Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026

    ඩො.මි 2.5 අස්ථානගතවීමේ සිද්ධියේ වාර්තාව ඉදිරි සතියේදී පාර්ලිමේන්තුවට

    June 30, 2026

    බස් රියදුරුට ඇති වූ හදිසි හෘදයාබාධයෙන් වැල්ලම්පිටියේ බිහිසුණු අනතුරක්

    June 24, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ජනපතිගේ නත්තල් දින සුබපැතුම
    Featured

    ජනපතිගේ නත්තල් දින සුබපැතුම

    By LFNDecember 25, 2025No Comments1 Min Read122 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මෙවර නත්තල ශ්‍රී ලංකාවාසීන් සමරනු ලබන්නේ ජාතියක් ලෙස ඉතා වේදනාකාරී ස්වභාවික ව්‍යසනයකට මුහුණදීමෙන් පසු අධිෂ්ඨානයෙන් යළි ගොඩනැගෙමින් සිටින තීරණාත්මක අවස්ථාවක බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

    සිය නත්තල් පණිවුඩය නිකුත් කරමින් ජනාධිපතිවරයා සඳහන් කළේ, ප්‍රේමය, සාමය, සතුට, බෙදාගැනීම සහ පරිත්‍යාගය නත්තලේ සැබෑ අරුත වන අතර පීඩාවට පත්වූවන්ට සහෝදර හැඟීමෙන් පිහිටවීම මෙන්ම සමස්ත මනුෂ්‍ය වර්ගයාගේ විමුක්තිය උදෙසා කැපවීම ඒ අතර ප්‍රමුඛ වන බවය.

    කිතුණු දහමේ මෙන්ම සියලු ආගම්වල ඉගැන්විම් වන අසල්වැසියා විපතට පත් වූ අවස්ථාවේදී අත්නොහැර සහෝදරත්වයෙන් වැළඳගැනීමේ උතුම් මනුසත් ගුණාංගය සහ නොසැලෙන අධිෂ්ඨානය පසුගිය ව්‍යසනය හමුවේ මෙරට ජනතාව යළි යළිත් පසක් කර ඇති බව ජනාධිපතිවරයා නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ය.

    මේ අතර නත්තල් උදාව වෙනුවෙන් සුබපැතුම් පණිවුඩයක් නිකුත් කර කරමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය සඳහන් කළේ, වඩා යහපත් හෙට දවසක් සඳහා එකමුතුව, ආදරයෙන්, සහකම්පනයෙන් වගකීම් සහතිව කටයුතු කිරීමට සියලුදෙනා අධිෂ්ඨාන කර ගත යුතු බවය.

    රට යථා තත්ත්වයට පත් කරගැනීම සඳහා සියලු ජනකොටස් ඒකායන පරමාර්ථයකින් සහ සාමුහික වගකීමකින් දේශයේ අනාගතය වෙනුවෙන් එකමුතු විය යුතු අවස්ථාවකට එළඹ ඇති බව ඇය සිය නිවේදනය මඟින් පෙන්වා දී තිබේ.

    සැබෑ වෙනසක් බලාපොරොත්තු වූ ලක්ෂ සංඛ්‍යාත ජනතාවගේ අපේක්ෂාවෙන් කිසිදු අයුරකින් කඩවීමට ඉඩ නොතබා ඔවුන් අපේක්ෂා කරන “අලුත් රටක්” ගොඩනැගිමේ ඒකායන අරමුණ වෙනුවෙන් නිරතුරුව වෙහෙසෙන බව ද අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    බස් ධාවනය ගැන අවසන් තීරණය අද – සංගම් සියල්ල රැස්වෙයි

    June 2, 2026

    ඉදිරියේ දී QR ක්‍රමවේදය තදින් ක්‍රියාත්මක කරන්න පියවර ගන්නවා – බලශක්ති ඇමති

    June 1, 2026

    ඇමති සමන්ත විද්‍යාරත්නගෙන් ප්‍රකාශයක්

    June 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,450 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,405 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,610 Views
    Don't Miss

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 202605 Views

    කොම්පඤ්ඤවීදිය පොලිස් වසමේ විතානගේ පාර ප්‍රදේශයේදී කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරින් කණ්ඩායමක් විසින්…

    ඩො.මි 2.5 අස්ථානගතවීමේ සිද්ධියේ වාර්තාව ඉදිරි සතියේදී පාර්ලිමේන්තුවට

    June 30, 2026

    බස් රියදුරුට ඇති වූ හදිසි හෘදයාබාධයෙන් වැල්ලම්පිටියේ බිහිසුණු අනතුරක්

    June 24, 2026

    කඩවත බස් නැවතුම්පොළ අසල මාරක අනතුරක්

    June 24, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.