Author: LFN

හෙළයේ ගීත කෝකිලාවිය, කලාශූරී ලතා වල්පොල මහත්මියගේ අභාවය පිළිබඳ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ශෝකය පළ කර තිබේ. හිටපු ජනාධිපතිවරයා සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර ඇත්තේ, ජ්‍යෙෂ්ඨයෝ නික්ම යන බවත් කාලයත් සමඟ එක් යුගයක් අවසන් වෙමින් පවතින බවත්ය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සම්පූර්ණ ශෝක පණිවුඩය පහතින්, – උපුටා ගැනීම – “ජ්‍යෙෂ්ඨයෝ නික්ම යති. කාලයත් සමඟ එක් යුගයක් අවසන් වෙමින් පවතී. මාගේ ජීවිතය ගෙවුණේ දේශපාලනය තුළ ය. ඒ නිසාම අප කියන කරන දේ බොහෝ දෙනෙකු දකින්නේ දේශපාලනික කෝණයෙනි. එහෙත් සියල්ල දේශපාලනයම නොවේ. අප තබන සටහන් සාම්ප්‍රදායික දේශපාලනික සටහන් පමණක් ම නොවේ. අපගේ මතකයන්, අත්දැකීම්, හැඟීම් සහ විශේෂයෙන්ම…

Read More

නිමාවු අළුබදුන ටෙස්ට් තරගාවලියේ සිව්වන තරගය පැවති මෙල්බන් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ තණ තීරුව සෑහීමකට පත්විය නොහැකි තත්ත්වයේ පැවති බවට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබේ. මේ හේතුවෙන් එම තණ තීරුව සඳහා අසාදු ලකුණක් එක් කිරීමට සිව්වන ටෙස්ට් තරගයේ තරඟ තීරකවරයා පියවර ගෙන ඇති බව සඳහන් වේ. ඒ අනුව අවුරුදු 02ක් තුල මේ ආකාරයෙන් එම තණ තීරුව සඳහා තවත් අසාදු ලකුණක් එක් වූවහොත් එම ක්‍රීඩංගණයේ පැවැත්වීමට සැළසුම් කර ඇති ටෙස්ට් තරගයක් වෙනත් ක්‍රීඩාංගණයක් සඳහා යොමු කිරීමට සිදුවනු ඇති. මෙල්බන් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පසුගියදා පැවති අළුබදුන ක්‍රිකට් තරගාවලියේ සිව්වන තරගය දින 02 ක් තුල නිමාවට පත් වුයේ තරගයේ ජය එංගලන්තයට හිමිකර දෙමිනි.

Read More

අත්අඩංගුවට ගෙන සිටින හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතාට යුද හමුදාව විසින් නිකුත් කර ඇති තවත් ගිනිඅවි සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර තිබේ. ඒ අනුව ඒ මහතා වෙත ලබා දී ඇති තවත් ගිනි අවි 19ක් සම්බන්ධව එම දෙපාර්තමේන්තුව මේ වන විට විමර්ශන ආරම්භ කර ඇත. හිටපු අමාත්‍යවරයා පසුගිය 26 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබීය. ඒ 2001 වසරේදී ඔහුගේ පෞද්ගලික පරිහරණය සඳහා යුද හමුදාවෙන් ලබා දුන් ගිනිඅවියක් 2019 වසරේදී සංවිධානාත්මක අපරාධකරුවෙකු වූ මාකඳුරේ මදූෂ්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් හමුවේදී සොයා ගැනීමේ සිද්ධියකට අදාළව විමර්ශනවලට අදාළවය. මදුෂ් නැමැත්තා සතුව තිබී සොයාගත් එම ගිනිඅවියේ අංක පරීක්ෂා කිරීමේදී එය දේවානන්දා මහතා…

Read More

ඉන්දියාවේ දිල්ලි හි වායු ගුණාත්මකභාවට ඉතා දුර්වල මට්ටමක් කරා ළඟා වී ඇතැයි ඉන්දීය මාධ්‍ය මේ වන විට වාර්තා කර තිබේ. ඒ අනුව එම වායු ගුණාත්මක දර්ශකය 418ක් දක්වා ඉහළ ගොස් ඇති අතර ජාත්‍යන්තර ගුණාත්මක තත්ත්ව වාර්තා දර්ශකවල මෙම අගය අනතුරුදායක ලෙස සඳහන් කර තිබේ. දිල්ලි වායු ගුණාත්මක පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධතිය විසින් නිකුත් කර ඇති නිවේදනයට අනුව ඉදිරි දින කිහිපය තුළ දිල්ලියේ වායු ගුණාත්මකභාවය ඉතා දුර්වල කාණ්ඩයට අයත් වීමට ඉඩ ඇති බව දන්වා ඇති අතර එය ඉදිරි දින කිහිපය පුරා පවතිනු ඇතැයිද වාර්තා කර තිබේ. ඉන්දීය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවද මේ සම්බන්ධව අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇති අතර ඝන මීදුම, සහ…

Read More

මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපල රාජ්‍ය ව්‍යාපාර පෞද්ගලික හවුල්කාරීත්ව වැඩ පිළිවෙල යටතේ පෞද්ගලික සමාගම් වලට පැවරීමට යෝජනාවක් සකස් කර ඇති බව වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය ආචාර්ය අනුර කරුණාතිලක මහතා පවසයි. මින් කිසිදු ලෙසකින් හෝ මත්තල ගුවන්තොටුපොළ පෞද්ගලීකකරණය කිරීමට කටයුතු නොකරන බව ද අමාත්‍යවරයා සදහන් කළේය. මෙම යෝජනාවලිය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර අනුමැතිය ලබා ගැනීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා පැවසීය. ඉන් අනතුරුව ගුවන්තොටුපොළ වෙනුවෙන් අභිලාෂ කැඳවීමට කටයුතු කරන බවද ඔහු සඳහන් කළේය. එමෙන්ම මත්තල ගුවන්තොටුපොළ සමග ව්‍යාපාර පවත්වාගෙන යෑමට පෞද්ගලික සමාගම් තුනක් මේවන විටත් කැමැත්ත පලකර ඇත. මෙම වැඩපිළිවෙළ යටතේ ගුවන් යානා අලුත්වැඩියාව,පුහුණු කටයුතු සහ ඉන්ධන සැපයීම වැනි ක්ෂේත්‍ර කිහිපයක් වෙනුවෙන්…

Read More

අමෙරිකාවට බලපා ඇති ඩෙවින් හිම කුණාටුවේ බලපෑම හේතුවෙන් එරට ගුවන්ගමන් දහස් ගණනක් අවලංගු කර හා ප්‍රමාද වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ලොව විශාලතම ගුවන්ගමන් නිරීක්ෂණ දත්ත සමාගම වන ‘FlightAware’ ගුවන් සේවා නිරීක්ෂණ වෙබ් අඩවියක් වාර්තා කර ඇති පරිදි අමෙරිකා වේලාවෙන් ප.ව. 4 වනවිට එරට තුළ හා ඉන් පිටතට ගුවන්ගමන් 1,581ක් අවලංගු කර තිබේ. එමෙන්ම තවත් ගුවන්ගමන් 6,883ක් ප්‍රමාද වී ඇත. මේ අතර නිව්යෝර්ක් නගරයේ ඊයේ (26) රාත්‍රියේ මිලිමීටර් 250 (අඟල් 10) දක්වා හිම පතනයකට ඇති වී ඇති අතර, එය වසර හතරකින් එම ප්‍රදේශයට බලපෑ වැඩිම හිමපතනය විය. ඒ අනුව මේ වනවිට මිලියන 40කට වැඩි පිරිසක් ශීත කුණාටු අනතුරු…

Read More

මෝටර් රථයක තිබී T-56 ගිනිඅවියක් හා ජීව උණ්ඩ සහිත පතුරම් ගැබ් 2ක් සොයාගැනීමේ සිද්ධියට අදාළව සැකකරුවකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ. රාගම පහළවත්ත, ප්‍රදේශයේදී ඉකුත් 23 වනදා පස්වරුවේ අත්හැර දමා ගොස් තිබියදී අදාළ මෝටර් රථය සොයාගෙන තිබුණි. මේවන විට අදාළ සැකකරු බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයේ රඳවාගෙන ප්‍රශ්න කරන අතර එහිදී අනාවරණ වී ඇත්තේ, ඔහු අදාළ මෝටර් රථයේ රියදුරු බවත්, බන්ධනාගාරගතව සිට පසුගියදා නිදහස්ව පැමිණි දික්පිටිගොඩ කල්ප නමැත්තා ඝාතනය සඳහා අදාළ ගිනිඅවිය රැගෙන ආ බවය. දික්පිටිගොඩ ළහිරු නැමැත්තාගේ මෙහෙයවීමෙන් අදාළ ඝාතනය සිදුකිරීමට සූදානමින් සිටි බවත් ඔහු විමර්ශන නිලධාරීන්ට පවසා තිබේ. එමෙන්ම වෙඩික්කරු දැඩි ලෙස අයිස් මත්ද්‍රව්‍ය පානය කිරීම නිසා මනෝ විකාරයෙන් හැසිරීම…

Read More

මතභේදාත්මක සිදුවීම් රැසක් වාර්තාවූ වැලිගම ප්‍රාදේශීය සභාවේ නව සභාපතිවරයා තෝරාපත් කරගැනීමේ කටයුතු දෙවන වරටත් කල් දැමීමට සිදුවී තිබේ. සභාවේ ඝන පූර්ණය නොමැති වීම හේතුවෙන් මෙලෙස නව සභාපතිවරයා තෝරාපත් කරගැනීමේ කටයුතු දෙවන වරටත් කල් දැමීමට සිදුවී ඇත. වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ධූරයේ කටයුතු කළ සමගි ජන බලවේගය පක්ෂයේ ලසන්ත වික්‍රමසේකර මහතාගේ ඝාතනය හේතුවෙන් එම ප්‍රාදේශීය සභාවේ පුරප්පාඩුවී පැවතුණි. නව සභාපතිවරයෙකු තෝරාපත් කරගැනීම පසුගිය නොවැම්බර් මස 28 වනදා දකුණු පළාත් සභාවේ පළාත් පාලන කොමසාරිස්වරියගේ ප්‍රධානත්වයෙන් සිදුකිරීමට නියමිතව තිබුණ ද ඝන පූර්ණය නොමැති වීම හේතුවෙන් එම කටයුතු අද දිනය දක්වා කල් දමා තිබුණි. ඒ අනුව සභිකයින් 45 දෙනෙකුගෙන් සමන්විත වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා…

Read More

අම්බලන්ගොඩ නගරයේ පිහිටි වෙළෙඳ ආයතනයක කළමනාකරුවෙකු වෙඩිතබා ඝාතනය කිරීමේ සිදුවීමට අදාළව සැකකරුවන් 6 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. මෙම අත්අඩංගුවට ගත් පිරිසෙන් දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බළකාය විසින්ද, සිව්දෙනෙකු ගාල්ල අපරාධ අංශය විසින්ද අත්අඩංගුවට ගෙන ඇත. එමෙන්ම මෙම වැටලීම්වලදී හික්කඩුව ප්‍රදේශයෙන් පිස්තෝලයක් සහ රිවෝල්වරයක්ද සොයාගැනීමට හැකිව තිබේ. පසුගිය 22දා සිදු වූ මෙම වෙඩිතැබීමෙන් අම්බලන්ගොඩ නගරයේ පිහිටි වෙළෙඳ ආයතනයක කළමනාකරුවෙකුට එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්විය. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් එම වෙඩිතැබීම සිදුකර පළා ගොස් තිබුණි. අපරාධ කල්ලි පාර්ශ්වයන් දෙකක් අතර ඇතිවූ ගැටුමක ප්‍රතිඵලයක් මත මෙම වෙඩි තැබීම සිදුව ඇති බවට පොලීසිය සැක කරයි. වෙඩි ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්වූ තැනැත්තාද අපරාධ කල්ලි සාමාජිකයින්…

Read More

මිරිස්ස මුහුදේ දිය නාමින් සිටි වෛද්‍යවරයෙකු ඊයේ (25) පස්වරුවේ දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙලෙස මරණයට පත්ව ඇත්තේ වැලිගම වලාන ප්‍රදේශීය රෝහලේ ප්‍රධාන වෛද්‍යවරයා බව සඳහන්. ඔහු දියේ ගිලීමෙන් පසු ප්‍රදේශවාසීන් විසින් බේරාගෙන මාතර මහ රෝහලට ඇතුළත් කර ඇති අතර, එහිදී මරණයට පත්ව තිබේ. 49 හැවිරියේ වියේ පසුවූ අදාළ වෛද්‍යවරයා මෙම රෝහලේ රාජකාරී ආරම්භකර ඇත්තේ මීට මසකට පමණ ඉහතදී බව වාර්තා වේ.

Read More