Close Menu
Lanka Focus News
    What's Hot

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 2026

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ඇමති විජිතගේ ඉල්ලීම කෙරෙහි චීන විදෙස් ඇමති පෞද්ගලිකව මැදිහත්වන බව කියයි
    Featured

    ඇමති විජිතගේ ඉල්ලීම කෙරෙහි චීන විදෙස් ඇමති පෞද්ගලිකව මැදිහත්වන බව කියයි

    By LFNJanuary 12, 2026No Comments1 Min Read118 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මෙරට සිදු වූ ස්වභාවික ව්‍යසනය හේතුවෙන් බලපෑමට ලක් ව ඇති බවට හඳුනාගත් මාර්ග, දුම්රිය මාර්ග සහ පාලම් ප්‍රතිසංස්කරණය කිරීම ඇතුළු යටිතල පහසුකම් සංවර්ධනය සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා විසින් චීන රජයෙන් සහාය පත සිදුකළ විශේෂ ඉල්ලීම කෙරෙහි තමන් පෞද්ගලිකව මැදිහත් වන බව චීන විදේශ කටයුතු අමාත්‍ය Wang Yi මහතා සහතික වී තිබේ.
    ‍
    ශ්‍රී ලංකාව ඉක්මනින් යථා තත්ත්වයට පත් කිරීම සඳහා නිවැරදි මාවතේ ගමන් කරන බව විශ්වාසය පළ කළ හැකි බවත් ඒ සඳහා චීන රජයේ පූර්ණ සහයෝගය ලබා දෙන බවත් මෙරට සංචාරයක නිරත වූ අමාත්‍ය Wang Yi මහතා නැවතත් තහවුරු කළේය.

    අද උදෑසන (12) මහජන චීන සමූහාණ්ඩුවේ විදේශ කටයුතු අමාත්‍ය Wang Yi මහතා ශ්‍රී ලංකාවේ කළ කෙටි සංචාරය අතරතුර අමාත්‍ය විජිත හේරත් මහතා හමුවිය.

    දිත්වා සුළි කුණාටුවෙන් පසු චීනය විසින් ශ්‍රී ලංකාවට ලබාදුන් හදිසි ආපදා සහන වෙනුවෙන් එහිදී අමාත්‍ය විජිත හේරත් මහතා විසින් චීන රජයට සහ ජනතාවට සිය කෘතඥතාව පළ කර තිබේ.

    අමාත්‍යවරුන් දෙදෙනා අතර පැවති සාකච්ඡාවේ දී වෙළෙඳ හා ආයෝජන, සංවර්ධන සහයෝගීතාව සහ සංචාරක ක්ෂේත්‍රවල සහයෝගීතාව තවදුරටත් ඉදිරියට ගෙන යාම කෙරෙහි අවධානය යොමු වූ බව සඳහන් වේ.

    විශේෂයෙන් දිත්වා සුළි කුණාටුවෙන් පසු ශ්‍රී ලංකාව නැවත ගොඩනැගීම ක්‍රියාවලිය කෙරෙහි ද සාකච්ඡාවේ අවධානය යොමු වූ බව අමාත්‍යාංශය නිකුත්කළ නිවේදනයේ සඳහන් වේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 2026

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,417 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,618 Views
    Don't Miss

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 202608 Views

    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන මස 05 වනදා සිට සියලු දිස්ත්‍රික් ආවරණය වන…

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.