Close Menu
Lanka Focus News
    What's Hot

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»වෙනිසියුලාව සතු බොර තෙල් අමෙරිකාවට භාරදෙයි
    Featured

    වෙනිසියුලාව සතු බොර තෙල් අමෙරිකාවට භාරදෙයි

    By LFNJanuary 7, 2026No Comments2 Mins Read124 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අමෙරිකා එක්සත් ජනපද වෙළෙඳපොළ සඳහා වෙනිසියුලා රජය විසින් බොර තෙල් බැරල් මිලියන 30 සිට 50 දක්වා ප්‍රමාණයක් අලෙවි කිරීමට එකඟ වී ඇති බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

    අමෙරිකානු ජනාධිපතිවරයා සිය Truth Social ගිණුමේ සටහනක් තබමින් ඊයේ (06) රාත්‍රියේ මේ බව සටහන් කර ඇත.

    ට්‍රම්ප් මෙහි වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, වෙනිසියුලා අන්තර්වාර රජයේ බලධාරීන් විසින් සම්බාධක පනවා ඇති බොර තෙල් මෙලෙස අමෙරිකාවට භාරදෙන බවය.

    එම තෙල් අලෙවි කර ලැබෙන ආදායම අමෙරිකාව විසින් පාලනය කරනු ඇති අතර, එය වෙනිසියුලා ජනතාව සහ අමෙරිකාව යන දෙපාර්ශ්වයටම ප්‍රයෝජනවත් වන ලෙස භාවිත කරන බවද ඔහු සඳහන් කළේය.

    මෙම සැලැස්ම ක්ෂණිකව ක්‍රියාත්මක කරන ලෙස බලශක්ති අමාත්‍ය ක්‍රිස් රයිට්ට උපදෙස් ලබාදී ඇති අතර,බොර තෙල් බැරල් ගබඩා නෞකා මඟින් සෘජුවම අමෙරිකා එක්සත් ජනපදයේ බහාලුම් වරායන් වෙත ගෙන ඒමට නියමිතය.

    විදෙස් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියෙකු සඳහන් කර ඇත්තේ, මෙම බොර තෙල් දැනටමත් බැරල්වලට පුරවා ඇති අතර, ඒවායේ බහුතරය දැනට නෞකා මත පවතින බවය. ඒවා අමෙරිකානු මුහුදු කලාපයේ පිරිපහදු කර්මාන්ත ශාලාවලට යොමු කෙරෙනු ඇති බවය.

    කෙසේ වෙතත්, බැරල් මිලියන 30–50ක තෙල් ප්‍රමාණයක් විශාල ලෙස පෙනුණද, අමෙරිකාව පසුගිය මාසය තුළ දිනකට බැරල් මිලියන 20කට අධික තෙල් ප්‍රමාණයක් භාවිත කර ඇති බව වාර්තා වේ.

    එම හේතුවෙන් මෙම තෙල් නිකුතුවෙන් ඉන්ධන මිලට ලැබෙන බලපෑම සීමිත විය හැකි බව විශ්ලේෂකයන් පවසති.

    ට්‍රම්ප්ගේ ප්‍රකාශයත් සමඟ අමෙරිකානු තෙල් මිල බැරලයකට ඩොලර් 1කින්, එනම් සියයට 2කට ආසන්න ප්‍රමාණයකින් පහත වැටී ඩොලර් 56 දක්වා අඩු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    වෙනිසිලා තෙල් බැරලයක් දැනට ඩොලර් 55කට වටින අතර, බැරල් මිලියන 50ක් අලෙවි කළහොත් ඩොලර් බිලියන 1.65 සිට 2.75 දක්වා ආදායමක් ලැබිය හැකි බව ද සඳහන් වේ.

    කෙසේ වෙතත්, මෙලෙස විශාල තෙල් ප්‍රමාණයක් භාරදීමෙන් වෙනිසුවෙලාගේම තෙල් සංචිත අඩු වීමේ අවදානමක් පවතින බවද විශේෂඥයන් අනතුරු අඟවති.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ප්‍රකට ලේඛකයෙකු වූ ජෙෆ්රි ආචර් අභාවප්‍රාප්ත වෙයි

    October 6, 2026

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026

    පේරු රාජ්‍යයේ සංචාරක ගුවන් යානයක් කඩා වැටීමෙන් 13ක් ජීවිතක්ෂයට

    August 2, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,480 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,629 Views
    Don't Miss

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026010 Views

    බන්ධනාගාරගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සහ භික්ෂූන් වහන්සේලාගේ ආගමික අයිතිවාසිකම් වෙනුවෙන් මහා සංඝරත්නයේ…

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.