Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LFN
අද (19 ) නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල සහ පොළොන්නරුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල විටින් විට වැසි ඇතිවන බවත්, ඇතැම් ස්ථානවලට මි.මී. 75ක පමණ තරමක තද වැසි ඇති විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එමෙන්ම වයඹ පළාතේත් අනුරාධපුර දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇති විය හැකිය. බස්නාහිර සහ සබරගමුව පළාත්වල සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ප.ව. 1.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත් එම දෙපාර්තමේන්තුව පැවසීය. මේ අතර මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, හම්බන්තොට සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් විටින් විට පැ.කි.මී. 40ක පමණ තරමක තද සුළං ඇති විය හැක. තවද…
බංග්ලාදේශ හිටපු අගමැතිනි ෂෙයික් හසීනා බලයෙන් පහකළ තරුණ ව්‍යාපාරයේ ප්‍රමුඛ නායකයෙකු වූ ෂරීෆ් ඔස්මාන් හාඩි නමැත්තාගේ ඝාතනයෙන් පසු බංග්ලාදේශයේ යළි ප්‍රචණ්ඩකාරී වාතාවරණයක් උද්ගතවී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. පසුගිය සතියේ ඩකාහි මුස්ලිම් පල්ලියකින් පිටව යමින් සිටියදී නාදුනන වෙඩිකරුවෙකුගේ ප්‍රහාරකට හාඩි ලක්විය. එහිදී බරපතළ තුවාල ලැබූ ඔහු සිංගප්පූරුවේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (18) මරණයට පත්ව තිබේ. 2024 අරගලයෙන් පසු බංග්ලාදේශය මැතිවරණය සඳහා දිනයක් ප්‍රකාශයට පත් කිරීමෙන් දිනකට පසුව මෙම වෙඩිතැබීම සිදුවීම සුවිශේෂීය. ඔහු එහිදී ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස තරගකිරීමට තීරණය කර තිබූ බව සඳහන්. ඒ අනුව ඔහුගේ මරණය පිළිබඳ පුවත පළ වූ විට, ඔහුගේ ආධාරකරුවන් සිය ගණනක් ඩකා අගනුවරට රැස්ව මෙම…
අද (19) උදෑසන 6න් අවසන් වුණු ගතවූ පැය 24ක කාලය තුළ දිවයිනේ වැඩිම වර්ෂාපතනය උඩුදුම්බර ප්‍රදේශයට ලැබී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව උපුටා දක්වමින් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. ඒ අනුව ගතවූ පැය 24ක කාලය තුළ උඩුදුම්බර ප්‍රදේශයට මිලිමීටර් 201ක වර්ෂාපතනයක් ලැබී ඇත. දෙවනියට වැඩිම වර්ෂාපතනය ලැබී ඇත්තේ උඩුදුම්බර පොත්තපිටියට වන අතර එය වාර්තා වී ඇත්තේ මිලිමීටර් 155ක වර්ෂාපතනයක් ලෙසය. මේ අතර ප්‍රධාන වැව් සහ ජලාශ 34ක් වාන් දමමින් ඇති බවද අද උදෑසන 6ට නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි. අනුරාධපුර දිස්ත්‍රික්කයේ කලාවැව, රාජාංගණය, නාච්චාදූව, අංගමුව මෙලෙස වාන් දැමීම සිදුවෙයි. මහනුවර දිස්ත්‍රික්කයේ පොල්ගොල්ල, වික්ටෝරියා, රන්දෙණිගල, රන්ටැඹේ ජලාශවල වාන් දැමීම සිදුකෙරෙන බවද එහි දැක්වෙයි.…
‘දිට්වා’ සුළි කුණාටුවෙන් ආපදාවට ලක් වූ ළමුන් සම්බන්ධ තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේ නොඉල්ලන ලෙසත් ඒ හරහා දැනුම්දීම් සිදුනොකරන ලෙසත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් මහතා ඉල්ලීමක් කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා පැහැදිලි කළේ ආපදා තත්ත්වය හමුවේ දෙමාපියන් සහ භාරකරුවන් අහිමි වූ ඇතැම් ළමුන් අනාරක්ෂිත තත්ත්වයට පත්ව ඇති බවට තොරතුරු වාර්තා වී ඇති බවය. එම දරුවන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් යම් දෙයක් කිරීමට අවශ්‍ය නම් නීත්‍යානූකූල ලෙස අදාළ රජ්‍ය ආයතන ඔස්සේ හෝ පොලීසිය හරහා තොරතුරු ලබා ගත හැකි බවද ඒ මහතා පවසයි. එසේ නොමැතිව සද්භාවයෙන් වුවත් අනීතික ලෙස කටයුතු කර ඇති බවට වාර්තා වුවහොත් ඒ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක…
මිනුවන්ගොඩ – හොරම්පැල්ල බෝධිපිහිටුවල ප්‍රදේශය හරහා අද (18) උදෑසන 7.30ට පමණ හමා ගිය දැඩි සුළං තත්ත්වය හේතුවෙන් එම ප්‍රදේශයේ විහාරස්ථානයක්, පාසලක් හා නිවාස තිහකට අධික සංඛ්‍යාවකට හානි සිදුව තිබේ. මෙම සුළං තත්ත්වය හේතුවෙන් ප්‍රදේශයේ නිවාස තුනක් 3කට පූර්ණ හානි සිදු ව ඇති බව ද වාර්තා වේ. එමෙන්ම තද සුළං හේතුවෙන් ගස් කඩා වැටීම් සිදුව ඇති නිසා ප්‍රදේශයේ නිවාස හා මාර්ගවලට ද විශාල වශයෙන් හානි සිදුව ඇති බව සඳහන් වේ. මෙම හානියට පත් නිවාස නිරීක්ෂණය කිරීම සඳහා මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් තනූජා රාජකරුණා මහත්මිය, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන්තිලක ජයකොඩි මහතා වේයන්ගොඩ යුද හමුදා කඳවුරේ නිලධාරීන්, මිනුවන්ගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන්, ප්‍රදේශයේ ග්‍රාම…
කිසිසේත්ම අනාගතයේ දී ගෑස් හිඟයක් රට තුළ ඇති නොවන බව අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි. අද (18) පැවති විශේෂ පාර්ලිමේන්තු සැසිවාරයට එක්වෙමින් අමාත්‍යවරයා පවසා සිටියේ, විපක්ෂය අනියත බියක් සමාජය ඉදිරියේ මවාපෑමට උත්සාහ ගන්නා බවය. ගෑස් ආනයනය සඳහා නව සමාගමක් ටෙන්ඩර් පටිපාටිය මඟින් සොයාගත් බවත් ඒ අනුව එම සමාගයේ පළමු ගෑස් නැව ජනවාරි මස 5 වනදා වනවිට දිවයිනට පැමිණෙනු ඇතැයිද අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේය. අද උදෑසන පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක් සිදුකරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා ආණ්ඩුවට චෝදනා කර සිටියේ, නව සමාගමට ගෑස් ටෙන්ඩරය ලබාදීම හේතුවෙන් මාර්තු මාසය වනවිට මෙරට ගෑස් හිඟයක් ඇති වන බවය. එයට පිළිතුරු දුන් අමාත්‍ය විජිත හේරත්…
මහනුවර දිස්ත්‍රික්කයේ උඩදුම්බර ප්‍රදේශයට මි.මී 200කට වඩා වැඩි වර්ෂාපතනයක් ලැබී ඇතැයි ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය පවසයි. උඩදුම්බර නායයෑමේ මුලික ලක්ෂණ තිබෙන ස්ථාන නායයෑමේ අවදානමක් පවතින බවත්, එම ප්‍රදේශයේ ජීවත්වන ජනතාව අනවශ්‍ය ගමන් බිමන්වලින් වැළකී තමන්ගේ ජීවිත ආරක්ෂා කරගන්නා ලෙසට ද ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය ඉල්ලීමක් කරයි. එහි භූ විද්‍යාඥ, වසන්ත සේනාධීර මහතා පවසා සිටියේ, මෙම වැසි සහිත තත්ත්වය හේතුවෙන් මේ වනවිට මහනුවර සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 8කට ඉවත්වීමේ නායයෑම් රතු නිවේදන නිකුත් කළ බවය. ඒ අනුව මහනුවර දිස්ත්‍රික්කයේ දොළුව, උඩදුම්බර, මැදදුම්බර හා මිනිපේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ, හඟුරන්කෙත, නිල්දණ්ඩාහින්න සහ මතුරට යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට මෙම රතු…
පවතින වර්ෂාපතනයත් සමග වික්ටෝරියා, රන්දෙණිගල, රන්ටැඹේ ජලාශ දැනටමත් වාන් දැමීම ආරම්භ වී ඇති බව මහවැලි අධිකාරිය පවසයි. ඒ හේතුවෙන් මහවැලි ගඟේ ජල මට්ටම ඉහළ යා හැකි බැවින් ඒ අවට පහත් බිම්වල සිටින ජනතාවට අවධානයෙන් සිටින ලෙස එම අධිකාරිය දැනුම් දෙයි. එමෙන්ම කලා වැව ද්‍රෝණියට අයත් කලා වැව හා කණ්ඩලම ජලාශ දැනටමත් වාන් දමමින් ඇති බැවින් බෝවතැන්න, ඉබ්බන්කටුව, මොරගහකන්ද හා කළුගඟ යන ජලාශවලද ජල මට්ටම උපරිම මට්ටමේ පවතින බව වාර්තා වේ. එසේම මාදුරු ඔය ජලාශයද උපරිම ජල මට්ටමේ පවතින බැවින් එම ජලාශය ද ඉදිරියේදී වාන් දැමීම සිදුවිය හැකි බව මහවැලි අධිකාරිය වැඩිදුරටත් සඳහන් කළේය.
ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව ගොනුකර ඇති නඩුව පෙබරවාරි මස 16 වනදා යළි කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළේය. මෙම නඩුව අද (18) කොළඹ මහාධිකරණ විනිසුරු නදී අපර්ණා සුවදූරුගොඩ මහත්මිය හමුවේ කැඳවනු ලැබීය. එහිදී නීතිපතිවරයා විසින් නඩුවට අදාළ ලේඛන සමහරක් විත්තියේ නීතිඥවරු වෙත ලබා දුන්නේය. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරුවරිය මෙම නඩුව යළි පෙබරවාරි මස 16 වනදා කැඳවන ලෙස නියෝග කළාය. මෙරට රග්බි ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීමට බව සඳහන් කරමින් ඉන්දියානු ක්‍රිෂ් සමාගමෙන් රුපියල් මිලියන 70ක් මුදලක් ලබාගෙන සාපරාධි විශ්වාසය කඩ කළේ යැයි චෝදනා කරමින් නීතිපතිවරයා විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව මෙම නඩුව ගොනුකර…
දෙසැම්බර් මාසයේ ගත වු මුල් සති දෙකක කාලය තුළ සංචාරකයින් 90,000කට අධික පිරිසක් දිවයිනට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. දෙසැම්බර් මස පළමු වෙනිදා සිට 14 වැනිදා දක්වා කාලය තුළ සංචාරකයින් 93,031දෙනෙකු දිවයිනට පැමිණ ඇති බව එම අධිකාරිය සඳහන් කළේය. ඉන් වැඩි පිරිසක් ඉන්දීය ජාතිකයින් වන අතර එම සංඛ්‍යාව 21,156කි. ඊට අමතරව රුසියාව, බ්‍රිතාන්‍ය, ජර්මනිය, චීන ඇතුළු රටවලින් ද සංචාරකයින් වැඩි පිරිසක් දිවයිනට පැමිණ තිබේ. ඒ අනුව මේ වසරේ ජනවාරි පළමු දින සිට දෙසැම්බර් 14 දක්වා කාලය තුළ දිවයිනට පැමිණ ඇති මුළු සංචාරකයින් සංඛ්‍යාව 2,196,624ක් වන බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේය.