Author: LFN

කොහුවල, බෝධියවත්ත ප්‍රදේශයේ සිදුකළ වෙඩිතැබීමකින් තරුණියකට තුවාල සිදුකර මනුෂ්‍ය ඝාතනයට තැත් කිරීමේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පසුගිය දෙසැම්බර් මස 30 වනදා කොහුවල, බෝධියවත්ත ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිටදී යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් සිදුකළ වෙඩි තැබීමකින් 16 හැවිරිදි තරුණියක තුවාල ලැබීය. ඒ අනුව එම අපරාධය සිදු කිරීම සඳහා පැමිණි යතුරුපැදිය අපරාධකරුවන් වෙත ලබා දී ආධාර අනුබල දුන් සැකකරවෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබුණේ බඩෝවිට 03 අදියර ප්‍රදේශයේදීය. සැකකරු ඊයේ (06) ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය නිලධාරීන් විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබුණි. අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 32ක් වන දෙහිවල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. . සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සතුව තිබී අයිස්…

Read More

නීතිවිරෝධි ලෙස අලෙවි කිරීමට උත්සාහ කළ ඖෂධ පෙති තොගයක් සමඟ සැකකරුවන් සිව්දෙනෙකු යාපනයේදී අත්අඩංගුවට ගෙන තිබේ. ශ්‍රී ලංකා නාවික හමුදාව, යාපනය පොලිස් විශේෂ කාර්යය බළකාය හා එක්ව යාපනය මධ්‍යම බස් නැවතුම්පොළ සහ කයිට්ස් දූපතේ නයන්මාකට්ටු ප්‍රදේශයේ මෙම වැටලීම සිදුකර ඇති බව සඳහන්ය. මෙහිදී නීතිවිරෝධි ලෙස ‍අලෙවි කිරීම‍ට උත්සාහ කළ ඖෂධ පෙති 860ක තොගයක් සමඟ සැකකරුවන් සිව්දෙනෙකු සහ යතුරුපැදියක් සොයාගෙන තිබේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 22 සහ 29 යන වයස් සීමාවල පසුවන යාපනය ඔට්ටාමඩම්, සංකානි, නල්ලූර් සහ කොයියතෝඩිමම් යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවට හඳුනාගෙන ඇති බව නාවික හමුදාව පැවසුවේය. සැකකරුවන්, ඖෂධ තොගය සහ යතුරුපැදිය ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය පොලිස් ස්ථානය වෙත…

Read More

කැලණිය රජමහා විහාරස්ථානයේ දුරුතු පෙරහැර හේතුවෙන් රථවාහන ගමනාගමනය සීමා කිරීමක් සිදුකර තිබේ. ඒ අනුව අද (07) දින කැලණිය රජමහා විහාරස්ථානයෙන් ආරම්භ වී කැලණි සිරිවටරවුම, පෑලියගොඩ මාර්ගය ඔස්සේ පිලපිටිය කනත්ත අසලින් ගෝනගම්පොළ මාර්ගයේ බෝධිරුක්ඛාරාම විහාරස්ථානය අසලින් වරාගොඩ මාර්ගයට පිවිස නුන්ගමුගොඩ හනදිය, ගල්බොරැල්ල, වලන්කඩේ හන්දියෙන් ඇතුළු වී විහාර මාවත ඔස්සේ බියගම මාර්ගයට පිවිස නවලෝක වාහල්කඩ ඔස්සේ ගෙවදීමට නියමිතය. ඒ අනුව අද සවස 3 සිට රාත්‍රී 8 දක්වා පෙරහැර ගමන් ගන්නා කාලය තුළ පහත සඳහන් විකල්ප මාර්ග භාවිත කරන්නැයි පොලීසිය මහජනතාවට දැනුම්දෙයි. විකල්ප මාර්ග * බත්තරමුල්ල දෙස සිට බියගම දෙසට ගමන් ගන්නා සියලූම රථවාහන කැලණිමුල්ල ආලෝක සංඥා අසලින් දකුණට හැරී අඹතලේ මාර්ගය ඔස්සේ…

Read More

අමෙරිකා එක්සත් ජනපද වෙළෙඳපොළ සඳහා වෙනිසියුලා රජය විසින් බොර තෙල් බැරල් මිලියන 30 සිට 50 දක්වා ප්‍රමාණයක් අලෙවි කිරීමට එකඟ වී ඇති බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. අමෙරිකානු ජනාධිපතිවරයා සිය Truth Social ගිණුමේ සටහනක් තබමින් ඊයේ (06) රාත්‍රියේ මේ බව සටහන් කර ඇත. ට්‍රම්ප් මෙහි වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, වෙනිසියුලා අන්තර්වාර රජයේ බලධාරීන් විසින් සම්බාධක පනවා ඇති බොර තෙල් මෙලෙස අමෙරිකාවට භාරදෙන බවය. එම තෙල් අලෙවි කර ලැබෙන ආදායම අමෙරිකාව විසින් පාලනය කරනු ඇති අතර, එය වෙනිසියුලා ජනතාව සහ අමෙරිකාව යන දෙපාර්ශ්වයටම ප්‍රයෝජනවත් වන ලෙස භාවිත කරන බවද ඔහු සඳහන් කළේය. මෙම සැලැස්ම ක්ෂණිකව ක්‍රියාත්මක කරන ලෙස බලශක්ති අමාත්‍ය ක්‍රිස්…

Read More

තරග 3කින් සමන්විත ශ්‍රී ලංකා – පාකිස්තාන විස්සයි20 තරගාවලිය දඹුල්ලේදී අද ආරම්භ වෙයි. පළමු තරගය අද රාත්‍රී 7ට ආරම්භ වීමට නියමිතය. ශ්‍රී ලංකා – පාකිස්තාන විස්සයි20 තරගාවලියට තරග 3ක් ඇතුළත් අතර සියලු තරග රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදි පැවැත්වේ. විස්සයි20 තරගාවලියේ සියලු තරග රංගිරි දඹුල්ල ජාතන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර ශුරයින්ට පිරිනැමෙන කුසලානය දඹුල්ල ක්‍රීඩාංගණයේදී දෙපිලේ නායකයින්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ එළිදැක්වුණි. පාකිස්තාන විස්සයි20 කණ්ඩායමක් ශ්‍රී ලංකාවේදී විස්සයි20 තරගාවලියක් සඳහා මෙලෙස එක්වන්නේ වසර 11කට පසුවයි. මෙම විස්සයි20 තරගාවලියට සඳහා දඟ පන්දුයවන ක්‍රීඩක ට්‍රැවින් මැතිව් පළමුවරට ශ්‍රී ලංකා විස්සයි20 සංචිතයට කැඳවා ඇති අතර චරිත් අසලංක, ධනංජය ද සිල්වා සහ දුනිත් වෙල්ලාලගේද යළි විස්සයි20…

Read More

දිවයිනට ගිනිකොණ දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ස්ථාපිතව පැවති අඩු පීඩන කලාපය ඉදිරි පැය 12 තුළදී පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම පද්ධතිය බටහිරට බරව වයඹ දෙසට ගමන් කරමින් දිවයිනේ නැගෙනහිර වෙරළ දෙසට ළඟාවනු ඇතැයි අපේක්ෂ කෙරෙන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් ජනවාරි 08 සිට දිවයිනේ, විශේෂයෙන් උතුර, උතුරුමැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල වැසි තත්ත්වයේ වර්ධනයක් බලාපොරොත්තු වේ. ඌව පළාතේත් මඩකලපුව, අම්පාර, පොළොන්නරුව, මාතලේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී. 50ට වැඩි තරමක් තද වැසි ඇති විය හැකියි.…

Read More

ආපදාවෙන් බලපෑමට ලක් වූ ගම්මිරිස්, කෝපි සහ කරදමුංගු වගාවන් සඳහා සහන සැලසීමේ වැඩසටහනක් සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ. අයහපත් කාලගුණික තත්ත්වය නිසා පැන නැගුණු හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් හානියට පත් කෙටිකාලීන වගාවන් සඳහා ගොවීන්ට සහන සැලසීම පිණිස අවශ්‍ය අයවැය චක්‍රලේඛ අංක 08/2025 සහ 08/2025 (i) මගින් මේ වන විට නිකුත් කර ඇත. එමෙන්ම අපනයන කෘෂිකර්ම ක්ෂේත්‍රයේ ආර්ථිකමය වැදගත්කම සැලකිල්ලට ගෙන ආපදාවෙන් හානි වූ දිගුකාලීන අපනයන කෘෂි බෝග නැවත වගා කිරීම සඳහාද සහන සැලසීම සඳහාද රජයේ අවධානය යොමුව තිබේ. ඒ අනුව ආපදාවෙන් හානි වූ ගම්මිරිස්, කෝපි සහ කරදමුංගු වගාවන් නැවත ආරම්භ කිරීම සඳහා හෙක්ටයාරයකට රුපියල් 425,000ක දීමනාවක් එම වගාවන්හී නිතර ගොවීන්ට…

Read More

දිවයිනට ගිනිකොණ දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ස්ථාපිතව පැවති අඩු පීඩන කලාපය ඉදිරි පැය 24 තුළදී පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකිය. අද (06) සවස 2ට කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයට අනුව මෙම පද්ධතිය බටහිරට බරව වයඹ දෙසට ගමන් කරමින් දිවයිනේ නැගෙනහිර වෙරළ දෙසට ළඟාවනු ඇතැයි අපේක්ෂා කෙරේ. මේ සම්බන්ධයෙන් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන අනාවැකි සහ නිවේදන පිළිබඳව, ධීවර සහ නාවික ප්‍රජාව අවධානයෙන් පසුවන ලෙස ඉල්ලා සිටින ලෙසද දැනුම්දෙයි. කන්කසන්තුරය සිට ත්‍රිකුණාමලය සහ පොතුවිල් හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි ඇති වෙන අතර, දිවයිනවටා වන සෙසු මුහුදු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී…

Read More

නීතිවිරෝධී ලෙස අල්ලා ගත් මෝර මසුන් කිලෝග්‍රෑම් 850 කට අධික ප්‍රමාණයක් සමඟ ධීවරයින් හය දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. වෙන්නප්පුව, වැල්ලමන්කර ධීවර වරායේ අද (06) අලුයම ශ්‍රී ලංකා වෙරළාරක්ෂක බළකාය විසින් සිදු කරන ලද විශේෂ සෝදිසි මෙහෙයුමකදී, බහුදින ධීවර යාත්‍රාව තුළ සඟවා තිබිය දී මෙම මෝර මසුන් සොයාගෙන ඇත. වෙරළාරක්ෂක බළකා නිලධාරීන් භාරයට ගත් මෝර මසුන් සහ ධීවර යාත්‍රාව සමඟ සැකකරුවන් වැඩිදුර පරීක්ෂණ සහ නීතිමය කටයුතු සඳහා වැල්ලමන්කර ධීවර පරීක්ෂක කාර්යාලයට භාර දී තිබේ

Read More

දිට්වා සුළි කුණාටුවට මුහුණදීමට පූර්ව සූදානමක් නොමැතිකම සම්බන්ධව අධ්‍යයන කර වාර්තාවක් සකස් කිරීම සඳහා විපක්ෂය යෝජනා කළ විශේෂ කාරක සභාවේ සභාපතිත්වය විපක්ෂයට ලබාදෙන ලෙස විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා අද(06) පාර්ලිමේන්තුවේදී ඉල්ලීමක් කළේය. එමෙන්ම විශේෂ කාරක සභාවේ සංයුතිය වෙනස් කරන ලෙසද ඔහු ඉල්ලීමක් කළේය. මන්ත්‍රීවරයා සඳහන් කළේ, අදාළ කාරක සභාව පත්කරන ලෙස ලිඛිත ඉල්ලීමක් මන්ත්‍රීවරුන්ගේ අත්සනින් යුතුව පසුගිය දෙසැම්බර් 18 වෙනිදා කථානායකවරයාට භාරදුන් බවය. කෙසේවෙතත් කථානායකවරයා සඳහන් කළේ ඒ සම්බන්ධ ක්‍රියාවලියක් මේ වනවිට සිදුකෙරෙමින් පවතින බවය.

Read More