Author: LFN
ත්‍රීරෝද රථ සඳහා සුළු වෙනස්කම් සහිතව ධාවනයට අවසර දීමට පියවර ගන්නා බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි. එහි සහකාර කොමසාරිස් සුජීව තෙන්නකෝන් මහතා සඳහන් කළේ, කෙසේවෙතත් සෙසු වාහනවලට හෝ පදිකයින්ට අවහිරයක් වන ආකාරයට සකස් කළ කිසිදු ත්‍රීරෝද රථයකට ධාවනයට ඉඩ ලබානොදෙන අතර දැඩි නියාමනයක් සිදුකරන බවය. මිලියන 08ක් පමණ වන සමස්ත ලියාපදිංචි වාහනවලින් මිලියන 02ක් පමණ ත්‍රීරෝද රථ වීම විශේෂත්වයකි. තම තමන්ගේ ආශාවන් මත ත්‍රීරෝද රථය විවිධ වෙනස්කම්වලට ලක්කිරීම් අද සෑම ප්‍රදේශයකම දක්නට ලැබේ. ඒ අනුව ත්‍රීරෝද රථ සුළු වෙනස්කම් සහිතව ධාවනයට අවසර දීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. ඒ පිළිබඳව අදහස් දැක්වු එම දෙපාර්තමේන්තුවේ සහකාර කොමසාරිස් (කාර්මික)…
ජනාධිපති ධූරයට පත්වී වසරක් සම්පූර්ණවීම වෙනුවෙන් කිසිදු පදවිප්‍රාප්ත උත්සවයක් සංවිධානය නොකරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරීන්ට උපදෙස් දී තිබේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම උපදෙස් දෙනු ලැබූවේ ජනාධිපති පදවිප්‍රප්තිය වෙනුවෙන් උත්සව සංවිධානය කිරීම ගැන විවිධ පාර්ශව වලින් කෙරුණු ඉල්ලීම් සැලකිල්ලට ගෙනය. රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධූරයට පත්ව ලබන 20 දාට වර්ෂයක් සම්පූර්ණ වේ. 2022 ජුලි මස 20 දින පාර්ලිමේන්තුවේ ඡන්ද 134 ක් ලබා ගනිමින් රනිල් වික්‍රමසිංහ මහතා අනුප්‍රාප්තික ජනාධිපති ලෙස පත්වූ අතර එදිනට පසු දින එනම් ජුලි 21 වැනිදා රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අට වැනි ජනාධිපති ලෙස දිවුරුම් දුන්නේය. ගෑස් පෝලිම්, ඉන්ධන පෝලිම් ඇතුළුව රට අරාජිකත්වයට පත්ව තිබූ මොහොතක…
රටේ ආර්ථික බංකොලොත්භාවය සොයන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සභාපතිධූරය තමාට හිමිවීම සම්බන්ධයෙන් විපක්ෂය විරෝධය පළ කිරීම අමු පිස්සුවක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා එසේ විරෝධය පළ කරන දේශපාලන පක්ෂවලට දැනුම්දී ඇත. කමිටුවේ කටයුතු ආරම්භවීමටත් පෙර තමාගේ සභාපතිත්වය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සාධාරණ සහ යුක්ති සහගත නොවන බවත් විපක්ෂය විරෝධය පළ කළ යුත්තේ එම කමිටුවේ කටයුතු නිසියාකාරව නොවන්නේ නම් පමණක් බවත් ඔහු සඳහන් කළේය. කමිටුවේ කටයුතු හරියාකාරව සිදු නොවන්නේ නම් එම කමිටුවේදීම ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට විපක්ෂයට හැකියාව ඇති බව පැවසූ කාරියවසම් මහතා එවැනි කමිටුවක තමාට තනි මතයට කටයුතු කිරීමේ හැකියාවක් නැතැයිද ප්‍රකාශ කළේය. මෙම…
අකුරැස්ස මාකදුර තලහගම ප්‍රදේශයේ අවුරුදු එක හමාරක පමණ කුඩා දැරියක බොහෙත් කුප්පියක් උගුරේ සිරවී ආදපාන රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇතැයි පොලිසිය කියයි. මෙසේ මියගොස් ඇත්තේඊ.ජී. නෙත්මිණි සිහන්සා නමැති අවුරුද්දයි මාස පහක් පමණ වයසැති දැරියකි. අකුරැස්ස පොලිසිය වැඩ වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.
අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලයේ අනුමැතිය නොමැතිව නීති විරෝධීව දෙහිවල මල්වත්ත පාරේ පවත්වාගෙන ගිය බව කියන පුනරුත්ථාපන මධ්‍යස්ථානයක් වටලා එහි රඳවා පුද්ගලයින් 34 දෙනකු අත්අඩංගුවට ගත් බව දෙහිවල පොලිසිය කියයි. මෙම මධ්‍යස්ථානය පවත්වාගෙන ගිය බව කියන පුද්ගලයා ද මේ සමඟ සැකපිට අත්අඩංගුවට ගන්නා ලදැයි දෙහිවල පොලිසියේ නිලධාරියෙක් පැවැසීය. මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වී පුනරුත්ථාපනය ලබමින් සිටි බව කියන මෙම පුද්ගලයන් 34 දෙනා පොලිස් භාරයට ගෙන ඇත්තේ ඔවුන්ගේ ආරක්ෂාව සඳහා යැයි පොලීසිය පැවසීය.
යුක්‍රේන යුද ගැටුම් සම්බන්ධයෙන් ඉන්දු – ප්‍රංශ නායකයින් අතර සාකච්ඡා පවත්වා තිබේ. ඒ, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ප්‍රංශ සංචාරය අතරතුරදීය. යුක්‍රේන යුද්ධයේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් එහිදී අවධානය යොමුවී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. එමෙන්ම යුක්‍රේන යුද්ධයෙන් සංවර්ධනය වෙමින් පවතින රටවලට එල්ල වන බලපෑම පිළිබඳව ද ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ප්‍රංශ ජනාධිපති අතර සාකච්ඡාවී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඒ අනුව යුක්‍රේන අර්බුදය රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් විසඳා ගත යුතු බව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පවසා ඇත. එමෙන්ම ආහාර සුරක්ෂිතතාවයට දිගින් දිගටම එල්ල වන අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව සම්බන්ධයෙන් ද නායකයින් දෙපළ දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබේ.
පේරාදෙණිය රෝහලේදී එන්නතක් ලබාදීමෙන් පසු තරුණියක් මියයාමට හේතුවූ වූ එන්නත් කාණ්ඩය තාවකාලිකව භාවිතය අත්හිටුවීමට තීරණය කර තිබේ. මාධ්‍යට ප්‍රකාශයක් සිදුකරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසුවේ පේරාදෙණිය රෝහලට සහ මහනුවර රෝහලට ලබාදුන් එම එන්නත් කාණ්ඩ තාවකාලිකව භාවිතය අත්හිටුවන බවය. වැඩිදුරටත් අදහස් දැක්වූ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා, “පේරාදෙණිය රෝහලේ Ceftriaxone ඖෂධය ලබාදීම නිසා මියගිය දරුවාගේ ඒ මියයෑම පිළිබඳව මා වෙතින් ප්‍රශ්න කරනු ලැබුවා. ඒ අවස්ථාවේදී එම ඖෂධය භාවිතයෙන් ඉවත්කරනවාද නැද්ද යන්න මා විසින් ප්‍රශ්නයක් නැගුවා. ඒ අවස්ථාව වන විට ඒ මියගිය දරුවාට ලබාදුන් ඒ Ceftriaxone ඖෂධය ඒ වේලාවේදී අපිට වෙනත් නැත්වලින් එම ඖෂධය ලබාදීම…
ආණ්ඩුවේ තනතුරු ලබාගැනීම හේතුවෙන් පක්ෂ සාමාජිකත්වය තාවකාලිකව අත්හිටවු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයින් යළි එම තනතුරුවල පිහිටුවීමට ඊයේ (15) පියවර ගැනුණි. ඒ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමස්ත ලංකා කාරක සභාව සහ විධායක සභාව ඊයේ පෙරවරුවේ රැස්වූ අවස්ථාවේදීය. එම අවස්ථාවට ද ආණ්ඩුවේ තනතුරු ලබාගත් පක්ෂ සාමාජිකයින් එක්වී සිටියේය. අදාළ රැස්වීමේදී සිදුවූයේ ආණ්ඩුවේ තනතුරු ලබාගැනීම නිසා තාවකාලිකව අත්හිටුවා තිබු තනතුරුවලට අදාළ පක්ෂ සාමාජිකයින් පත් කිරීමය. එමෙන්ම අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික ධූරයට පත් කිරීමට ද මෙහිදී තීරණය කෙරුණි. මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් (14) පස්වරුවේ පැවැත්වුණි. ආණ්ඩුවේ තනතුරු…
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (16) දිනයේ වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, ඌව සහ නැගෙනහිර පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවය. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.
අවි පෙන්වා නිවැසියන් බිය ගන්වමින් මුදල් හා දේපොළ කොල්ලකෑම්වලට සම්බන්ධ සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට ඌරුබොක්ක පොලිසිය කටයුතු කර තිබේ. ඉකුත් 11 වනදා ඌරුබොක්ක පොලිස් වසමේ හීගොඩ ප්‍රදේශයේ පිහිටි නිවසකට කිසියම් පිරිසක් පැමිණ, ගිනි අවි පෙන්වා, නිවැසියන් බියගන්වා මුදල් සහ දේපොළ කොල්ලකෑමක් පිළිබඳ ඌරුබොක්ක පොලිස් ස්ථානයට වාර්තා වී ඇත. සිද්ධියට අදාළ සැකකරුවන් තිදෙනෙකු හා සැකකාරියක් මීට පෙර අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් පැමිණි මෝටර් රථය, මුදල් හා රන් භාණ්ඩද සොයාගැනීමට පොලිසියට හැකි වී තිබේ. පොලිසිය විසින් තවදුරටත් කළ විමර්ශනවලින් මෙම අපරාධය මෙහෙයවූ ප්‍රධාන සැකකරුවකු ඊයේ (15) ඇඹිලිපිටිය, කොලොන්න පොලිස් වසමේදී අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි. සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී අපරාධය සඳහා…