Author: LFN
කළුතර නාගොඩ රෝහලේදී සිදුකළ angiogram පරීක්ෂණයක් සම්බන්ධයෙන් ඇතිවූ ගැටලුව හේතුවෙන් එම රෝහලට මහත් අපකීර්තියක් සිදුවී ඇති බව කළුතර නාගොඩ ශික්ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍ය භාතිය රණසිංහ මහතා පවසයි. කළුතර නාගොඩ රෝහලේදී හෘදයාබාධයක් හඳුනාගැනීමට කරන ලද angiogram පරීක්ෂණයක වාර්තාවක් සම්බන්ධයෙන් වෘත්තියෙන් ගුරුවරියක් වූ තරුණියක් සමාජ මාධ්‍යයේ සටහනක් යෙදීමේ සිදුවීම සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්විය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විශේෂඥ වෛද්‍ය භාතිය රණසිංහ මහතා, “මේ CD එකක් සම්බන්ධයෙන් තමයි සඳහන් කරලා තියෙන්නේ. දැනටත් CD එක පරීක්ෂණයක් කරලත් නෑ එකේ දත්ත තියනවාද ? නැද්ද ? කියලා. අපි දෙන CD හැම අවස්ථාවකදීම CD එක පරීක්ෂා කරලයි දෙන්නේ. මොකද අපිට තියෙන මැෂින් එක…
ශ්‍රී ලංකන් ගුවන් සේවයෙන් සියලුම ගුවන් නියමුවන් ඉවත්ව ගියත් විදේශිය ගුවන් නියමුවන් බඳවා ගනිමින් ශ්‍රී ලංකන් ගුවන්සේවය ඉදිරියට පවත්වාගෙන යන බව වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය. සිවිල් ගුවන්සේවා අධිකාරියේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ, ශ්‍රී ලංකන් ගුවන් සමාගම ප්‍රතිව්‍යුහගත කිරීමේදී ආයතනයේ පරිපාලන තීන්දු ගැනීමට අයෝජකයාට සම්පූර්ණ ඉඩකඩ ලබාදෙන බවයි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, ”කොවිඩ් අර්බුදය නිසා සමස්ත ලෝකයේම ගුවන් සේවාවන් අඩාල වුණා. ඒ නිසා ගුවන් යානා බොහෝමයක් බිම නවත්තලා තියන්න සිද්ධ වුණා. එහි ප්‍රතිඵලයක් වශයෙන් හුඟක් අයට රැකී රක්ෂා නැතිවුණා. ශ්‍රී ලංකා ගුවන් සේවයේ නම්…
මහ බැංකුව මඟින් අඩු කළ පොලී අනුපාත ඉදිරි සති කිහිපය ඇතුළත අඩු කිරීමට පියවර ගනු ඇතැයි අපේක්ෂා කරන බව ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දු මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ, තැම්පතු සහ ණය පිළිබඳ ගණනයක් කිරීමෙන් අනතුරුව පොලී අනුපාතයන් අඩු කිරීමට හැකි වන බවය. පොලී අනුපාත අඩු වීම සමඟ ණය සඳහා අය කෙරෙන පොලියද අනිවාර්යයයෙන්ම අඩු විය යුතු බව ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි. මේ අනුව එහි ප්‍රතිලාභ ජනතාවට ද ලැබෙන බව ධනනාත් ප්‍රනාන්දු අවධාරණය කරයි.
පොලිස්පති සී. ඩී. වික්‍රමරත්නට ලබාදුන් මාස 03 ක සේවා දිගුවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය ලැබ ඇත. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා දායක සභාව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊ පෙරවරුවේ රැස්විය වික්‍රමරත්න මහතාට මෙම සේවා දිගුව දෙනු ලැබුයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසිනි
වැටුප් රහිත නිවාඩු( දේශීය හා විදේශීය) ලබාගන්නා රජයේ නිලධාරින්ගේ විශ්‍රාම වැටුපට එම නිවාඩු කාල සීමාවෙන් කිසිදු හානියක් නොවන බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් කේ ඩී එන් රංජිත් අශෝක මහතා අමාත්‍යාංශ ලේකම්වරුන්ට, පළාත් ප්‍රධාන ලේකම්වරුන්ට සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට චක්‍රලේඛයකින් දැනුම්දී ඇත. එසේම ඔවුන් වැටුප් රහිත නිවාඩු ලබා ගැනීමට පෙර දින පැවති ජ්‍යෙෂ්ඨතාවයද නැවත රාජකාරියට වාර්තා කළ පසු කිසිදු වෙනසක් නොවන බවද එම චක්‍රලේඛයේ දැක්වේ. නිලධාරීන්ගේ වැටුප් රහිත නිවාඩු කාලසීමාව ජ්‍යෙෂ්ඨතාවය සඳහා අදාළ කර නොගැනීමට කැබිනට් මණ්ඩලය පසුගිය 10 වැනිදා තීරණය කළ බවද එහි සඳහන් වේ. රජයේ අරමුදල් මත ක්‍රියාත්මක වන රාජ්‍ය ව්‍යවසායන්හි නිලධාරීන්ට එම…
විශාල ප්‍රදේශයක පැතිරීම සහ දේපොළ හානියක් සිදුකළ හැකි රටවල් සියයකට වැඩි සංඛ්‍යාවක් තහනම් කර ඇති CLUSTER BOMBS නැත්නම් පොකුරු බෝම්බ අමෙරිකාවෙන් තමන්ට ලැබුණු බව යුක්‍රේනය ප්‍රකාශ කර තිබේ. අමෙරිකාව මෙලෙස යුක්‍රේනයට පොකුරු බෝම්බ සපයා ඇත්තේ, ජනපති ජෝ බයිඩන් විසින් ප්‍රකාශයට පත් කළ ඩොලර් මිලියන 800ක නවතම යුදෝපකරණ පැකේජයට අනුකූලවය. යුක්‍රේනයට පොකුරු බෝම්බ මේ වනවිට සපයා ඇති බව අමෙරිකානු පෙන්ටගනය ද සනාථ කර ඇත. මෙම පොකුරු බෝම්බ රුසියාව විසින් අත්පත් කරගත් යුක්‍රේන ප්‍රදේශවල මිස රුසියාවට එල්ල නොකරන බවට ප්‍රතිඥාවක් ලබාදී ඇතත්, යුක්‍රේනයට එරෙහිව ඊට සමාන අවි යොදාගන්නා බව රුසියාව දැනටමත් ප්‍රකාශ කර තිබෙන බව විදෙස් මාධ්‍ය පවසයි. යුද්ධයට දින 500ක් එළැඹී…
කොළඹ කොටස් වෙළෙඳපොළෙහි සියලු කොටස් මිල දර්ශකය ඊ (14) වාර්තාගත ලෙස ඉහළ ගියේය. ඒ අනුව අද දින වෙළෙඳපොළ කටයුතු නිමවන විට සියලු කොටස් මිල දර්ශකය සඳහන් වූයේ ඒකක 10,595.02ක් ලෙසට ය. අද දිනය තුළ කොටස් මිල දර්ශකය ඒකක 103කින් ඉහළ ගිය අතර දිනයේ පිරිවැටුම සඳහන් වූයේ රුපියල් බිලියන 2.7ක් වශයෙනි.
දකුණු ඉන්දීය සුපිරි නළු රජනි ඛාන්ත් ඊයේ (14) දහවල් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබේ. ඉන්දියාවේ චෙන්නායි සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 122 දරන ගුවන් යානයෙන් ඊයේ දහවල් පෙරවරුවේ 11.30 ට පමණ කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණි බව . එහිදී රජනි ඛාන්ත් කටුනායක ගුවන්තොටුපොළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත කැඳවා විශේෂ පිළිගැනීමකට ලක් කර තිබිණි.
නව කැලණි පාලමේ ඇණ මුරිච්චි හා තඹ කම්බි කපාගෙය යාම හේතුවෙන් එහි ආලෝකකරණ පද්ධතිය ක්‍රියාත්මක කිරීමට මේ වන විට නොහැකි වී ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි. එහි අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊයේ (14) කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී පැවසුවේ, කටුනායක අධිවේගී මාර්ගයේද ඇතැම් ස්ථානවලින් තඹ කම්බි කැපීම හේතුවෙන් රුපියල් මිලියන 270ක පමණ පාඩුවක් රජයට සිදුව ඇති බවය. 2021 වසරේ නොවැම්බර් 21 වනදා නව කැලණි පාලම හෙවත් කල්‍යාණි රන් පිවිසුම විවෘත කෙරිණි. ඒ සඳහා වියදම් කර ඇති මුදල රුපියල් බිලියන 50කි. කෙසේ වෙතත් මේවන විට එහි ආලෝකකරණ පද්ධතිය ක්‍රියාත්මක කිරීමට නොහැකි තත්ත්වය උත්දගත වී තිබේ. ඒ පාලම ආශ්‍රිතව ඇති නොයෙකුත් උපාංග අවට සිටින…
ශ්‍රී ලංකා පාකිස්තාන ටෙස්ට් තරගාවලිය නොමිලයේ නැරඹීම සඳහා ක්‍රීඩාලෝලීන්ට අවස්ථාව ලබාදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ බව පවසයි. ඒ අනුව ජුලි 16 වනදා ගාල්ලේදී ආරම්භ වීමට නියමිත පළමු ටෙස්ට් තරගය මෙන්ම ජුලි මස 24 වනදා කොළඹ SSC පිටියේදී ඇරඹෙන දෙවන ටෙස්ට් තරගයද නොමිලයේ නැරඹීමේ අවස්ථාව හිමිවනු ඇති. මේ අතර අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ මේ වනවිටත් එම තරගාවලියේ තරග නැරඹීම සඳහා මුදල් ගෙවා ටිකට් පත් මිලදී ගත් පුද්ගලයින් වෙත අදාළ මුදල් නැවත ගෙවීමටද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇති බවය.