Author: LFN
ලංකා විදුලි බල මණ්ඩලය විසින් පසුගියදා සිදුකළ විදුලි ගාස්තු ඉහළ දැමීමට ගත් තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා මහජන උපයෝගිතා කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායක ඇතුළු පිරිසක් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීම සඳහා ලබන 19 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළා. ඒ, එම පෙත්සම් ප්‍රීති පද්මන් සූරසේන සහ මහින්ද සමයවර්ධනගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ ඊ කැඳවනු ලැබු අවස්ථාවේදියි. එහිදී විනිසුරු මඩුල්ල නියම කළේ අදාළ පෙත්සම් සලකා බැලීම සඳහා ලබන 19 වනදා කැඳවන ලෙසයි. පෙත්සම්කරුවන් කියා සිටින්නේ විදුලි ගාස්තු සංශෝධනය කිරීමට මෑතකදී ලංකා විදුලිබල මණ්ඩලය ගත් තීරණය සඳහා මහජන උපයෝගිතා කොමිසමේ විධිමත් අවසරයක් ලැබී නොතිබූ බවයි.…
ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය සඳහා නතර කරන විට පාකිස්තාන කණ්ඩායම ප්‍රබල ස්ථානයක පසුවිය. ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර ගාල්ලේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවන දිනය අවසානයේදී වර්ෂාවෙන් බාධා එල්ලවීමත් සමඟ අද දිනට තරගය නිමා කිරීමට තීරණය කර තිබේ. ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින පාකිස්තාන කණ්ඩායම අද දිනයට තරගය නිමා කරන විට කඩුලු 5ක් දැවී ලකුණු 221ක් රැස්කර ගෙන සිටී. නොදැවී පන්දුවට පහරදෙමින් සිටින Agha Salman 61ක් සහ Saud Shakeel 69ක් රැස්කරගෙන සිටී. පන්දු යැවීමේ ප්‍රභාත් ජයසූරිය කඩුලු 3ක් සහ කසුන් රාජිත, සහ රමේෂ්…
අමෙරිකාවේ වොෂින්ටන් හි ටකෝමා ප්‍රදේශයේ අධිවේගී මාර්ගයක සිදුවු රිය අනතුරකින් පුද්ගලයින් හය දෙනෙකු මියගොස් තිබේ. අනතුරින් තවත් තිදෙනෙකු තුවාල ලබා ඇති අතර ඉන් එක් අයෙකුගේ තත්ත්වය බරපතල බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. අධික වේගයෙන් ගමන් කළ මොටර් රථ දෙකක් එකිනෙක ගැටී මෙම අනතුර සිදුව තිබේ. කෙසේවෙතත් අනතුර සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කිරීමට ටකෝමා රථ වාහන පොලීසිය පියවර ගෙන ඇති අතර එම අධිවේගි මාර්ගයේම (16) සිදුවු තවත් අනතුරකින් තවත් පුද්ගලයින් 08 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කර තිබේ.
යක්කල බෝගමුව ප්‍රදේශයේ නිවාස සංකීර්ණයක සිව්වන මහලෙන් ඇදවැටීමෙන් කාන්තාවක් මියගොස් තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ අදාළ නිවාස සංකීර්ණයේ පදිංචිව සිටි 31 හැවිරිදි වියේ පසුවූ එක්දරු මවකි. අදාළ කාන්තාව සිය සැමියා සහ 7 හැවිරිදි වියේ පසුවන දියණිය සමග එහි කුළී පදනම මත පදිංචිව සිට ඇති බව වාර්තාවෙයි. මියගිය කාන්තාව සහ ඇයගේ සැමියා අතර නිරන්තරයෙන් ආරවුල් ඇතිව තිබෙන බවට මූලික පොලිස් පරීක්ෂණවලදී හෙළිවී තිබේ. කෙසේ වෙතත් අදාළ කාන්තාවගේ මරණය සියදිවි නසා ගැනීමක් ද එසේ නොමැති නම් ඝාතනයක් ද යන්න සම්බන්ධයෙන් සෙවීම සඳහා වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත. බෙම්මුල්ල පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ කටයුතු ආරම්භ කර තිබේ.
සුරාබදු දෙපාර්තමේන්තුව ගත වු මාස 6තුළ දිවයින පුරා වැටලීම් 20,121ක් සිදුකර තිබේ. අදාළ වැටලීම්වලදී පුද්ගලයන් 20,121ක් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කරයි. අත්අඩංගුවට ගත් පිරිස අතරින් 2,687 දෙනෙකු කාන්තාවන් වන බව වාර්තා වෙයි. දිවයින පුරා පිහිටි සුරාබදු ස්ථාන 57ක් හා සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකක 5ක් මගින් සහ සුරාබදු මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය මගින් සිදුකරන ලද වැටලීම්වලින් මෙම අත්අඩංගුවට ගැනීම් සිදුකර තිබේ.
ඖෂධ සම්බන්ධයෙන් එල්ල වන චෝදනා පිළිබඳව කරුණු සොයාබැලීමට සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා විශේෂඥ කමිටුවක් පත් කර තිබේ. වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය දේදුනු ඩයස් එහි සභාපතීත්වය දරණ අතර මහාචාර්ය චන්දිම ජීවන්දර, මහාචාර්ය ප්‍රියදර්ශනී ගලප්පත්ති, ආචාර්ය සෙනිත ලියනගේ, මහාචාර්ය නිතුෂි සමරනායක, මහාචාර්ය එස්. එස්. පී වර්ණකුලසූරිය සහ ආචාර්ය ෆිලිප් එච්.ලී එහි සාමාජිකයන් වෙයි. පසු ගිය දින කිහිපයේම එන්නත් ලබාදීමෙන් අනතුරුව සිදු වූ සැකකටයුතු මරණ සහ අසාත්මිකතා පිළිබඳ සිද්ධි කිහිපයක් රජයේ රෝහල්වලින් වාර්තා වී තිබුණි.
රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා ඊයේ (17) පෙරවරුවේ එප්පාවල පිහිටි ලංකා රාජ්‍ය පොස්පේට් සමාගමේ නිරීක්ෂණ චාරිකාවක නිරත වුණි. එහිදී එම සමාගමේ නොසන්සුන් තත්ත්වයක් හටගත්තේය. ඒ, එම ආයතනයේ ගැටලුකාරී ගනුදෙනු කිහිපයක් පිළිබඳව විමසීමක් සිදුකළ අවස්ථාවේදීය. එහිදී සේවකයින් අමාත්‍යවරයාට පෙන්වා දුන්නේ ආයතනයට අවශ්‍ය නොවන වර්ගයේ ඇඹරුම් යන්ත්‍ර අමතර කොටස් ගෙන්වීමෙන් රුපියල් ලක්ෂ ගණනක පාඩුවක් සිදුව ඇති බවය. අදාළ වංචාව සිදුකර ඇතැයි පැවසෙන විධායක නිලධාරිවරයෙකුට සේවකයින් අමාත්‍යවරයා ඉදිරියේදීම පහරදීමට උත්සාහ කළ අතර එය ව්‍යර්ථ වූයේ පොලීසියේ මැදිහත්වීමෙනි.
වයස මාස හතරේදී ලබාදිය යුතු බවට සෞඛ්‍ය අංශ නියම කර ඇති එන්නත ලබාගත් කුලියාපිටියේ බිළිඳියක් ඊට පසුදින මිය ගොස් තිබේ. සෞඛ්‍ය අංශ වෙත ඒ සම්බන්ධව විවිධ චෝදනා එල්ල වුවද, රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමය පවසන්නේ එය එන්නතේ ගැටලුවක් මත සිදුවූ මරණයක් විය නොහැකි බවය. සෞඛ්‍ය අංශ විසින් මාස 4දී නියම කර ඇති එන්නත කුලියාපිටිය, ඉහළගොමුගොමුවේ පදිංචි මාස 4ක බිළිඳියකට හෙට්ටිපොළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේදී ඉකුත් සෙනසුරාදා ලබා දී තිබුණි. ඉන් පසුව නිවසට ගෙන ආ බිළිඳිය පසු දින අලුයම මිය ගොස් සිටි බව පවුලේ ඥාතීන් පැවසීය. බිළිඳියගේ පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ (17) පැවති අතර අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා ඒ පිළිබඳ විවෘත තීන්දුවක්…
පාර්ලිමේන්තු මන්ත්‍රී නාලන්ද එල්ලාවල ඝාතනය පාදකකොටගෙන 1997 වසරේ එක්සත් ජාතික පක්ෂ සාමාජිකයන්ගේ නිවාස ගිනිතබා විනාශ කිරීම සම්බන්ධයෙන් වූ නඩුවෙහි තීන්දුව ඊයේ රත්නපුර මහාධිකරණයේදී ප්‍රකාශයට පත් කර තිබේ. ඒ අනුව චෝදනාවට වරදකරුවන් වූ රත්නපුර ප්‍රාදේශිය සභාවේ හිටපු සභාපති සුදත් දිසානායක හා හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී රණවක කළුආරච්චි ඇතුළු 7 දෙනෙකුට බරපතළ වැඩ සහිතව වසර 5 1/2 ක සිර දඩුවම් නියම කෙරුණු අතර තවත් දෙදෙනෙකුට වසර 7 1/2ක සිර දඩුවම්ද නියම කර ඇත.
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, ඌව පළාතේත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවය. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත්, මොනරාගල, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී 40-45ක පමණ තරමක් තද සුළං ඇතිවිය හැකිය. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.