Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LFN
වයඹදිග නයිජීරියාවේ ඉස්ලාමීය රාජ්‍ය (IS) කණ්ඩායමට එරෙහිව අමෙරිකාව විසින් ‘දැවැන්ත හා මාරාන්තික’ ගුවන් ප්‍රහාරයක් දියත් කළ බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. සිය ‘Truth Social’ හි සටහනක් තබමින් අමෙරිකානු ජනාධිපතිවරයා පවසා ඇත්තේ, නයිජීරියවේ වෙසෙන අහිංසක කිතුනුවන් ඉලක්ක කර IS ත්‍රස්තයන් සිදුකරන කුරිරු ඝාතනයන්ට පළිගැනීමක් ලෙස මෙම ප්‍රහාරය දියත් කළ බවය. “කිතුනුවන් ඝාතනය කිරීම නතර නොකළහොත්, වන්දි ගෙවීමට සිදුවනු ඇතැයි මම මීට පෙර මෙම ත්‍රස්තවාදීන්ට අනතුරු ඇඟවූවා. අද රාත්‍රියේත් එය එසේම විය” ට්‍රම්ප් පවසයි. කෙසේ නමුත් ප්‍රහාරය සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු ඔහු ඉදිරිපත්කර නොමැති අතර, අමෙරිකානු හමුදාව ‘දැවැන්ත ප්‍රහාරයන් රැසක් සිදුකළ’ බව පමණක් තහවුරු කර ඇත. එමෙන්ම සිය නායකත්වය යටතේ රැඩිකල් ඉස්ලාමීය ත්‍රස්තවාදයට…
වැලිපැන්න පොලිස් වසමේ අලුත්ගම – මතුගම මාර්ගයේ 5 කණුව ප්‍රදේශයේ දී ඊයේ (25) සවස සිදුවූ අනතුරකින් වයස අවුරුදු 3ක දැරියක් ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසයි. අනතුරට මුහුණපෑ දැරිය සිය මව හා පියා සමග යතුරුපැදියෙන් මතුගම දෙසට ගමන්කරමින් සිටියදී, ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි කැබ් රථයක ගැටී මෙම අනතුරට මුහුණපා ඇත. අනතුරින් එම දැරිය, තුවාල ලැබූ ඇගේ පියා හා මව දර්ගා නගරයේ රජයේ රෝහලට ඇතුළත් කර ඇති අතර, එහිදී දැරිය මියගොස් ඇති බව පොලීසිය පවසයි. එමෙන්ම තුවාල ලැබූ ඇගේ පියා හා මව වැඩිදුර ප්‍රතිකාර සඳහා මේ වනවිට නාගොඩ රෝහල වෙත මාරුකර යවා ඇත. අනතුරින් පසු කැබ් රථ රියදුරා අත්අඩංගුවට ගෙන ඇති අතර,…
සුනාමි ව්‍යසනය සිදුවී අදට වසර 21ක් සැපිරේ. 2004 වසරේ දෙසැම්බර් මස 26 වනදා ඉන්දුනීසියාවේ උතුරු සුමාත්‍රා දූපත් ආශ්‍රිතව සිදුවූ ප්‍රබල භූ කම්පනයත් සමග ශ්‍රී ලංකාව ඇතුළු රටවල් රැසකට දරුණු සුනාමි තත්ත්වයක් ඇති වුණි. ඉන් මෙරට පුද්ගලයින් 35,000කට අධික පිරිසක් මියගොස් තවත් 5,000ක පමණ පිරිසක් අතුරුදන්වූ අතර දේපොළ රැසක් ද විනාශයට පත් විය. ඒ අනුව සුනාමි ව්‍යසනයෙන් මියගිය පිරිස් සිහිපත් කිරීම සඳහා 2005 වසරේ සිට සෑම වසරකම දෙසැම්බර් මස 26 වනදා ජාතික සුරක්ෂිත දිනය ලෙස නම් කෙරුණි. සුනාමි ව්‍යසනයෙන් මෙන්ම මේ දක්වා රටේ සිදුවූ විවිධ ව්‍යසනයන් හේතුවෙන් මියගිය පිරිස් සිහිපත් කරමින් මෙවරද “ජාතික සුරක්ෂිත දින” සැමරුම් උත්සවය අද (26) පෙරවරු 8:30…
යාපනය – මුත්තනයිනාර් කෝවිල ආසන්නයේදී අණ නොතකා ධාවනය කළ මෝටර් රථයක් පොලීසියෙන් හඹා යාමේ දී අනතුරකට ලක්ව තිබේ. අදාළ මෝටර් රථයට නවත්වන ලෙස පොලීසියෙන් සංඥා කොට ඇතත් එම මෝටර් රථය නොනවත්වාම ධාවනය කර ඇත. එහිදී පොලීසියෙන් මෙම මෝටර් රථය හඹා යාමේ දී එය රියදුරුට පාලනය කරගත නොහැකිව මාර්ගය ආසන්නයේ තිබූ වෙළඳසැල් දෙකකට කඩා වැදී තිබේ. මෙම අනතුරින් වෙළඳසැළක් තුළ සිටි පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා ඇති බවද පොලීසිය පැවසුවේය. තුවාලකරුවන් ප්‍රතිකාර සඳහා යාපනය රෝහලට ඇතුළත් කර ඇති අතර අයෙකුගේ තත්ත්වය බරපතළ වන බව ද සඳහන් වේ. මෝටර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු බීමතින් රිය ධාවනය කර ඇති බව මූලික…
ඖෂධවල ප්‍රමිති තත්ත්ව පරීක්ෂණ නිසි ප්‍රමිතියෙන් පවත්වාගෙන යාමේ ක්‍රියාවලිය පුළුල් කිරීම පිළිබඳව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ. ඖෂධවල ප්‍රමිතිය පවත්වාගෙන යෑමේ ක්‍රියාවලිය පුළුල් කිරීමේදී ඖෂධ තත්ත්ව පරීක්ෂණ කටයුතු ක්‍රමවත්ව හා විධිමත් වැඩපිළිවෙලක් යටතේ සිදු කිරීම පිළිබඳ මූලික අවධානය යොමු කරමින් මෙම සාකච්ඡාව පැවැත්වුණු බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිවරයා ඇතුළු ප්‍රධානීන් මෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශයේ හා විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ නියෝජිතයින් එම සාකච්ඡාවට එක්වී ඇත. රසායනාගාර තුළ ඖෂධ තත්ත්ව පරීක්ෂණ කටයුතු සිදු කරන ආයතන අතර මනා සම්බන්ධීකරණයක් පවත්වාගෙන යාම, එම ක්‍රියාවලි තුළ ප්‍රවර්ධනය කළ යුතු…
මෙවර ” ජාතික සුරක්ෂිත දිනය ” ප්‍රධාන සැමරුම් උත්සවය හෙට (26) ගාල්ල ” පැරෑලිය සුනාමි ස්මාරකය” අභියසදී පෙ.ව. 8.30 සිට පෙ.ව. 11.00 දක්වා පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබේ. ජාතික සුරක්ෂිත දිනය ” වෙනුවෙන් සුනාමි ව්‍යසනයෙන් සහ අනෙකුත් ආපදා හේතුවෙන් මිය ගිය මහජනතාව සිහිපත් කිරීම සඳහා හෙට දිවයින පුරා පෙ.ව. 9.25 සිට පෙ.ව. 9.27 දක්වා විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් පැවැත්වීමට නියමිතය. 2004 වර්ෂයේ සුනාමි ව්‍යසනයෙන් මෙරට 35,000 කට අධික පිරිසක් මියගිය අතර පුද්ගලයින් 5,000 කට වැඩි පිරිසක් අතුරුදහන් විය. එමෙන්ම බිලියන ගණනක් වටිනා දේපල ද විනාශ විය. ඒ අනුව 2005 අංක 15/1975/715/001-1 දරණ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවට අනුව 2005 වර්ෂයේ සිට සෑම වර්ෂයකම…
ජාතික ජන බලවේගයට බලය හිමි හික්කඩුව නගර සභාවේ අයවැය තෙවන වරටත් පරාජය වී තිබේ. ඊයේ (24) අයවැය සම්මත කිරීම සඳහා නගර සභාවේ සභාපති යසස්වින් ගොඩකන්ද මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වී තිබේ. එහිදී අයවැය ඡන්ද විමසීමේදී ජාතික ජන බලවේගයට ඡන්ද 9ක්ද විපක්ෂට ඡන්ද 10ක්ද ලැබීම නිසා වැඩි ඡන්දයකින් තෙවන වරටත් හික්කඩුව නගර සභාවේ 2026 අයවැය ජාතික ජන බලවේගය පරාජයට පත්විය.
අද (25) උදෑසන 7.15ට පමණ සේරුනුවර, මහින්දපුර හංදියේ දී පෞද්ගලික බස් රථයක් මහ මඟ පෙරළී අනතුරක් සිදුව තිබේ. අක්කරෙයිපත්තුව සිට ත්‍රිකුණාමලය දක්වා ගමන්ගත් සුඛෝපභෝගී බස් රථයක් මෙලෙස පෙරළී ගොස් ඇති අතර, එම අවස්ථාවේ මගීන් 21ක් පමණ බස් රථයේ ගමන් කරමින් සිට ඇත. අනතුරින් බස් රථයේ සිටි 14 දෙනෙකු තුවාල ලබා සේරුනුවර රෝහලට සහ මූතූර් රෝහලට ඇතුළත් කර තිබේ. සේරුනුවර පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
ග්‍රැන්ඩ්පාස් හැටේවත්ත ප්‍රදේශයේ ඉඩමක තිබී ටී-56 වර්ගයේ ගිනිඅවියක් සහ එම පතරොම් 27ක් සොයාගෙන තිබේ. අදාළ ප්‍රදේශයේ හිස් ඉඩමක තිබී අදාළ ගිනිඅවිය සහ පතරොම් සොයාගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය. සිද්ධිය සම්බන්ධයෙන් CCTV දර්ශන ඔස්සේ සිදුකළ විමර්ශනවල දී එම ස්ථානයට ගිනිඅවිය ගෙනවිත් දමන පුද්ගලයා අනාවරණය වී ඇති අතර ඔහු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගෙන ඇත්තේ 67 හැවිරිදි කොළඹ 14 ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පොලීසිය සඳහන් කළේය. මේ අතර පිළියන්දල ප්‍රදේශයේ තිබී විදේශ රටක නිෂ්පාදිත පිස්තෝල වර්ගයේ ගිනිඅවියක් පොලීසිය විසින් සොයාගෙන තිබේ. බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාශයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව මෙම ගිනිඅවිය සොයාගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය. කවුරුන්…
නත්තල් දිනය නිමිත්තෙන් අද (25) දිනයේ සියලුම බන්ධනාගාරවල රැඳවියන්ට අමුත්තන් පෙන්වීමේ විශේෂ අවස්ථාවක් ලබාදී තිබේ. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස්, ජගත් වීරසිංහ මහතා සඳහන් කළේ, අද දින එලෙස පැමිණෙන අමුත්තන් ආහාර හෝ රසකැවිලි එක් රැඳවියෙකුට ප්‍රමාණවත්ව රැගෙන එන ලෙසය.