Close Menu
Lanka Focus News
    What's Hot

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක මාරක අනතුරු

    October 11, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»රේගුව හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කෙරේ
    Featured

    රේගුව හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කෙරේ

    By LFNJanuary 14, 2026No Comments2 Mins Read122 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ශ්‍රී ලංකා රේගුව හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව එක්ව ඒකාබද්ධ යාන්ත්‍රණයක් හරහා විමර්ශන කටයුතු සිදු කිරීම සඳහා වන අවබෝධතා ගිවිසුමක් ඊයේ (13) මුදල් අමාත්‍යාංශයේදී අත්සන් කෙරිණි.

    මෙම ගිවිසුම මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතාගේ ඉදිරියේදී අත්සන් කළ බව මුදල් අමාත්‍යාංශය පවසයි.

    ශ්‍රී ලංකා රේගුව සම්බන්ධ මෙහෙයුම් කමිටුව විසින්, ආනයනකරුවන් භාණ්ඩ ප්‍රකාශ කිරීමේදී සිදුකරන අඩු තක්සේරු කිරීම් (Under Valuation) හේතුවෙන් රජයට බදු අහිමිවීම් සිදුවන බව හඳුනාගෙන ඇති අතර, ඇතැම් ව්‍යාපාරිකයින් තෙවැනි පාර්ශවයන් හරහා තාවකාලික පදනමින් භාණ්ඩ ආනයනය කර බදු පැහැර හැරීමත්, එමගින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ගෙවිය යුතු බදු මුදල්ද නොගෙවීමත් සිදුකරන බව අනාවරණය වී ඇති බව සඳහන්ය.

    මෙම ගැටලු අවම කිරීම සඳහා දෙපාර්තමේන්තු දෙකෙහි ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් සමන්විත කණ්ඩායමක් විසින් ඒකාබද්ධ යාන්ත්‍රණයක් සඳහා යෝජනා ඉදිරිපත් කර ඇති අතර, ඒවා ක්‍රියාත්මක කිරීමේ මූලික පියවරක් ලෙස මෙම අවබෝධතා ගිවිසුම අත්සන් කෙරිණි.

    ගිවිසුම මගින් භාණ්ඩ ආනයනකරුවන් සහ වෙ‍ෙළඳ ප්‍රජාව විසින් රේගුවට හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට කරන ප්‍රකාශන ඒකාබද්ධව විමර්ශනය කිරීම සහ විගණනය කිරීමේ හැකියාව ලැබේ.

    ශ්‍රී ලංකා රේගුව, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සහ සුරාබදු දෙපාර්තමේන්තුව යන ආයතනවල කාර්යක්ෂමතාවය හා ඵලදායීතාවය ඉහළ නැංවීම සඳහා ජනාධිපති ලේකම් කාර්යාලයට අනුබද්ධ ආදායම් පරිපාලන ප්‍රතිසංස්කරණ හා නවීකරණ කාර්යාංශය මගින් මෙහෙයුම් කමිටු පත් කර ඇති අතර, රාජ්‍ය බදු ආදායම වැඩි කිරීම සඳහා රජය ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව අවධානය යොමු කිරීම එම කාර්යාංශයේ මූලික අරමුණ බව සඳහන් කෙරිණි.

    මෙම අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමද එම කාර්යාංශයේ සම්බන්ධීකරණය යටතේ සිදු කෙරිණි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක මාරක අනතුරු

    October 11, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,478 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,428 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,628 Views
    Don't Miss

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 202606 Views

    ඊයේ (13) දිනය තුළ දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදුවු මාරක රිය අනතුරු කිහිපයකින් පුද්ගලයින් පස්දෙනෙකු ජීවිතක්ෂයට…

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක මාරක අනතුරු

    October 11, 2026

    ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ඉක්මවූ වැසි

    October 10, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.