Author: LFN

අද (13) දිනයේ උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව, මධ්‍යම සහ වයඹ පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. අද අලුයම නිකුත් කළ නවතම කාලගුණ අනාවැකියේ සඳහන් වන්නේ,දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු 1න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර ඇතැම් ස්ථානවලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවය. මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, හම්බන්තොට සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (30-40) ක පමණ තරමක තද සුළං ද අපේක්ෂා කෙරේ. සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය…

Read More

මේ වනවිට මෙරට දිස්ත්‍රික්ක 14ක නායයෑම් සිදුවිය හැකි බවට හඳුනාගෙන ඇතැයි ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය සඳහන් කරයි. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (12) පැවති, පවතින කාලගුණ හා ආපදා තත්ත්වය පිළිබඳ දැනුවත් කිරීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් එම සංවිධානයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධීර මහතා පවසා සිටියේ, මෙරට සමස්ත භූමියෙන් 30%ක් නායයෑමේ සිදුවන බවට හඳුනාගෙන ඇති බවය. එමෙන්ම මෙලෙස හඳුනාගත් ප්‍රදේශයේ ජනගහනය 34%ක් සිටින බවද පැවසු ඒ මහතා එම සමස්ත භූමි ප්‍රමාණය වර්ග කිලෝමීටර් 20,000ක් පමණ වන බව ද කියා සිටියේය. දිට්වා සුළි කුණාටුව සමඟ ඇති වූ අධික වර්ෂාව සමඟ නායයෑමට ලක්විය හැකි ස්ථාන පරීක්ෂා කරදීමට ඉල්ලීම් 2,710ක් ලැබී ඇති බවත් මේ…

Read More

ඇති වූ ආපදා තත්ත්වය සහ එළැඹෙන උත්සව සමය පදනම් කර ගනිමින් ගර්භණී කාන්තාවන්ට රුපියල් 5,000ක් වටිනා පෝෂණ දීමනාවක් ලබාදීමට රජය තීරණය කර තිබේ. 2025 නොවැම්බර් මස 30 වන දින තෙක් මාතෘ සායනයන්හි ලියාපදිංචි වූ ගර්භණී කාන්තාවන් සඳහා එක් වරක් පමණක් මෙම දීමනාව ලබාදීමට නියමිතය. කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යංශයට අනුබද්ධිත මුල් ළමාවිය සංවර්ධනය පිළිබඳ ජාතික ලේකම් කාර්යාලයේ වැඩසටහනක් මෙය දෙසැම්බර් මස 16 වන දින සිට ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා බෙදාහැරීමට නියමිතය.

Read More

කළුතර, රත්නපුර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක සඳහා ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව අදාළ ප්‍රදේශවල ජනතාවට සැලකිලිමත් වන ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්දෙයි. මෙම නිවේදනය අද (12) දහවල් 12.30ට නිකුත් කර ඇති අතර, අද රාත්‍රී 11 වන තෙක් වලංගු වේ. ගිගුරුම් සහිත වැසි ඇති වනවිට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකිය. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

Read More

විදෙස් රටවලින් ලබාදුන් ආධාර ගබඩාකර ඇති ඔරුගොඩවත්ත පිහිටි ආපදා සහන සේවා ගබඩා පරිශ්‍රයේ නිරීක්ෂණ චාරිකාවකට ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහතා ප්‍රමුඛ කමිටු සාමාජිකයන් අද (12) එක්විය. අයහපත් කාලගුණය හේතුවෙන් ආපදාවට පත්වූ ජනතාව වෙනුවෙන් විදෙස් රටවලින් ලබාදුන් ආධාර ඔරුගොඩවත්තේ පිහිටි ආපදා සහන සේවා ගබඩා පරිශ්‍රය හරහා ආපදාවට ලක්වූවන් වෙත ක්‍රමවත්ව ලබාදීම මේ දිනවල සිදුකෙරේ. පීඩාවට පත්වූ ජනතාව වෙත ලබාදීම සඳහා විදෙස් රටවලින් ලැබෙන ආධාර තොග ඊයෙත් (11) මෙරටට ලැබී තිබුණි. දිට්වා සුළි කුණාටුවේ බලපෑමෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ රජයේ Rebuilding Sri Lanka අරමුදල සඳහා කොළඹ සිටින රාජ්‍ය තාන්ත්‍රිකයින් පිරිසක් සිය පෞද්ගලික ධනයෙන් රුපියල් මිලියන 3.6ක මූල්‍ය…

Read More

හිටපු කථානායක පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මහතා අත්අඩංගුවට ගෙන තිබේ. අන්ත්‍රාදායක ලෙස රිය පැදවීම සහ අනතුරක් වළක්වා නොගැනීමේ චෝදනාව මත පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මේ වන විට කොළඹ ජාතික රෝහලේ පොලිස් ආරක්ෂාව යටතේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවත් පොලීසිය සඳහන් කළේය.

Read More

හිටපු කථානායක පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මහතා ධාවනය කළ ජීප් රථය තවත් මෝටර් රථයක මුහුණට මුහුණ ගැටී සිදුවූ අනතුර සම්බන්ධයෙන් සපුගස්කන්ද පොලිස් ස්ථානය විමර්ශනයක් ආරම්භ කර තිබේ. අද (12) පෙරවරුවේ පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යු. වුට්ලර් මහතා මේ බව පැවසීය. ඔහු පවසා සිටියේ, අනතුරින් තුවාල ලැබූ දෙදෙනෙක් කොළඹ ජාතික රෝහලේද, මාස 6ක බිලිදියක් රිජ්වේ ආර්යා ළමා රෝහලේද නේවාසිකව ප්‍රතිකාර ලබන බවය. එමෙන්ම මෙම අනතුරේ රියදුරන් බීමත්ව සිටියාද යන්න පරීක්ෂාකිරීම සඳහා වෛද්‍ය වාර්තාවක් කැඳවා තිබෙන බවත්, එහි ප්‍රතිඵලය මත තනතුර තරාතිරම බාධාවක් කර නොගෙන පොලීසිය කටයුතු කරන බවත් ඔහු පැවසීය. කෙසේ නමුත් මන්ත්‍රි අශෝක රන්වල…

Read More

පාර්ලිමේන්තුව ජනවාරි 6 වැනිදාට පෙර කැඳවන්නැයි අගමැතිනියගෙන් ඉල්ලීමක් කිරීමට සමග ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂය තීරණය කර ඇත. මන්ත්‍රීවරුන් විසි පස් දෙනෙකුගේ අත්සනින් යුතු ලිපියක් අගමැතිනියට අද හෙටම බාර දෙමින් මෙම ඉල්ලීම කිරීමට බලාපොරොත්තු වන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා පැවසීය. පසුගිය දිනවල ඇතිවූ ආපදාව සහ එමගින් ජනතාවට සිදුවූ බලපෑම මෙන්ම සහන සේවා කටයුතු සම්බන්ධයෙන් මේ දක්වා පුළුල් සාකච්ඡාවක් පවත්වා නැති හෙයින් ඒ සඳහා අවස්ථාව උදාකර ගැනීමට මෙම ඉල්ලීම කරන බවද ඔහු සඳහන් කළේය. එම ලිපියට මන්ත්‍රීවරැන්ගෙන් අත්සන් ගැනීම දැනටමත් ආරම්භ කර ඇත. මෙම ඉල්ලීම කිරීමට තීරණය කර ඇත්තේ සමග ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදීය අයවැය අවසාන…

Read More

නුවරඑලියට පිවිසෙන කිසිදු මාර්ගයක රාත්‍රී කාලයේ රථවාහන ධාවනය නොකරන ලෙස නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් තුෂාරි තෙන්නකෝන් මහත්මිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි. නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ඊයේ (11) පස්වරුවේ පැවති මාධ්‍යට සාකච්ඡාවකදී ඇය මේ බව පැවසීය. වාහන ධාවනයට විවෘත කරල ලද ගම්පොළ නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ කටුකිතුල ප්‍රදේශයෙන් යළිත් ප්‍රධාන මාර්ගයට පස් කන්දක් කඩාවැටී ඇති බවත්, පවත්නා කාලගුණය අනුව තවදුරටත් මාර්ගවලට පස්කදු කඩා වැටීමේ අවධානමක් පවතින නිසා එම තීරණය ගත් බවත් දිස්ත්‍රික් ලේකම්වරිය පවසයි. ‘දිට්වා’ සුළි කුණාටුවෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ ආපදාවට පත් සියලු ජනතාවට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුලු පහසුකම් සලසා ඇති බවත්, ආපදාවට පත් සහ ආපදාවට පත් නොවූ ඇතැම් පිරිස් රජය අපහසුතාවට පත් කිරිමේ අරමුණින්…

Read More

දිස්ත්‍රික්ක 4ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 33කට මේ වනවිට නිකුත් කර තිබූ නායයෑම් ඉවත්වීමේ රතු නිවේදන තවදුරටත් දීර්ඝ කළ බව ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය පවසයි. පසුගිය දින කිහිපය තුළ බදුල්ල සහ මහනුවර යන දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි.මී 75 ඉක්මවු වර්ෂාවක් ලැබීම හේතුවෙන් මෙම නායයෑම් රතු නිවේදන තවදුරටත් බලපැවැත්වෙන බව ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානයේ, ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධීර මහතා කියා සිටියේය. ඊයේ (11) දිනය තුළ මීගහකිවුල, දෙමෝදර යන ප්‍රදේශවල නායයෑම් සිදුවීම් වාර්තා වන බැවින් ඒ පිළිබඳව ජනතාව නිරන්තරයෙන් අවධානයෙන් සිටිය යුතු බවද ඒ මහතා අවධාරණය කළේය. යම් ආකාරයක අනතුරුදායක තත්ත්වයක් අදාළ භූමියන්ගේ පවතින බැවින් කාලගුණ අනාවැකි සැලකිල්ලට ගෙන අදියර 2…

Read More