Close Menu
Lanka Focus News
    What's Hot

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 2026

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»2026 අයවැය ලේඛණයෙන් තවත් නිවාස 31,000ක් – ජනපති
    Featured

    2026 අයවැය ලේඛණයෙන් තවත් නිවාස 31,000ක් – ජනපති

    By LFNJanuary 9, 2026No Comments3 Mins Read123 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    දිට්වා සුළි කුණාටුවත් සමග ආපදාවට ලක්ව හානි වූ නිවාස නැවත ඉදිකිරීම් කටයුතු සිදු කිරීමේදී නිවාස 20,000 – 25,000ක් අතර ප්‍රමාණයක් ඉදි කිරීමට සිදුව ඇතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

    ජනාධිපතිවරයා මේ බව පැවසුවේ අද (09) පෙරවරුවේ දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් පූර්ණ ලෙස හානි වූ නිවාස වෙනුවෙන් නව නිවාස ඉදිකිරීම හා නිවසක් ඉදි කරගැනීමට රුපියල් ලක්ෂ 50ක් ලබාදීමේ සමාරම්භක වැඩසටහනට එක්වෙමිනි.

    මෙම වැඩසටහන අද පෙරවරුවේ ජනාධිපතිවරායාගේ ප්‍රධානත්වයෙන් ගල්නෑව හඳුන්ගම අලුබැද්ද මංසන්දියේදී පැවැත්වුණි.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා,

    “දැනට වාර්තා වෙලා තියෙනවා නිවාස 6,000ක් විතර සම්පූර්ණයෙන් හානි වෙලා. ඒ වගේම හානි නොවුනත් බාගෙට හානි වෙලා සහ හානි නොවුනත් ඒ ප්‍රදේශවලට යන්න සුදුසු නෑ කියලා තවත් 17,000- 18,000ක් විතර වාර්තා වෙනවා. තාමත් ඒක අවසන් වාර්තාවක් හදලා නෑ. ඒ නිසා අපිට ආසන්න වශයෙන් ගත්තොත් ගෙවල් 20,000- 25,000ක් විතර හදන්න සිදුවෙලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි 2026 අයවැය ලේඛණයෙන් තවත් ගෙවල් 31,000ක් විතර හදන්න දාලා තියෙන්නේ සල්ලි. අපේ එක නිවසක් කියන නිවාස ව්‍යාපෘතියේ ඒකේ අපි ගෙවල් 10,000ක් හදනවා ගමක අසරණ කෙනෙක් තෝරලා ගමේ අයගෙත් උදව් ඇතිව අපි දැනට සැලසුම් හදලා තියෙනවා. එහෙම ගත්තාම නිවාස අධිකාරියෙන් විතරක් නිවාස 10,000ක් විතර හදන්න සැලසුම් කරලා තියෙනවා. 2009 යුද්ධය ඉවර වුණාට තාම යුද්ධයෙන් අවතැන් කඳවුරුවල ජීවත් වෙන අය ඉන්නවා. අපි එතනත් අය තෝරගෙන ගෙවල් 2,500ක් හදන්න ලක්ෂ 20 ගානේ දෙන්න වෙන් කරලා තියෙනවා. ඒ වගේම වතුකරයේ ජීවත්වෙන කඳුකර ප්‍රජාව ඒ අයට ගෙවල් හදන්න ඉන්දියානු ආධාර ඇතිව ආණ්ඩුවත් මැදිහත් වෙලා යෝජනා කරලා තියෙනවා. එහෙම ගෙවල් 31,000ක් විතර හදන්න සැලසුම් කරලා තියෙන වෙලාවක තමයි අපිට මේ ව්‍යවසනය තවත් ගෙවල් 20,000-25,000ක් විතර හදන්න සිද්ධ වෙලා තියෙන්නේ.

    අපි මේකෙදි බැලුවා ගෙයක් කැඩිලා තියෙනවා. හැබැයි ගෙයක් මුළුමනින්ම අහිමි වුණ කෙනාට ඒ තිබ්බා වගේ ගෙයක්ද අපි හදලා දෙන්න ඕනේ. අපි කල්පනා කළේ හිටියාට වඩා හොඳ ජීවිතයක් හදලා දෙන්න ඕනේ. ඒ නිසා අපි තීරණයක් ගත්තා ලක්ෂ 50ක් දෙන්නවා ඒ ගේ හදාගන්න. ඊට පස්සේ තව තියෙනවා අපි දෙනවා ලක්ෂ 20ක් දෙනවා ගේ හදාගන්න ඒ 20ට ගේ හැදුවාම ඉතුරු ටික හදාගන්න ඉතුරු 15 දෙනවා අයෙත් ඉතුරු ටික හදාගන්න ඉතුරු 15 දෙනවා. ඉක්මනින් නිවාස ටික හදාගන්න සල්ලිවල ප්‍රමාදයක් නෑ. ඉතිං මාස 2-3ක් ඇතුළත ඉක්මනින් මේ නිවාස ටික හදලා ඉවර කරන්න ඕනේ අපි අවශ්‍යවන සල්ලි ලබා දෙන්නම්.

    ඊට පස්සේ අපි බැලුවා අර්ධ වශයෙන් හානි වෙලා තියෙන නිවාස. මුළුමනින්ම විනාශ වෙලා නැතත් ගෙදරට යම් හානියක් වෙලා තියෙනවා. අපි තීරණය කරලා තියෙනවා ඒ හානියක් වෙලා තියෙන හැම එකකටම ලක්ෂ 5ක දීමනාවක් දෙනවා… අපි හිටපු විදිහටම මැරෙන්න ඕනේ නෑනේ.. ඊට වඩා අපි උඩට එන්න කල්පනා කරන්න ඕනේ. අපි අද ලක්ෂ 50 දීමනාව 26 දෙනෙකුට ලබා දෙනවා.. ඉතුරු ටිකත් අපි ඉක්මනින් දෙනවා දීලා අපිට ඕනේ මේ වැඩ ටික ඉක්මනින් මේ වැඩ ටික කරගන්න. අපි දන්නවා අපිට මූලික අයිතිවාසිකම් කීපයක් තියෙනවා එකක් හොඳ ආදායම් මාර්ගයක් අපිට ඕනේ, දෙක අපේ දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ඕනේ. තුන, නිරෝගී සම්පන්න ජීවිතයක් ඕනේ. හතර, හොඳ නිවහනක් ඕනේ පහ, මානසික සුවයක් ඕනේ අඩුම තරමේ මේ කරුණු 5වත් ඉටු වෙන්නේ නැත්නම් අපි මිනිස්සු නෙමේ.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 2026

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,417 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,618 Views
    Don't Miss

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 202608 Views

    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන මස 05 වනදා සිට සියලු දිස්ත්‍රික් ආවරණය වන…

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.