Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    වාර්තාගත කඳු නගින්නන් සංඛ්‍යාවක් එවරස්ට් තරණය කරයි

    May 21, 2026

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 2026

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»නායයාම් අනතුරු ඇඟවීම් තවදුරටත් දීර්ඝ කෙරේ
    Featured

    නායයාම් අනතුරු ඇඟවීම් තවදුරටත් දීර්ඝ කෙරේ

    By LFNJanuary 11, 2026No Comments2 Mins Read117 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පවතින වර්ෂාපතනයේ යම්කිසි අඩුවීමක් නිරීක්ෂණය වුවද නායයාම් අනතුරු ඇඟවීම් තවදුරටත් දීර්ඝ කිරීමට පියවර ගත් බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධීර මහතා පවසයි.

    පසුගිය නොවැම්බර් මස අවසානයේ සහ දෙසැම්බර් මස මුල් සතිය තුළ ලැබුණු වර්ෂාපතනයත් සමඟ මේ වන විට බොහොමයක් ස්ථාන තවදුරටත් අනතුරුදායක තත්ත්වයක පවතින බවත් ඒ අනුව මෝසම් වර්ෂාවත් සමග සුළු වර්ෂාපතනයකදී වුවද යම් ආකාරයක අනතුරුදායක තත්ත්වයක් ඇති විය හැකි බවත් ඒ මහතා සඳහන් කළේය.

    ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ ලුණුගල, මීගහකිවුල, වැලිමඩ, කන්දකැටිය, හාලිඇල, බදුල්ල, ඌව පරණගම සහ පස්සර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට තවදුරටත් අදියර එක යටතේ නිකුත් කර තිබූ නායයෑමේ නිවේදනය තවදුරටත් දීර්ඝ කර තිබේ.

    ඊට අමතරව මහනුවර දිස්ත්‍රික්කයේ මිනිපේ සහ උඩුදුම්බර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට අදියර 01 යටතේ නිකුත් කර තිබූ නිවේදනය එලෙසින්ම පවතින බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

    එමෙන්ම මාතලේ දිස්ත්‍රික්කයේ විල්ගමුව, උකුවෙල, අඹගග කෝරළේ, රත්තොට සහ ලක්ගල, පල්ලේගම යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලටත් නුවරඑළිය දිස්ත්‍රික්කයේ නිල්දණ්ඩාහින්න, වලපනේ, මතුරට සහ හඟුරන්කෙත යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලටත් අදියර එක යටතේ විමසිලිමත්ව සිටින නිවේදනය තවදුරටත් ක්‍රියාත්මකය.

    ආචාර්ය වසන්ත සේනාධීර මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේ පරිසරයේ පවතින තත්ත්වය, ලැබෙන වර්ෂාපතනය සහ අනතුරුදායක ස්ථානවල පවතින තත්ත්වය අනුව මෙම නිවේදන ඉදිරියේ දී වෙනස් විය හැකි බවය.

    පසුගිය කාලයේ ලැබුණු වර්ෂාපතනයත් සමග නායයෑමේ පූර්ව ලක්ෂණ ඇති වී ඇති ප්‍රදේශ බොහොමයක් පවතින බවත්, ලැබෙන සුළු වර්ෂාපතනයදී වුවද එම ස්ථාන යම් ආකාරයකින් ක්‍රියාකාරී විය හැකි බවත් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා පැවසුවේය.

    ඒ අනුව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ අවට පරිසරය සම්බන්ධයෙන් නිරන්තරයෙන් සැලකිලිමත්ව සිටින ලෙසය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026

    අගමැති හරිනි ලන්ඩනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් හමුවෙයි

    May 21, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,440 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,597 Views
    Don't Miss

    වාර්තාගත කඳු නගින්නන් සංඛ්‍යාවක් එවරස්ට් තරණය කරයි

    May 21, 202600 Views

    කඳු නගින්නන් 274 දෙනෙකු අද (21) ලොව උසම කඳු මුදුන ලෙසින් සැලකෙන එවරස්ට් කන්ද තරණය…

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 2026

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.