
මෙම දිනවලදී වායුවේ ගුණාත්මකභාවය පහළයාමක් නිරීක්ෂණය වී ඇති බවත් විශේෂයෙන් උතුර, උතුරු මැද, වයඹ සහ බස්නාහිර යන පළාත්වල වායු තත්ත්ව දර්ශක අගය ඉහළ ගොස් ඇති බවත් මධ්‍යම පරිසර අධිකාරියේ මාධ්‍ය ප්‍රකාශක ආචාර්ය අජිත් ගුණවර්ධන මහතා පවසයි. රටෙහි වායුවේ ගුණාත්මකභාවය පහළයාමක් ඊයේ සහ අද දිනයේ නිරීක්ෂණය වූ බවත් වායු තත්ත්ව දර්ශක මේ වන විට 150ත් 200ත් අතර අගයක පවතින බවත් ඒ මහතා මෙහිදී සඳහන් කර සිටියේය. වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පැවසුවේ අන්තර් දේශසීමා අතර සිදුවන වායු සංසරණය සහ ඊසාන දිග මෝසම සක්‍රිය වීමත් සමගම මේ තත්ත්වය ඇති වන බවය. මෙම තත්ත්වය පසුගිය අවුරුදු කිහිපය පුරාවටම මෙම කාලසීමාව තුළ නිරීක්ෂණය වූ බවත්…
විදේශීය දුම්වැටි තොගයක් නීති විරෝධීව මෙරටට රැගෙන විත් එම දුම්වැටි කටුනායක ගුවන් තොටුපොළින් පිටකරගෙන යමින් සිටි ශ්‍රී ලාංකිකයෙකු අද (21) අලුයම ගුවන්තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අවිස්සාවේල්ල, ඇපලපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටින 21 හැවිරිදි ව්‍යාපාරිකයෙකි. සැකකරු විසින් රැගෙන ආ ගමන් මල්ලක සහ පෙට්ටි 03ක් තුළ විදේශීය නිශ්පාදිත ප්ලැට්නම් වර්ගයේ දුම්වැටි 42,000ක් අඩංගු දුම්වැටි කාටුන් 210ක් සඟවා මෙලෙස රැගෙන විත් තිබුණි. එම දුම්වැටි තොගය ගුවන් තොටුපොළ නිලධාරීන් භාරයට ගෙන ඇති අතර දුම්වැටි තොගයේ වටිනාකම රුපියල් හැට තුන් ලක්ෂයකට ආසන්න බවත් නිලධාරීන් සඳහන් කළේය. සැකකරු මේ වන විට ඇප මත මුදා හැර ඇති අතර…
අරලගංවිල පොලිස් වසමේ කන්දේගම ප්‍රදේශයේ ඉඩමක ජලය පිරී තිබූ වලකට වැටී කුඩා දරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. ඊයේ (20) උදෑසන කාලයේදී මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි. එලෙස මියගොස් ඇත්තේ, කන්දේගම, දම්මින්න ප්‍රදේශයේ පදිංචිව සිටි 02 හැවිරිදි කුඩා දරුවෙකි. මෘත ශරීරය අරලගංවිල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර අරලගංවිල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
‘Rebuilding Sri Lanka’ යටතේ ජන ජීවිතය නැවත ගොඩනැගීම සඳහා දිස්ත්‍රික් මට්ටමින් සැලසුම් කෙරෙන වැඩපිළිවෙළ සහ එහිදී මතුව ඇති ගැටලු පිළිබඳ සොයා බැලීමේ විශේෂ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (20) ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. ආරක්ෂක, කෘෂිකර්ම, වාරිමාර්ග, ජල සම්පාදන, ධීවර, ප්‍රවාහන, නිවාස සහ ඉදිකිරීම් ආදී විෂයයන්ට අයත් අමාත්‍යාංශවල ලේකම්වරුන්, අදාළ ආයතනවල ප්‍රධානීන් සහ සියලු දිස්ත්‍රික් ලේකම්වරුන් ද මේ සඳහා සහභාහී වී තිබේ. නිවාස පිරිසිදු කර ගැනීම සඳහා රජයෙන් ලබා දෙන රුපියල් 25,000 සහ ගෘහ උපකරණ මිලදී ගැනීමට ලබා දෙන රුපියල් 50,000ක දීමනාව මෙම දෙසැම්බර් 31 දිනට පෙර ලබා දීමට කටයුතු කරන ලෙස මෙහිදී ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය. එමෙන්ම නිවාස සහ…
ආපදාවෙන් පීඩාවට පත්වූවන් හට රජයෙන් ලබා දෙන සහනාධාර මුදල් මෙන්ම බැංකු ණය ලබා ගැනීමේදී ජනතාව ඉතා කල්පනාකාරීව කටයුතු කළ යුතු බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි. මහනුවරදී ඊයේ (20) පැවැති වැඩසටහනකට එක්වෙමින් මහ බැංකු අධිපතිවරයා පැවසුවේ ලබා ගන්නා එම ණය මුදල් මෙන්ම සහනාධාරද කළමනාකරණය කර ගැනීම මහජනතාවගේ යුතුකමක් වන බවය. එහිදී අදහස් දක්වමින් මහ බැංකු අධිපතිවරයා පැවසුවේ රජය විසින් මෙම ආපදා තත්ත්වයේදී සහනාධාර ලෙස විශාල මුදලක් ආපදාවට පත්වූවන් වෙනුවෙන් වෙන් කර ඇති බවය. ඒ අනුව පුරවැසියන් ලෙස එම සහනාධාර මුදල් ලබා ගැනීමේදී තමන්ට අවශ්‍ය ප්‍රමාණයෙන් ලබා ගැනීමේ වගකීමක් සියලු පාර්ශ්ව සතුව පැවතිය යුතු බවත් මේ අනුව තවත්…
මත්ද්‍රව්‍ය තොග ප්‍රවාහනය කරන බහුදින ධීවර යාත්‍රා සහ බෝට්ටු සම්බන්ධයෙන් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ යාත්‍රා නිරීක්ෂණ පද්ධතියට පිටස්තර පුද්ගලයින් ඇතුළුවීම පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වනවිට පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. විවිධ අයි.පී. අංක 57කින් එම පද්ධතියට ඇතුළුවී ඇති අතර එම තොරතුරු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අතට පත්වී ඇති බවට මේ වනවිට තොරතුරු අනාවරණ වී ඇත. මත්ද්‍රව්‍ය තොග රැගත් බහුදින ධීවර යාත්‍රා සහ බෝට්ටු සම්බන්ධයෙන් නිරීක්ෂණය කරනු ලබන VMS පරීක්ෂාව මගින් පසුගිය කාලයේදී අවස්ථා රැසකදී මහ පරිමාණයෙන් මෙරටට රැගෙන ආ මත්ද්‍රව්‍ය තොග පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය හා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගනු ලැබීය. එවැනි පසුබිමක පසුගිය කාලයේදී අදාළ තොරතුරු විමර්ශන නිලධාරීන්ට අමතරව මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්…
දිට්වා සුළි කුණාටුවෙන් පසු පවුල් නැවත පදිංචි කරවීම සඳහා මෙන්ම නිවාස යථාවත් කිරීම සඳහා රජය විසින් ලබා දෙන රුපියල් 25,000ක දීමනාව ආපදාවට පත් පිරිසෙන් 69.56%ක ප්‍රමාණයකට බෙදා හැර අවසන් බව ජාතික ආපදා සහනසේවා මධ්‍යස්ථානයේ සහකාර ලේකම් ජයතිස්ස මුණසිංහ මහතා පවසයි. ඒ මහතා පැවසුවේ ඒ අනුව මේ වන විට ගෙවීමට ඇති සුදුසු නිවාස සංඛයාව අතුරින් ආපදාවට පත්වූ නිවාස 642,375 න් 469,457ක් ලෙස ගණනය වී ඇති බවත් මේ වන විට එම නිවාස අතුරින් නිවාස 299,513කට මේ වන විටත් ගෙවා අවසන් කළ බවය. එමෙන්ම අද උදෑසන වන විට තවත් නිවාස 169,944කට ගෙවීමට තිබූ බවත් මේ සඳහා රජය විසින් රුපියල් බිලියන 7,487ක වැය බරක්…
ගතවූ පැය 24 තුළ ප්‍රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරු කිහිපයකින් කාන්තාවක් ඇතුළු පුද්ගලයින් සිව්දෙනෙකු මියගොස් තිබේ. ඊයේ (20) මෙම අනතුර සිදුව තිබුණේ, යාපනය, දිඹුලපතන සහ තිස්සමහාරාමය යන පොලිස් වසම්වලදීය. හැටන් – නුවරඑළිය මාර්ගයේ පතන හන්දිය ආසන්නයේදී ලොරි රථයක් රියදුරුට රථය පාලනය කරගත නොහැකිව ඉදිරියෙන් නවතා තිබූ බස් රථයක ගැටී ඇදී ගොස් පදිකයින් දෙදෙනෙකුගේද ගැටී අනතුරක් සිදුව ඇත. අනතුරින් බරපතළ තුවාල ලැබූ පදිකයින් දෙදෙනා කොටගල රෝහලට ඇතුළත් කිරීමේදී එක් පදිකයෙකු මියගොස් ඇති අතර අනෙක් පදිකයා වැඩිදුර ප්‍රතිකාර සඳහා දික්ඔය රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇති බව පොලීසිය පවසයි. එලෙස මියගොස් අත්තේ, ලිදුල හා පතන ප්‍රදේශවල පදිංචිව සිටි අවුරුදු 21 හා 60…