Author: LFN

‍ඖෂධවල ප්‍රමිති තත්ත්ව පරීක්ෂණ නිසි ප්‍රමිතියෙන් පවත්වාගෙන යාමේ ක්‍රියාවලිය පුළුල් කිරීම පිළිබඳව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ. ඖෂධවල ප්‍රමිතිය පවත්වාගෙන යෑමේ ක්‍රියාවලිය පුළුල් කිරීමේදී ඖෂධ තත්ත්ව පරීක්ෂණ කටයුතු ක්‍රමවත්ව හා විධිමත් වැඩපිළිවෙලක් යටතේ සිදු කිරීම පිළිබඳ මූලික අවධානය යොමු කරමින් මෙම සාකච්ඡාව පැවැත්වුණු බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිවරයා ඇතුළු ප්‍රධානීන් මෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශයේ හා විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ නියෝජිතයින් එම සාකච්ඡාවට එක්වී ඇත. රසායනාගාර තුළ ඖෂධ තත්ත්ව පරීක්ෂණ කටයුතු සිදු කරන ආයතන අතර මනා සම්බන්ධීකරණයක් පවත්වාගෙන යාම, එම ක්‍රියාවලි තුළ ප්‍රවර්ධනය කළ යුතු…

Read More

මෙවර ” ජාතික සුරක්ෂිත දිනය ” ප්‍රධාන සැමරුම් උත්සවය හෙට (26) ගාල්ල ” පැරෑලිය සුනාමි ස්මාරකය” අභියසදී පෙ.ව. 8.30 සිට පෙ.ව. 11.00 දක්වා පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබේ. ජාතික සුරක්ෂිත දිනය ” වෙනුවෙන් සුනාමි ව්‍යසනයෙන් සහ අනෙකුත් ආපදා හේතුවෙන් මිය ගිය මහජනතාව සිහිපත් කිරීම සඳහා හෙට දිවයින පුරා පෙ.ව. 9.25 සිට පෙ.ව. 9.27 දක්වා විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් පැවැත්වීමට නියමිතය. 2004 වර්ෂයේ සුනාමි ව්‍යසනයෙන් මෙරට 35,000 කට අධික පිරිසක් මියගිය අතර පුද්ගලයින් 5,000 කට වැඩි පිරිසක් අතුරුදහන් විය. එමෙන්ම බිලියන ගණනක් වටිනා දේපල ද විනාශ විය. ඒ අනුව 2005 අංක 15/1975/715/001-1 දරණ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවට අනුව 2005 වර්ෂයේ සිට සෑම වර්ෂයකම…

Read More

ජාතික ජන බලවේගයට බලය හිමි හික්කඩුව නගර සභාවේ අයවැය තෙවන වරටත් පරාජය වී තිබේ. ඊයේ (24) අයවැය සම්මත කිරීම සඳහා නගර සභාවේ සභාපති යසස්වින් ගොඩකන්ද මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වී තිබේ. එහිදී අයවැය ඡන්ද විමසීමේදී ජාතික ජන බලවේගයට ඡන්ද 9ක්ද විපක්ෂට ඡන්ද 10ක්ද ලැබීම නිසා වැඩි ඡන්දයකින් තෙවන වරටත් හික්කඩුව නගර සභාවේ 2026 අයවැය ජාතික ජන බලවේගය පරාජයට පත්විය.

Read More

අද (25) උදෑසන 7.15ට පමණ සේරුනුවර, මහින්දපුර හංදියේ දී පෞද්ගලික බස් රථයක් මහ මඟ පෙරළී අනතුරක් සිදුව තිබේ. අක්කරෙයිපත්තුව සිට ත්‍රිකුණාමලය දක්වා ගමන්ගත් සුඛෝපභෝගී බස් රථයක් මෙලෙස පෙරළී ගොස් ඇති අතර, එම අවස්ථාවේ මගීන් 21ක් පමණ බස් රථයේ ගමන් කරමින් සිට ඇත. අනතුරින් බස් රථයේ සිටි 14 දෙනෙකු තුවාල ලබා සේරුනුවර රෝහලට සහ මූතූර් රෝහලට ඇතුළත් කර තිබේ. සේරුනුවර පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Read More

ග්‍රැන්ඩ්පාස් හැටේවත්ත ප්‍රදේශයේ ඉඩමක තිබී ටී-56 වර්ගයේ ගිනිඅවියක් සහ එම පතරොම් 27ක් සොයාගෙන තිබේ. අදාළ ප්‍රදේශයේ හිස් ඉඩමක තිබී අදාළ ගිනිඅවිය සහ පතරොම් සොයාගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය. සිද්ධිය සම්බන්ධයෙන් CCTV දර්ශන ඔස්සේ සිදුකළ විමර්ශනවල දී එම ස්ථානයට ගිනිඅවිය ගෙනවිත් දමන පුද්ගලයා අනාවරණය වී ඇති අතර ඔහු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගෙන ඇත්තේ 67 හැවිරිදි කොළඹ 14 ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පොලීසිය සඳහන් කළේය. මේ අතර පිළියන්දල ප්‍රදේශයේ තිබී විදේශ රටක නිෂ්පාදිත පිස්තෝල වර්ගයේ ගිනිඅවියක් පොලීසිය විසින් සොයාගෙන තිබේ. බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාශයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව මෙම ගිනිඅවිය සොයාගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය. කවුරුන්…

Read More

නත්තල් දිනය නිමිත්තෙන් අද (25) දිනයේ සියලුම බන්ධනාගාරවල රැඳවියන්ට අමුත්තන් පෙන්වීමේ විශේෂ අවස්ථාවක් ලබාදී තිබේ. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස්, ජගත් වීරසිංහ මහතා සඳහන් කළේ, අද දින එලෙස පැමිණෙන අමුත්තන් ආහාර හෝ රසකැවිලි එක් රැඳවියෙකුට ප්‍රමාණවත්ව රැගෙන එන ලෙසය.

Read More

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත සමරමින් අති උත්කර්ෂයෙන් සමරනු ලබන නත්තල යනු විනාශය අතරින් බලාපොරොත්තුව උපදින සමයක් ලෙස හැඳින්විය හැකි බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. සිය නත්තල් දින පණවිඩය නිකුත් කරමින් විපක්ෂ නායකවරයා පෙන්වාදෙන්නේ මෙවර නත්තල් උදාව අප වෙත පැමිණෙන්නේ ශ්‍රී ලංකාවට දැඩි ලෙස බලපෑ දිට්වා සුළි කුණාටුවෙන් පසු ජාතිය මුහුණදුන් වේදනාකාරී අත්දැකීම් මතකයේ තබාගෙන බවය. මේ අවස්ථාවේ අපට අවශ්‍ය වන්නේ බිඳවැටීම් මත පදනම් වු දේශපාලනය නොව ජනතාවගේ වේදනාවට පිළිතුරු දෙන රටේ අනාගතය ගොඩනගන සාධාරණ සහ දයාවෙන් පිරි රටක් ගොඩනැගීම බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිය නත්තල් දින පණිවුඩය මඟින් වැඩිදුරටත් පෙන්වා දී තිබේ. මේ අතර සිය ෆේස්බුක්…

Read More

උණවටුන ප්‍රදේශයේ සංචාරක හෝටලයක තිබූ අමෙරිකානු ඩොලර් 500ක මුදලක් සොරකම්කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට උණවටුන පොලිස් සංචාරක කාර්යාංශය සමත්ව ඇත. අදාළ සොරකම සම්බන්ධයෙන් පැමිණිල්ල ලැබී පැය 12ක් ගතවීමටත් පෙර සැකකරු ඉඳුරුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීම සුවිශේෂීය. මෙම වැටලීම සඳහා උණවටුන පොලිස් සංචාරක කාර්යාංශයේ ස්ථානාධිපති උ.පො.ප. අමිල ප්‍රියංකර, පො.සැ (35553) නිශාන්ත, පො.සැ. (18372) ප්‍රේමරත්න යන නිලධාරීන් එක්වූහ. අත්අඩංගුවට ගත් සැකකරු (25) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Read More

අම්බලන්ගොඩ පොලීසියේදී ඊ (24) පස්වරුවේ වැරදීමකින් ගිනි අවියක් ක්‍රියාත්මක වී පොලිස් නිලධාරියෙකු තුවාල ලබා රෝහල් ගතකර ඇත. මෙලෙස තුවාල ලබා ඇත්තේ රාජකාරියට වාර්තා කිරීම සඳහා පැමිණි කොස්තාපල්වරයෙකි. මෙම කොස්තාපල්වරයා රාජකාරියට වාර්තා කිරීමෙන් පසුව සිය ගිනිඅවිය පරීක්ෂා කරමින් සිටියදී හදිසියේම ගිනිඅවිය ක්‍රියාත්මක වී තිබේ. එහිදී ඔහුගේම එක් කකුලකට වෙඩි වැදී ඇති බව සඳහන් වේ. පසුව පොලීසියේ මෝටර් රථයකින්ම ඔහුව ප්‍රථිකාර සඳහා බලපිටිය මූලික රෝහලට ඇතුලත් කර ඇත. කෙසේ වෙතත් ඔහුගේ තත්ත්වය බරපතල නොවන බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

Read More

සාමයේ පණිවිඩය ලොවට රැගෙන ආ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත සමරන අසිරිමත් නත්තල ඊයේ (24) මධ්‍යම රාත්‍රියෙන් උදාවුණි. ලොව පුරා මෙන්ම මෙරට කිතුණු බැතිමතුන් ද නත්තල උදාවීම අති උත්කර්ෂවත් අයුරින් සමරනු ලැබීය. ගාසා හි යුද ගැටුම් හේතුවෙන් 2023 වසරේ සිට වසර දෙකක කාලයක් නත්තල සැමරීම සිදුනොවූ ශුද්ධ වූ බෙත්ලෙහෙමේ ද මෙවර නත්තල් සැමරීම සිදුකෙරුණි. අමෙරිකානු ජාතික ශු ද්ධෝත්තම 14 වැනි ලියෝ පාප් වහන්සේගේ පදවිප්‍රාප්තියෙන් අනතුරුව පැවති ප්‍රථම නත්තල් දේව මෙහෙය රෝමයේ වතිකානයේ ශාන්ත පීතර බැසිලිකා දේවස්ථානයේදී පැවැත්වුණි. ඒ සඳහා ලොව නන්දෙසින් විශාල කිතුණු බැතිමතුන් පිරිසක් එක්ව සිටියහ. මේ අතර නත්තල් උදාව වෙනුවෙන් මෙරට ප්‍රධාන දේව මෙහෙය කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල්…

Read More