Close Menu
Lanka Focus News
    What's Hot

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක මාරක අනතුරු

    October 11, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ඊශ්‍රායලයේ සේවය කරන ශ්‍රී ලාංකිකයින්ට දැනුම්දීමක්
    Featured

    ඊශ්‍රායලයේ සේවය කරන ශ්‍රී ලාංකිකයින්ට දැනුම්දීමක්

    By LFNJanuary 15, 2026No Comments2 Mins Read126 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මැදපෙරදිග කලාපයේ වර්ධනය වන නොසන්සුන්තාවය හේතුවෙන් ඊශ්‍රායලයේ සේවය කරන ශ්‍රී ලාංකිකයින්ට උපදෙස් මාලාවක් එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මඟින් නිකුත් කර තිබේ.

    මාධ්‍ය සහ ඇතැම් කණ්ඩායම් විසින් පතුරුවන වැරදි තොරතුරු හේතුවෙන් ඊශ්‍රායලයේ සිටින පිරිස් ආරක්ෂාව පිළිබඳව අනිසි බියක් ඇතිකරගත් යුතු නැති බවද ඊශ්‍රායල හමුදාව පවතින ඕනෑම තත්ත්වයක් පාලනය කිරීමට කටයුතු කරනු ඇති බවද ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වැඩිදුරටත් නිවේදනය කරයි.

    එබැවින් යම් හෙයකින් හදිසි මිසයිල ප්‍රහාරයක් හෝ ත්‍රස්තවාදී ක්‍රියාවන් ඇතිවුවහොත් පහත දැක්වෙන ක්‍රියාමාර්ග අනුගමනය කරන ලෙස ද ඔවුන්ට දැනුම්දී ඇත.

    2025 ජුනි මස එල්ල කරන ලද ඉරාන මිසයිල ප්‍රහාරවලින් කිසිදු ශ්‍රී ලාංකිකයෙක් ජීවිතක්ෂයට පත් නොවුණේ, ඊශ්‍රයිල් ආරක්ෂක අංශ හා තත්පති කාර්යාලය නිරන්තරයෙන් සිදුකරන දැනුවත් කිරීම් මෙන්ම හදිසි සයිරන් නාදයන් සමඟ සියලුදෙනාම පාහේ තමන් පදිංචි ස්ථානවල හෝ ඒ ආසන්නයේ ඇති ආරක්‍ෂිත නිවස්නවල රැකවරණය ලබා ගත් බැවිනි.

    * ඊශ්‍රායිල් මාධ්‍යය හා ආරක්ෂක අංශවලින් කරන දැනුවත් කිරීම පිළිබඳව විමසිලිමත් වන ලෙස දැනුම් දී තිබේ.

    * අසනීප සඳහා බෙහෙත් භාවිතා කරන පිරිස් තම බෙහෙත් ඉතා ආසන්නයේ තබා ගත යුතුය.

    *විදුලිය විසන්ධි වීමකින් හෝ අන්තර්ජාල පද්ධති අක්‍රීයවිමකින් දුරකථන ක්‍රියාවිරහිත වුවහොත් ශ්‍රී ලංකාවේ සිටින පිරිස අනවශ්‍ය ලෙස කලබල වීමෙන් වළකින්න.

    *විවෘත ස්ථානවල සේවය කරන පිරිස් තම සේවා කාලය අතරතුර අනතුරු ඇඟවීමක් ලදහොත් තමන්ට ආසන්නයේ ම ඇති ආරක්‍ෂිත ස්ථානයේ රැකවරණය ලබන්න.

    * වාහනවල ගමන් කරන අවස්ථාවක හදිසි තත්ත්වයක් ඇති වුවහොත් තම වාහනය ඉන් බැස ළඟම ඇති ආවරණයක් කරා ගමන් කරන්න.

    * ඉදිරි දිනවල ඊශ්‍රායලයට පැමිණීමට අපේක්ෂාකරන පිරිස පවතින තත්ත්වය විලිබඳව විමසිලිමත්වන ලෙස දන්වමි.

    * අද (15) දින තෛපොංගල් දිනය වෙනුවෙන් හා හෙට (16) මෙන්ම අනිද්දා (17) ඊශ්‍රායිල් රජයේ සතිඅන්ත නිවාඩු හේතුවෙන් තානාපති කාර්යාලය වසා තැබුව ද අනපේක්ෂිත හදිසි තත්ත්වයක් ඇතිවුවහොත් තානාපති කාර්යාලය හදිසි සේවා සඳහා විවෘත කර තබන බව කරුණාවෙන් සලකන්න.

    මේ වන විට ඉන්දියන් රජය ඉරානයේ සිටින තම පුරවැසියන් හා ඉන්දියානු සම්භවයක් ඇති පිරිස වෙත නිවේදනය කරමින් හැකි ඉක්මනින් ඉරානයෙන් පිටවන ලෙස දැනුම්දී ඇත.

    එයට අමතරව දෝහා රාජ්‍යයේ ඇමරිකානු යුද කඳවුරුවල සිටින පිරිස් ඒවායින් ඉවත් කරගැනීමට කටයුතු කරන බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කොට තිබේ. ඒ සමඟම කලාපය හරහා ගමන් කරන සමහර ගුවන් ගමන් අත්හිටවීමට හෝ සීමාකිරීමට කටයුතු සිදුවෙමින් පවතින බව පෙනී යන බවද ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහන් කරයි.

    ඊශ්‍රායල ආරක්ෂක හමුදා ඇතිවන ඕනෑම තත්ත්වයකට මුහුණදීමට සුදානම් අතර මිසයිල ආරක්ෂක පද්ධතිය මනා ලෙස සුදානම් කොට ඇති බවද වාර්තා වේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක මාරක අනතුරු

    October 11, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,478 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,428 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,628 Views
    Don't Miss

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 202606 Views

    ඊයේ (13) දිනය තුළ දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදුවු මාරක රිය අනතුරු කිහිපයකින් පුද්ගලයින් පස්දෙනෙකු ජීවිතක්ෂයට…

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක මාරක අනතුරු

    October 11, 2026

    ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ඉක්මවූ වැසි

    October 10, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.