Author: LFN

අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා මහතා ඇප මත නිදහස් කර තිබේ. රාමනාදන් අර්ච්චුනා මහතා අද (24) දහවල් කොටුව පොලීසියට පැමිණ භාරවීමෙන් අනතුරුව අත්අඩංගුවට ගනු ලැබීය. ඒ නඩුවකට අදාළව අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් වරෙන්තු නිතුත් කර තිබීමෙන් පසුවය.

Read More

දික්ඕවිට ධීවර වරාය වෙත රැගෙන ආ නාවික හමුදා භාරයට ගත් බහුදින ධීවර යාත්‍රාවේ තිබී හෙරොයින් කිලෝග්‍රෑම් 21කට අධික ප්‍රමාණයක් සහ අයිස් කිලෝග්‍රෑම් 172ක් සොයාගෙන තිබේ. මෙම මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රු කෝටි 200කට ආසන්න බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා පවසයි. ගන්දර ප්‍රදේශයෙන් පසුගිය 09වනදා ධීවරයින් 05 දෙනෙකු සමග මුහුදු ගිය අදාළ ධීවර යාත්‍රාව මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිටිය දී ඊයේ (23) දිනයේ නාවික හමුදා භාරයට ගෙන තිබුණි. අද උදෑසන 6ට පමණ දික්ඕවිට ධීවර වරාය වෙත රැගෙන ආ අදාළ ධීවර යාත්‍රාවේ අයිස් හා හෙරොයින් මත්ද්‍රව්‍ය සහිත මලු 11ක් සොයාගෙන තිබු බව සඳහන්ය.

Read More

නායයෑම් රතු නිවේදන ඉවත් කර තිබුණද තවමත් එම ස්ථානවල අවදානම පහව ගොස් නොමැති බව ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය පවසයි. එහි ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ හසලි සේමසිංහ මහත්මිය සඳහන් කළේ, පවතින වැසි තත්ත්වයේ අඩුවීම මත රතු නිවේදන ඉවත් කළද නිලධාරීන් පැමිණ අදාළ අවදානම් ස්ථාන පරීක්ෂා කරන තෙක් ජනතාව එම ස්ථානවලට නැවත නොගොස් සිටි යුතු බවය. ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානයේ නිලධාරීන් පැමිණ පරීක්ෂා කර අවශ්‍ය උපදෙස් ලබාදෙන තුරු කිසිසේත්ම අවදානම් ස්ථානවලට නැවත නොයන ලෙසද ඇය වැඩිදුරටත් පැවසුවාය. මේ වනවිට බදුල්ල, මහනුවර, නුවරඑළිය, කුරුණෑගල සහ මාතලේ යන දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 17ක් සඳහා පළමු අදියරේ විමසිලිමත්ව සිටීමේ නිවේදන නිකුත් කර ඇත. විමසිලිමත් වන්න (කහ) මහනුවර…

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා මහතා කොටුව පොලීසියට පැමිණ භාරවීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන තිබේ. රාමනාදන් අර්ච්චුනාට ඊයේ (23) කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් වරෙන්තු නිතුත් කර තිබුණි. ඒ නඩුවකට අදාළව අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙනි.

Read More

ප්‍රදේශ කිහිපයක සිදු වූ රිය අනතුරු කිහිපයකින් පුද්ගලයින් තිදෙනෙකු මරණයට පත්ව ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි. කොටවිල පොලිස් වසමේ බණ්ඩරමුල්ල ප්‍රදේශයේදී ඊයේ (23) මාතර සිට වැලිගම දෙසට ධාවනය වූ ත්‍රීරෝද රථයක් එම දිශාවටම ඉදිරියෙන් ධාවනය වූ කාර් රථයක් පසුකර යාමේදී එම කාර් රථයේ ගැටී ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි යතුරුපැදියක හා කාර් රථයකද ගැටී අනතුරක් සිදුව තිබේ. අනතුරින් යතුරුපැදිකරු හා පසු පැදිකරු බරපතළ තුවාල ලබා මාතර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු පසුපැදිකරු මියගොස් තිබේ. මරණකරු වයස අවුරුදු 33ක් වූ අහංගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මෘත ශරීරය මාතර රෝහලේ මෘත ශරිරාගාරයේ තැන්පත් කර ඇති අතර කොටවිල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.‍ මේ අතර, පලෙයි…

Read More

නත්තල් උත්සවය ,පාසල් නිවාඩුව සහ වසර අවසානයේ පවතින දීර්ඝ නිවාඩුව හේතුවෙන් අමතර දුම්රිය සේවාවක් එක්කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබේ. එහිදී අද (24) ප.ව. 03.00ට මරදාන සිට මාතර දක්වා විශේෂ ශිඝ්‍රගාමී දුම්රියක් ධාවනයට සැලසුම් කර ඇත. එම විශේෂ දුම්රිය මෙම මස (29) දින මාතර දුම්රිය ස්ථානයෙන් පෙ.ව.05.00ට කොළඹ කොටුව දක්වා පිටත්වී කොළඹ කොටුවට පෙ.ව. 08.30ට ළඟා වීමට සැලසුම් සකස් කර ඇති බව සඳහන් වෙයි. තවද, කොළඹ කොටුව – කන්කසන්තුරය නගර අතර දුම්රිය එළැඹෙන (25) සහ (28) යන දිනවල ධාවනයට සැලසුම් කර ඇත. මෙම දුම්රිය පළමු පංතියේ වායු සමනය කල මැදිරි 09කින් සමන්විත බව සඳහන්ය.

Read More

ජාතික ජනබලවේග රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාර මහතා සමග ඇති වූ පහරදීමේ සිද්ධියට අදාළ චෝදනා එල්ල වූ සූරියකන්ද පොලිස් ස්ථානයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයාගේ සේවය අත්හිටුවා තිබේ. එම සිද්ධියට අදාළ ඉදිරි විමර්ශන කටයුතු අවසන්වනතුරු මෙම සේවය අත්හිටුවීම සිදුකර ඇති බව සඳහන් වේ.

Read More

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ස්ථීර විගණකාධිපතිවරයෙකු කඩිනමින් පත්කිරීම පියවර ගන්නා ලෙස ශ්‍රී ලංකා නීතීඥ සංගමය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉල්ලීමක් සිදුකරයි. නීතීඥ සංගමය විසින් විශේෂ ලිපියක් යොමුකරමින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත්තේ, රාජ්‍ය මුල්‍ය පාලනයේ විනිවිදභාවය ආරක්ෂා කිරීමට සහ ජාත්‍යන්තර විශ්වාසය තහවුරු කිරීමට විගණකාධිපතිවරයාගේ පත්වීම අත්‍යවශ්‍ය බවය. පසුගිය අප්‍රේල් මාසයේ හිටපු විගණකාධිපතිවරයා විශ්‍රාම යෑමෙන් පසු මේ දක්වා ස්ථීර නිලධාරියෙකු පත්නොකිරීම සම්බන්ධයෙන් නීතීඥ සංගමයේ දැඩි අවධානය යොමුකර තිබේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 153(1) ව්‍යවස්ථාව යටත් පිහිටුවා ඇති විගණකාධිපති ධුරය සමස්ත රාජ්‍ය ආයතන වල වගකීම තහවුරු කරන ප්‍රධානතම කාර්යභාරය ඉටුකරන බවත් පෙන්වා දෙයි. ශ්‍රී ලංකාව දැනට ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ වැඩසටහන යටතේ ආර්ථිකය ගොඩනගමින් සිටින අතර දිට්වා…

Read More

‘දිට්වා’ සුළි කුණාටුවත් සමග හදිසියේ පැන නැඟුණු අභියෝගවලට මුහුණ දීමෙන් අනතුරුව ශ්‍රී ලංකාව මීළඟ අදියර කෙරෙහි අවධානය යොමු කරන බැවින්, විශ්වාසවන්ත පාර්ශ්වකරුවෙකු සහ විශ්වාසදායක මිතුරෙකු ලෙස ඉන්දියාව හැකි සෑම සහයෝගයක්ම ලබාදෙන බවට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සහතික කරයි. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා විසින් එරට විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් මහතා මාර්ගයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත එවා තිබූ විශේෂ ලිපිය මගින් මේ බව දැනුම් දී ඇත. එමෙන්ම ඉන්දීය අග්‍රාමාත්‍ය එවා තිබූ ලිපියේ සඳහන් පරිදී , “ශ්‍රී ලංකාවේ ජන ජීවිත යළි ගොඩනැගීමේදී සහ ඔරොත්තු දීමේ හැකියාව තහවුරු කිරීමේදී අතීතයේ මෙන්ම, අපි ඔබ සමඟ උරෙන් උර ගැටී සිටින්නෙමු.”…

Read More

උත්සව සමය වෙනුවෙන් අද (24) සිට ලබන 27 වනදා දක්වා විශේෂ අමතර බස්රථ සේවා ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති සජීව නන්දන කනකරත්න මහතා පවසයි. ඊයේ (23) ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් ඔහු සඳහන් කළේ දුම්රිය පහසුකම් අඩාල වීම, මගීන්ගේ ඉල්ලීම් ආදිය සළකා මෙම විශේෂ බස්රථ යෙදවීම සිදුකළ බවය.

Read More