Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    වාර්තාගත කඳු නගින්නන් සංඛ්‍යාවක් එවරස්ට් තරණය කරයි

    May 21, 2026

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 2026

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»කැලණි පෙරහැරට රථ වාහන ගමනාගමනය සීමා කිරීමක්
    Featured

    කැලණි පෙරහැරට රථ වාහන ගමනාගමනය සීමා කිරීමක්

    By LFNJanuary 7, 2026No Comments2 Mins Read116 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    කැලණිය රජමහා විහාරස්ථානයේ දුරුතු පෙරහැර හේතුවෙන් රථවාහන ගමනාගමනය සීමා කිරීමක් සිදුකර තිබේ.

    ඒ අනුව අද (07) දින කැලණිය රජමහා විහාරස්ථානයෙන් ආරම්භ වී කැලණි සිරිවටරවුම, පෑලියගොඩ මාර්ගය ඔස්සේ පිලපිටිය කනත්ත අසලින් ගෝනගම්පොළ මාර්ගයේ බෝධිරුක්ඛාරාම විහාරස්ථානය අසලින් වරාගොඩ මාර්ගයට පිවිස නුන්ගමුගොඩ හනදිය, ගල්බොරැල්ල, වලන්කඩේ හන්දියෙන් ඇතුළු වී විහාර මාවත ඔස්සේ බියගම මාර්ගයට පිවිස නවලෝක වාහල්කඩ ඔස්සේ ගෙවදීමට නියමිතය.

    ඒ අනුව අද සවස 3 සිට රාත්‍රී 8 දක්වා පෙරහැර ගමන් ගන්නා කාලය තුළ පහත සඳහන් විකල්ප මාර්ග භාවිත කරන්නැයි පොලීසිය මහජනතාවට දැනුම්දෙයි.

    විකල්ප මාර්ග

    * බත්තරමුල්ල දෙස සිට බියගම දෙසට ගමන් ගන්නා සියලූම රථවාහන කැලණිමුල්ල ආලෝක සංඥා අසලින් දකුණට හැරී අඹතලේ මාර්ගය ඔස්සේ කඩුවෙල හරහා බියගම දෙසට ගමන් කළ හැකිය.

    * බත්තරමුල්ල දෙස සිට පෑලියගො‍ඩ දෙසට ගමන්ගන්නා සියලූම රථවාහන කැලණිමුල්ල ආලෝක සංඥා අසලින් වමට හැරී තොටලඟ මාර්ගයෙන් පෑලියගොඩ දෙසට ගමන් කළ හැකිය.

    * බියගම දෙස සිට පෑලියගොඩ දෙසට ගමන්ගන්නා සියලූම රථවාහන පට්ටිවිල හන්දියෙන් දකුණට හැරී සපුගස්කන්ද කිරිබත්ගොඩ හරහා ගමන් කළ හැකිය.

    • බියගම දෙස සිට බත්තරමුල්ල දෙසට ගමන් ගන්නා සියලූම රථවාහන බණ්ඩාරවත්ත හන්දියෙන් වමට හැරී කඩුවෙල අඹතලේ මාර්ගයෙන් ගමන් කළ හැකිය.

    * පෑලියගොඩ දෙස සිට බියගම දෙසට ගමන්ගන්නා සියලූම රථවාහන පෑලියගොඩ
    සිට කිරිබත්ගොඩ සපුගස්කන්ද හරහා ගමන් කළ හැකිය.

    * පෑලියගොඩ දෙසට සිට බත්තරමුල්ල දෙසට ගමන්ගන්නා සියලූම රථවාහන තොටලඟ මාර්ගයේ කැලණිමුල්ල ආලෝක සංඥා හරහා බත්තරමුල්ල දෙසට ගමන් කළ හැකිය.

    * වරාගොඩ දෙස සිට බියගම දෙසට ගමන්ගන්නා සියලූම රථවාහන පරණ නුවර පාර ටයර් හන්දිය කිරිබත්ගොඩ සපුගස්කන්ද හරහා ගමන් කළ හැකිය.

    * පරණ නුවර මාර්ගයේ බියගම දෙසට අතුළු වන සියලූම වාහන කිරිබත්ගොඩ, සපුගස්කන්ද හරහා පට්ටිවිල මාර්ගයේ ගමන් කළ හැකිය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026

    අගමැති හරිනි ලන්ඩනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් හමුවෙයි

    May 21, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,440 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,597 Views
    Don't Miss

    වාර්තාගත කඳු නගින්නන් සංඛ්‍යාවක් එවරස්ට් තරණය කරයි

    May 21, 202600 Views

    කඳු නගින්නන් 274 දෙනෙකු අද (21) ලොව උසම කඳු මුදුන ලෙසින් සැලකෙන එවරස්ට් කන්ද තරණය…

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 2026

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.