Author: LFN

මේ වසර සඳහා පළමුවරට පාර්ලිමේන්තුව අද (06) රැස්වීම නියමිතව තිබේ. කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරවරු 9.30ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත බව, පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය සඳහන් කළේය. අද දිනයේදී ධීවර සහ ජලජ සම්පත් පනත යටතේ වන නියෝග සහ ධීවර විශ්‍රාම වැටුප් සහ සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ පනත යටතේ වන නියෝග විවාදයට ගැනීමට නියමිතය. ඊට අමතරව මහජන ආරක්ෂක ආඥා පනත යටතේ පසුගිය දෙසැම්බර් 28 වන දින අති විශේෂ ගැසට් පත්‍රයක් මඟින් ප්‍රකාශයට පත් කරන ලද ප්‍රකාශනයට අදාළ යෝජනා සම්මතය විවාදයට ගැනීමට නියමිතව තිබේ. පළාත් සභා ඡන්ද විමසීම කුමන මැතිවරණ ක්‍රමයක් යටතේ පැවැත්විය යුතු ද යන්න සොයා බලා යෝජනා සහ නිර්දේශ ඉදිරිපත් කිරීමට…

Read More

සෞඛ්‍ය සේවාවේ සහ වෛද්‍යවරුන්ගේ ගැටලු විසඳීම සඳහා රජය මැදිහත් නොවීම හේතුවෙන් ඊට එරෙහිව ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීමක් හෙට (07) දිනයේ පැවැත්වීමට නියමිතව තිබේ. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා සඳහන් කළේ, අදාළ ගැටලු විසදීම සඳහා සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුළු සෞඛ්‍ය අමාත්‍යාංශය ලබා දුන් පොරොන්දු කඩ කරමින් සිටින බවය. ඒ අනුව ඉදිරියේදී වෘත්තීය සමති ක්‍රියාමාර්ගයක නිරත වීමට තීරණය කර ඇති අතර ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් හෙට දිනයේදී රැස්වන විශේෂ මධ්‍යම කාරක සභාවේදී ගැනීමට බලාපොරොත්තු වන බව වෛද්‍ය චමිල් විජේසිංහ මහතා සඳහන් කළේය.

Read More

පවුල් ආරවුලක් හේතුවෙන් පුද්ගලයෙකු පෙට්‍රල් දමා සිය නිවසට ගිනි තබා ඇති අතර, ගින්නට හසුවී එම පුද්ගලයා සහ ඔහුගේ දියණිය ජීවිතක්ෂයට පත්ව තිබේ. අද (06) අලුයම 2 පමණ ගලෙන්බිදුණුවැව පොලිස් වසමේ, නුවරගම් කොළනිය, පඩිකාරමඩුව ප්‍රදේශයේ නිවසක පුද්ගලයෙකු විසින් මෙම ගිනිතැබීම සිදුකර ඇත. ගින්නෙන් 43 හැවිරිදි ගිනි තැබීම සිදුකළ පුද්ගලයා සහ ඔහුගේ 13 හැවිරිදි දියණිය ජීවිතක්ෂයට පත්ව තිබේ. ගින්නට හසුවු 36 හැවිරිදි බිරිඳ, 15 හැවිරිදි දියණිය, 20 හැවිරිදි පුත්‍රයා සහ 66 හැවිරිදි මිත්තණිය පිළිස්සුම් තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත. පියා නිවසට ගිනි තබන අවස්ථාවේ නිවසේ සිට ඇත්තේ දියණියන් දෙදෙනා, බිරිඳ සහ බිරිඳගේ මව පමණක් වන අතර, පිරිමි දරුවා සිද්ධිය…

Read More

දිවයිනට ගිනිකොණ දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ස්ථාපිතව පැවති පහළ වායුගෝලීය කැලඹිලි ස්වභාවය අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වී ඇත. මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් ජනවාරි 08 සිට දිවයිනේ, විශේෂයෙන් උතුර, උතුරුමැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල වැසි තත්ත්වයේ වර්ධනයක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. නැගෙනහිර, මධ්‍යම, ඌව, උතුරුමැද සහ උතුරු පළාත්වල විටින් විට වැසි ඇති වෙන අතර, ඌව පළාතෙත් නුවරඑළිය, මාතලේ, පොළොන්නරුව, මඩකළපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 100 පමණ තද වැසි ඇති විය හැකිය. සෙසු ප්‍රදේශවල පස්වරු 1.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු,…

Read More

කුලී පදනම මත යතුරුපැදි ලබාගෙන, එම යතුරුපැදි නිතී විරෝධි ලෙස අලෙවිකිරීමේ ජාවාරමක නිරත වූ පුද්ගලයෙකු බලංගොඩ පොලීසිය විසින් රත්නපුර, සන්නස්ගම ප්‍රදේශයේදී අත්අඩංගුව ගෙන තිබේ. යතුරුපැදි කුලියට ලබාදෙන පුද්ගලයන්ගෙන් එම සැකකරු යතුරුපැදි ලබාගෙන ඇත්තේ මාස කිහිපයකට බවත්, ඒ හේතුවෙන් ඔහු එම යතුරුපැදිවල ලියාපදිංචි පොතද හිමිකරුවන්ගෙන් ඉල්ලා රැගෙනගොස් ඇති බව මූලික පරික්ෂණවලදී අණාවරණය වී ඇත. රත්නපුර, බලංගොඩ ඇතුළු ප්‍රදේශ කිහිපයක වාහන කුලියට දෙන පුද්ගලයන්ගෙන් සැකකරු මෙලෙස යතුරුපැදි ලබාගෙන ඇති බව පොලිසිය පවසයි. ඔහු අත්අඩංගුවට පත්වන විට අලෙවිකිරීමේ සඳහා රැගෙන ආ යතුරුපැදි 6ක් සොයාගැනීමට පොලීසියට හැකිව තිබේ. සැකකරු බලංගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය

Read More

අඹතලේ සිට දෙහිවල දක්වා ජලය සපයන ප්‍රධාන ජල සැපයුම් මාර්ගයේ හදිසි බිදවැටීමක් හේතුවෙන් අද (3) කොළඹ අවට ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවීමට සිදුව තිබේ. ඒ අනුව මොරටුව, රාවතාවත්ත, සොයිසා පුර, රත්මලාන, ගල්කිස්ස,දෙහිවල,වැල්ලවත්ත, පාමංකඩ, මුල්ලේරියාව, කොළොන්නාව යන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවා ඇත. ඊට අමතරව බත්තරමුල්ල ප්‍රදේශයට අඩු පීඩන තත්ත්වය යටතේ ජලය සැපයීම සිදුවේ. කෙසේ නමුත් හදිසි බිදවැටීම යථාවත්කර අද (3) මධ්‍යම රාත්‍රියට පෙර ජල සැපයුම ලබාදීමට ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය අපේක්ෂා කරයි.

Read More

ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ සේවකයන්ගේ දිනක වැටුප සහ සුභසාධනය සඳහා වෙන්කරන ලද මුදල් සේවක ඉල්ලීම පරිදි, ‘Rebuilding Sri Lanka’ අරමුදලට පරිත්‍යාග කර තිබේ. ඒ් අනුව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් රුපියල් 12,803,174.35ක මූල්‍ය පරිත්‍යාගයක් සිදු කරන ලදී. ඊට අදාළ චෙක්පත ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් එයාර් වයිස් මාර්ෂල් බන්දුල හේරත් (විශ්‍රාමික) සහ අධ්‍යක්ෂ (පරිපාලන) විංග් කමාන්ඩර් සේනක රුවන්පතිරණ (විශ්‍රාමික ), අධ්‍යක්ෂ (මූල්‍ය) එම්.කේ ජයන්ත යන මහත්වරු විසින් ඊයේ (01) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා වෙත පිළිගන්වනු ලැබීය.

Read More

හෙළයේ ගීත කෝකිලාවිය වූ කලාසූරී ලතා වල්පොල මහත්මියගේ දේහය අද (31) උදෑසන කොළඹ නිදහස් චතුරස්‍රය වෙත රැගෙන ආවේය. දේහය පිළිබඳ අවසන් කටයුතු අද පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතව කොළඹ නිදහස් චතුරස්‍රය පරිශ්‍රයේදී සිදුකර බොරැල්ල පොදු සුසාන භූමියේදී භූමදාන කිරීමට සැලසුම් කර තිබේ. ඒ අනුව, දේහය අද පෙ.ව 10.00 සිට ප.ව 2.00 දක්වා කොළඹ නිදහස් චතුරශ්‍රය පරිශ්‍රයේ මහජන ගෞරවය සඳහා තැන්පත් කර ඇත. පස්වරු 2.00ට ආගමික වතාවත් සිදු කිරීමෙන් අනතුරුව දේහය බොරැල්ල පොදු සුසාන භූමියට රැගෙන ගොස් එහිදී අවසන් කටයුතු සිදු කිරීමට නියමිතය. රෝගී තත්ත්වයක් හේතුවෙන් ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ලතා වල්පොල මහත්මිය පසුගිය 27 වනදා පස්වරුවේ අභාවප්‍රාප්ත විය. මියයන…

Read More

කිරිබත්ගොඩ නගරයේ වෙළඳසැලක ඇති වූ ගින්නක් හේතුවෙන් කොළඹ – නුවර ප්‍රධාන මාර්ගය තාවකාලිකව වසා දමා ඇත. විකල්ප මාර්ග භාවිතා කරන ලෙසට පොලීසිය එම මාර්ගයේ ගමන් ගන්නා රියදුරන්ගෙන් ඉල්ලා සිටී.

Read More

දොඩංගොඩ මාලිමා පළාත් පාලන අපේක්ෂකයකුට පහරදුන් සමගි ජන බලවේගය දොඩංගොඩ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු දොඩංගොඩ පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (29) සවස 4.45ට පමණ දොඩංගොඩ, නෑහින්න ප්‍රදේශයේ අවමංගල්‍ය උත්සවයක ඇති වූ ගැටලුවක් හේතුවෙන් මෙලෙස ජාතික ජන බලවේග පක්ෂයේ ලැයිස්තු අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වූ කෙ.ජී. විජයරත්න බණ්ඩා නැමති අයට සමගි ජන බලවේග පක්ෂයේ දොඩංගොඩ ප්‍රාදේශීය සභා හිටපු මන්ත්‍රී කුමාරසිරි ජයසිංහ නැමැත්තා විසින් පුටුවකින් පහර දී ඇත. පහරකෑමට ලක්වූ විජයරත්න බණ්ඩා මහතා මේ වනවිට නගොඩ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබයි.

Read More