Close Menu
Lanka Focus News
    What's Hot

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 2026

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»මුහුදු සීමා කඩන ධීවරයින්ට වැඩ වරදියි
    Featured

    මුහුදු සීමා කඩන ධීවරයින්ට වැඩ වරදියි

    By LFNJanuary 15, 2026No Comments2 Mins Read125 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    විදෙස් මුහුදු සීමා නීතිවිරෝධී ලෙස උල්ලංඝනය කරන හෝ යාත්‍රා නිරීක්ෂණ පද්ධතිය හිතාමතා ක්‍රියා විරහිත කරන බවට වරදකරු වන ඕනෑම යාත්‍රාවක නියමුවාට සහ සමස්ත කාර්ය මණ්ඩලයට එළැඹෙන පෙබරවාරි 01 වැනි දින සිට පවතින නීති රෙගුලාසී යටතේ ලබා දිය හැකි මාස 6ක දැඩි ධීවර තහනම ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇතැයි ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්, සුසන්ත කහවත්ත මහතා පවසයි.

    ඒ මහතා පැවසුවේ මෙම තීරණාත්මක පියවර ගනු ලැබුවේ නීතිවිරෝධී, වාර්තා ගත නොවූ සහ අක්‍රමවත් ධීවර කටයුතු මැඩලීම සඳහා ඉලක්ක කර කළ බවය.

    මේ තුළින් මෙරට සමුද්‍ර සම්පත්වලට, ජාතික ආරක්ෂාවට සහ ඩොලර් මිලියන ගණනක මුහුදු ආහාර අපනයන වෙළෙඳපොළට එල්ලවී ඇති තර්ජන අවම කිරීම අපේක්ෂා කරන බවද ඒ මහතා සඳහන් කළේය.

    ශ්‍රී ලංකාව ඉහළ ගුණාත්මකභාවයකින් යුතු නැවුම් මසුන් සඳහා ගෝලීය කීර්තියක් දිනාගෙන ඇති බවත් මෙම කර්මාන්තය මෙරට වෙරළබ ප්‍රජාවගේ ජීවනාලිය වන බවත් පෙන්වා දුන් ඒ මහතා පැවසුවේ ජාතික සුරක්ෂිතතාවයේද ප්‍රධාන කුළුණක් වන බවය.

    නමුත් ඉතා සුළු පිරිසකගේ නීති විරෝධී ක්‍රියාකාරකම් හේතුවෙන් අපනයන තහනම් පැනවීම වැනි බරපතළ ජාත්‍යන්තර ප්‍රතිවිපාකවලට මුහුණ දීමේ අවධානමක් පවතින බවත් මින් පෙරද මෙවැනි තර්ජනයකට ශ්‍රී ලංකාවට මුහුණ දීමට සිදුවූ බවත් නැවත වතාවක් එය සිදුවීමට ඉඩ ලබා දිය නොහැකි බවත් ඒ මහතා සඳහන් කළේය.

    ඒ අනුව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව ලෙස සියලුම යාත්‍රා නියමුවන්ගේ සහ කාර්ය මණ්ඩලවලින් තම මුහුදු ගමන පුරාවට යාත්‍රා නිරීක්ෂණ පද්ධතිය සක්‍රීයව තබා ගන්නා ලෙසත්, සමුද්‍රීය සීමාවන්ට දැඩි ලෙස ගරු කරන ලෙසත් තමන් ඉල්ලා සිටින බවත් පැවසූ ඒ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේ ජාත්‍යන්තර බැඳීම් තහවුරු කිරීමට සහ තිරසාර ධීවර ක්ෂේත්‍රයක් මත යැපෙන ලක්ෂ සංඛ්‍යාත ජනතාවගේ ජීවනෝපාය සුරක්ෂිත කිරීමට මෙම නීති දැඩිව ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවය

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 2026

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,417 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,618 Views
    Don't Miss

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 202608 Views

    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන මස 05 වනදා සිට සියලු දිස්ත්‍රික් ආවරණය වන…

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.