Author: LFN

ඌව පළාතේ සහ අම්පාර, මඩකළපුව, මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී. මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශවලත් වයඹ පළාතේත් අම්පාර, හම්බන්තොට සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 40ක පමණ තරමක තද සුළං ඇති විය හැකියි. බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බව සඳහන් වේ.

Read More

දිට්වා සුළි කුණාටුවෙන් ඇතිවු විනාශයට මුහුණ දීම සඳහා ශ්‍රී ලංකාවේ බාහිර ණය ගෙවීම් අත්හිටුවන ලෙස ලොව ප්‍රමුඛ පෙළේ ආර්ථික විශ්ලේෂකයින් පිරිසක් ඉල්ලීමක් කර තිබේ. නොබෙල් ත්‍යාග ලාභී ජෝසප් ස්ටිග්ලිට්ස් ඇතුලු ලොව ප්‍රමුඛ ආර්ථීක විශේෂඥයින් 120 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් විසින් මෙම ඉල්ලීම කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. දිට්වා සුළි කුණාටුවෙන් සිදුවු පාරිසරික විනාශයේ පරිමාණය සැලකිල්ලට ගෙන රටේ ආපසු ගෙවීම් කළමනාකරණය කළ හැකි මට්ටමකට යථා තත්ත්වයට පත් කිරීම සඳහා නව ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් සිදුකරන ලෙසද එම කණ්ඩායම ඉල්ලීමක් සිදුකර ඇත. අදාළ ඉල්ලීම සදහා ඉන්දියානු සංවර්ධන ආර්ථික විද්‍යාඥවරියක් වන ජයති ගෝෂ් මෙන්ම තෝමස් පිකට්, හිටපු ආර්ජන්ටිනාවේ ආර්ථික අමාත්‍ය මාටින් ගුස්මාන්, සහ…

Read More

මහවැලි ගඟ ආශ්‍රිතව මනම්පිටිය ගඟේ ජල මට්ටම ඉහළ මට්ටමක පැවතියත් එය ගංවතුර තත්ත්වක් දක්වා වර්ධනය වීමේ ප්‍රවනතාවයක් නොමැති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුවේඅධ්‍යක්ෂ, ජල විද්‍යා හා ආපදා කළමණාකරන ඉංජිනේරු එල්.එස්. සූරියබණ්ඩාර මහතා පැවසුවේ මහවැලි ද්‍රෝණියේ ඇතැම් ජලාශ වාන් දැමීම ආරම්භ කර ඇති බවත්ය. එමෙන්ම අනුරාධපුර දිස්ත්‍රික්කයේ තන්තිරිමලය ජලාශයේ ජල මට්ටම කිසියම් ඉහළ මට්ටමක පැවතියත් අනුරාධපුර දිස්ත්‍රික්කයේ බොහෝ ජලාශවල වාන් දැමීම තත්ත්වයත්, සුළු වර්ෂාපතන තත්ත්වයක් පැවතියත් එම ජලාශයේ ජල මට්ටම් විශාල ලෙස වැඩිවීමක් පෙන්නුම් නොකරන බවය. මේ අතර ගතවූ පැය 24ක කාලය තුළදී ජලාශ ආශ්‍රිතව ලැබුණු වර්ෂාපතනය අනුව වැඩිම වර්ෂාපතනයක් ලැබී ඇත්තේ අම්පාර දිස්ත්‍රික්කයෙන් බවද එය මිලිමීටර් 25ක් ලෙස වාර්තා…

Read More

අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ අලෙවිකරන බව පවසමින් මුදල් වංචා කිරීම සම්බන්ධ සිදුවීම් වාර්තාවීම ඉහළ ගොස් ඇති බව පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසයි. එහි ප්‍රධාන තොරතුරු ආරක්ෂක නිලධාරී නිරෝෂ් ආනන්ද මහතා පැවසුවේ අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ ඇනවුම් කරන්නේ නම් අදාළ ආයතනය පිළිබද නිවැරදි තොරතුරු ලබා ගත යුතු බවය. ආපදාවෙන් පීඩාවට පත් ජනතාවට මුදල් ලබා දීමේදී සිදුවන වංචා සම්බන්ධයෙන් ද පසුගිය දින කිහිපය තුළ පැමිණිලි ලැබුණු බව නිරෝෂ් ආනන්ද මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Read More

ජාතික ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාර මහතා ඇතුළු පිරිසක් විසින් පොලිස් නිලධාරියෙකුට කළ බව කියන පහරදීමක් සම්බන්ධව වාර්තා වන කරුණුවලට අදාළව පොලීසිය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ. එහි සඳහන්ව ඇත්තේ පසුගිය 20 වැනි දින රාත්‍රී 08.40ට පමණ සූරියකන්ද පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි කරනු ලබන පොලිස් කොස්තාපල්වරයෙකු ඔහුගේ රාජකාරි නිම කර නිවසට යමින් සිටියදී කළුගල පන්සල අසලදී අදාළ මන්ත්‍රීවරයා ඇතුළු පිරිසක් තමාට පහරදී යතුරුපැදිය පැහැරගෙන ගිය බවට 119 මධ්‍යස්ථානය මගින් කොළොන්න පොලිස් ස්ථානය වෙත පැමිණිල්ලක් ලැබුණු බවය. එදින රාත්‍රී 10.10ට පමණ ජාතික ජනබලවේග රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාර මහතා විසින් ද කළුගල සිට හල්වින්න දෙසට කැබ් රථයෙන් ගමන් කරමින් සිටියදී…

Read More

එළඹෙන උත්සව සමය තුළ මහජන ආරක්‍ෂාව සහ සාමය තහවුරු කරමින්, එය සාමකාමීව සැමරීමට අවශ්‍ය පසුබිම සකස් කිරීම සඳහා යුද හමුදා මූලස්ථානය කේන්ද්‍ර කරගනිමින් “මෙහෙයුම් මැදිරියක්” ස්ථාපිත කිරීමට ආරක්‍ෂක ලේකම්වරයා උපදෙස් ලබාදී තිබේ. උත්සව සමය නිමාවන තෙක් අඛණ්ඩව ක්‍රියාත්මක වන මෙම මෙහෙයුම් මැදිරිය, ත්‍රිවිධ හමුදාව සහ ශ්‍රී ලංකා පොලිසිය අතර සමීප සහයෝගීතාවක් සහතික කරන ප්‍රධාන සම්බන්ධීකරණ කේන්ද්‍රස්ථානය ලෙස කටයුතු කරනු ඇත. මෙම ඒකාබද්ධ සම්බන්ධීකරණ යාන්ත්‍රණයේ මූලික අභිප්‍රාය වන්නේ, උත්සව සමය තුළ මතු විය හැකි ඕනෑම ආරක්‍ෂක අභියෝගයකදී හෝ හදිසි තත්ත්වයකදී කඩිනම්, විධිමත් සහ ප්‍රශස්ත ප්‍රතිචාර දැක්වීම සහතික කිරීමය. යාවත්කාලීන වන තොරතුරු හුවමාරුව ශක්තිමත් කිරීම, කාලෝචිත තීරණ ගැනීම සහ සියලුම ආරක්‍ෂක අංශවල…

Read More

රටක් ලෙස ඉදිරියට යා හැක්කේ එකිනෙකාට එරෙහිව සැකයෙන් සහ අවිශ්වාසයෙන් බැලීමෙන් නොව, කිසිදු අභියෝගයක් හමුවේ නොසැළි, තිර අදිටනින් සහ එකම අරමුණකින් යුතුව සියලුදෙනා තමන් වෙත පැවරී ඇති වගකීම් ඉටු කිරීමෙන් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. ජනාධිපතිවරයා සහ ආණ්ඩුව ලෙස පැවරී ඇති වගකීමත්, ආගමික සංස්ථාවන් ලෙස පැවරී ඇති වගකීමත්, ජනතාව ලෙස සහ ආරක්ෂක හමුදාවන් ලෙස පැවරී ඇති වගකීමත් නිසි පරිදි ඉටු කිරීමෙන් ඉතා ඉක්මනින් ඉතිහාසයේ අප සතු වූ අභිමානය සහ ගෞරවයේ උරුමය සහිත මාතෘ භූමිය යළි නිර්මාණය කරගත හැකි බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ඒ වෙනුවෙන් එක්ව වැඩ කරමු’යිද සියලුදෙනාට ආරාධනා කළේය. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන්…

Read More

නීති විරෝධී මත්පැන් පැකට් කර දුර ගමන් සේවා බස් රථ සේවකයින් සඳහා අලෙවි කිරීමේ ජාවාරමක නිරත වූ ගැබිණි කාන්තාවක් වෙන්නප්පුව පොලීස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වෙන්නප්පුව, වයික්කාල ප්‍රදේශයේ පදිංචිව සිටින අවුරුදු 19ක කාන්තාවක් වන අතර සැකකාරිය ඊයේ (20) දිනයේදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය වැටලීම සිදු කරන අවස්ථාවේදී සැකකාරිය සිය සැමියා සමඟ මත්පැන් පැකට් කරමින් සිට ඇති අතර ඇය සතුව තිබී කසිප්පු බෝතල් 96ක් ද පොලිස් බාරයට ගෙන ඇත. ගැබිනි කාන්තාවක් දුර ගමන් සේවා බස් රථ සේවකයින්ට මත්පැන් පැකට් අලෙවි කරන බවට පොලිස් බුද්ධි අංශයට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කර තිබේ. අත්අඩංගුවට…

Read More

මෙම දිනවලදී වායුවේ ගුණාත්මකභාවය පහළයාමක් නිරීක්ෂණය වී ඇති බවත් විශේෂයෙන් උතුර, උතුරු මැද, වයඹ සහ බස්නාහිර යන පළාත්වල වායු තත්ත්ව දර්ශක අගය ඉහළ ගොස් ඇති බවත් මධ්‍යම පරිසර අධිකාරි‍යේ මාධ්‍ය ප්‍රකාශක ආචාර්ය අජිත් ගුණවර්ධන මහතා පවසයි. රටෙහි වායුවේ ගුණාත්මකභාවය පහළයාමක් ඊයේ සහ අද දිනයේ නිරීක්ෂණය වූ බවත් වායු තත්ත්ව දර්ශක මේ වන විට 150ත් 200ත් අතර අගයක පවතින බවත් ඒ මහතා මෙහිදී සඳහන් කර සිටියේය. වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පැවසුවේ අන්තර් දේශසීමා අතර සිදුවන වායු සංසරණය සහ ඊසාන දිග මෝසම සක්‍රිය වීමත් සමගම මේ තත්ත්වය ඇති වන බවය. මෙම තත්ත්වය පසුගිය අවුරුදු කිහිපය පුරාවටම මෙම කාලසීමාව තුළ නිරීක්ෂණය වූ බවත්…

Read More

විදේශීය දුම්වැටි තොගයක් නීති විරෝධීව මෙරටට රැගෙන විත් එම දුම්වැටි කටුනායක ගුවන් තොටුපොළින් පිටකරගෙන යමින් සිටි ශ්‍රී ලාංකිකයෙකු අද (21) අලුයම ගුවන්තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අවිස්සාවේල්ල, ඇපලපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටින 21 හැවිරිදි ව්‍යාපාරිකයෙකි. සැකකරු විසින් රැගෙන ආ ගමන් මල්ලක සහ පෙට්ටි 03ක් තුළ විදේශීය නිශ්පාදිත ප්ලැට්නම් වර්ගයේ දුම්වැටි 42,000ක් අඩංගු දුම්වැටි කාටුන් 210ක් සඟවා මෙලෙස රැගෙන විත් තිබුණි. එම දුම්වැටි තොගය ගුවන් තොටුපොළ නිලධාරීන් භාරයට ගෙන ඇති අතර දුම්වැටි තොගයේ වටිනාකම රුපියල් හැට තුන් ලක්ෂයකට ආසන්න බවත් නිලධාරීන් සඳහන් කළේය. සැකකරු මේ වන විට ඇප මත මුදා හැර ඇති අතර…

Read More