Author: LFN

පවතින වැසි තත්ත්වය හමුවේ දිවයිනේ ප්‍රධාන වැව් සහ ජලාශ 34ක් මේ වනවිට වාන් දමමින් තිබේ. අනුරාධපුර දිස්ත්‍රික්කයේ කලාවැව, රාජාංගනය, නාච්චිදූව සහ අංගමුව යන ජලාශවල වාන්දොරටු විවෘතව ඇති බව වාර්තා වේ. පොළොන්නරුව මොරගහකන්ද ජලාශයේ වාන්දොරටු පහෙන් එකක් ඊයේ රාත්‍රීයේ විවෘත කෙරිණි. ඉන් තත්පරයට ඝන අඩි 1500ක ජල ධාරිතාවක් අඹන්ගඟට මුදාහැරෙන බව සඳහන්. මහනුවර දිස්ත්‍රික්කයේ පොල්ගල්ල, වික්ටෝරියා, රන්දෙනිගල සහ රන්ටැඹේ යන ජලාශ ද වාන් දමමින් පවතියි. අම්පාර, කොණ්ඩුවටුවාන වැව වාන් දැමීම නිසා අම්පාර – ඉඟිණියාගල මාර්ගය ජලයෙන් යටවී ඇති බව වාර්තා වේ.

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කථානායක අශෝක රන්වල මහතා රිය අනතුරට ලක්වූ අවස්ථාවේ ඔහු මත්පැන් පානය කර ඇති බවට සනාථ වී නොමැති බව රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඔහුගේ රුධිර සහ මුත්‍රා සාම්පලවලට අදාළව සිදුකළ පරික්ෂණයේදී ඔහු මත්පැන් පානය කර ඇති බවට තහවුරු වී නොමැති බවය.

Read More

විෂ මත්ද්‍රව්‍ය රටින් තුරන් කිරීමේ ‘රටම එකට‘ ජාතික මෙහෙයුම යටතේ දිවයින පුරා සිදුකළ වැටලීම්වලින් මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් පුද්ගලයින් 47,000 අධික පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය කොට්ඨාශය පැවසුවේ පසුගිය ඔක්තොබර් 30 වනදා සිට ඊයේ දිනය දක්වා සිදුකළ වැටලීම්වලින් පුද්ගලයින් 47,703 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවය. එහිදි එම සැකකරුවන් සතුව තිබී හෙරොයින් කිලෝග්‍රෑම් 276යි ග්‍රෑම් 374ක්, අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1002යි ග්‍රෑම් 923 ක්, ගංජා කිලෝග්‍රෑම් 1,411යි ග්‍රෑම් 936ක් සහ හෂීෂ් ඇතුළු විෂ මත්ද්‍රව්‍ය තොගයක් සොයා ගත් බව ද පොලීසිය පැවසීය. ඒ අතරින් සැකකරුවන් 1,081දෙනෙකු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකිරීම සඳහා රැඳවුම් නියෝග ලබාගෙන ඇති බව සඳහන් වේ. පොලිස් මාධ්‍ය කොට්ඨාශය සදහන් කළේ…

Read More

වවුනියාව – ඊච්චන්කුලම ප්‍රදේශයේදී ඊයේ (19) ස්වාමිපුරුෂයා විසින් සිය බිරිඳව කපා කොටා ඝාතනය කර තිබේ. පොලිසිය පැවසූවේ පවුල් ආරවුලක් හේතුවෙන් ස්වාමිපුරුෂයා විසින් මෙසේ බිරිඳව ඝාතනය කර ඇති බවය. සැකකරු අත්අඩංගුවට ගැනීමට යාමේදී ඔහු ද පිහියකින් සිය ගෙල කපාගෙන තුවාල සිදු කරගෙන ඇති බව වාර්තා වේ. එහිදී බරපතළ තුවාල ලැබූ සැකකරු වවුනියාව රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇති බව පොලීසිය වැඩිදුරටත් පැවසීය. මෙලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 37ක කාන්තාවකි. සිද්ධිය සම්බන්ධයෙන් ඊච්චන්කුලම පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

Read More

කඩිනම් මූල්‍ය පහසුකම යටතේ අමෙරිකානු ඩොලර් මිලියන 206ක මුදලක් ශ්‍රී ලංකාවට ලබා දීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය සිය එකඟතාවය පළ කර තිබේ. ශ්‍රී ලංකා රජය කළ ඉල්ලීම සම්බන්ධයෙන් සලකාබැලීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය අද (19) රැස් වූ අතර එහිදී මෙසේ අදාළ මුල්‍ය පහසුකම ලබාදීමට එකඟතාවය පළ වී ඇත. ‘දිට්වා’ සුළි කුණාටුවෙන් සිදුවූ විනාශයෙන් පසුව පවතින අභියෝගවලට මුහුණදීම සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 200ක කඩිනම් මූල්‍ය පහසුකමක් ලබාදෙන ලෙස ශ්‍රී ලංකා රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඉල්ලීමක් සිදුකරනු ලැබීය. ඒ අනුව එම අරමුදල විසින් ශ්‍රී ලංකාවට ලබාදෙන විස්තීර්ණ අරමුදල් ණය පහසුකමට අමතරව මෙම මූල්‍ය පහසුකම ලබාදීමට නියමිතය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින්…

Read More

නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වලත්, පොළොන්නරුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් අද (20) දිනයේ ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එමෙන්ම බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 1.00 න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක. මේ අතර මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, හම්බන්තොට සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් විටින් විට පැ.කි.මී. 40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකි බවත් එම දෙපාර්තමේන්තුව දැනුම්දී සිටී. තවද බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක. ගිගුරුම් සහිත වැසි…

Read More

සිරියාවේ ක්‍රියාත්මක ISIS ත්‍රස්තයන් ඉලක්ක කර අමෙරිකාව විසින් දැවැන්ත ප්‍රහාරයක් එල්ලකර තිබේ. අමෙරිකානු නිලධාරීන් පිරිසකට සිරියාවේදී එල්ල වූ ප්‍රහාරයට ප්‍රතිචාර ලෙස මෙම ප්‍රහාරය දියත්කළ බව අමෙරිකාව පවසයි. කෙසේ නමුත් මෙම ප්‍රහාරයෙන් ISIS ත්‍රස්තයන්ට වූ බලපෑම සම්බන්ධයෙන් අමෙරිකාව මේ දක්වා නිල ප්‍රකාශයක් නිතුත්කර නොමැත. පසුගියදා අමෙරිකානු නිලධාරීන්ට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් අමෙරිකානු නිලධාරීන් කිහිපදෙනෙකු මරණයට පත්විය. සිරියානු ආරක්ෂක හමුදාවන්ගේද සහාය ඇතිව අමෙරිකාව මේ වනවිට මාස කිහිපයක සිට සිරියාවේ ක්‍රියාත්මක ISIS ත්‍රස්තයන් ඉලක්ක කර ගුවන් ප්‍රහාර සහ ගොඩබිම් මෙහෙයුම් සිදුකරමින් සිටී. ඒ අනුව එම ක්‍රියාන්විතය අතරවාරයේ මෙම ප්‍රහාරයද එල්ල කර තිබේ.

Read More

අද (20) පෙ.ව. 8.30 සිට ප.ව. 4.30 දක්වා පැය 8ක කාලයක් කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. ඒ අනුව කොළඹ 01 සිට 15 දක්වාත්, බත්තරමුල්ල, පැලවැත්ත, හෝකන්දර, කොස්වත්ත, තලවතුගොඩ, කෝට්ටේ, රාජගිරිය, මිරිහාන, මාදිවෙල, නුගේගොඩ, නාවල ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවීමට නියමිතය. ඊට අමතරව කොළොන්නාව, අයි.ඩී.එච්., කොටිකාවත්ත, අංගොඩ‍, වැල්ලම්පිටිය, ඔරුගොඩවත්ත, මහරගම, බොරලැස්ගමුව, දෙහිවල, මොරටුව සහ සොයිසාපුර ජන ප්‍රදේශවලටද මෙම ජල කප්පාදුව සිදුවන බව එම මණ්ඩලය දැනුම්දී සිටී.

Read More

සෝමාවතිය පුද බිමට ගමන් ගන්නා සුංගාවිල ප්‍රධාන මාර්ගය ජලයෙන් යටවීම හේතුවෙන් එම මාර්ගයේ රථ වාහන ධාවනය තවදුරටත් අත්හිටුවීමට පියවර ගෙන තිබේ. ඊයේ දහවල් සිට මෙම මාර්ගයේ ගමනාගමන කටයුතු අත්හිටුවීමට පොලිසීය පියවර ගත්තේය. කෙසේවෙතත් ඊයේ දිනට සාපේක්ෂව මෙම මාර්ගය තවදුරටත් ජලයෙන් යට වී ඇති අතර මේවනවිට සෝමාවතිය සුංගාවිල ප්‍රධාන මාර්ගය දිග්ගල ප්‍රදේශයෙන් අඩි 03කට වැඩි ප්‍රමාණයක් යටවී ඇති බව පුලස්තිපුර පොලීසිය වැඩිදුරටත් පැවසීය. ඒ හේතුවෙන් සෝමාවතිය පුද බිම වන්දනාමාන කිරීම සඳහා පැමිණෙන ජනතාවට විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය දැනුම් දී ඇත.

Read More

දිට්වා’ සුළි කුණාටුව’ හේතුවෙන් ආපදාවට ලක්ව ඇති දැනට ලියාපදිංචි අපනයන නිෂ්පාදන කර්මාන්ත ශාලා ඇතුළු ව්‍යාපාරික ස්ථාන සංඛ්‍යාව 29,649ක් බව කර්මාන්ත හා ව්‍යවසායකත්වය සංවර්ධන අමාත්‍යාංශය පවසයි. එම අමාත්‍යංශය විසින් ආපදාවට ලක් වූ නිෂ්පාදන කර්මාන්ත ශාලා ඇතුළු ව්‍යාපාරිකයින් නැවත නඟාසිටුවීමේ අරමුණින් පසුගිය (16) දක්වා සිදු කෙරුන දත්ත රැස් කිරීමේ ක්‍රමවේදයට අනුව මෙම සංඛ්‍යාව ලියාපදිංචි වී තිබුණි. දැනට ලියාපදිංචි වී ඇති නිෂ්පාදන කර්මාන්ත ශාලා හා ව්‍යාපාරික ස්ථාන අතරින් කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ ලියාපදිංචි නිෂ්පාදන හා අපනයන කර්මාන්තකරුවන් 9,628ක් සඳහා ප්‍රමුඛතාවය ලබාදී කඩිනම් ණය පහසුකම් ලබාදීමට තීරණය කර තිබේ. ඒ අනුව එම කර්මාන්තකරුවන්ට රුපියල් ලක්ෂ 2ක ණය සහනාධාරයක් සහ සියයට 3% පොලී අනුපාතය…

Read More