Close Menu
Lanka Focus News
    What's Hot

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක මාරක අනතුරු

    October 11, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»රථ වාහන වැරදි සඳහා අකුසලතා ලකුණු ලබාදීමේ ක්‍රමවේදය ජුලි අග සිට
    Featured

    රථ වාහන වැරදි සඳහා අකුසලතා ලකුණු ලබාදීමේ ක්‍රමවේදය ජුලි අග සිට

    By LFNJanuary 17, 2026No Comments1 Min Read126 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    රථ වාහන නීති උල්ලංඝනය කරන රියදුරන් සඳහා අකුසලතා ලකුණු ලබාදීමේ ක්‍රමවේදය එළැඹෙන ජුලි මාසයේ අග භාගයේ සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව රථ වාහන පාලන හා මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. පී. ජේ. සේනාධීර මහතා පවසයි.

    කෑගල්ල ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පැවති වැඩමුළුවකට එක්වෙමින් නියෝජ්‍ය පොලිස්පතිවරයා මේ බව සඳහන් කළේය.

    ගව්පේ (GovPay) ඔස්සේ දඩ මුදල් ගෙවීමේ ක්‍රමවේදය දිවයින පුරා ක්‍රියාත්මක කිරීම ආරම්භ කිරීමත් සමඟ මෙම අකුසලතා ලකුණු වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිත බව ඔහු පැහැදිලි කළේය.

    එමෙන්ම, විෂ මත්ද්‍රව්‍ය භාවිත කර රථ වාහන ධාවනයේ යෙදුණු රියදුරන් සම්බන්ධයෙන් මේ 2026 වසරේ වනවිට නඩු 300කට ආසන්න සංඛ්‍යාවක් ගොනු කර ඇති බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා පෙන්වා දුන්නේය.

    විෂ මත්ද්‍රව්‍ය හඳුනාගැනීම සඳහා නව පරීක්ෂණ උපකරණයක් පොලිස්පතිවරයා විසින් හඳුන්වා දීමට නියමිත අතර, එය හෙට සිට ක්‍රියාත්මක වන බව ද ඔහු සඳහන් කළේය.

    තවද, බස් රථ ඇතුළු රථ වාහනවල සවිකර ඇති අනවශ්‍ය උපංග ඉවත් නොකර ධාවනය කරන රියදුරන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස පොලිස් නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇති බවද ඩබ්ලිව්. පී. ජේ. සේනාධීර මහතා අවධාරණය කළේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක මාරක අනතුරු

    October 11, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,477 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,427 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,628 Views
    Don't Miss

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 202605 Views

    ඊයේ (13) දිනය තුළ දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදුවු මාරක රිය අනතුරු කිහිපයකින් පුද්ගලයින් පස්දෙනෙකු ජීවිතක්ෂයට…

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක මාරක අනතුරු

    October 11, 2026

    ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ඉක්මවූ වැසි

    October 10, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.