Close Menu
Lanka Focus News
    What's Hot

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 2026

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ජින්තුපිටියේ වෙඩි තැබීම ගැන තවත් තොරතුරු රැසක් හෙළිවෙයි
    Featured

    ජින්තුපිටියේ වෙඩි තැබීම ගැන තවත් තොරතුරු රැසක් හෙළිවෙයි

    By LFNJanuary 18, 2026No Comments2 Mins Read118 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    කොළඹ, ජින්තුපිටිය ප්‍රදේශයේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කර දරුවන් දෙදෙනෙකුට තුවාල සිදුකිරීමේ සිද්ධිය විදෙස්ගතව සැඟවී සිටින අපරාධකරුවකු වන පලනි රිමෝෂන් නැමැත්තා මෙහෙයවා ඇතැයි සැකකරන බව පොලිසිය පවසයි.

    මෙම වෙඩි තැබීමේ සිද්ධියේදී එක් වෙඩික්කරුවෙකු පැමිණ ඇත්තේ බුර්කාවක් හැඳි කාන්තාවක් සේ වෙස්වලාගෙන වන අතර ඔවුන් පැමිණෙන අයුරු CCTV කැමරාවලද සටහන් වී තිබුණි.

    අනෙක් සැකකරු පිස්තෝලයක් අතෙහි තබාගෙන ගමන්කරන අයුරුද එහි සටහන්ව තිබුණි.

    අනතුරුව ඔවුන් ඉලක්ක කළ පුද්ගලයාට වෙඩි තබා ආපසු දිවගොස් ත්‍රිරෝද රථයක නැග පලා ගිය අතර වෙඩි ප්‍රහාරයෙන් ජේසු නසර් හෙවත් කොනිස්ටන් නමැති 44 හැවිරිදි අයෙකු ජීවිතක්ෂයට පත්විය.

    එහිදී ඔහු අසල සිටි තුන් හැවිරිදි ඔහුගේ පුත්‍රයා හා දෙහැවිරිදි ඥාති දියණියක් ද වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහල්ගත කර තිබේ.

    ඝාතනය වූ පුද්ගලයා අපරාධකරුවකු වන පූකුඩු කන්නාගේ පාර්ශ්වය සමග සමීප සබඳතා පවත්වා ඇතැයි විමර්ශනවලදී හෙළිවූ බව පොලිසිය පැවසුවේය.

    මියගිය කොනිස්ටන් ගේ බිරිඳ පූකුඩු කන්නාගේ ප්‍රතිවාදීන් වන පලනි රිමෝෂන්ගේ පුංචි අම්මා සමග ඇති වූ ආරවුලකදී ඇයට අසභ්‍ය වචනයෙන් බැණවැදී ඇති බවත් විමර්ශනවලදී අනාවරණ වී ඇත.

    ඇය රිමෝෂන්ගේ මව වන කුඩු සෙල්වීගේ නැගණියද වේ.

    එම ආරවුල හේතුවෙන් මෙම ඝාතනය සිදුකරන්නට ඇතැයි සැකකරන බව පොලිසිය සඳහන් කළේය.

    ඝාතනය වූ කොනිස්ටන් මුදල් පොලියට දෙන අයෙක් බවත් ඔහු රහසේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ මුදල් එකතු කිරීමේ නිරතව ඇතැයි තොරතුරු ලැබී ඇති බවත් නමුත් ඔහු කිසිඳු අපරාධමය චෝදනාවකට අත්අඩංගුවට ගෙන නොමැති බවත් පොලිසියේ උසස් නිලධාරියෙක් සඳහන් කළේය.

    සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතාගේ අධීක්ෂණයෙන් කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත සොයිසා මහතාගේ උපදෙස් මත ක්‍රියාත්මක කරනු ලබයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 2026

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,418 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,618 Views
    Don't Miss

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 202608 Views

    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන මස 05 වනදා සිට සියලු දිස්ත්‍රික් ආවරණය වන…

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.