Author: LFN

‘දිට්වා’ සුළි කුණාටුවෙන් හානි වූ ප්‍රදේශ නැවත ගොඩනැගීම සඳහා ඉන්දියාව විසින් අමෙරිකානු ඩොලර් මිලියන 450ක ප්‍රතිසංස්කරණ පැකේජයක් ශ්‍රී ලංකාවට ලබාදීමට තීරණය කර තිබේ. එයට අමෙරිකානු ඩොලර් මිලියන 350ක සහනදායී ණය සහ අමෙරිකානු ඩොලර් මිලියන 100ක ප්‍රදාන ඇතුළත් බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් මහතා පැවසීය. අද පැවැති ඒකාබද්ධ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් මහතා සඳහන් කළේය.

Read More

යාපනය – පේදුරුතුඩුව නගර සභා සීමාවට අයත් හෝටල් සහ ආහාර අලෙවිසැල් තුළ ලන්ච් ෂීට් භාවිතය සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට තීරණය කර තිබේ. මෙම තහනම 2026 ජනවාරි මස 01 වනදා සිට ක්‍රියාත්මක වන බව පේදුරුතුඩුව නගර සභාව නිවේදනය කර තිබේ. හෝටල් සහ ආහාර අලෙවිසැල් හිමිකරුවන් සමඟ පැවැති සාකච්ඡාවකදී පේදුරුතුඩුව නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂක පී. දිනේෂ් මහතා මේ බව ප්‍රකාශ කළේය. මෙම තහනම උල්ලංඝනය කරන්නන්ට එරෙහිව දැඩි නීතිමය පියවර ගැනීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි. ලන්ච් ශීට් වෙනුවට ආහාර එතීම සඳහා කෙසෙල් කොළ, නෙළුම් කොළ, තේක්ක කොළ වැනි ස්වාභාවික දෑ මෙන්ම, ආහාර ඇසුරුම් කිරීම සඳහා අනුමත ඇලුමිනියම් ෆොයිල් සහ වෙනත් අනුමත…

Read More

ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිලෙහි වැඩිවීමක් සිදුව ඇති අතර ඊට සාපේක්ෂව මෙරට රත්‍රං මිල ද ඉහළ ගොස් තිබේ.

Read More

කැලණිය රජමහා විහාරස්ථානය මඟින් වාර්ෂිකව පවත්වනු ලබන දුරුතු මහා උත්සවයට සමගාමීව පවත්වනු ලබන හෙලේනා බාලිකා විද්‍යාලයේ පෙරහැර හේතුවෙන් අද (23) දින පස්වරු 3 සිට රථවාහන ගමනාගමනය සීමා කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් පොලීසිය සඳහන් කර ඇත්තේ, පෙරහැර හෙලේනා ප්‍රාථමික විද්‍යාලය අසලින් ආරම්භ වී ගල්බොරැල්ල, වලන්කඩ හන්දිය අසලින් මාවතට පිවිස බියගම මාර්ගය ඔස්සේ කැලණිසිරි වටරවුම අසලින් කැලණි රජමහා විහාරස්ථානයේ ප්‍රධාන වාහල්කඩින් ඇතුළු වීමට නියමිතයි. ඒ අනුව අද පෙරහැර අවසන් වන තුරු පහත සඳහන් මාර්ගයන්වල ගමනාගමනය සීමා කරන අතර රථවාහන සැලැස්ම පහතින් දැක්වේ. • කිරිබත්ගොඩ ටයර් හන්දිය දෙසින් පැමිණෙන සියලූම වාහන නුන්ගන්ගොඩ හන්දියෙන් තොරණ හන්දිය දෙසට යොමු කිරීම. • බියගම මාර්ගයේ ගමන්…

Read More

ජාතික ජන බලවේගයට බලය හිමි වූ කොළඹ මහ නගර සභාවේ 2026 මංගල අයවැය ඊයේ (22) පරාජයට පත්වුණි. මෙහිදී අයවැයට විපක්ෂව ඡන්ද 60ක් හිමිවූ අතර අයවැයට පක්ෂව හිමිව තිබුණේ ඡන්ද 57ක් පමණි. සර්වජන බලය මන්ත්‍රීවරු දෙපොළගේ ඡන්දය මෙහි දී තීරණාත්මක සාධකය වූ අතර ඒ අනුව වැඩි ඡන්ද 3කින් ජාතික ජන බලවේගය අයවැය පරාද වුණි. කොළඹ මහ නගර සභාවේ බලය, ජාතික ජන බලවේගයට හිමිවූ අතර එහිදී ඡන්ද 61 ලබාගනිමින් ව්‍රායි කැලි බල්තසාර් මහත්මිය කොළඹ පුරපති ලෙස තේරී පත්වුණි.

Read More

ඉදිරියේ දී රට තුළ කිසිසේත් ආහාර හිඟයක් ඇති වීමට ඉඩ නොතබන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසයි. ඔහු පවසන්නේ ‘දිට්වා’ සුළි කුණාටුවේ බලපෑමෙන් කෘෂිකර්මාන්තයට සිදුවු හානි යළි යථා තත්ත්වයට පත් කිරීම සඳහා ගොවී ජනතාව මෙන්ම නිලධාරීන් ද කටයුතු කරමින් සිටින බවය. “සමහර අය සතුටින් බලාගෙන ඉන්නවා ඉදිරියේදී ආහාර හිඟයක් තියෙනවා. හාල් හිඟයක් තියෙනවා. අපි ඒ අයට ප්‍රකාශ කරන්න කැමතියි කාලකන්නි සතුට ඔබට භුක්ති විඳින්න අපි කිසි ඉඩක් තබන්නේ නැත. හාල් හිඟයක් එන්න විදිහක් නැත. මම යනවා කොබෙයිගනේ ඇතුළේ ගම්මානවලට. එතන හිටියා තුන්සීයක විතර ජනතාවක්. ඒ ජනතාව කෑගහලා කිව්වා ඊයේ හවස තමයි ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවේ කිව්වේ අද අපිට විසි පන්දාහ…

Read More

පුද්ගලික ආරවුලක් දුරදිගයෑමෙන් තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ. ඊයේ (22) දහවල් කාලයේ මෙම සිද්ධිය වාර්තා වී තිබුණේ, මාරවිල පොලිස් වසමේ දුන්කන්නාව ප්‍රදේශයේදීය. එලෙස මියගොස් ඇත්තේ, දුන්කන්නාව ප්‍රදේශයේ පදිංචිව සිටි 38 හැවිරිදි පුද්ගලයෙකි. මරණකරු අසල්වැසියෙකු සමඟ ඇති වූ පුද්ගලික ආරවුලක් දුරදිග ගොස් එම අසල්වැසි පුද්ගලයා විසින් තියුණු ආයුධයකින් පහරදී මෙම ඝාතනය සිදුකර ඇති බවට දැනට සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇති බව පොලීසිය පවසයි. අපරාධය සම්බන්ධයෙන් වයස අවුරුදු 43 ක් වන සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර මාරවිල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

Read More

දිවයිනට පැමිණ සිටින ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවීමට නියමිතව තිබේ. විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේ, අද (23) පෙරවරුවේ මෙම හමුව පැවැත්වෙන බවය. මෙම සංචාරය තුළ දී එස්. ජයිශංකර් මහතා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය සහ විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා ද හමුවීමට නියමිතය. ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් මහතා ඊයේ (22) පස්වරුවේ ඉන්දීය ගුවන් හමුදාවට අයත් විශේෂ යානයකින් මෙරටට පැමිණියේය. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ විශේෂ නියෝජිතයෙකු ලෙස එස්. ජයිශංකර් මහතා මෙම සංචාරය සිදුකරන බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශ සඳහන් කළේය. දිට්වා සුළි කුණාටුවෙන්…

Read More

ප්‍රවීණ රංගධර, කලාසූරී සතිස්චන්ද්‍ර එදිරිසිංහ මහතා අභාවප්‍රාප්ත වී තිබේ. අසනීප තත්ත්වයක් හේතුවෙන් පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිය දී ඒ මහතා මෙලෙස අභාවප්‍රාප්ත වූ බව පවුලේ ඥාතීන් පැවසීය. මියයන විට ඒ මහතා 84 වන වියේ පසුවුණි. ප්‍රවීණ ගායන ශිල්පී සුනිල් එදිරිසිංහ මහතාගේ සහෝදරයා වන සතිස්චන්ද්‍ර එදිරිසිංහ මහතා රංගනයෙන් මෙන්ම අධ්‍යක්ෂණයෙන් ද කලාකෙත පෝෂණය කිරීමට සමත්වූ අසහාය කලාකරුවෙකි. 1941 පෙබරවාරි 10 වනදා කැලණියේ උපත ලැබූ පැටිකිරිගේ සතිස්චන්ද්‍ර එදිරිසිංහ මහතාගේ කලා දිවිය අඩසිය වසරකට එහා ගිය අතීතයකට උරුමකන් කියයි. 1986 වසරේ දී තිරගත වූ ගාමිණී ෆොන්සේකා විසින් අධ්‍යක්ෂණය කළ ‘කෙටි වලිගය’ චිත්‍රපටයේ සතිස්චන්ද්‍රයන් සිංහල තරුණයෙකුගේ චරිතයට තත්ත්පර 90ක කාලයක් රංගනයේ යෙදී සම්මානයට ද…

Read More

ප්‍රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරු තුනකින් තරුණයින් දෙදෙනක් සහ කාන්තාවක් මියගොස් තිබේ. ඊයේ (22) මෙම අනතුරු සිදුව තිබුණේ, මුල්ලේරියාව, අනුරාධපුර සහ ගිරිඋල්ල යන පොලිස් වසම්වලදීය. අවිස්සාවේල්ල – කොළඹ ප්‍රධාන මාර්ගයේ ගල්වාන ප්‍රදේශයේදී අවිස්සාවේල්ල දෙස සිට කොළඹ දෙසට ධාවනය වූ යතුරු පැදියක් මාර්ගය හරහා ගමන්ගත් පදික කාන්තාවකගේ ගැටී අනතුරක් සිදුව ඇත. අනතුරින් තුවාල ලැබු පදික කාන්තාව මුල්ලේරියාව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ. එලෙස මියගොස් ඇත්තේ, මුල්ලේරියාව ප්‍රදේශයේ පදිංචිව සිටි 71 හැවිරිදි කාන්තාවකි. මේ අතර අනුරාධපුර – පුත්තලම මාර්ගයේ පොතානේගම ප්‍රදේශයේදී යතුරු පැදියක් එම දිශාවටම ඉදිරියෙන් ධාවනය වූ මෝටර් රථයකට ඉස්සර කිරීමට යාමේදී එම මෝටර් රථයේ ගැටී පෙරළී ගොස් ප්‍රතිවිරුද්ධ දෙසින්…

Read More