Author: LFN

ජාතික ජන බලවේගයට බලය හිමි වූ කොළඹ මහ නගර සභාවේ 2026 මංගල අයවැය ඊයේ (22) පරාජයට පත්වුණි. මෙහිදී අයවැයට විපක්ෂව ඡන්ද 60ක් හිමිවූ අතර අයවැයට පක්ෂව හිමිව තිබුණේ ඡන්ද 57ක් පමණි. සර්වජන බලය මන්ත්‍රීවරු දෙපොළගේ ඡන්දය මෙහි දී තීරණාත්මක සාධකය වූ අතර ඒ අනුව වැඩි ඡන්ද 3කින් ජාතික ජන බලවේගය අයවැය පරාද වුණි. කොළඹ මහ නගර සභාවේ බලය, ජාතික ජන බලවේගයට හිමිවූ අතර එහිදී ඡන්ද 61 ලබාගනිමින් ව්‍රායි කැලි බල්තසාර් මහත්මිය කොළඹ පුරපති ලෙස තේරී පත්වුණි.

Read More

ඉදිරියේ දී රට තුළ කිසිසේත් ආහාර හිඟයක් ඇති වීමට ඉඩ නොතබන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසයි. ඔහු පවසන්නේ ‘දිට්වා’ සුළි කුණාටුවේ බලපෑමෙන් කෘෂිකර්මාන්තයට සිදුවු හානි යළි යථා තත්ත්වයට පත් කිරීම සඳහා ගොවී ජනතාව මෙන්ම නිලධාරීන් ද කටයුතු කරමින් සිටින බවය. “සමහර අය සතුටින් බලාගෙන ඉන්නවා ඉදිරියේදී ආහාර හිඟයක් තියෙනවා. හාල් හිඟයක් තියෙනවා. අපි ඒ අයට ප්‍රකාශ කරන්න කැමතියි කාලකන්නි සතුට ඔබට භුක්ති විඳින්න අපි කිසි ඉඩක් තබන්නේ නැත. හාල් හිඟයක් එන්න විදිහක් නැත. මම යනවා කොබෙයිගනේ ඇතුළේ ගම්මානවලට. එතන හිටියා තුන්සීයක විතර ජනතාවක්. ඒ ජනතාව කෑගහලා කිව්වා ඊයේ හවස තමයි ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවේ කිව්වේ අද අපිට විසි පන්දාහ…

Read More

පුද්ගලික ආරවුලක් දුරදිගයෑමෙන් තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ. ඊයේ (22) දහවල් කාලයේ මෙම සිද්ධිය වාර්තා වී තිබුණේ, මාරවිල පොලිස් වසමේ දුන්කන්නාව ප්‍රදේශයේදීය. එලෙස මියගොස් ඇත්තේ, දුන්කන්නාව ප්‍රදේශයේ පදිංචිව සිටි 38 හැවිරිදි පුද්ගලයෙකි. මරණකරු අසල්වැසියෙකු සමඟ ඇති වූ පුද්ගලික ආරවුලක් දුරදිග ගොස් එම අසල්වැසි පුද්ගලයා විසින් තියුණු ආයුධයකින් පහරදී මෙම ඝාතනය සිදුකර ඇති බවට දැනට සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇති බව පොලීසිය පවසයි. අපරාධය සම්බන්ධයෙන් වයස අවුරුදු 43 ක් වන සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර මාරවිල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

Read More

දිවයිනට පැමිණ සිටින ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවීමට නියමිතව තිබේ. විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේ, අද (23) පෙරවරුවේ මෙම හමුව පැවැත්වෙන බවය. මෙම සංචාරය තුළ දී එස්. ජයිශංකර් මහතා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය සහ විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා ද හමුවීමට නියමිතය. ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් මහතා ඊයේ (22) පස්වරුවේ ඉන්දීය ගුවන් හමුදාවට අයත් විශේෂ යානයකින් මෙරටට පැමිණියේය. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ විශේෂ නියෝජිතයෙකු ලෙස එස්. ජයිශංකර් මහතා මෙම සංචාරය සිදුකරන බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශ සඳහන් කළේය. දිට්වා සුළි කුණාටුවෙන්…

Read More

ප්‍රවීණ රංගධර, කලාසූරී සතිස්චන්ද්‍ර එදිරිසිංහ මහතා අභාවප්‍රාප්ත වී තිබේ. අසනීප තත්ත්වයක් හේතුවෙන් පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිය දී ඒ මහතා මෙලෙස අභාවප්‍රාප්ත වූ බව පවුලේ ඥාතීන් පැවසීය. මියයන විට ඒ මහතා 84 වන වියේ පසුවුණි. ප්‍රවීණ ගායන ශිල්පී සුනිල් එදිරිසිංහ මහතාගේ සහෝදරයා වන සතිස්චන්ද්‍ර එදිරිසිංහ මහතා රංගනයෙන් මෙන්ම අධ්‍යක්ෂණයෙන් ද කලාකෙත පෝෂණය කිරීමට සමත්වූ අසහාය කලාකරුවෙකි. 1941 පෙබරවාරි 10 වනදා කැලණියේ උපත ලැබූ පැටිකිරිගේ සතිස්චන්ද්‍ර එදිරිසිංහ මහතාගේ කලා දිවිය අඩසිය වසරකට එහා ගිය අතීතයකට උරුමකන් කියයි. 1986 වසරේ දී තිරගත වූ ගාමිණී ෆොන්සේකා විසින් අධ්‍යක්ෂණය කළ ‘කෙටි වලිගය’ චිත්‍රපටයේ සතිස්චන්ද්‍රයන් සිංහල තරුණයෙකුගේ චරිතයට තත්ත්පර 90ක කාලයක් රංගනයේ යෙදී සම්මානයට ද…

Read More

ප්‍රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරු තුනකින් තරුණයින් දෙදෙනක් සහ කාන්තාවක් මියගොස් තිබේ. ඊයේ (22) මෙම අනතුරු සිදුව තිබුණේ, මුල්ලේරියාව, අනුරාධපුර සහ ගිරිඋල්ල යන පොලිස් වසම්වලදීය. අවිස්සාවේල්ල – කොළඹ ප්‍රධාන මාර්ගයේ ගල්වාන ප්‍රදේශයේදී අවිස්සාවේල්ල දෙස සිට කොළඹ දෙසට ධාවනය වූ යතුරු පැදියක් මාර්ගය හරහා ගමන්ගත් පදික කාන්තාවකගේ ගැටී අනතුරක් සිදුව ඇත. අනතුරින් තුවාල ලැබු පදික කාන්තාව මුල්ලේරියාව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ. එලෙස මියගොස් ඇත්තේ, මුල්ලේරියාව ප්‍රදේශයේ පදිංචිව සිටි 71 හැවිරිදි කාන්තාවකි. මේ අතර අනුරාධපුර – පුත්තලම මාර්ගයේ පොතානේගම ප්‍රදේශයේදී යතුරු පැදියක් එම දිශාවටම ඉදිරියෙන් ධාවනය වූ මෝටර් රථයකට ඉස්සර කිරීමට යාමේදී එම මෝටර් රථයේ ගැටී පෙරළී ගොස් ප්‍රතිවිරුද්ධ දෙසින්…

Read More

ඌව සහ නැගෙනහිර පළාත්වලත් මාතලේ, නුවරඑළිය, පොළොන්නරුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් අද (23) දිනයේ වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, රත්නපුර , ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවල පස්වරු 2.00න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවය. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී. සබරගමුව සහ මධ්‍යම පළාත්වල සහ කොළඹ, කළුතර, බදුල්ල, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

Read More

2025 ජනවාරි සිට නොවැම්බර් දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවේ අපනයන අංශය 5.8%ක වාර්ෂික වර්ධනයක් වාර්තා කර ඇත. ශ්‍රී ලංකා රේගුවේ දත්තවලට අනුව සහ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය විසින් ඇස්තමේන්තුගත මැණික් හා ස්වර්ණාභරණ සහ ඛණිජ තෙල් නිෂ්පාදන සඳහා වූ අපනයන ආදායමත් එක්ව ඩොලර් මිලියන 15776.36 ක් බව අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරි මංගල විජේසිංහ මහතා සඳහන් කළේය. 2025 නොවැම්බර් මාසයේදී වෙළද භාණ්ඩ සහ සේවා යන අංශයන්හි මුළු අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 1364.52 කි. එය 2024 නොවැම්බර් මාසයට සාපේක්ෂව 5.56% වාර්ෂික වර්ධනයකි. මේ පිළිබදව අදහස් දක්වමින් අපනයන සංවර්ධන මණ්ඩලයේ (EDB) සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරි මංගල විජේසිංහ…

Read More

අස්වැසුම සුබසාධන ප්‍රතිලාභ වැඩසටහනේ පළමු අදියර යටතේ තොරතුරු යථාවත් කිරීම දෙසැම්බර් 31 වනදායින් අවසන් වේ. මේ වනවිට ප්‍රතිලාභ ලබන නොලබන සියලුමදෙනාගේ තොරතුරු ඒ අනුව යාවත්කාලීන කෙරේ.

Read More

ඌව සහ නැගෙනහිර පළාත්වලත් මාතලේ, නුවරඑළිය, පොළොන්නරුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති විය හැකිය. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. සබරගමුව සහ මධ්‍යම පළාත්වල සහ කොළඹ, කළුතර, බදුල්ල, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකිය.

Read More