Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LFN
අලුතින් මිලදී ගනු ලබන යතුරුපැදි අනාරක්ෂිත ලෙස පිරිසිදු කිරීමට යාමේ දී සිදුවන අනතුරුවල ඉහළයාමක් පෙන්නුම් කරන බව සෞඛ්‍ය අංශ පවසයි. වයස අවුරුදු 20 – 30ත් අතර තරුණයින් මෙම අනතුරුවලට වැඩි වශයෙන් ලක්ව ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කොළඹ ජාතික රෝහලේ ප්ලාස්ටික් හා සැත්කම් අංශයේ වෛද්‍ය ගනිඳු මාධව මහතා සඳහන් කළේය. එහිදී වැඩිදුර අදහස් දැක්වු වෛද්‍ය ගනිඳු මාධව මහතා, “පසුගිය මාසයක් දෙකක් වගේ කාලයක් ඇතුළත අපි දැක්කා තරුණ 20 – 30 වයස් පරතරයේ ඉන්න පිරිමි පුද්ගලයින් තමන්ගේ හුරුඅතේ ඇගිලි තුඩුවලට අධික ලෙස හානි වෙලා. එහෙම නැත්තන් ඇගිලිවලට තුවාල වෙලා. නිතර නිතර අපිට හදිසි අනතුරු අංශයට එනවා. මේක…
ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹුරු අවපාතය පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. අද (08) උදෑසන 10.30 නිකුත් කර ඇති මෙම නිවේදනය ඉදිරි පැය 24 දක්වා වලංගු වේ. ඒ අනුව ගොඩබිම් ප්‍රදේශ සහ දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සඳහා ආරක්ෂිත ක්‍රියාමාර්ග ගන්නා ලෙසද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මෙම පද්ධතිය නිරිතදිග බෙංගාල බොක්ක හරහා බටහිරට බරව වයඹ දෙසට ගමන් කර හෙට (09) සවස 5.30ත් රාත්‍රී 11.30ත් අතර කාලය තුළ හම්බන්තොට සහ කල්මුණේ අතරින් ශ්‍රී ලංකා වෙරළ තීරයට ඇතුළුවීමට බොහෝදුරට හැකියාව ඇති බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති රතු නිවේදනය අනුව,…
මහාචාර්ය චරිත හේරත් මහතා සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයට පත් කර තිබේ. ඔහු පසුගිය ජනාධිපතිවරණය සමයේදී සමගිජන බලවේගය සමග එක්ව සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් කටුගම්පල ආසනය සංවිධානය තනතුරේ කටයුතු කරමින් ජනාධිපතිවරණය සඳහා සහයෝගය ලබාදෙනු ලැබිය. මහාචාර්ය චරිත හේරත් මහතා කළ කැපවීම අගය කරමින් සමගිජන බලවේගයේ පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් මෙම පත්කිරීම සිදුකර ඇත.
නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට හෙට (08) දිනයේ දී මි.මී. 100 ට වැඩි තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එමෙන්ම උතුරු, උතුරු – මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව දැනුම් දී ඇත. කෙසේවෙතත් උතුරු පළාතෙත් අනුරාධපුරය සහ මහනුවර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක් තද වැසි ඇති විය හැකි බව සඳහන් වේ. සෙසු ප්‍රදේශවල පස්වරු 1.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව දැනුම් දී තිබේ. මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශවලත්,…
ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව අද (07) දිනයේ දී එක්සත් ජනපද ඩොලරයක නිරූපිත එතැන් විනිමය අනුපාතිකය (Indicative Rate of the USD/LKR Spot Exchange Rate) රු. 310.02ක් ලෙස වාර්තා වී තිබේ. 2024 පෙබරවාරි 29 දිනෙන් පසු ඩොලරයේ මධ්‍ය අගය මෙලෙස රු. 310 සීමාව ඉක්මවා ගිය පළමු අවස්ථාව මෙයයි. මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (07) දිනයේ දී එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රු. 306.28ක් හා විකුණුම් මිල රු. 313.81ක් ලෙසින් සටහන් වී තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුව මීට පෙර සඳහන් කර සිටියේ පසුගිය 2025 වසර තුළ දී ශ්‍රී ලංකා රුපියල,…
ශ්‍රී ලංකා රජය සහ යුරෝපා සංගමයඅතර යුරෝ මිලියන 8ක ප්‍රදාන ගිවිසුමක් අත්සන් කර තිබේ. “කෘෂි හරිත මුලපිරීම – තිරසාර කෘෂිකර්ම පිළිවෙත් තුළින් හරිත ආර්ථික වර්ධනය” යන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා මෙම ගිවිසුම අත්සන් කළ බව විදේශ සම්පත් දෙපාර්තමේන්තුව සඳහන් කරයි. වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය, රබර් සංවර්ධන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රබර් පර්යේෂණ ආයතනය සහ යුරෝපා සංගමය එක්ව මෙම ව්‍යාපෘතිය සකස් කර ඇත. එය ව්‍යාපෘතිය සඳහා සම්පූර්ණයෙන්ම යුරෝපා සංගමය විසින් සපයන යුරෝ මිලියන 8ක ප්‍රදානය මඟින් මූල්‍යනය කෙරේ. මෙම ව්‍යාපෘතිය මගින් තිරසාර පරිභෝජන හා නිෂ්පාදන පිළිවෙත් ප්‍රවර්ධනය කිරීමත්, ආහාර සුරක්ෂිතතාව සහතික කරන හරිත ආර්ථික වර්ධනයක් කරා ශ්‍රී ලංකාව පරිවර්තනය වීමට…
ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනී ලෙස කටයුතු කරමින් සිටින ජුලි චන්ග් මහත්මිය, ජනවාරි 16 වන දින ශ්‍රී ලංකාවෙන් පිටත්ව යාමට නියමිත බව ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති කාර්යාලය පවසයි. ඇය, එක්සත් ජනපදය නියෝජනය කරන ඉහළම රාජ්‍ය තාන්ත්‍රික නිලධාරිනිය ලෙස වසර හතරකට ආසන්න කීර්තිමත් සේවා කාලය නිමා කරමින් මෙලෙස ශ්‍රී ලංකාවෙන් පිටත්ව යනු ඇත. ඇයගේ සේවා කාලය තුළ ශ්‍රී ලංකාව සහ අමෙරිකාව අතර ද්විපාර්ශවික සබඳතා වර්ධනය කිරීම, ප්‍රජාතන්ත්‍රවාදය, ආර්ථික ස්ථායීතාව සහ මානව හිමිකම් සම්බන්ධ කටයුතු පිළිබඳ විශේෂ අවධානයක් යොමු කළ බවද සඳහන් වේ. එක්සත් ජනපදය ශ්‍රී ලංකාව සමඟ පවතින හවුල්කාරිත්වයට කැපවී සිටින අතර චංග් තානාපතිවරියගේ වසර හතරකට ආසන්න ධුර කාලය තුළ ස්ථාපිත…
නුවරඑළිය, ග්‍රෙගරිවැවේ ගොඩබැස්වීමට සුදානම් වූ සී ප්ලේන් එකක් අද (07) දින දහවල් 12.30ට පමණ කඩා වැටී තිබේ. ගුවන් යානය කඩා වැටීමෙන් එහි සිටි ගුවන් නියමුවන් දෙදෙනා තුවාල ලබා නුවරඑළිය දිස්ත්‍රික් රෝහලට ඇතුළත් කළ බවට වාර්.ාවේ. ගුවන් යානයේ නුවරඑළියට පැමිණ සිටින සංචාරකයින් පිරිසක් රැගෙන යෑමට පැමිණි අවස්ථාවේ දී මෙලෙසෙ අනතුරට ලක්ව ඇතැයි පොලීසිය පැවසීය. ගුවන් යානයේ සිටි ගුවන් නියමුවන් දෙදෙනා ජලාශයේ බෝට්ටු සංචාරයේ යෙදෙන පිරිස් විසින් මුදාගෙන තිබුණි.
රටේ භෞතික සංවර්ධනය මෙන්ම සමාජයේ යහ-පැවැත්ම සහ ස්ථාවරභාවයද ඉතා වැදගත් බවත්, ජාතික ව්‍යසනයක් බවට පත්ව ඇති විෂමත්ද්‍රව්‍ය උවදුර මෙරටින් තුරන් කරමින් රටේ අනාගත පරපුර මෙම ව්‍යසනයෙන් මුදා ගැනීම සඳහා සියලුදෙනා වගකීම් ඉටු කළ යුතු බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේ විෂ මත්ද්‍රව්‍ය උවදුර මෙරටින් තුරන් කිරීම සඳහා ගොඩනඟන ලද “රටම එකට” ජාතික මෙහෙයුම් සභාවේ තෙවන සැසිය ත්‍රෛනිකායික මහා සංඝරත්නය ඇතුළු ආගමික නායකයන්ගේ සහභාගීත්වයෙන් ඊයේ (06) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී රැස් වූ අවස්ථාවට එක් වෙමිනි. දිවයින පුරා මත්ද්‍රව්‍ය සැපයුම අඩාළ කිරීම, වැටලීම් පුළුල් කිරීම, ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය, මත්ද්‍රව්‍ය භාවිතය වැළැක්වීම අරමුණු…
මඩකලපුව, වාකරේ ප්‍රදේශයේ තිබී පුපුරණ ද්‍රව්‍ය තොගයක් හමුව තිබේ. ඊයේ (06) පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් එම පුපුරණ ද්‍රව්‍ය තොගය සොයාගෙන ඇත. පොලිස් වාර්තාවට අනුව, සොයාගත් තොගය තුළ RPG 38ක්, චාර්ජස් 38ක් සහ අත්බෝම්බ 05ක් ඇතුළත් බව වාර්තා වෙයි. මෙම පුපුරණ ද්‍රව්‍ය තොගය අඹන්තනාවේලි ප්‍රදේශයේ කුඹුරක තිබී සොයාගෙන ඇත.