Author: LFN

ජුනි මස 30 වනදා රජය විසින් විශේෂ බැංකු නිවාඩු දිනයක් ලෙස නිවේදනය කර ඇති බැවින් එදින කොළඹ කොටස් වෙළෙඳපොළ ද නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබේ. මීට පෙර රජය විසින් එළැඹෙන සිකුරාදා දිනය විශේෂ බැංකු නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කළේය. මේ සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් මහ බැංකු අධිපතිවරයා පවසා සිටියේ, දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්පුර්ණයෙන් අවසන් කිරීම සඳහා අවශ්‍ය කාලය ලබාගැනීමට ජූනි 30 වනදා බැංකු නිවාඩු දිනයක් බවට පත්කළ බවය. ඒ අනුව රජය සහ මුදල් අමාත්‍යාංශය එක්ව මේ මස 30 වන දින බැංකු නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කළ බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Read More

තාක්ශනයයේ දියුණුවත් එක්ක හරි අපූරු දේවල් නිර්මාණය කරන්න පුලුවන්. සමහර වෙලාවට වියැකී ගිය අතීතය කෙලෙසද කියන එක ගැන මවා පෙන්වන්න පවා තාක්ශනයට හැකියාව තියෙනවා. ඔබ ශ්‍රී ලංකාවේ විවිධ වෙලඳ දැන්වීම්වල පවා ඒ තාක්ශනය ප්‍රයෝජනය ගත් ආකාරය දකින්නට ඇති.. කයිරෝවේ ඊජිප්තු ශිෂ්ටාචාරයේ ජාතික කෞතුකාගාරයේ ඇති මමියක් මත පදනම්ව, අක්නාටන්ගේ මව සහ ටූටන්කාමන්ගේ ආච්චි වන ටියේ රැජිනගේ (ක්‍රි.පූ. 1338) මුහුණ නැවත ප්‍රතිසංස්කරණය කර තිබෙනවා.

Read More

අස්වැසුම සහනාධාර වැඩසටහනට ඇතුළත් නොවූ පවුල්වලට සිය දුක්ගැනවිලි ලබන මස 10 දක්වා බාරදීමට හැකියාව පවතින බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය. අභියාචනා සමෘධි සංවර්ධන නිලධාරින්ට හෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට බාරදීමට හැකි බවද ඔහු සඳහන් කළේය. එම සහනාධාර පෙර දුන් ප්‍රමාණයටත් වඩා ලබාදීමට බලාපොරොත්තු වන බව පැවසූ අග්‍රාමාත්‍යවරයා සැබෑ අඩු ආදායම්ලාභී පවුල් මෙම වැඩසටහනට ඇතුළත් කර ගැනීම සඳහා සියලු දෙනා සමඟ එක්ව කටයුතු කරන්නැයි ඉල්ලීමක් කරන බවද ප්‍රකාශ කළේය. මහජන නියෝජිතයන් සහ රාජ්‍ය නිලධාරීන් නිලධාරීන් සියලු දෙනා එක්ව මෙම වැඩසටහන සාර්ථක කර ගැනීමට කැපවිය යුතු බවත් අඩු ආදායම්ලාභීන් හා විවිධ රෝගවලට ගොදුරු වී ඇති ජනතාව කිසිවකුට මෙම සහනාධාර අහිමි කිරීමට ඉඩ…

Read More

රට තුළ සංසරණය වන නීති විරෝධී ගිනි අවි සහ අත්බෝම්බ අත්අඩංගුවට ගැනීම සඳහා වැටලීම් කළ පොලිස් නිලධාරීන් සහ ඔත්තුකරුවන්ට ලබා දෙන ත්‍යාග මුදල ඉහළ නැංවීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ උපදෙස් සහිතව නිකුත් කළ ලේඛනය දේශීයව නිෂ්පාදනය කරන ලද ගිනිඅවි සඳහා වලංගු නොවන බව පොලීසිය පවසනවා. ඊයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව පැවසුවේ එම මුදල් ත්‍යාග ලබාදීමේ තීරණය වලංගු වන්නේ විදේශීය රටවල නිෂ්පාදනය කළ ගිනි අවි සඳහා පමණක් බවයි.

Read More

සිය අමෙරිකානු සංචාරය නිමා කළ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මේවනවිට ඊජිප්තුවට පැමිණ සිටිනවා. ඒ, රාජ්‍ය සංචාරයක් සඳහායි. ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සිය ධූර කාලය අතරතුර ඊජිප්තුවට පැමිණි පළමු අවස්ථාවද මෙය වනවා. මෙම රාජ්‍ය සංචාරය සිදු කරන්නේද ඊජිප්තු ජනාධිපති අබ්දෙල් ෆටා අල්සිසී ගේ ආරාධනයකට අනුවයි. ඒ අනුව, ඊජිප්තුවට පැමිණී ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සහ ඊජිප්තු ජනාධිපතිවරයා අතර ද්විපාර්ශ්වික සාකච්ඡා වටයක්ද පැවැත්වුණා. එහිදී ද්විපාර්ශවීය සබඳතා වර්ධනය කර ගැනීම සහ ගෝලීය හා කලාපීය අභියෝග සම්බන්ධයෙන් සාකච්ඡා කෙරුණු බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ. ද්වාපාර්ශ්වික සාකච්ඡාවලට සමගාමිව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ඊජිප්තු ජනාධිපති අබ්දෙල් ෆටා අල්සිසී අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තබා තිබෙනවා.

Read More

මරණ දඬුවම නියම වී වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියෙක් ඉන් පළාගිය පුවතක් ඊයේ (25) වාර්තාවුණි. බන්ධනාගාර නිලධාරියෙකුගේ වෙස් ගෙන පළාගොස් තිබූ ඔහු අල්ලා ගැනීමට බන්ධනාගාර නිලධාරීන් සමත්ව තිබුණි. වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් වෙනුවෙන් ආගමික වැඩසටහනක් බන්ධනාගාරය තුළ ඊයේ සංවිධාන කර ඇත. ඒ පෙරවරු 9.30ට පමණ බව සඳහන් වේ. මරණීය දණ්ඩනය නියමවූ රැඳවියෙකු ද ඒ සඳහා එක්ව සිට ඇති අතර ස්වල්ප වේලාවකට පසු ඔහු ඉතා සුක්ෂ්මව එම ස්ථානයෙන් ඉවතට ගොස් ඇති බව අනාවරණය වී ඇත. එම රැඳවියා බන්ධනාගාර නිලධාරියෙකුගේ නිල ඇඳුමට සමාන ඇඳුමකින් සැරසී බන්ධනාගාරයේ ප්‍රධාන දොරටුවෙන් ම පිටතට පැමිණ ඇති බව වාර්තා වේ. එලෙස පිටතට ආ ඔහු ත්‍රිරෝද රථයක නැගී එම…

Read More

කැලණියේ සිදුවූ වෙඩි තැබීමෙන් තිදෙනෙකු තුවාල ලබා තිබේ. කැලණිය දිප්පිටිගොඩ ප්‍රදේශයේ ඊයේ (25) පස්වරු 4.15ට පමණ වෙඩි තැබීමක් සිදුව තිබුණි. දිප්පිටිගොඩ ප්‍රාථමික විද්‍යාලය අසල මාර්ගයක සිටි පිරිසකට යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩි තබා පළාගොස් ඇත. වෙඩි වැදීමෙන් තුවාල ලැබු පුද්ගලයින් තිදෙනෙකු රෝහල් ගත කර ඇති බව වාර්තා විය. ටී 56 ගිනිඅවියකින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති අතර උණ්ඩ 30 කට වැඩි සංඛ්‍යාවක් එල්ල කර ඇති බව පොලීසිය පවසයි. වෙඩි වැදුණු පුද්ගලයින් “දිප්පිටිගොඩ ළහිරු” නමැති අපරාධ කල්ලි සාමාජිකයාගේ කණ්ඩායමේ පිරිසක් බවට මේ වනවිට පොලීසිය අනාවරණය කරගෙන තිබේ. වෙඩිතැබීම සිදුකර ඇත්තේ “කඩවත කල්ප” නමැති අපරාද කල්ලි සාමාජිකයාගේ කණ්ඩායම විසින් වන අතර, දෙපාර්ශ්වය…

Read More

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරග වටයේ B කාණ්ඩය යටතේ තරග වැදුණු ශ්‍රී ලංකාව, ස්කොට්ලන්තය සහ ඕමානය යන කණ්ඩායම් සුපිරි 6දෙනාගේ වටයට තේරීපත්ව ඇත. A කාණ්ඩය යටතේ තරග වැදුණු බටහිර ඉන්දීය කොදෙව්, නෙදර්ලන්තය සහ සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායම් ද සුපිරි 6දෙනාගේ වටයට තේරීපත් විය. ඒ අනුව ශ්‍රී ලංකාව, ස්කොට්ලන්තය, ඕමානය, බටහිර ඉන්දීය කොදෙව්, නෙදර්ලන්තය සහ සිම්බාබ්වේ යන කණ්ඩායම් සුපිරි 6දෙනාගේ වටයට තේරීපත් විය. ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරග වටය සිම්බාබ්වේ හිදී පැවැත් වේ. සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබන කණ්ඩායම් දෙක ඉන්දියාවේ පැවැත්වෙන එක්දින ලෝක කුසලානයට සුදුසුකම් ලබනු ඇත.

Read More

එළඹෙන ජුනි 30 වනදා ද ඇතුළුව ජුනි 29 වනදා සිට ජුලි 03 වනදා දක්වා දීර්ඝ බැංකු නිවාඩුවක් ප්‍රකාශයට පත්කෙරුණේ මෙරට දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ ක්‍රියාවලිය සඳහා අවශ්‍ය කාලය ලබාගැනීමට බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි. ඊයේ (25) පස්වරුවේ විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් මහබැංකු අධිපතිවරයා මේ බව සඳහන් කළේය. එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ ක්‍රියාවලිය තුළ දී මෙරට කිසිදු බැංකුවක කිසිදු තැන්පතුවකට හානියක් නොවන බවය.

Read More

වත්මන් පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න මහතාට ලබා දී ඇති සේවා දිගුව (26) දිනෙන් අවසන් වීමට නියමිතව ඇත. පොලිස්පතිවරයා පසුගිය මාර්තු මස 26 වනදා විශ්‍රාම යාමට නියමිතව තිබුණ ද ඔහුට මාස තුනක සේවා දිගුවක් ලබාදීමට ජනාධිපතිවරයා පියවර ගෙන තිබුණි. කෙසේවෙතත් එම කාලය හෙට දිනයෙන් අවසන් වන අතර ඉන් අනතුරුව නව පොලිස්පතිවරයෙකු පත්කළ යුතුව තිබේ. කෙසේවෙතත් මේ දක්වාත් ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගෙන නොමැති අතර විදෙස් ගතව සිටින ජනාධිපතිවරයා දිවයිනට පැමිණිමෙන් අනතුරුව ඒ පිළිබඳ තීරණයක් ගනු ඇති. පොලිස්පති ධුරය සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව වෙත ඉදිරිපත් කිරීමෙන් පසු එහි අනුමැතිය හිමිවිය යුතු වේ. මේ අතර වත්මන් පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාට දෙවන වරටත් සේවා…

Read More