Author: LFN

අමෙරිකානු කථානායක සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර හමුවක් සිදුවී තිබේ. ඒ, අග්‍රාමාත්‍යවරයාගේ අමෙරිකානු සංචාරය අතරතුරය. ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වෙනුවෙන් ධවල මන්දිරයේ විශේෂ පිළිගැනීමේ උත්සවයක් සහ රාත්‍රී භෝජන සංග්‍රහයක් ද පැවැත්වුණි. ඒ සඳහා කථානායකවරයා මෙන්ම අමෙරිකානු කොංග්‍රස් මණ්ඩලයේ සාමාජිකයින් රැසක් එක්වී සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. එහිදී අමෙරිකානු කථානායකවරයා පවසා ඇත්තේ අග්‍රාමාත්‍යවරයා හමුවී අත්දැකීම් බෙදාගැනීමට හැකිවීම වැදගත් අවස්ථාවක් බවය. එමෙන්ම අමෙරිකාව සහ ඉන්දියාව අතර ඉතා ශක්තිමත් සම්බන්ධතාවයක් ඇති බවත්, අග්‍රාමාත්‍ය මෝදි එය වර්ධනය කර ශක්තිමත් කරන බවත් අමෙරිකානු කථානායකවරයා පවසා තිබේ.

Read More

මධ්‍ය ආදායම් ලබන රටවල් මුහුණදෙන අභියෝග සම්බන්ධයෙන් විධිමත්ව සහ කාර්යක්ෂමව කටයුතු කළයුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ප්‍රංශයේ පැරිස් නුවරදී ආරම්භ වූ නව මූල්‍ය ගිවිසුමක් සඳහා වන සමුළුවට සමගාමීව පැවති ඉහළ පෙළේ සාකච්ඡා වාරයට සහභාගී වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කර ඇත. මේ අතර මධ්‍ය ආදායම් ලබන රටවල් මුහුණ දෙන ණය ප්‍රතිව්‍යුහගතකරණය ඇතුළු අභියෝග සම්බන්ධයෙන් විධිමත් සහ කාර්යක්ෂම ලෙස කටයුතු කිරීමේ අවශ්‍යතාව පවතින බවද එහිදී ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් ලබා ඇති අත්දැකීම් මෙහිදී ගෙනහැර දැක්වූ ජනාධිපතිවරයා ණය හිමියන් සහ ණය ගැතියන් අතර වඩාත් උසස් ගනුදෙනුවක් ඇති කළ යුතු බව පෙන්වා දී…

Read More

පොදු දේපොළ පනත යටතේ චෝදනා ලබා සිටි අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටපු කැඳවුම්කරු උදුල් ප්‍රේමරත්න ඇතුළු විත්තිකරුවන් 22 දෙදෙනෙක් නිදොස් කොට නිදහස් කර තිබේ. කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා ඊයේ (23) එම නියෝගය ලබා දී තිබුණි. නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී විනිසුරුවරයා සිය තීරණය ප්‍රකාශයට පත් කරමින් සඳහන් කළේ විත්තිකරුවන්ට එරෙහි චෝදනා ඔප්පු කිරීමට තරම් ප්‍රමාණවත් සාක්ෂි මෙම නඩු විභාගයේ දී ඉදිරිපත් නොවූ බවය. ඒ අනුව විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කරන බවත් විනිසුරුවරයා සඳහන් කර ඇත. 2010 වසරේ ඔක්තෝබර් මස 14 වනදා කොළඹ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඉදිරිපිට උද්ඝෝෂණයක් සිදුකොට එහි දේපොළවලට අනර්ථයක් සිදුකළේ යැයි චෝදනා කරමින් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය…

Read More

ඌරගස්මංහන්දිය ප්‍රදේශයේ දී පොලීසිය සිදුකළ වෙඩි තැබීමකින් තුවාල වූ සැකකරුවෙකු ඇල්පිටිය රෝහලට ඇතුළත් කර තිබේ. තවත් පුද්ගලයෙකුට පහර දීමක් සම්බන්ධයෙන් සැකකරුව අත්අඩංගුවට ගැනීමට ගිය අවස්තාවේදී ඔහු තියුණු ආයුධයකින් පොලිස් නිලධාරීන්ට පහර දී තිබේ. එය වැළැක්වීම සඳහා පොලිස් නිලධාරීන් විසින් සැකකරුගේ පාදයට වෙඩි තබා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය. සැකකරු 26 හැවිරිදී පුද්ගයෙකු බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Read More

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනාධිපතිවරණයේදී අපේක්ෂකයෙක් වශයෙන් ඉදිරිපත් වනු ඇතැයි ආණ්ඩුවේ බොහෝ පිරිසක් බලාපොරොත්තුවෙන් පසුවන බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ඊයේ (23) පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු සඳහන් කළේ රනිල් වික්‍රමසිංහ මහතා අපේක්ෂකත්වයට ඉදිරිපත්වන්නේනම් ඔහුට සහාය පළ කිරීමට කිසිඳු ගැටලුවක් නොමැති බවය. “පොහොට්ටුවේ කවුරුත් තාම කියලා නෑ ඊළඟ මැතිවරණයේ දී රනිල් වික්‍රමසිංහ මහතාට උදව් කරනවා ද නැද්ද කියන ඒක අපි ප්‍රසිද්ධියේ කියන්නේ නෑ. හේතුව තාම ජනාධිපතිවරණයක් නම් කරලා නෑ. ජනාධිපතිවරණයක් නම් කරපු වෙලාවට අපි කියන්නම් අපේ අපේක්ෂකයා කවුද කියලා. එතුමා ගන්න සමහර තීන්දු ජනප්‍රිය තීන්දු නෙවෙයි. හැබැයි රටේ අනාගතය වෙනුවෙන් ගන්න තීන්දු මත රට යම්…

Read More

වෙළෙඳපොළේ එළවළු මිල මේ දිනවල යළිත් විශාල ලෙස ඉහළ ගොස් තිබේ. පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු තොග මිල ද ඊයේ (23) උදෑසන ඉහළ මට්ටමක පැවතුණ අතර කොළඹ හා ඒ අවට ප්‍රදේශවල පිහිටි පොළ සහ අලෙවිසැල්වල එළවළු සිල්ලර මිල ද මීට සමගාමීව ඉහළ ගොස් තිබුණි. දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ලැබෙන එළවළු තොග සීමා වී ඇති අතර ඒ සමග එහි එළවළු මිලද ඉහළ ගොස් ඇති ආකාරය දක්නට ලැබුණි.

Read More

රජය යෝජනා කර ඇති ‘අස්වැසුම’ සුබසාධක ප්‍රතිලාභ වැඩසටහනට එරෙහිව ඊයේ දිවයිනේ ප්‍රදේශ රැසක පදිංචි සමෘද්ධිලාභීන් විරෝධතාවයේ නිරත වුණි. විරෝධතාකරුවන් පවසන්නේ, දිළිඳු ජනතාව වෙනුවට සිය ප්‍රදේශවල පදිංචි නුසුදුස්සන් ‘අස්වැසුම’ ප්‍රතිලාභ ලැබීමට සුදුසුකම් ලැබීම ඉතා අසාධාරණ බවය. පවතින ආර්ථික අර්බුදයෙන් ජනතාව මුදා ගැනීම සඳහා ජනාධිපතිවරයාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක සමාජ ආරක්ෂක දැලෙහි එක් පියවරක් ලෙස ‘අස්වැසුම’ සුබසාධක ප්‍රතිලාභ වැඩසටහන රජය විසින් ආරම්භ කරනු ලැබීය. මේ යටතේ සංක්‍රාන්තික, අවදානමට ලක් වූ, දුප්පත් හා අන්ත දිළිඳු යන කාණ්ඩ 4ක් ඔස්සේ මුල්‍යධාර ලබාදීමට නියමිත අතර ආබාධිත තැනැත්තන්, වැඩිහිටි සහ වකුගඩු රෝගීන් සඳහා ද සුපුරුදු පරිදි අදාළ දීමනා ලබාදීමට සැලසුම් කර තිබේ. අයදුම්පත් කැඳවීමෙන් පසු මෙම සුබසාධක…

Read More

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඌව පළාතේත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු-මැද පළාතේත් පුත්තලම, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (40-45) ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකි බව දන්වා ඇත. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසට කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

Read More

කැනඩා රජය මගින් ශ්‍රී ලංකා රජයට එල්ල කරන විවිධ චෝදනාවලට විරෝධය පළ කර මඩකළපුව,වාලච්චේන, ඕටමාවඩි හා පොළොන්නරුව, අම්පාර යන නගරවල කඩ සාප්පු වසා හර්තාලයක් හා විරෝධාතවක් ක්‍රියාත්මක කර ඇති බවට වාර්තාවේ. LTTE ඩයස්පෝරාව මානව හිමිකම් කවුන්සලය වෙත ඉදිරිපත් කර තිබෙන කරුණු සහ කැනඩා රජය ලක් රජයට සිදුකරන අනවශ්‍ය අතපෙවීම්වලටත් විරෝධය පළ කරමින් එම නගරවල වෙළඳසල් 300 කට ආසන්න ප්‍රමාණයක් වසා, කළුකොඩි ඔසවා එම ප්‍රකාශවලට විරෝධය පළ කරමින් මෙම විරෝධය සංවිධානය කර තිබුණි. කල්කුඩා පීපල්ස් යන සංවිධානය මඟින් එම වසා ඇති වෙළඳසැල් ඉදිරිපිට අත් පත්‍රිකාවක්ද දමා ගොස් ඇති බවත්, මේ වනවිට ඕටමාවඩි හා වාලච්චේන නගර පුරා කළු කොඩි ඔසවා සම්පුර්ණයෙන්ම වෙළෙඳසල්…

Read More

රජය විසින් විශේෂ බැංකු නිවාඩු දිනයක් ප්‍රකාශයට පත්කර තිබේ. එහි දැක්වෙන්නේ 2023 ජුනි 30 වන සිකුරාදා විශේෂ බැංකු නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇති බවය.

Read More