Close Menu
Lanka Focus News
    What's Hot

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 2026

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»හෙළයේ ගීත කෝකිලාවියගේ වියෝව ගැන හිටපු ජනපති මහින්දගෙන් සංවේදී සටහනක්
    Local News

    හෙළයේ ගීත කෝකිලාවියගේ වියෝව ගැන හිටපු ජනපති මහින්දගෙන් සංවේදී සටහනක්

    By LFNDecember 29, 2025No Comments2 Mins Read8 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    හෙළයේ ගීත කෝකිලාවිය, කලාශූරී ලතා වල්පොල මහත්මියගේ අභාවය පිළිබඳ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ශෝකය පළ කර තිබේ.

    හිටපු ජනාධිපතිවරයා සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර ඇත්තේ, ජ්‍යෙෂ්ඨයෝ නික්ම යන බවත් කාලයත් සමඟ එක් යුගයක් අවසන් වෙමින් පවතින බවත්ය.

    හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සම්පූර්ණ ශෝක පණිවුඩය පහතින්,

    – උපුටා ගැනීම –

    “ජ්‍යෙෂ්ඨයෝ නික්ම යති. කාලයත් සමඟ එක් යුගයක් අවසන් වෙමින් පවතී. මාගේ ජීවිතය ගෙවුණේ දේශපාලනය තුළ ය. ඒ නිසාම අප කියන කරන දේ බොහෝ දෙනෙකු දකින්නේ දේශපාලනික කෝණයෙනි. එහෙත් සියල්ල දේශපාලනයම නොවේ. අප තබන සටහන් සාම්ප්‍රදායික දේශපාලනික සටහන් පමණක් ම නොවේ. අපගේ මතකයන්, අත්දැකීම්, හැඟීම් සහ විශේෂයෙන්ම එම චරිත කෙරෙහි ඇති ගෞරවය එම සටහන් අතර සැඟව පවතී. අප කුඩා කළ සිටම දුටු, අප සමඟම උස් මහත් වූ එම දැවැන්ත චරිත කෙරෙහි අපට ඇත්තේ ලෙංගතු බැඳීමකි.

    මා හා සමකාලීන බොහෝ දෙනෙකුට මෙම හැඟීම දැනෙනා බව මාගේ විශ්වාසයයි. කලාශූරී ලතා වල්පොළ මහත්මියගේ ගායනයන් පරම්පරා ගණනක හැඟීම් සමඟ බැඳී පවතී. අප කුඩා කල දුටු කළු සුදු චිත්‍රපට ඇගේ හඬින් වර්ණවත් විය. කළු සුදු තිරයේ ද, වර්ණ තිරයේ ද වෙනසක් නොමැතිව අපි ඇගේ කටහඬ ඇසුවෙමු. දේශාභිමානී ගීත ඇය අභිමානයෙන් ගැයුවාය.

    කිතුනු ගායනා සහ බොදු බැති ගී ඇය සම භක්තියෙන් ගැයවාය. දරු නැළවිලි ගයද්දී මව්වත් ගුණය ඇගේ ගායනයෙන් ද දැනුනි. එකල තරුණ වයසේ සිටි මා ඇතුළු සමකාලීන පරම්පරාව ආදරය, විරහව, තාරුණ්‍යය වැනි විවිධ හැඟීම් ඇය විසින් ගයන ලද ගීත ඇසුරින් විඳි බව, ඇයට ගෞරවයක් ලෙස සටහන් කරමි. එමෙන්ම, අද මෙන් කෙටි පණිවිඩ නොතිබි එම කාල වකවානුව තුළ ඇය විසින් ගායනා කරන ලද ගී පද පේළි තරුණ පරම්පරාව විසින් ලිපි මාර්ගයෙන් තම අදහස් ප්‍රකාශ කිරීම සඳහා ද යොදා ගත් බව මට හොඳින් මතකය. මාලනී ෆොන්සේකා මහත්මිය සහ රවීන්ද්‍ර රන්දෙණිය මහතා රංගනයේ යෙදෙන වසන්තයේ දවසක් චිත්‍රපටයට අයත් “දේදුන්නෙන් එන සමණලුනේ” ගීතය හා ජනක සහ මංජු චිත්‍රපටයේ ඇතුළත් “ලෝකේ ජීවත් වන්නට ලස්සන ඕනෑ වේ” වැනි ගීත ඒ අතර ඉහළින්ම තිබුණි. එම පරම්පරාවන්ට අයත් සගයන්ට තුරුණු බවින් පිරි තම නිර්මාණශීලී කටයුතු තවමත් අමතක නැතැයි සිතමි. එම මතකයන් ඉතා රසවත් මෙන්ම පැහැදිලිය. එම ගීත චිත්‍රපට කෙරෙහි ජනතාව ආකර්ෂණය කරමින් වාණිජමය වශයෙන් සාර්ථක වීමට ද හේතු විය. එම අපූරු මතකයන් සිහිපත් කරමින් සංගීත ක්ෂේත්‍රයේ උන්නතිය උදෙසා ඇය කළ සුවිශේෂී මෙහෙවර වෙනුවෙන් මාගේ ගෞරවය පුද කරමි. යුගයක් නිර්මාණය කරමින් යුග ගණනාවකට මතකය ඉතිරි කළ හෙළයේ ගීත කෝකිලාවිය ලෙස විරුදාවලිය ලද කලාශූරී ලතා වල්පොළ මහත්මියට මොක් සුව ප්‍රාර්ථනා කරමි.

    වැඩිම ගීත ප්‍රමාණයක් ගායනා කරමින් කලාශූරී, දේශමාන්‍ය වැනි රාජ්‍ය සම්මානයන්ගෙන් මෙන්ම දශක ගණනාවක් ජනතා සම්මානයෙන් පිදුම් ලැබූ අමර හඬ ලතාවට මම ගෞරවයෙන් සමු දෙමි.”

    – උපුටා ගැනීම අවසන් –

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 2026

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,418 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,618 Views
    Don't Miss

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 202608 Views

    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන මස 05 වනදා සිට සියලු දිස්ත්‍රික් ආවරණය වන…

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.