Close Menu
Lanka Focus News
    What's Hot

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක මාරක අනතුරු

    October 11, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»Rebuilding Sri Lanka වැඩසටහනට පහසුවෙන් පරිත්‍යාග කළ හැකි ක්‍රමයක්
    Featured

    Rebuilding Sri Lanka වැඩසටහනට පහසුවෙන් පරිත්‍යාග කළ හැකි ක්‍රමයක්

    By LFNJanuary 19, 2026No Comments2 Mins Read119 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    “Rebuilding Sri Lanka” ජාතික වැඩසටහනට අදාළ නිල වෙබ් අඩවිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් එළිදක්වා තිබේ‍.

    රට මුහුණ දුන් ව්‍යසනයෙන් පසු ශ්‍රී ලංකාව නැවත ගොඩනැඟීම සඳහා ජනතාව, පෞද්ගලික අංශය සහ අන්තර්ජාතික ප්‍රජාව එකම වේදිකාවකට ගෙන එමින් සංවිධානාත්මක හා විශ්වාසදායක ක්‍රියාවලියක් ගොඩනැඟීම මෙහි ප්‍රධානතම අරමුණ වේ.

    www.rebuildingsrilanka.gov.lk නිල වෙබ් අඩවිය කොළඹ, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ ලෝටස් ශාලාවේදී පසුගිය 13දා පැවති ‘Rebuilding Sri Lanka’ජාතික වැඩපිළිවෙළෙහි සමාරම්භක උළෙලේදී දියත් කරන ලදී.

    මෙම වෙබ් අඩවිය මගින් දෙස් විදෙස් පරිත්‍යාගශීලීන්ට මූල්‍යමය මෙන්ම ද්‍රව්‍ය, ඉඩම් සහ අනෙකුත් සම්පත් පරිත්‍යාග කිරීම සඳහා පහසුකම් සලසාදී ඇත.

    එම පරිත්‍යාගශීලීන්ට තම දායකත්වය පිළිබඳ තොරතුරු විනිවිද පෙනෙන ආකාරයෙන් නිරීක්ෂණය කිරීමේ හැකියාව ද පවතියි.

    විශේෂයෙන් ‘Rebuilding Sri Lanka’අරමුදලට බැර වන මූල්‍ය පරිත්‍යාග නිරන්තරයෙන් යාවත්කාලීන කෙරේ.

    තවද, දිස්ත්‍රික්ක අනුව සිදු වූ හානි, තම මුදල් මගින් ක්‍රියාත්මක වන නැවත ගොඩනැඟීම් ව්‍යාපෘති, ඒවායේ ප්‍රගතිය සහ නිල නිවේදන මෙම වෙබ් අඩවිය හරහා මහජනතාවට නිරන්තරයෙන් ලබා ගත හැකි වන අතර, රජයේ වගවීම සහ පාරදෘශ්‍යතාව තහවුරු කිරීමද එහි ප්‍රධාන ලක්ෂණයකි.

    මෙම වෙබ් අඩවිය මගින් විනිවිදභාවයෙන් යුතුව පරිත්‍යාග කළමනාකරණය, සමාජ සාධාරණත්වය, තිරසාර සංවර්ධනය සහ වගකීම් සහිත රාජ්‍ය පාලනය යන මූලධර්ම මත පදනම්ව රටේ යටිතල පහසුකම්, ආර්ථිකය සහ ජනජීවිතය නැවත ශක්තිමත් කිරීම අපේක්ෂා කෙරේ.

    ඒ අනුව, www.rebuildingsrilanka.gov.lk වෙබ් අඩවිය ‘Rebuilding Sri Lanka’වැඩසටහනේ විශ්වාසනීය තොරතුරු මධ්‍යස්ථානය ලෙස කටයුතු කරයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක මාරක අනතුරු

    October 11, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,477 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,427 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,628 Views
    Don't Miss

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 202605 Views

    ඊයේ (13) දිනය තුළ දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදුවු මාරක රිය අනතුරු කිහිපයකින් පුද්ගලයින් පස්දෙනෙකු ජීවිතක්ෂයට…

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක මාරක අනතුරු

    October 11, 2026

    ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ඉක්මවූ වැසි

    October 10, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.