Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LFN
ආපදා තත්ත්වයකදී භාවිතා කිරීම සඳහා අමෙරිකාව විසින් ශ්‍රී ලංකාවට හෙලිකොප්ටර් යානා 10ක් ප්‍රධානය කිරීමට තීරණය කර තිබේ. ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති ජූලි චන්ග් මහත්මිය සිය ‘X’ ගිණුමේ සටහනක් තබමින් මේ බව තහවුරු කර ඇත. ‘දිට්වා’ සුළි කුණාටුව වැනි ස්වාභාවික ආපදාවලදී පුද්ගල සෙවීම් සහ ගලවාගැනීමේ මෙහෙයුම් සඳහා මෙම හෙලිකොප්ටර් යානා භාවිතා කළ හැකි බව ඇය පවසයි. ඒ අනුව මෙම යානා වසරේ මුල් භාගයේදී ශ්‍රී ලංකාවට ලැබෙනු ඇති බවත්, ඒවා ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ලබාදීමට නියමිත බවත් සිය ‘X’ ගිණුමේ දක්වා ඇත.
ශ්‍රේණිවල මොඩියුල සඳහා වෙබ් අඩවි ඇතුළත් නොකරන්නැයි උපදෙස් ලබා දී තිබියදී එවැන්නක් සිදුවීම ගැන විමර්ශනයක් සිදුකරන බව අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පවසයි. එමෙන්ම එහිදී අග්‍රාමාත්‍යවරිය සඳහන් කළේ ඉදිරියේ දී පෙළපොත් මුද්‍රණය කිරීමේ වගකීම අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවට ලබා දෙන බවය. 6 ශ්‍රේණිය ඉංග්‍රීසි මොඩියුලයේ මතුවු ගැටලුකාරී තත්වය පිළිබද කරුණු පැහැදිලි කිරීම සදහා අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්ය වරකාගොඩ ශ්‍රී ඥාණරතන මහා නාහිමි ඇතුලු මහා සංඝරත්නය බැහැදුටු අවස්ථාවේ අග්‍රාමාත්‍යවරිය මේ බව කියා සිටියාය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය ”පැහැදිලියි හාමුදුරුවනේ වැරැද්දක් වෙලා. ඒක අපිට නැහැ කියන්න බැහැ කිසිසේත්ම. දැන් ඔව් ක්‍රියාවලියේ දුර්වලතාවයක් තියෙනවා. එහෙම නැත්නම් මෙතන…
සේවක අර්ථසාධක අරමුදල සහ සේවක භාරකාර අරමුදල වෙනුවට විශ්‍රාම වැටුපක් ගෙවීමට රජය සූදානම් බවට පළවන වාර්තා අසත්‍ය බව කම්කරු අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා පවසයි. අද (09) මාධ්‍ය වෙත ප්‍රකාශයක් නිකුත් කරමින් ඔහු පැවසුවේ ආණ්ඩුව එවැනි තීන්දුවක් ගෙන නොමැති බවය. මෙම මුදල් මහජනතාවගේ මුදල්වන බවත්, ඔවුන්ට විශ්‍රාම ගිය පසු කිසිදු බාධාවකින් තොරව එම මුදල් ලබා ගත හැකි බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය. එමෙන්ම මෙම මුදලින් 30%ක පමණ ප්‍රමාණයක් හදිසි අවශ්‍යතාවයන් සඳහා ලබා ගැනීමේ හැකියාව පවතින බවද මෙහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේය. එහිදී ඔහු සඳහන් කළේ සිය ආණ්ඩුව කිසිදු පුද්ගලයෙකුගේ ප්‍රතිලාභයක් කප්පාදු කිරීමට ක්‍රියා නොකරන බවත්, තව තවත් ප්‍රතිලාභ ලබා…
නීතිවිරෝධී මත්පැන් පානය කිරීමෙන් පසු පුද්ගලයින් 06 දෙනෙකු මියයෑමේ සිද්ධිය පිළිබඳ විමර්ශනවලදී අත්අඩංගුවට ගත් නීතිවිරෝධී මත්පැන් ජාවාරමේ ප්‍රධාන සැකකරුට දින 02ක රැඳවුම් නියෝග ලබාගෙන තිබේ. වයස අවුරුදු 47ක් වන ගාලවත්ත, නැගෙනහිර බණ්ඩිරිප්පුව ප්‍රදේශයේ පදිංචි අදාළ ප්‍රධාන සැකකරු ඉකුත් 7 වනදා අත්අඩංගුවට ගෙන ඊයේ (08) මාරවිල ගරු මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙලෙස රැඳවුම් නියෝග ලබාගෙන ඇත. නීතිවිරෝධී මත්පැන් පානය කළ පුද්ගලයන් 06 දෙනෙකු මියයාම හා තවත් පුද්ගලයන් 08 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් වෙන්නප්පුව පොලිසිය විමර්ශන සිදුකරයි. විමර්ශන නිලධාරින් විසින් සිද්ධියට සම්බන්ධ නීතිවිරෝධී මත්පැන් ජාවාරම් කළ සැකකාරියන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන පසුගිය 7 වනදා මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු…
ගතවූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය අම්පාර ප්‍රදේශයෙන් වාර්තා වූ බවත්, එය මි.මී. 38ක අගයක් බවත් වාරිමාර්ග අධ්‍යක්ෂ (ජල විද්‍යා සහ ආපදා කළමනාකරණ) ඉංජිනේරු එල්.එස් සූරියබණ්ඩාර මහතා අද (9) පෙරවරුවේ පැවසීය. එමෙන්ම අනෙකුත් බොහෝ ස්ථානවල වර්ෂාපතය මි.මි. 10ට අඩු මට්ටමක පැවති බවත්, ඒ හේතුවෙන් ගංගාවල ජල මට්ටම වැඩිවීමක් වාර්තා නොවන බව හෙතෙම සඳහන් කළේය. කෙසේ නමුත් ප්‍රධාන ජලාශ 73න් 28ක් මෙන්ම මධ්‍ය ප්‍රමාණයේ වැව් 22ක් තවවමත් වාන් දැමීම සිදුවන බව ඔහු පැවසීය. යාන්ඔය හා දැදරු ඔය ජලාශයන්හි ජලය නිදහස්කිරීම සැලකිය යුතු ප්‍රමාණයකින් වැඩි කර ඇති වුවත්, කිසිදු ගංගා ද්‍රෝණියක අනතුරුදායක ලෙස ජලය නිදහස් කිරීමක් සිදු නොවන බවත් ඉංජිනේරු එල්.එස් සූරියබණ්ඩාර…
T56 වර්ගයේ ගිනි අවියක් සහ පතරොම් 16ක් සමග අත්අඩංගුවට ගත් සැකකරු සම්බන්ධයෙන් රැඳවුම් නියෝග ලබාගෙන වැඩිදුර විමර්ශන සිදුකිරීමට අධිකරණය මීටියාගොඩ පොලිසියට අවසර ලබාදී තිබේ. අදාළ සැකකරු ඊයේ (08) බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු එළඹෙන 13 වනදා දක්වා රැඳවුම් නියෝග ලබාගෙන ඇත. ඒ අනුව සැකකරු මීටියාගොඩ පොලිස් ස්ථානයේ රඳවා තබා ගනිමින් සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරයි. ඉකුත් 07 වනදා රාත්‍රී කාලයේ මීටියාගොඩ පොලිස් වසමේ හරන්නාගොඩ ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බළකා ගෝනහේන කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර ටී56 වර්ගයේ ගිනි අවියක්, එම මැගසිනයක්, ටී56 වර්ගයේ පතරොම් 16ක්, 9mm වර්ගයේ උණ්ඩ යෙදිය හැකි පතරොම් ගැබක් හා හෙරොයින්…
ශ්‍රී ලංකාවට ගිනිකොන දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය අද (09) අලුයම 4 පමණ වනවිට මඩකලපුව සිට කිලෝමීටර් 200ක් පමණ ගිනිකොණ දෙසින් පිහිටා තිබුණු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එය තවදුරටත් වර්ධනය වෙමින් වයඹ දෙසට ගමන් කර අද සවස් කාලයේදී පොතුවිල් සහ ත්‍රිකුණාමලය අතර ශ්‍රී ලංකා වෙරළ තීරය හරහා ගමන් කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතින අතර උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව, මධ්‍යම සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය. සෙසු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ…
මත්පැන් සහ මත්ද්‍රව්‍යය භාවිතා කර මෝටර් රථවාහන පදවන පුද්ගලයින්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසීය. මෙතෙක් නෛතික ක්‍රියාමාර්ග ගැනීමට නොහැකිව තිබූ වෙනත් මත්ද්‍රව්‍ය භාවිතා කර රථවාහන භාවිතා කරන රියදුරන්ට එරෙහිව අද (08) දිනයේ සිට නීතිය ක්‍රියාමක කරන බව අමාත්‍යවරයා අද පාර්ලිමේන්තුවේ දී කියා සිටියේය. රසායනාගාරයේ සිදුකෙරෙන පරීක්ෂණයකින් විනාඩි තුනකින් මත්ද්‍රව්‍ය 12ක් සම්බන්ධයෙන් පරීක්ෂා කර ගැනීමට හැකියාව පවතින බවද අමාත්‍යවරයා සඳහන් කළේය. අදාළ ප්‍රතිඵලය රියදුරුවරයාට මුද්‍රණය කර ලබා දිය හැකි බව අමාත්‍යවරයා සඳහන් කළේය.
2024 වසරට සාපේක්ෂව 2025 වසරේ දී මාර්ගවල සිදුවන රිය අනතුරුවල වර්ධනයක් දක්නට ලැබෙන බව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි. නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (08) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින්. සිදුව ඇති මාර්ග අනතුරු විශ්ලේෂණය කළ විට ප්‍රධාන වශයෙන් අනතුරට ලකව ඇත්තේ පදිකයන් සහ යතුරුපැදිකරුවන් බවද නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙයි. මෙම අනතුරු වැළැක්වීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට මුදල් වෙන්කර ඇති බවත් ඒ සඳහා අවශ්‍ය සැලසුම් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා පවසයි. එමෙන්ම දුම්රිය අනතුරු සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඒ මහතා පැවසුවේ ඒ සඳහා ද අවශ්‍ය ක්‍රියා මාර්ග ගන්නා බවයි. “2024 දී මාර්ග රිය අනතුරු…
ශ්‍රී ලංකාවට ගිනිකොන දෙසින් බෙංගාල බොක්කෙහි පවතින ගැඹුරු පීඩන අවපාතය ප.ව. 2 පමණ වනවිට පොතුවිල් සිට කිලෝමීටර් 250ක් ගිනිකොන දෙසින් පිහිටා ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ශ්‍රී ලංකාවට ගිනිකොන දෙසින් බෙංගාල බොක්කෙහි පවතින ගැඹුරු පීඩන අවපාතය ප.ව. 2 පමණ වනවිට පොතුවිල් සිට කිලෝමීටර් 250ක් ගිනිකොන දෙසින් පිහිටා ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. නිරිතදිග බෙංගාල බොක්ක හරහා බටහිරට බරව වයඹ දෙසට ගමන් කර හෙට (09) දින පස්වරු 5.30 සිට රාත්‍රී 11.30 දක්වා කාලය තුළ හම්බන්තොට සහ කල්මුණේ අතර ශ්‍රී ලංකා වෙරළ තීරය හරහා ගමන් කිරීමට බොහෝ දුරට ඉඩ ඇත. අද (08) දින සිට නැවත දැනුම් දෙනතුරු දිවයින වටා වන…