Author: LFN

සුනාමි රළ හේතුවෙන් පැරෑලිය ප්‍රදේශයේදී අනතුරට ලක්වූ දුම්රිය එන්ජිම මෙවර පැරෑලිය අනතුර සිහි කරමින් සංකේතාත්මකව ධාවනය නොවූ බව වාර්තා වෙයි. කෙසේවෙතත් එම අවස්ථාව සිහි ගන්වමින් වෙනත් එන්ජිමක් යොදා ගනිමින් ‘සුනාමි දුම්රිය’ ලෙස විරුදාවලිය ලත් අනතුරට ලක්වූ දුම්රිය අද (26) දිනයේ මාතර බලා ධාවනය කරවීමට පියවර ගෙන තිබුණි. අනතුරට ලක්වූ එන්ජිම වසර කිහිපයක් අඛණ්ඩව ධාවනය කරවූ අතර එහි තාක්ෂණික දෝෂයක් හේතුවෙන් මෙවර ධාවනය නොකෙරුණු බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේය. එම එන්ජිමේ ඇක්සලයේ හටගෙන ඇති දෝෂයක් හේතුවෙන් මෙලෙස අද උදෑසන ධාවනය කරවීමට හැකියාව නොතිබුණු බව සඳහන් වෙයි.

Read More

මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බෝමබ බියක් හේතුවෙන් විශේෂ සෝදිසි මෙහෙයුමක් ආරම්භ කර තිබේ. පොලීසිය මෙන්ම පොලිස් විශේෂ කාර්ය බළකාය ද කැඳවා අදාළ සෝදිසි මෙහෙයුම සිදුකරන බව වාර්තාවේ. ඊ-මේල් පණිවුඩයක් මාර්ගයෙන් මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බෝම්බයක් ඇති බවට නිර්ණාමික පණිවුඩයක් ලැබී ඇති බව සඳහන්ය.

Read More

හක්ගල ජාතික උද්භිද උද්‍යානය ඊ (25) සිට සංචාරකයන් සඳහා යළි විවෘත කර තිබේ. ඒ පරිසර අමාත්‍යාංශයේ උපදෙස් සහ ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලයේ කඩිනම් වැඩපිළිවෙල මත, ජාතික ගොඩනැගිලි පර්යේෂණ මධ්‍යස්ථානය හා ආපදා කළමනාකරණය මධ්‍යස්ථානයේ නිර්දේශ හා උපදෙස්වලට අනුකූලවය. උද්‍යානයේ භූමියේ අනතුරුදායක ලක්ෂණ මතු වූ ස්ථාන අනතුරුදායක බව දක්වන පුවරු මගින් නරඹන්නන් හට පිවිසීම තාවකාලිකව වළක්වා ඇත. ඒ අනුව පිවිසීමේ ගේට්ටුව අසල පොකුණු සහිත ප්‍රදේශය සහ වනෝද්‍යානය දෙසට පිවිසීමට ඇති මාර්ගය මෙසේ අනතුරුදායක බවට නම් කර තිබේ. එමෙන්ම දෙස් විදෙස් සංචාරකයින්ගේ පහසුව උදෙසා උද්භිද උද්‍යාන කාර්ය මණ්ඩලය විසින් විශේෂ වැඩසටහනක් ද සංවිධානය කර ඇත. රටේ පැවති දිට්වා සුළි කුණාටුව හේතුවෙන්…

Read More

සෝමාවතිය – සුංගාවිල මාර්ගය දින 8කට පසුව ගමනාගමනය සඳහා ඊ (25) යළි විවෘත කරනු ලැබීය. පසුගිය දිනවලදී පොළොන්නරුව දිස්ත්‍රික්කයට ඇද හැළුණු අධික වර්ෂාපතනය හේතුවෙන් මෙම මාර්ගය ජලයන් යට වූ අතර ඒ හේතුවෙන් රථවහන ධාවන කටයුතු අත්හිටුවීමට පොලීසිය පියවර ගත්තේ‍ය. ඒ අනුව ජලය ක්‍රමානුකූලව බැස යාමත් සමග අද පස්වරුවේ සෝමාවතිය පුදබිමට යන මාර්ගය සහ සෝමාවතිය විහාරස්ථානය මෙසේ බැතිමතුන්ට වන්දනාමාන කිරීම සඳහා විවෘත කර තිබේ.

Read More

උතුර, නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (26) වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. සබරගමුව පළාතෙත් ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත්, ඇතැම් ස්ථානවලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවත් එම දෙපාර්තමේන්තුව පැවසීය. එමෙන්ම මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු පළාතෙත් හම්බන්තොට සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් විටින් විට පැ.කි.මී. 40ක පමණ තරමක තද සුළං ඇති විය හැකිය. බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් බදුල්ල, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි…

Read More

කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපතිවරයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණ දිසා අපරාධ කොට්ඨාසය පවසයි. මුල්ලේරියාව පොලිස් වසමේ මුල්ලේරියාව රෝහල ආසන්නයේදී 2022.08.02 වන දින මෙම ඝාතනය සිදුකර තිබුණි. විමර්ශන නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ඉහත අපරාධය සඳහා සැකකරුවන් පැමිණි යතුරුපැදියේ පැදිකරු ලෙස ක්‍රියා කළ සැකකරුව මෙලෙස ඊයේ (25) අත්අඩංගුවට ගෙන ඇත. ඒ, මාලඹේ පොලිස් වසමේ තලාහේන ප්‍රදේශයේදී ය. සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සතුව අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 05යි මිලිග්‍රෑම් 430ක් හා ව්‍යාජ විදේශ ගුවන්ගමන් බලපත්‍රයක් තිබී සොයාගෙන තිබේ. සැකකරු වයස අවුරුදු 32ක් වන තලාහේන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. සැකකරු සම්බන්ධව සිදුකළ වැඩිදුර විමර්ශනයේදී මොහුට…

Read More

වයඹදිග නයිජීරියාවේ ඉස්ලාමීය රාජ්‍ය (IS) කණ්ඩායමට එරෙහිව අමෙරිකාව විසින් ‘දැවැන්ත හා මාරාන්තික’ ගුවන් ප්‍රහාරයක් දියත් කළ බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. සිය ‘Truth Social’ හි සටහනක් තබමින් අමෙරිකානු ජනාධිපතිවරයා පවසා ඇත්තේ, නයිජීරියවේ වෙසෙන අහිංසක කිතුනුවන් ඉලක්ක කර IS ත්‍රස්තයන් සිදුකරන කුරිරු ඝාතනයන්ට පළිගැනීමක් ලෙස මෙම ප්‍රහාරය දියත් කළ බවය. “කිතුනුවන් ඝාතනය කිරීම නතර නොකළහොත්, වන්දි ගෙවීමට සිදුවනු ඇතැයි මම මීට පෙර මෙම ත්‍රස්තවාදීන්ට අනතුරු ඇඟවූවා. අද රාත්‍රියේත් එය එසේම විය” ට්‍රම්ප් පවසයි. කෙසේ නමුත් ප්‍රහාරය සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු ඔහු ඉදිරිපත්කර නොමැති අතර, අමෙරිකානු හමුදාව ‘දැවැන්ත ප්‍රහාරයන් රැසක් සිදුකළ’ බව පමණක් තහවුරු කර ඇත. එමෙන්ම සිය නායකත්වය යටතේ රැඩිකල් ඉස්ලාමීය ත්‍රස්තවාදයට…

Read More

වැලිපැන්න පොලිස් වසමේ අලුත්ගම – මතුගම මාර්ගයේ 5 කණුව ප්‍රදේශයේ දී ඊයේ (25) සවස සිදුවූ අනතුරකින් වයස අවුරුදු 3ක දැරියක් ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසයි. අනතුරට මුහුණපෑ දැරිය සිය මව හා පියා සමග යතුරුපැදියෙන් මතුගම දෙසට ගමන්කරමින් සිටියදී, ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි කැබ් රථයක ගැටී මෙම අනතුරට මුහුණපා ඇත. අනතුරින් එම දැරිය, තුවාල ලැබූ ඇගේ පියා හා මව දර්ගා නගරයේ රජයේ රෝහලට ඇතුළත් කර ඇති අතර, එහිදී දැරිය මියගොස් ඇති බව පොලීසිය පවසයි. එමෙන්ම තුවාල ලැබූ ඇගේ පියා හා මව වැඩිදුර ප්‍රතිකාර සඳහා මේ වනවිට නාගොඩ රෝහල වෙත මාරුකර යවා ඇත. අනතුරින් පසු කැබ් රථ රියදුරා අත්අඩංගුවට ගෙන ඇති අතර,…

Read More

සුනාමි ව්‍යසනය සිදුවී අදට වසර 21ක් සැපිරේ. 2004 වසරේ දෙසැම්බර් මස 26 වනදා ඉන්දුනීසියාවේ උතුරු සුමාත්‍රා දූපත් ආශ්‍රිතව සිදුවූ ප්‍රබල භූ කම්පනයත් සමග ශ්‍රී ලංකාව ඇතුළු රටවල් රැසකට දරුණු සුනාමි තත්ත්වයක් ඇති වුණි. ඉන් මෙරට පුද්ගලයින් 35,000කට අධික පිරිසක් මියගොස් තවත් 5,000ක පමණ පිරිසක් අතුරුදන්වූ අතර දේපොළ රැසක් ද විනාශයට පත් විය. ඒ අනුව සුනාමි ව්‍යසනයෙන් මියගිය පිරිස් සිහිපත් කිරීම සඳහා 2005 වසරේ සිට සෑම වසරකම දෙසැම්බර් මස 26 වනදා ජාතික සුරක්ෂිත දිනය ලෙස නම් කෙරුණි. සුනාමි ව්‍යසනයෙන් මෙන්ම මේ දක්වා රටේ සිදුවූ විවිධ ව්‍යසනයන් හේතුවෙන් මියගිය පිරිස් සිහිපත් කරමින් මෙවරද “ජාතික සුරක්ෂිත දින” සැමරුම් උත්සවය අද (26) පෙරවරු 8:30…

Read More

යාපනය – මුත්තනයිනාර් කෝවිල ආසන්නයේදී අණ නොතකා ධාවනය කළ මෝටර් රථයක් පොලීසියෙන් හඹා යාමේ දී අනතුරකට ලක්ව තිබේ. අදාළ මෝටර් රථයට නවත්වන ලෙස පොලීසියෙන් සංඥා කොට ඇතත් එම මෝටර් රථය නොනවත්වාම ධාවනය කර ඇත. එහිදී පොලීසියෙන් මෙම මෝටර් රථය හඹා යාමේ දී එය රියදුරුට පාලනය කරගත නොහැකිව මාර්ගය ආසන්නයේ තිබූ වෙළඳසැල් දෙකකට කඩා වැදී තිබේ. මෙම අනතුරින් වෙළඳසැළක් තුළ සිටි පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා ඇති බවද පොලීසිය පැවසුවේය. තුවාලකරුවන් ප්‍රතිකාර සඳහා යාපනය රෝහලට ඇතුළත් කර ඇති අතර අයෙකුගේ තත්ත්වය බරපතළ වන බව ද සඳහන් වේ. මෝටර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු බීමතින් රිය ධාවනය කර ඇති බව මූලික…

Read More