Author: LFN

මෙවර නත්තල ශ්‍රී ලංකාවාසීන් සමරනු ලබන්නේ ජාතියක් ලෙස ඉතා වේදනාකාරී ස්වභාවික ව්‍යසනයකට මුහුණදීමෙන් පසු අධිෂ්ඨානයෙන් යළි ගොඩනැගෙමින් සිටින තීරණාත්මක අවස්ථාවක බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. සිය නත්තල් පණිවුඩය නිකුත් කරමින් ජනාධිපතිවරයා සඳහන් කළේ, ප්‍රේමය, සාමය, සතුට, බෙදාගැනීම සහ පරිත්‍යාගය නත්තලේ සැබෑ අරුත වන අතර පීඩාවට පත්වූවන්ට සහෝදර හැඟීමෙන් පිහිටවීම මෙන්ම සමස්ත මනුෂ්‍ය වර්ගයාගේ විමුක්තිය උදෙසා කැපවීම ඒ අතර ප්‍රමුඛ වන බවය. කිතුණු දහමේ මෙන්ම සියලු ආගම්වල ඉගැන්විම් වන අසල්වැසියා විපතට පත් වූ අවස්ථාවේදී අත්නොහැර සහෝදරත්වයෙන් වැළඳගැනීමේ උතුම් මනුසත් ගුණාංගය සහ නොසැලෙන අධිෂ්ඨානය පසුගිය ව්‍යසනය හමුවේ මෙරට ජනතාව යළි යළිත් පසක් කර ඇති බව ජනාධිපතිවරයා නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත්…

Read More

වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීමට ආධාර අනුබල දුන් සැකකරුවෙකු මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පසුගිය 22 වනදා අම්බලන්ගොඩ නගරයේදී යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කර තිබුණි. ඒ අනුව, මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් විමර්ශනයක් ආරම්භ කර ඇත. එහිදී ඊයේ (24) මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම අපරාධයට ආධාර අනුබල දුන් සැකකරුවෙකු කොල්ලුපිටිය ප්‍රදේශයේ ලැඟුම්හලක සිටියදී අත්අඩංගුවට ගෙන අම්බලන්ගොඩ පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර තිබේ. සැකකරු වයස අවුරුදු 36 ක් වන බලපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. අම්බලන්ගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කර ගෙන යනු ලබයි.

Read More

පාරිසරික නීතිය උල්ලංඝණය කරන පුද්ගලයින්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්. යු. වුට්ලර් මහතා සඳහන් කළේ පසුගිය දින කිහිපය තුළ සිදුකළ වැටලීම්වල දී එලෙස පාරිසරික නීතිය උල්ලංඝණය කළ පුද්ගලයින් 23 දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවය. ඉදිරියේ දී දිවයින පුරා අදාළ වැටලීම් සිදුකිරීමට සැලසුම් කර ඇති බව ද සහකාර පොලිස් අධිකාරී එෆ්.යු.වුට්ලර් මහතා සඳහන් කළේය.

Read More

ඌව පළාතෙත් අම්පාර, මඩකලපුව, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති විය හැක. සබරගමුව පළාතෙත් ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මේ අතර, ඇතැම් ස්ථානවලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇති වේ. සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් කළුතර, බදුල්ල, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පවතී. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

Read More

සීප්පුකුලම වනඅලියා පිලිස්සීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් තිදෙනා අද (24) යළිත් රක්ෂිතය බන්ධනාගාරගත කර තිබේ. අදාළ සැකකරුවන් අද අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර එහිදී අනුරාධපුර අතිරේක මහෙස්ත්‍රාත් ලක්මාලි හෙට්ටිආරච්චි මෙනවිය විසින් මෙම නියෝගය ලබා දී තිබුණි. එමෙන්ම මහජන විරෝධතාවක් ඇතිවිය හැකි බැවින් සැකකරුවන් හට ඇප ලබාදීම ප්‍රතික්ෂේප කර ඇත. මෙම අවාසනාවන්ත සිද්ධියට මුහුණදුන් වනඅලියා ගින්නෙන් පුලුස්සා හිංසා කරන අයුරු දැක්වෙන වීඩියෝ පටයක් සමාජ මාධ්‍යයේ සංසරණය වූ අතර, එම සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයේ දී සැකකරුවන් තිදෙනෙකු මිහින්තලය පොලීසිය විසින් මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබුණි. මීට දින කිහිපයකට පෙර හිංසාවට ලක්වූ වනඅලියා සීප්පුකුලම ප්‍රදේශයේ දී මියගොස් සිටියේය. අලියා මියයෑම සම්බන්ධයෙන් සිදුකරන…

Read More

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කුඩු රොෂාන් නැමැත්තා අත්අඩංගුවට ගෙන තිබේ. මට්ටක්කුලිය ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය. සැකකරු සන්තකයේ තිබී මිලිමීටර් 9 වර්ගයේ පිස්තෝල අවියක් සහ ඊට යොදන ජීව උණ්ඩ 3ක් ද සොයාගත් බව පොලීසිය පැවැසුවේය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි. මේ අතර අම්බලන්ගොඩ නගරයේ පිහිටි වෙළෙඳ ආයතනයක කළමනාකරවරයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබල ලබාදුන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මුල්‍ය අපරාධ කොටඨාසය මඟින් කොල්ලුපිටිය ප්‍රදේශයේ දී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පැවසුවේය. පසුගිය සඳුදා පෙරවරුවේ අම්බලන්ගොඩ නගරයේ පිහිටි වෙළෙඳ ආයතනයකට…

Read More

අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා මහතා ඇප මත නිදහස් කර තිබේ. රාමනාදන් අර්ච්චුනා මහතා අද (24) දහවල් කොටුව පොලීසියට පැමිණ භාරවීමෙන් අනතුරුව අත්අඩංගුවට ගනු ලැබීය. ඒ නඩුවකට අදාළව අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් වරෙන්තු නිතුත් කර තිබීමෙන් පසුවය.

Read More

දික්ඕවිට ධීවර වරාය වෙත රැගෙන ආ නාවික හමුදා භාරයට ගත් බහුදින ධීවර යාත්‍රාවේ තිබී හෙරොයින් කිලෝග්‍රෑම් 21කට අධික ප්‍රමාණයක් සහ අයිස් කිලෝග්‍රෑම් 172ක් සොයාගෙන තිබේ. මෙම මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රු කෝටි 200කට ආසන්න බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා පවසයි. ගන්දර ප්‍රදේශයෙන් පසුගිය 09වනදා ධීවරයින් 05 දෙනෙකු සමග මුහුදු ගිය අදාළ ධීවර යාත්‍රාව මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිටිය දී ඊයේ (23) දිනයේ නාවික හමුදා භාරයට ගෙන තිබුණි. අද උදෑසන 6ට පමණ දික්ඕවිට ධීවර වරාය වෙත රැගෙන ආ අදාළ ධීවර යාත්‍රාවේ අයිස් හා හෙරොයින් මත්ද්‍රව්‍ය සහිත මලු 11ක් සොයාගෙන තිබු බව සඳහන්ය.

Read More

නායයෑම් රතු නිවේදන ඉවත් කර තිබුණද තවමත් එම ස්ථානවල අවදානම පහව ගොස් නොමැති බව ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය පවසයි. එහි ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ හසලි සේමසිංහ මහත්මිය සඳහන් කළේ, පවතින වැසි තත්ත්වයේ අඩුවීම මත රතු නිවේදන ඉවත් කළද නිලධාරීන් පැමිණ අදාළ අවදානම් ස්ථාන පරීක්ෂා කරන තෙක් ජනතාව එම ස්ථානවලට නැවත නොගොස් සිටි යුතු බවය. ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානයේ නිලධාරීන් පැමිණ පරීක්ෂා කර අවශ්‍ය උපදෙස් ලබාදෙන තුරු කිසිසේත්ම අවදානම් ස්ථානවලට නැවත නොයන ලෙසද ඇය වැඩිදුරටත් පැවසුවාය. මේ වනවිට බදුල්ල, මහනුවර, නුවරඑළිය, කුරුණෑගල සහ මාතලේ යන දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 17ක් සඳහා පළමු අදියරේ විමසිලිමත්ව සිටීමේ නිවේදන නිකුත් කර ඇත. විමසිලිමත් වන්න (කහ) මහනුවර…

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා මහතා කොටුව පොලීසියට පැමිණ භාරවීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන තිබේ. රාමනාදන් අර්ච්චුනාට ඊයේ (23) කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් වරෙන්තු නිතුත් කර තිබුණි. ඒ නඩුවකට අදාළව අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙනි.

Read More