Close Menu
Lanka Focus News
    What's Hot

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»දෙහිවල හෝටල් හිමිකරු ඝාතනය අපරාධ කල්ලි දෙපිරිසක ගැටුමක්?
    Featured

    දෙහිවල හෝටල් හිමිකරු ඝාතනය අපරාධ කල්ලි දෙපිරිසක ගැටුමක්?

    By LFNJanuary 10, 2026No Comments2 Mins Read121 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    දෙහිවල මුහුදු මාවත ප්‍රදේශයේ පිහිටි හෝටලයක හිමිකරුවකු ඝාතනය කිරීම, අපරාධ කල්ලි සාමාජිකයින් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමක ප්‍රතිඵලයක් බව සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

    ඊයේ (09) රාත්‍රී 9.10ට පමණ දෙහිවල ප්‍රදේශයේ හෝටල් හිමිකරුවකුට නාඳුන තුවක්කරුවන් දෙදෙනෙකු විසින් සිදුකළ වෙඩි ප්‍රහාරයකින් බරපතළ තුවාල ලබා තිබූ අතර, දකුණු කොළඹ ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඔහු ජීවිතක්ෂයට පත්ව ඇත.

    ඝාතනයට ලක්වූ පුද්ගලයා දෙහිවල ප්‍රදේශයේම පදිංචි 55 හැවිරිදි ඒ.ඩී. සනත් බාලසූරි ආරච්චි නමැති, “සනා මාමා” ලෙස හඳුන්වන පුද්ගලයෙකු බව පොලීසිය සඳහන් කළේය.

    සිද්ධිය සිදුවන අවස්ථාවේ හෝටලය තුළ මත්පැන් පානය කරමින් සිටි පුද්ගලයින් අතරින් එක් අයෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවට විමර්ශනවලදී තොරතුරු අනාවරණය වී ඇත.

    වෙඩි ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ හෝටල් හිමිකරු දකුණු කොළඹ ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව තිබේ.

    ඝාතනයට ලක්වූ පුද්ගලයා අපරාධ කල්ලි සාමාජිකයෙකු මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස සැලකෙන “චූවා සමන්ත” නමැත්තාගේ සමීපතමයෙකු බවද තොරතුරු හෙළි වී ඇත.

    තවත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන “බඩෝවිට අසංක” සහ “චූවා සමන්ත” අතර දිගු කාලයක් තිස්සේ මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් විරසකයක් පැවති බව පොලීසිය සඳහන් කළේය.

    ඒ අනුව, බඩෝවිට අසංකගේ පාර්ශවය විසින් මෙම ඝාතනය සිදුකරන්නට ඇති බවට පොලීසිය සැක පළ කරයි.

    කෙසේ වෙතත්, ඝාතනයට ලක්වූ ඒ.ඩී. සනත් හෙවත් “සනා මාමා” නමැත්තාට මෙයට පෙර කිසිදු ජීවිත තර්ජනයක් ලැබී නොතිබූ බවද පොලීසිය සඳහන් කළේය.

    සිද්ධිය සම්බන්ධයෙන් දෙහිවල පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරමින් පවතී.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,478 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,428 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,628 Views
    Don't Miss

    අදත් හවසට තද වැසි

    October 15, 202600 Views

    දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප. ව. 1.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.…

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක මාරක අනතුරු

    October 11, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.