Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LFN
විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ලැබීම් වාර්ෂික වටිනාකම, ඉතිහාසයේ පළමු වරට 2025 වසරේ දී එක්සත් ජනපද ඩොලර් බිලියන 8 සීමාව ඉක්මවීමට සමත්ව තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවකට අනුව 2025 වසරේ දී විදෙස් සේවා නියුක්තිකයන්ගෙන් ලද ප්‍රේෂණ මුළු වටිනාකම ඩොලර් බිලියන 8.07 ක් ලෙසින් සටහන්ව ඇත. මෙය 2024 වර්ෂය තුළ ද සමස්ත ප්‍රේෂණ ප්‍රමාණය වූ ඩොලර් බිලියන 6.57 හා සැසඳීමේ දී 22.8%ක ඉහළ යාමකි. මීට පෙර වසරක් තුළ ලැබුණු වැඩිම ප්‍රේෂණ ප්‍රමාණය 2016 වසරේ දී වාර්තා වූ අතර එය ඩොලර් බිලියන 7.24ක් වේ. මේ අතර මෙතෙක් ඉතිහාසයේ තනි මාසයක් තුළ ලැබුණු වැඩිම ප්‍රේෂණ ප්‍රමාණය 2025 දෙසැම්බර්…
රුපියල් තිස් හය ලක්ෂ හතළිස් පන්දහසක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ පුද්ගලයකු කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. එම දුම්වැටි තොගය කටුනායක ගුවන් තොටුපොළ “හරිත මාවත” ඔස්සේ පිටතට ගෙන යාමට තැත් කළ අවස්ථාවේ එම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තාවේ. සැකකරු රැගෙන ආ ගමන් මලු තුළ සගවා තිබූ විදේශීය නිෂ්පාදිත දුම්වැටි 20,700ක් සහ විද්‍යුත් දුම්වැටි 36ක් රේගු නිලධාරීන් විසින් සොයාගෙන ඇත. අත්අඩංගුවට ගත් පුද්ගලයා කුරුණෑගල, මාවතගම ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි ව්‍යාපාරිකයෙකු බව වාර්තා වේ.
කුච්චවේලි සහ රස්නායකපුර පොලිස් වසම්වලදී විදුලි සැර වැදීමෙන් 16 හැවිරිදි ළමයෙකු ඇතුළු පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබේ. ඊයේ (10) උදෑසන කාලයේදී මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි. කුච්චවේලි පොලිස් වසමේ පල්ලිමුණේ ප්‍රදේශයේදී පිරිමි ළමයෙකුට විදුලි සැර වැදී මියගොස් තිබේ. එලෙස මියගොස් ඇත්තේ, කුච්චවේලි ප්‍රදේශයේ පදිංචිව සිටි 16 හැවිරිදි පිරිමි ළමයෙකි. අසල ඉඩමක අනවසරෙන් අදින ලද විදුලි රැහැනකට හසුවූ තම එළුවෙකු බේරීමට ගිය අවස්ථාවේ ළමයාටද විදුලි සැර වැදී මෙම අනතුර සිදුව ඇති බවට දැනට සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත. මේ අතර රස්නායකපුර පොලිස් වසමේ තලාකොළවැව ප්‍රදේශයේදී පුද්ගලයෙකුට විදුලි සැර වැදී මියගොස් තිබේ. එලෙස මියගොස් ඇත්තේ, රස්නායකපුර ප්‍රදේශයේ පදිංචිව සිටි 75…
සිරියාවේ ක්‍රියාත්මක IS ත්‍රස්ත සංවිධානයට අයත් ඉලක්ක කිහිපයක් වෙත අමෙරිකා එක්සත් ජනපද හමුදාව විසින් දැවැන්ත ප්‍රහාර මාලාවක් දියත් කර තිබේ. අමෙරිකා හමුදාව සඳහන් කරන්නේ, IS ත්‍රස්ත සංවිධානය විසින් පසුගිය මාසයේදී සිදුකළ ප්‍රහාරයකින් අමෙරිකානු හමුදා සෙබළු දෙදෙනෙකු සහ අමෙරිකානු සිවිල් පරිවර්තකයෙකු මියයාමේ සිද්ධියට ප්‍රතිචාර වශයෙන් මෙම ගුවන් ප්‍රහාර සිදුකර ඇති බවය. එම ගුවන් ප්‍රහාර අමෙරිකානු වේලාවෙන් ඊයේ දහවල් 12.30ට පමණ සිදුකර ඇති බව වාර්තා වෙයි. අමෙරිකා හමුදා සහ හවුල් හමුදා මෙම ප්‍රහාරට සහභාගී වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. “Operation Hawkeye Strike” ලෙස නම් කළ පළමු ප්‍රතිප්‍රහාරය පසුගිය දෙසැම්බර් 19 වන දින අමෙරිකා එක්සත් ජනපදය සහ ජෝර්දානය එක්ව ක්‍රියාත්මක කර…
ඩ්‍රෝන යානා නියාමනය සඳහා නිසි වැඩපිළිවෙළක් හඳුන්වාදෙන බව සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසයි. එහි අධ්‍යක්ෂ ජනරාල් කපිතාන් දමින්ද රඹුක්වැල්ල මහතා සඳහන් කළේ වාණිජමය වටිනාකමක් සහිත සියලු ඩ්‍රෝන යානා ලියාපදිංචි කළ යුතු බවය. “සිවිල් ගුවන් සේවා අධිකාරිය මේ ඩ්‍රෝන යානා නියාමනයක් සිදුකරනවා. ඇත්තටම ගත්තොත් මෙහි කොටස් දෙකක් තියෙනවා. ඒ කියන්නේ පුද්ගලයින් ගෙනයන ඩ්‍රෝන යානා සහ පුද්ගලයින් රහිත ඩ්‍රෝන යනා. මේවා සඳහා සිවිල් ගුවන් සේවා අධිකාරිය හැටියට විදිමත්ව ගුවන් ගත කිරීම සඳහා රෙගුලාසි හඳුවා දීලා තියෙනවා. අපි මේ වසරේ සිට එවා ක්‍රියාත්මක කිරීමට නියමිතයි. අපි මේක කලින් හඳුන්වා දුන්නේ වසර දෙකකට කලින්. ඇත්ත වශයෙන්ම කිව්වොත් මෙහි කොටස් වර්ග කිහිපයක් තියෙනවා ග්‍රෑම් 250…
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් පසුගිය 2025 වසර තුළ පාරිභෝගික දැනුවත් කිරීම් වැඩසටහන් 1,540ක් පවත්වා ඇති බව එම අධිකාරිය පවසයි. එම අධිකාරිය සඳහන් කළේ එය පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ ඉතිහාසය තුළ වසරක් තුළ වාර්තා වූ ඉහළම වැඩසටහන් සංඛාවද වන බවය. මෙම වැඩසටහන් දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදී ක්‍රියාත්මක කර ඇති අතර ඒ හරහා අධිකාරියේ නිලධාරීන් විසින් 120,000කට අධික පිරිසක් සෘජුව මුණගැසී දැනුවත් කිරීමටද කටයුතු කර ඇත. ඊට අමතරව විද්‍යුත්, ඩිජිටල් සහ මුද්‍රිත මාධ්‍ය ඔස්සේ පාරිභෝගිකයින් සහ වෙළෙඳුන් දැනුවත් කිරීම, නිරන්තරයෙන් සිදුවන බවත් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කළේය. එමෙන්ම මෙම 2026 වසරේදීත් මහජනතාව, පාසල් දරුවන් සහ වෙළෙඳ ප්‍රජාව ඉලක්ක…
මන්නාරම බොක්ක ප්‍රදේශයේ පවතින අඩුපීඩන ප්‍රදේශය තවදුරටත් දුර්වල වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ එම පද්ධතිය මගින් දිවයිනේ කාලගුණයට වන බලපෑම තවදුරටත් අඩුවෙමින් පවතින බවය. කෙසේවෙතත් මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් උතුර – උතුරු මැද, ඌව සහ නැගෙනහිර පළාත්වල වැසිවාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. වයඹ සහ මධ්‍යම පළාත්වල වැසි ස්වල්පයක් ඇතිවිය හැකියි. සෙසු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.…
වාහන ලියාපදිංචි කිරීමේදී හා අයිතිය පැවරීමේදී බදු ගෙවන්නන් හඳුනා ගැනීමේ අංකය (TIN) මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නව ලියාපදිංචි දත්ත පද්ධතියට සහ අයිතිය පැවරීමේ දත්ත පද්ධතියට ඇතුළත් කිරීම අනිවාර්යය කර තිබේ. එය ජනවාරි 5වනදා සිට ක්‍රියාත්මක බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් දන්වා සිටී. ඒ අනුව යතුරු පැදි, අත් ට්‍රැක්ටර්, ට්‍රැක්ටර්, ට්‍රැක්ටර් ටේලර් හා ත්‍රීවිල් හැර, අනෙකුත් සියලුම නව වාහන ලියාපදිංචියේදී හා අයිතිය පැවරීමක දී, අදාළ නව අයිතිකරුගේ ජාතික හැඳුනුම්පත් අංකය හෝ ව්‍යාපාර ලියාපදිංචි අංකය හා බදු ගෙවන්නන් හදුනා ගැනීමේ අංකය (TIN) දත්ත පද්ධතියටන්ට ඇතුළත් කිරීම අනිවාර්යය වේ.
අනුරාධපුර, ගලෙන්බිදුණුවැව ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් නිවසක් ගිනිතැබීමෙන් සිදුවු අනතුරකින් බරපතළ තුවාල ලබා රෝහල්ගත කර සිටි 15 හැවිරිදි දියණියත් ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙම ගිනි තැබීම පසුගිය (06) වනදා සිදු වූ අතර, ගින්නට හසුවී 43 හැවිරිදි ගිනි තැබූ පුද්ගලයා සහ ඔහුගේ 13 හැවිරිදි දියණිය එම ස්ථානයේම මියගොස් තිබුණි. ගිනිගැනීමෙන් ඇතිවූ බරපතළ තුවාල හේතුවෙන් මියගිය පුද්ගලයාගේ බිරිඳ, දරුවන් දෙදෙනා සහ නැන්දණිය තුවාල ලබා රෝහල්ගත කර තිබුණි. එහිදී රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් 36 හැවිරිදි බිරිඳ ද පසුගිය 06 වනදා ජීවිතක්ෂයට පත්ව ඇති බව ගලෙන්බිඳුණුවැව පොලීසිය සඳහන් කළේය. අද (10) උදෑසන අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි වයස 15 හැවිරිදි වැඩිමහල් දියණිය ජීවිතක්ෂයට පත්වී ඇති…
ව්‍යාජ ලේඛන සකස් කරමින් විදේශ රැකියා වංචා සිදුකළ සැකකරුවන් 5 දෙනෙකු ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ පොලිස් ඒකකය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. බොරලැස්ගමුව, මහරගම, නිට්ටඹුව සහ වත්තල යන ප්‍රදේශවල සිදුකළ වැටලීම්වලදී මෙම පුද්ගලයින් අත්අඩංගුවට ගත් බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේය. එම වැටලීම්වලදී ඩුබායි රාජ්‍යයේ රැකියා ලබාදීමට යොදාගන්නා ගිවිසුම් 10ක්, අයදුම්කරුවන්ගේ පෝරම 27ක්, අදාළ ලේඛන සකස් කළ පරිගණකයක්, රජයේ පාසල්වල විදුහල්පතිවරුන්ගේ, ආයතන කිහිපයකට අයත් විධායක ශ්‍රේණියේ රාජ්‍ය නිලධාරීන් කිහිපදෙනෙකුගේ සහ විශ්වවිද්‍යාල කථිකාචාර්යවරුන්ගේ ව්‍යාජ ලෙස සකස් කරන ලද නිල මුද්‍රා විශාල ප්‍රමාණයක්ද එහිදී අත්අඩංගුවට ගෙන තිබේ. මීට අමතරව වංචනික ලෙස සකස් කරන ලද අධ්‍යාපන සහතික සහ…