Author: LFN
තලවතුගොඩ වැලිපාර ප්‍රදේශයේ සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා ඇති බව පොලීසිය පවසයි. වෙඩි ප්‍රහාරයට ලක්ව තුවාල ලැබූ පුද්ගලයා ප්‍රතිකාර සඳහා ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කර ඇත. සිද්ධිය සම්බන්ධයෙන් තලංගම පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.
තමන්ට මෙම ටෙස්ට් තරගාවලියෙන් පසුව නායකත්වයෙන් සමුගැනීමට අවශ්‍ය බව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව දැනුවත් කළ බව ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න පවසයි. පාකිස්තානයට එරෙහිව පැවති ටෙස්ට් තරගාවලියෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් දිමුත් කරුණාරත්න මේ බව පැවසීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න. “මම සමුගැනීම ගැන ඉල්ලීම කරාට පස්සේ නැවතත් තේරීම් කමිටුව මට කතාකරලා කිව්වා තව පොඩ්ඩක් ඇදගෙන යන්න කියලා. නමුත් මම ඒත් කියලා තියෙන්නේ මේ තරගාවලියෙන් පස්සේ නැවතත් ඒක සලකලා බලන්න කියලා. මොකද මම කැමතියි ගොඩක් වෙලාවට පිතිකරුවෙක් විදියට සම්පූර්ණ අවධානය දීලා මගේ ඉතිරි කාලය කණ්ඩායම වෙනුවෙන් දායකත්වය ලබාදෙන්න. මම දකිනවා ක්‍රීඩකයින් කිහිප…
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (21) දිනයේ වැසිවාර කිහිපයක් ඇතිවිය හැකිය. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බවය. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත්, මොනරාගල, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින්විට හමන පැ.කි.මී. 40ක 50ක පමණ තද සුළං ද ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.
ඉදිරි දශක කිහිපය තුළ කෘතිම බුද්ධිය මිනිසාට අභියෝග රැසක් එල්ල කරනු ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. අද (20) මාතලේ පැවති ආගමික වැඩසටහනකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව පවසා තිබුණි. ථෙරවාදී බුදුදහම සුරක්ෂිත කර ජාත්‍යන්තරයේ ව්‍යාප්ත කිරීමේ වගකීම ඉටු කිරීමට කැපවන බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී අවධාරණය කළේය. ඒ වෙනුවෙන් කෘතිම බුද්ධිය භාවිතයට ගැනීමේ වැඩපිළිවෙලක් ද ක්‍රියාවට නංවන බවත්, ත්‍රෛනිකායික මහා සංඝරත්නයේ අවවාද අනුශාසනා ලබාගනිමින් උගත්, වියත් පිරසකගේ දායකත්වයෙන් එම කටයුතු ක්‍රියාවට නැංවීමට අපේක්ෂා කරන බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ අද (20) පෙරවරුවේ මාතලේ එඩ්වඩ් ක්‍රීඩාංගනයේ පැවති සාමණේර භික්ෂුන් වහන්සේලා 300…
හම්බන්තොට යුද්ධ හමුදා බුද්ධි අංශයේ නිළධාරීන්ට ලද තොරතුරකට අනුව රුපියල් ලක්ෂ 80ක් වටිනා ඇම්බර් කිලෝ 08ක් සමග සැකකරුවන් දෙදෙනෙකු මාතර දෙවිනුවර ප්‍රදේශයේ දී මාතර අපරාධ කොට්ඨාශ නිළදාධාරීන් විසින් ඊයේ (20) සවස අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ මිරිස්ස පදිංචි 29 හැවිරිදි පුද්ගලයෙකු හා වැලිගම පදිංචි 34 හැවිරිදි පුද්ගලයන් දෙදෙනෙකු බවයි පොලිසිය පවසන්නේ. සැකකරුවන් පිලිබඳව හම්බන්තොට යුද්ධ හමුදා බුද්ධි අංශ නිළධාරීන්ට ලද තොරතුරකට අනුව දකුණු පළාත් නියොජ්‍ය පොලිස්පතිවරයා යටතේ ක්‍රියාත්මක මාතර අපරාධ කොට්ඨාශ විමර්ශන ඒකකයේ නිළදාධාරීන් එකව මෙම වැටලීම සිදුකර තිබෙනවා. තල්මසුන්ගේ ශරීරයෙන් ලබා ගන්නා ඇම්බර් ලොව මිලෙන් අධිකම සුවද විලවුන් නිශ්පාදනය සදහා යොදා ගන්නා අතර, ලංකාව තුල ඇම්බර් අලෙවිය…
අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය තුළදී පොලිස් නිලධාරියකුගේ නිළ ඇඳුමෙන් ඇද පහර දීමට තැත් කළ පුද්ගලයෙකු ලබන 26 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ගතකිරීමට අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා. අධිකරණ පොලිස් නිලධාරියා වශයෙන් කටයුතු කළ පොලිස් සැරයන් වරයා බන්ධනාගාර ගත සැකකරුවන් රඳවා සිටින සිර මැදිරියේ ඇති වූ ඝෝෂාව හේතුවෙන් සිර මැදිරිය අසලට ගොස් ඔවුන්ට නිශ්ශබ්දව සිටින ලෙස දැනුම් දීමේ දී සිර මැදිරිය තුළ සිට සැකකරු නිල ඇඳුම් එන්නද පහර දීමට තැත් කළ බව පොලීසිය පවසයි.
ලබන මාසයේදී ඉන්ධන කෝටාව ඉහළ දමන බව විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් අමාත්‍යවරයා මේ බව පවසා ඇත. ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සමග ඉදිරි මාස 06 සඳහා ඉන්ධන ප්‍රවාහන සැලසුම, සැපයීම සම්බන්ධයෙන් පැවති සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන ඇත. ඒ අනුව ඇගයීමක් සිදුකිරීමේ අනතුරුව ඉදිරි මාසයේදී ඉන්ධන කෝටාව තවදුරටත් ඉහළ දමනු ඇති.
මෙවර අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ගේ පැමිණීම සියයට 40ක් ලෙස සලකා බැලීමට තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පවසයි. රටේ පැවති වාතාවරණය පිළිබඳ අවධානය යොමුකරමින් මෙම පියවර ගත් බව ඔහු පවසයි. “2023/7/17 ලිපිය අනුව සියයට 80ක පැමිණීමේ ප්‍රතිශතයක් තියෙන්න ඕනේ පාසල් අයදුම්කරුවෙක් ලෙස පාසලෙන් අයදුම් කරන්න. නමුත් 2020 – 2021 වර්ෂ දෙකේදී බලපාපු කොවිඩ් -19 තත්ත්වය නිසා, ඉන්පසු පසුගිය වර්ෂයේ දී ඇති වු නොසන්සුන්තාවය නිසා සමහර පාසල් දරුවන්ට නියමිත ආකාරයෙන් පාසල් යන්න නොහැකි වුණා. ඒ නිසා මේ කරුණු සලකා බලා නැවත අපි ලිපියක් නිකුත් කළා සියලු පළාත් අධ්‍යාපන ලේකම්වරුන්ට සහ විදුහල්පතිවරුන්ට මෙවර අපොස උසස් පෙළ…
කොළඹ වරායේ ජය බහාලුම් පර්යන්තයේ දොඹකරයක හැච් කවරය ගැලවී යෑමෙන් සිදු වූ අනතුරින් බරපතළ තුවාල ලැබූ ප්‍රයිමුවර් රථ රියදුරෙකු ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා. දොඹකරයෙහි මෙම කවරය ගැලවුනු අවස්ථාවේදී එම දොඹකරය යට බහලුමක් සහිතව තිබූ ප්‍රයිමුවර් රථයක රියදුරකු මෙලෙස රෝහල් ගත කර ඇති බව වරාය අධිකාරිය පවසයි
අනියම් සම්බන්ධතාවයක් පවත්වා ලබාගත් ඡායාරූප ප්‍රසිද්ධ කරන බව පවසමින් රන් භාණ්ඩ බලෙන් ලබාගත් තරුණයෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. කාන්තාවක් සමඟ අනියම් සම්බන්ධතාවයක් පවත්වා ඇය කාමරයක් තුළට රැගෙන ගොස් ලබාගත් ඡායාරූප එම කාන්තාවගේ සැමියාට පෙන්වන බවට අදාළ සැකකරු පවසා ඇත. එලෙස කාන්තාව බය කර ඇය සන්තකයේ තිබූ රුපියල් 1,785,000ක් වටිනා රන් භාණ්ඩ බලෙන් ලබාගැනීමක් සම්බන්ධයෙන් ඊයේ (19) උදෑසන මීගමුව පොලීසියට පැමිණිල්ලක් ලැබී තිබුණි. ඒ අනුව සිදුකළ විමර්ශනයේ දී සිදුවීමට අදාළ සැකකරු මීගමුව පොලීස් වසමේ ගෝමස්වත්ත ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් සැකකරු අවුරුදු 23ක් වූ ගෝමස්වත්ත, මීගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. සැකකරුගෙන් කරන ලද ප්‍රශ්න කිරීමේදී සැකකරු විසින් බලෙන් ලබාගත් රන්…