Author: LFN
උතුරු කොරියාව සහ දකුණු කොරියාව අතර පිහිටි යුද මුක්ත කලාපය හරහා උතුරු කොරියාව ට ඇතුළු වූ අමෙරිකානු ජාතිකයෙක් ව උතුරු කොරියානු බලධාරීන් විසින් රඳවා ගෙන ඇති බව වාර්තා වෙයි. ජාත්‍යන්තර මාධ්‍ය පවසන්නේ එම පුද්ගලයා අමෙරිකානු හමුදා භටයෙක් බවය. මාධ්‍ය වාර්තා පවසන්නේ එම භටයා විනය විරෝධි ක්‍රියාවක් හේතුවෙන් නැවත අමෙරිකාව ට යැවීම සඳහා ගුවන්තොටුපොළට රැගෙන ගොස් ඇති බවත් ඔහු කෙසේ හෝ ඉන් මිදී වෙනත් පිරිසක් සමග දේශසීමාව නිරීක්ෂණ චාරිකාවක ට එක්වී ඇති බවත් ය. එම කණ්ඩායමේ සිටි අයෙක් පවසා ඇත්තේ අදාළ පුද්ගලයා “හා..හා..” යනුවෙන් සිනාසී එකවරම යුද මුක්ත කලාපය හරහා දිවගිය බවය.
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වේ. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, වයඹ පළාතේ ද වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවය. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්වයක් පවතී. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත්, මොණරාගල, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී 40-50ක පමණ තද සුළං ඇතිවිය හැකිය.
3D ආහාර මුද්‍රණ යන්ත්‍රයක් භාවිතයෙන් රසකැවිලි සකසන අපූරු ඩිජිටල් බේකරියක් පිළිබඳව ලොස් ඇන්ජලීස් නුවරින් වාර්තා වේ. ඔවුන් රසකැවිලි නිෂ්පාදනය කරන්නේ 3D ආහාර මුද්‍රණ යන්ත්‍රයක් භාවිත කරමිනි. ශුගර් ලෑන්ඩ් නම් මෙම බේකරිය , 3D ආහාර මුද්‍රණ යන්ත්‍ර මඟින් රසකැවිලි නිපදවන පළමු බේකරිය වේ. මෙම මුද්‍රණ යන්ත්‍රය ලොව පවතින බලපත්‍ර සහිත එකම ආහාර මුද්‍රණ යන්ත්‍රය බව විදෙස් මාධ්‍ය වාර්තා වේ. ශුගර් ලෑන්ඩ් ආයතනය පවසන පරිදි මෙම ක්‍රමවේදය මඟින් රැයක් තුළ නිෂ්පාදන දහස් ගණනක් සිදුකිරීමේ හැකියාව පවතී. 3D ආහාර මුද්‍රණ යන්ත්‍රය හරහා රසකැවිලි නිපදවීමේ දී පළමුව ඩිජිටල් ගොනුවක් (digital file) නිර්මාණය කළ යුතු වේ. අනතුරුව එම ඩිජිටල් ගොනුව 3D මාදිලියට පරිවර්තනය කෙරෙන බව…
දිවයිනේ රෝහල් කිහිපයකින් වාර්තා වී ඇති ආසාත්මිකතා සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා රෝහල් බලධාරීන් දැනුවත් කිරීමට පියවර ගෙන තිබේ. ඊයේ (17) රාත්‍රියේ මීට අදාළ සාකච්ඡාවක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ප්‍රධානත්වයෙන් පවත්වා ඇති අතර ඊට රෝහල් අධ්‍යක්ෂවරුන්, විශේෂ ශ්‍රේණියේ හෙද නිලධාරීන් ඇතුළු සෞඛ්‍ය පරිපාලන නිලධාරීන් එක්ව ඇති බව සඳහන්ය. මෙහිදි යම් ආසාත්මිකතාවක් ඇති වුවහොත් ඒ සම්බන්ධයෙන් ක්‍රියාකළ යුතු ආකාරය පිළිබදව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා උපදෙස් ලබා දී තිබේ. අදාළ සාකච්ඡාව සම්බන්ධයෙන් අදහස් දැක්වු කොළඹ රිජ්වේ ළමා රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජී.විජේසූරිය මහතා. “සමහර ඖෂධ වර්ග ගත්තහම අවුරුදු 10කට වඩා අධික කාලයක් එක දිගට දිවයිනේ පාවිච්චි කරන ඒවා. ඒ සැපයුම්කරුවොනුත් එක දිගටම…
පළමු පාසල් වාරයේ අවසානය හා දෙවන පාසල් වාරයේ පළමු අදියර ආරම්භ කර දිනය පිළිබඳ අධ්‍යාපන අමාත්‍යාංශය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු පාසල් වාරය ජූලි මස 21 සිකුරාදායින් අවසන් වේ. දෙවන වාරයේ පළමු අදියරේ පාසල් වාරය ජූලි 24 සඳුදායින් ආරම්භ වීමට නියමිත බව ද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් රජයේ සේවා කිහිපයක් තවදුරටත් අත්‍යාවශ්‍ය සේවාවන් ලෙස ගැසට් මඟින් ප්‍රකාශයට පත්කර තිබේ. සාමාන්‍ය ජන ජීවිතය පවත්වාගෙන යාම සඳහා අත්‍යාවශ්‍ය සහ සේවාවන්ට අවහිරයක් හෝ බාධාවක් එල්ල වීම වැළැක්වීම සඳහා එම පියවර ගෙන ඇති බව වාර්තා වේ. ඒ අනුව විදුලිබල සැපයුම සම්බන්ධ සියලු සේවාවන්, ඛනිජ තෙල් නිෂ්පාදන හා ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම අත්‍යාවශ්‍ය සේවාවන් බවට පත්වනු ඇත. එමෙන්ම අදාළ ගැසට් නිවේදනයෙන් රෝහල්වල, සාත්තු නිවාසවල සහ වෙනත් සමාන ආයතනවල සියලු සේවා අත්‍යාවශ්‍ය සේවාවන් බවට පත්කර තිබේ.
රට ආර්ථික වශයෙන් බංකොලොත් වීමට හේතු සෙවීම සඳහා පත්කළ කමිටුව අද (18) පළමු වරට රැස්වීමට නියමිතව තිබේ. එම රැස්වීම අද පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිත බව කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ සාගර කාරියවසම් මහතා සඳහන් කළේය. එහිදී කමිටුවේ සාමාජිකයින් සමඟ සාකච්ඡා කර ඉදිරි පියවර සම්බන්ධයෙන් තීන්දු තීරණ ගැනීමට නියමිතය. මෙරට ආර්ථිකය සම්බන්ධයෙන් තීන්දු තිරණ ගත් පාර්ශව මෙන්ම ආර්ථිකය සම්බන්ධයෙන් විශ්ලේෂණයක් කළ හැකි උගතුන් කමිටුව වෙත කැඳවීමට නියමිත බව සාගර කාරියවසම් මහතා සඳහන් කළේය. එම කමිටුවේ සාමාජිකත්වයෙන් සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් ඉවත් වීමට පසුගියදා තීරණය කර තිබුණි. මේ අතර අදාළ කමිටුවේ සභාපතිවරයා ලෙස සාගර කාරියවසම් මහතා පත්කීරීම පිළිගත නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා…
නිලාවේලි ගෝපාලපුරම් ප්‍රදේශයෙන් මුහුදට බැස සිටි පාසල් සිසුන් සිව්දෙනෙක් රළ පහරකට හසුවී ගසාගෙන යමින් සිටිය දී නිරුපද්‍රිතව බේරාගැනීමට සමත්ව තිබේ. පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන් විසින් එම දරුවන්ව බේරාගෙන ඇති අතර ඔවුන් වව්නියාව නෙළුම්කුලම ප්‍රදේශයේ සිට සංචාරයක් සඳහා ත්‍රිකුණාමලයට පැමිණි පිරිසකි. එලෙස බේරාගෙන ඇත්තේ අවුරුදු 12,10,14 සහ 9 යන වයස්වල පසුවන පාසල් සිසුන් සිව්දෙනෙකි. පොලිස් ජීවිතාරක්ෂක කොට්ඨාසයට අනුයුක්තව සේවය කළ නිලධාරීන් විසින් එම දරුවන්ව නිරුපද්‍රිතව බේරාගෙන ඇතැයි වාර්තා වේ. පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන් තිදෙනෙක් මුහුදු වෙරළේ රාජකාරියේ නිරතව සිටිය දී දරුවන් රළ පහරට හසුවී ගසාගෙන යන අයුරු දැක වහාම මුහුදට පැන ඔවුන්ව බේරාගැනීමට සමත්ව ඇත.
උමාඔය ව්‍යාපෘති කාර්යාලයේ සේවකයන් ප්‍රවාහනය කළ බස්රථයක් අද(18) උදෑසන ඇල්ල – වැල්ලවාය මාර්ගයේ කරදගොල්ල උමා ඔය ව්‍යාපෘති කාර්යාලට නුදුරු ස්ථානයකදී ප්‍රපාතකයකට පෙරළී අනතුරක් සිදුවුණි. අනතුරින් බස් රථයේ රියදුරු ජීවිතක්ෂයට පත්වු අතර එහි ගමන්ගත් තවත් 6දෙනෙකු තුවාල ලබා වැල්ලවාය රෝහලට ඇතුළත් කර තිබේ. එහි ගමන්ගත් තරුණයෙක් මාධ්‍යට අදහස් දක්වමින් පවසා සිටියේ, අද උදෑසන 7.15ට පමණ බස් රථය ගමන් ආරම්භ කළ බවත් වේගයෙන් පැමිණි බස්රථයේ තිරිංග අක්‍රීය වීම හේතුවෙන් අනතුර සිදුවු බවත්ය. අනතුර පිළිබඳ විස්තර කරන අනතුරට පත් බස් රථයේ සිටි තරුණයෙක්, “මාත් බස් එකේ ආවේ. මාමා බස් එක ගද්දි එකපාරටම බස් එකේ බ්‍රේක් නැතිවුණා. මාමා පුළුවන් තරම් බැලුවා ඉතින් අපිව බේරගන්න.…
භාණ්ඩ මිල පහළ දැමීමට ව්‍යාපාරිකයින් කටයුතු නොකරන්නේ නම් ඒ සඳහා මැදිහත් වී ජනතාවට එම සහනය ලබා දිමට රජය කටයුතු කළ යුතු බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසනවා. ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් මන්ත්‍රීවරයා පැවසුවේ පිරිවැයට බලපාන ක්ෂේත්‍රවල මිල ගණන් පහත දමා තිබියදී භාණ්ඩ මිල තව දුරටත් අඩු නොකර සිටින්නේ මන්දැයි ප්‍රශ්නයක් බවයි.