Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LFN
ගාල්ල ප්‍රදේශයට අද (06) ඇදහැලුණු වර්ෂාපතනය හේතුවෙන් එම නගරයේ මාර්ග කිහිපයක් ජලයෙන් යටවී ඇති බව වාර්තා වෙයි. අප වාර්තාකරු පවසා සිටියේ, ගාල්ල – වක්වැල්ල මාර්ගය ගාල්ල පොලිස් ස්ථානය අසලින් ජලයෙන් යටවී ඇති බවය. මේ අතර ගාල්ල පොලීසිය පවසන්නේ, ගාල්ල – වක්වැල්ල මාර්ගයේ ගමනා ගමනයටද බාධා එල්ල වී ඇති බවය. ගාල්ල ප්‍රදේශයට තවමත් වාර්ෂාව ලැබෙමින් පවතින බව වාර්තාවේ.
දිවයින පුරා සිදුකරන අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ විශේෂ මෙහෙයුම යටතේ විවිධ අපරාධ වලට සෘජුවම සම්බන්ධ වූ තවත් පුද්ගලයින් 27 දෙනෙකු හඳුනාගත් බව පොලීසිය පවසයි. මෙම අත්අඩංගුවට ගැනීම් ඊයේ (05) දිනයේ දී සිදුකර ඇති අතර එහිදී පුද්ගලයින් 28,636දෙනෙකු පරීක්ෂාවට ලක්කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේය. විවිධ සිද්ධීන්වලට සැකපිට පුද්ගලයින් 548 දෙනෙකු සහ වරෙන්තුකරුවන් 142දෙනෙකු එහිදී අත්අඩංගුවට ගෙන ඇත. ඊට අමතරව බීමත්ව රිය ධාවනය සම්බන්ධයෙන් පුද්ගලයින් 421දෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පැවසීය. එමෙන්ම අපරික්ෂාකාරි රිය පැදවීම් වලට අත්අඩංගුවට ගැනීම් 41ක් සිදු කර ඇති අතර රථවාහන වෙනත් වැරදී 4585ක් වාර්තා වී ඇති බව පොලීසිය පවසයි.
අනුරාධපුර, ගලෙන්බිදුණුවැව ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් නිවසක් ගිනිතැබීමෙන් සිදුවු අනතුරකින් බරපතළ තුවාල ලබා රෝහල්ගත කර සිටි කාන්තාව ජීවිතක්ෂයට පත්ව තිබේ. පවුල් ආරවුලක් හේතුවෙන් පුද්ගලයෙකු අද (06) අලුයම 2ට පමණ පෙට්‍රල් දමා සිය නිවසට ගිනි තබා තිබූ අතර, ගින්නට හසුවී 43 හැවිරිදි ගිනි තැබීම සිදුකළ පුද්ගලයා සහ ඔහුගේ 13 හැවිරිදි දියණිය එම ස්ථානයේ දීම මියගොස් තිබුණි. ගිනිගැනීමෙන් සිදුවූ අනතුරුවලින් මියගිය පුද්ගලයාගේ බිරිඳ, දරුවන් දෙදෙනෙකු සහ නැන්දණිය තුවාල ලබා රෝහල්ගත කර සිටිය දී 36 හැවිරිදි බිරිඳ මෙලෙස මීට සුළු වේලාවකට පෙර ජීවිතයෙන් සමුගත් බව ගලෙන්බිඳුණුවැව පොලීසිය පවසයි. ගලෙන්බිදුණුවැව පොලිස් වසමේ, නුවරගම් කොළනිය, පඩිකාරමඩුව ප්‍රදේශයේ නිවසක මෙම ඛේදවාචකය සිදුව තිබූ අතර ගින්නට හසුවු 15…
පසුගිය මහ මැතිවරණ සමයේ මැතිවරණ නීති උල්ලංඝනය කළේ යැයි පැවසෙන සිද්ධියක් සම්බන්ධයෙන් බදුල්ල මහෙස්ත්‍රාත් අධිකරණයේ පවතින නඩු කටයුත්තක් සඳහා අද (06) උදෑසන හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අධිකරණය හමුවේ පෙනී සිටියේය. එහිදි නඩුව කැඳවු බදුල්ල මහෙස්ත්‍රාත් උදිත් ගුණතිලක මහතා විසින් එම නඩුව මැයි මස 5 වනදා නැවත කැඳවන ලෙස නියෝග කළේය. මහ මැතිවරණයේ ප්‍රචාරක කටයුතු අවසන් කිරීමට තිබු දින දහවල් බදුල්ල නගරයේ දී මැතිවරණ නීති උල්ලංඝනය වන ආකාරයෙන් පෙළපාලියකින් ගමන් කිරීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට, පසුගිය වසරේ නොවැම්බර් මස 20 වන දින බදුල්ල මූලස්ථාන පොලීසිය වෙත පැමිණි අවස්ථාවේ දී අත්අඩංගුවට ගනු ලැබූ හරීන් ප්‍රනාන්දු මහතාව එදින බදුල්ල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත්…
වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මදුරෝව අමෙරිකාව විසින් යටත්කර ගැනීමත් සමඟ ලෝක රන් මිල තවදුරටත් ඉහළ ගොස් තිබේ. ඒ අනුව අද (06) උදෑසන ආසියානු වෙළෙඳපොළේ රන් අවුන්සයක් ඩොලර් 4,461ක් ලෙස දැක්වුණි. මේ අතර ලෝක රන් මිලට සාපේක්ෂව මෙරට රන් මිල ද රු 3,000කින් ඉහළ ගොස් ඇතැයි වෙළෙඳපොළ දත්ත පෙන්නුම් කරයි. ඒ අනුව අද පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි “කැරට් 22” රන් පවුමක මිල රු. 337,600ක් දක්වා ඉහළ ගොස් තිබේ. ජනවාරි මස 1 වනදා එය දැක්වුණේ රු. 327,500ක් ලෙසය. මේ අතර ජනවාරි මස 1 වනදා රු. 354,000ක් ලෙස පැවති “කැරට් 24” රන් පවුමක මිල අද වනවිට රු. 365,000ක් දක්වා ඉහළ ගොස් ඇති බව…
ක්ෂුද්‍ර මූල්‍ය ණය සම්බන්ධයෙන් පවතින ගැටලු නිරාකරණය කිරීම සඳහා පාර්ලිමේන්තුවට නව පනත් කෙටුම්පතක් ඉදිරිපත් කර ඇති බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුනාරච්චි මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ ක්ෂුද්‍ර මූල්‍ය ණය ලබාගත් කාන්තාවන් 200 දෙනෙකු පමණ මේ වන විට සිය දිවි නසාගැනීමට පෙළඹී ඇති බවය. කොළඹ පැවති වැඩසටහනකට එක්වෙමින් ලක්ෂ්මන් නිපුනාරච්චි මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළාය. මේ අතර කොළඹ කොටස් වෙළෙඳපොළ නම සහ ලාංඡනය අනිසි ලෙස භාවිතා කරමින් රුපියල් මිලියන ගනණක මුදලක් තැන්පත්කරුවන්ට වංචා කර ඇති බව වාර්තා වේ. කොළඹ කොටස් වෙළෙඳපොළේ ජ්‍යෙෂ්ඨ උප සභාපති නිරෝෂන් විජේසුන්දර මහතා සඳහන් කළේ ව්‍යාජ ජංගම යෙදුමක් හරහා මෙම වංචාව සිදුකර ඇති බවය.…
එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නවීන් දිසානායක මහතා එම පක්ෂයේ උප සභාපතිවරයා ලෙස පත් කර තිබේ. එක්සත් ජාතික පක්ෂයේ 2026 වර්ෂය සඳහා පක්ෂ ව්‍යවස්ථාවේ 8.1.1(c) වගන්තිය ප්‍රකාරව නවීන් දිසානායක මහතාව මෙලෙස උප සභාපතිවරයා ලෙස පත් කර ඇති බව නිල වශයෙන් දැනුම් දී ඇති බව වාර්තා වෙයි. ඒ අනුව, 2026 ජනවාරි 3 වන දින සිට නවීන් දිසානායක මහතා උප සභාපති ලෙස නම් කිරීම සඳහා පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් නිර්දේශ කර ඇති බවද සඳහන්ය. එමෙන්ම, පක්ෂ ව්‍යවස්ථාවේ 7.1 (a) වගන්තිය අනුව දිසානායක මහතා එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සාමාජිකයෙකු ලෙසද කටයුතු කිරීමට නියමිතය.
සිපෙට්කෝ ඉන්ධන සිල්ලර මිල ගණන් ජනවාරි මාසයට අදාළව සංශෝධනය කර තිබේ. ඒ අනුව ඊයේ (05) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ඉන්ධන මිල ගණන් වෙනස් වේ. මිල සංශෝධනය අනුව ලංකා සුදු ඩීසල් ලීටරයක් රුපියල් 2කින්, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 5කින්, ලංකා සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 5කින් සහ ලංකා භූමිතෙල් ලීටරයක් රුපියල් 2කින් ඉහළ ගොස් තිබේ. ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල නොවෙනස්ව පවතී. ඉන්ධන මිල වෙනස් වූ හැටි පහතින්, ලංකා IOC සමාගම ද ඛනිජ තෙල් සංස්ථාවේ ඉන්ධන මිල ගණන්වලට සමගාමීව සිය ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබේ.
වෙනිසියුලාවේ රට තුළ මෑතකදී උද්ගතව ඇති තත්ත්වය පිළිබඳව ශ්‍රී ලංකා රජය දැඩි අවධානයෙන් පසුවන බවත්, එම සිදුවීම් සමීපව නිරීක්ෂණය කරමින් සිටින බවත් ශ්‍රී ලංකා රජය පවසයි. විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය විසින් නිවේදයක් නිකුත් කරමින් ඒ බව සඳහන් කර ඇත. එමෙන්ම බලය යෙදවීම තහනම් කිරීම, මැදිහත් නොවීම, ජාත්‍යන්තර ආරවුල් සාමකාමීව විසඳාගැනීම සහ රාජ්‍යයන්ගේ ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව වැනි ජාත්‍යන්තර නීතියේ මූලධර්ම සහ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියට ගරු කිරීමේ අවශ්‍යතාවය ශ්‍රී ලංකාව අවධාරණය කරයි. වෙනිසියුලානු ජනතාවගේ ආරක්ෂාව සහ යහපැවැත්ම සහ කලාපයේ ස්ථාවරත්වය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව විශාල වැදගත්කමක් ලබා දෙන අතර, තත්ත්වය උත්සන්න වීම අවම කිරීම සහ සංවාදය තුළින් සාමකාමී විසඳුමකට…
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් මධ්‍යම පළාතේ දිස්ත්‍රික්ක තුන සඳහා නායයෑම් පූර්ව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ. එම පූර්ව අනතුරු ඇඟවීම අද රාත්‍රී 10 සිට හෙට (06) රාත්‍රී 10 දක්වා වූ ඉදිරි පැය 24 සඳහා වලංගු වේ. ඒ අනුව පහත ස්ථානයන් වෙත විමසිලිමත් වීමේ නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ. මහනුවර දිස්ත්‍රික්කය: – උඩුදුම්බර මාතලේ දිස්ත්‍රික්කය: – විල්ගමුව නුවරඑළිය දිස්ත්‍රික්කය: – වලපනේ