Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LFN
ජුලි මස පළමු වනදා සිට ක්‍රියාත්මක වන සංශෝධිත ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ගාස්තු ප්‍රකාශයට පත්කර තිබේ. 2023 ජූනි මස 23 වන දිනැති අංක 2337/27 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි ගාස්තු සහ නියෝජිතායතන අලුත් කිරීමේ ගාස්තු සංශෝධනය කළේය. මේ අතර රැකියා සඳහා විදේශ ගතවන සෑම ශ්‍රි ලාංකිකයෙකුම කාර්යාංශයේ ලියාපදිංචි වීම අනිවාර්ය කර තිබේ. එසේම විදේශ රැකියා නියෝජිතායතනයක් පවත්වාගෙන යාම සඳහා කාර්යාංශය විසින් බලපත්‍ර ලබාදෙනුයේ වසරක කාලසීමාවක් සඳහා වන අතර, එම ආයතනය තවදුරටත් පවත්වාගෙන යන්නේ නම් බලපත්‍රය දීර්ඝ කිරීම සඳහා කාර්යාංශයේ අනුමැතිය ලබාගැනීම පනතේ විධි විධාන යටතේ සිදුකළ යුතුවේ. වැඩිදුර තොරතුරු, කාර්යාංශයේ පැය…
පාර්ලිමේන්තුවේදී දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩසටහනට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරන බව සමගි ජන බලවේගය පවසයි. තම පක්ෂය එලෙස දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩසටහනට විරුද්ධව කටයුතු කිරීමට තීරණය කළ බව එම පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවසීය.
දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය ගැන ජනාධිපති මාධ්‍ය අංශය විසින් විශේෂ රූපවාහිනී සාකච්ඡාවක් සිදුකර තිබේ. ඒ සඳහා ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශක ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග, මුදල් අමාත්‍යංශ ලේකම් මහින්ද සිරිවර්ධන සහ මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ යන මහත්වරුන්ගේ සහභාගී විය.
කොළඹ – අවිස්සාවේල්ල මාර්ගයේ මාකුඹුර ප්‍රදේශයේදී සිදු වු රිය අනතුරකින් හෝමාගම විශේෂ අපරාධ විමර්ශන අංශයේ රාජකාරි කළ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයකු මිය ගොස් තිබෙනවා. ඔහු ගමන් ගත් යතුරුපැදිය ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි බස් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ. ඉන් බරපතළ තුවාල ලබා ඊයේ හෝමාගම රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගිය පොලිස් පරීක්ෂකවරයා 47 හැවිරිදි පානදුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (29) යාපනයේ සංචාරයක නිරත වී තිබේ. එහිදී හිටපු ජනාධිපතිවරයා රදගුරු ජස්ටින් බර්නාඩ් ඥානප්‍රගාසම් (Justin Bernad Gnanapragasam) පියතුමන් හමුව ඇත. මෙම හමුව යාපනයේ පිහිටි බිෂොප් මන්දිරයේදී සිදුව තිබුණි. යාපනයේ පවතින ගැටලු සහ රටේ තත්ත්වය පිළිබඳ මෙහිදී සාකච්ඡා කර ඇති අතර එම අවස්ථාවට ශ්‍රීලනිප පාර්ලිමේන්තු මන්ත්‍රී අංගජන් රාමනාදන්, ශ්‍රීලනිප ජාත්‍යන්තර කටයුතු ලේකම් සජින් ද වාස් ගුණවර්ධන, ආචාර්ය චමිල ලියනගේ, පොළොන්නරුව ප්‍රධාන ආසන සංවිධායක දහම් සිරිසේන මහතා ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ. මෛත්‍රීපාල සිරිසේන මහතා ආගමික නායකයින් පිරිසක් ද හමුව ඇති අතර, එහිදී ආගමික සහජීවනය හා යාපනය ජනතාවගේ ගැටලු පිළිබඳ සාකච්ඡා කර තිබේ. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන…
ලෝක කුසලාන තරගාවලියට සහභාගී වීමට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ සුපර් සික්ස් වටය අද (29) ඇරඹෙයි. එහි පළමු තරගය ඕමානය සහ සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවැත්වෙයි. එහි කාසියේ වාසිය දිනාගත් ඕමාන කණ්ඩායම පළමුව පන්දුවට පහරදීම සඳහා සිම්බාබ්වේ කණ්ඩායමට ආරාධනා කළේය.
හිටපු රාජ්‍ය ඇමතිනි විජයකලා මහේෂ්වරන් මහත්මිය අද (29) උදෑසන මුන්දලම ප්‍රදේශයේ දී රිය අනතුරකට මුහුණදී තිබෙනවා. අප වාර්තාකරු පැවසුවේ අනතුරින් පසුව ඇයව හලාවත මහ රෝහල වෙත ඇතුළත් කර ඇති බවයි. කෙසේ වෙතත් රෝහල් අධ්‍යක්ෂවරයා සඳහන් කර සිටියේ ඇය මේ වනවිට හලාවත රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි.
දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනාව එළඹෙන සිකුරාදා පාර්ලිමේන්තුවේ මුදල් කටයුතු පිළිබඳ කාරක සභාවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අනුමැතිය සඳහා සති අන්තයේදී පාර්ලිමේන්තුවේ විවාද කිරීමට සැලසුම් කර තිබේ. මෙම ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ යෝජනාව අනුමැතිය සඳහා අද (28) පස්වරුවේ පැවති විශේෂ කැබිනට් මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කෙරුණි. එහිදි අදාළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවිය. ඉන් අනතුරුව දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනාව ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම වෙත ඉදිරිපත් කෙරුණි. මේ අතර ජුලි 01 වන සෙනසුරාදා උදෑසන 9.30 ට පාර්ලිමේන්තුව කැඳවමින් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ගැසට් නිවේදනයක් ද නිකුත් කර තිබුණි. විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණයට සමගාමීව දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමටද ශ්‍රී ලංකා රජය තීරණය කළ අතර ඒ…
පේරාදෙණිය ශික්ෂණ රෝහලේ සායනයේ සිටි පුද්ගලයකු තවත් පුද්ගලයකුට ඇසිඩ් ප්‍රහාරයක් එල්ල කිරීම හේතුවෙන් පස්දෙනෙකු තුවාල ලබා තිබේ. අද (28) දහවල් 2.30ට පමණ එම ඇසිඩ් ප්‍රහාරය එල්ලකර ඇති බව අප වාර්තාකරු පැවසීය. මෙම ඇසිඩ් ප්‍රහාරය එල්ලකළ පුද්ගලයා මාවනැල්ලේ පදිංචි අයකු බවට මූලික පරීක්ෂණවලින් අනාවරණය වී ඇත. තම බිරිඳ සමග අනියම් සම්බන්ධයක් පවත්වන ලද පුද්ගලයෙකුට එම ප්‍රහාරයට එල්ලකර ඇතැයි පොලීසිය සැකකරයි. වැඩිදුරටත් වාර්තා වන්නේ ඇසිඩ් ප්‍රහාරයට ලක්වීමෙන් රෝහල වෙත පැමිණ සිටි කාන්තාවන් දෙදෙනෙකු හා පිරිමි පුද්ගලයින් දෙදෙනකු පේරාදෙණිය රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත්ව ප්‍රතිකාර ලබන බවය. ඇසිඩ් ප්‍රහාරයේ ඉලක්කය වූ පුද්ගලයාගේ ඇස්වලට හානි සිදුවී ඇති බැවින් ඔහු වැඩිදුර ප්‍රතිකාර සඳහා මහනුවර රෝහලේ…
මැලේරියා රෝගය තුරන් කළ රටක් ලෙස 2016 වසරේදී නම්කළ මෙරට තුළ යළිත් මැලේරියාව හිස ඔසවමින් පවතින බවට වෛද්‍යවරු අනතුරු අඟවයි. වසරේ මේ දක්වා ගෙවුණු කාලය තුළ මැලේරියා රෝගීන් 20 දෙනෙකු දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් වාර්තා වී ඇති අතර ඒ අතරට විදේශිකයින් තිදෙනෙකුද අයත් වෙයි. සෙසු 17දෙනා ශ්‍රි ලාංකිකයින් වන අතර,ඔවුන් රුවන්ඩාව, දකුණු සුඩානය, උගන්ඩාව, ටැන්සානියාව, සියරාලියෝන් හා ගිනියාව ආදී රටවල් වල සංචාරය කර පැමිණි අය ලෙස හඳුනාගෙන තිබේ. මැලේරියා රෝගය පිළිබඳ ඕනෑම ගැටලුවක් සම්බන්ධයෙන් පැය 24 පුරා දැනුවත් වීමට 071 – 284 1767 සහ 0117 626626 දුරකථන අංකවලට අමතන ලෙසත් ජාතික මැලේරියා මර්දන ව්‍යාපාරය මහජනතාවට දැනුම්දෙයි.