Author: LFN

යුනෙස්කෝ සංවිධානය විසින් මහාවංශය ලෝක උරුමයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබේ. 2023 ලෝක උරුම ලැයිස්තුව වෙත අලුතෙන් වාර්තා 64ක් එක්කර ඇති අතර ඒ අනුව සමස්ත ලෝක උරුම ලැයිස්තුවේ අංග සංඛ්‍යාව 494 දක්වා ඉහළ ගොස් තිබේ. මහාවංශය ලෝක උරුම ලේඛනයක් ලෙස ප්‍රකාශයට පත්කරමින් යුනෙස්කෝ සංවිධානය පවසන්නේ ක්‍රිස්තු පූර්ව 06වන සියවසේ සිට ක්‍රිස්තු වර්ෂ 1815 දක්වා කාලය ආවරණය වන පරිදි මහාවංශයේ තොරතුරු ඇතුළත් බවය. ලොව දිගම නොබිදුණු ඵෙතිහාසික වාර්තාවලින් එකක් ලෙස මහාවංශය සැලකේ. ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ සිදුකරන ලද පුරාවිද්‍යා පර්යේෂණ මඟින් ලේඛනයේ දක්වා ඇති කරුණුවල සත්‍යතාව තහවුරු වී ඇති බව යුනෙස්කෝ සංවිධානය පවසයි. මහාවංශය බුදුන්වහන්සේ, අශෝක අධිරාජ්‍යයා සහ ලෝක ආගමක් ලෙස බුදුදහමේ…

Read More

එළඹෙන ජූලි මස පළමු සතියේදි ගෑස් මිල නැවත වරක් අඩු කරන බව ලිට්‍රෝ සමාගම පවසනවා. එහි සභාපති මුදිත පීරිස් පැවසුවේ ගෑස් මිල සූත්‍රය අනුව එම මිල අඩු කිරීම සිදුකරන බවයි. ඒ අනුව ලිට්‍රෝ ගෑස් මිල ගණන් අඛණ්ඩව අඩු කරන සිව් වන අවස්ථාව එය වන බවද ලිට්‍රෝ සමාගමේ සභාපතිවරයා වැඩිදුරටත් සදහන් කළා.

Read More

මෙරට රිලවුන් චීනයට අපනයනය කිරීමක් නොකරන බව වනජීවී දෙපාර්තමේන්තුව ඊයේ අභියාචනාධිකරණය හමුවේ ප්‍රතිඥාවක් ලබා දුන්නා. මෙරට රිලවුන් ලක්ෂයක් චීනයට අපනයනය කිරීමට ගෙන තිබෙන තීරණය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා පරිසර ක්‍රියාකාරීන් පිරිසක් ගොනුකරන ලද රිට් පෙත්සමක් කැඳවනු ලැබූ අවස්ථාවේදී වනජීවී දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් මනෝහර ජයසිංහ මෙම දැනුම්දීම සිදුකළා. මෙම පෙත්සම ඊයේ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර් යන විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී මෙම දැනුම් දීම සිදු කෙරුණා. එහිදී විනිසුරු මඩුල්ල රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයාට දන්වා සිටියේ මෙම ප්‍රතිඥාව ලිඛිතව පෙත්සම්කාර පාර්ශවයට ලබා දෙන ලෙසයි. ඊට නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා…

Read More

ශ්‍රී ලංකා තායිලන්ත නිදහස් වෙළෙඳ ගිවිසුම පිළිබඳ පස්වැනි සාකච්ඡා වටය ඊයේ පෙරවරුවේ කොළඹදී ආරම්භ වුණා. කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ පැවති එහි සමාරම්භක සැසිවාරය ඇමතු ජාත්‍යන්තර වෙළෙඳ කාර්යාලයේ ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායමේ ප්‍රධාන සාකච්ඡාකරු කේ.ජේ. වීරසිංහ පැවසුවේ එකඟ වූ කාල රාමුවට අනුව ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා – තායිලන්ත නිදහස් වෙළඳ ගිවිසුමට අදාළ සාකච්ඡාවල ප්‍රගතිය පිළිබඳව තෘප්තිමත් විය හැකි බවයි. මීළඟ සාකච්ඡා වටය ලබන අගෝස්තු මස 21 සිට 23 දක්වා තායිලන්තයේ පැවැත්වීමට නියමිත බවත් 2024 වසරේ මාර්තු මාසයේදී ගිවිසුමට අත්සන් තැබීමට නියමිත බවත් ඔහු එහිදී සදහන් කළා. එමෙන්ම 2024 වසරේ පෙබරවාරි මාසයේ පැවැත්වීමට නියමිත අවසන් සාකච්ඡාවට පෙර තවත් සාකච්ඡා වට තුනක් සැලසුම්…

Read More

23 වසරක් පුරා රුසියාව ලොව මහ බලවතෙකු ලෙස යළි ස්ථාපිත කිරීමට කටයුතු කළ ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ ආධිපත්‍යයට එල්ල වූ බරපතළම අභියෝගයට පැය 24ක් තුළ අවසන් කිරීමට, බෙලරූස් ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලුකචෙන්කෝ සහායවූ පුවත සතිඅන්තයේ අසන්නට ලැබුණි. ජනපති පුටින්ගේ සමීපතම අනුගාමිකයෙකු මෙන්ම ඔහුගෙ ආභාෂයෙන් රුසියාවේ බලගතුම පුද්ගලයෙකු වූ වැග්නර් ප්‍රධානී යෙව්ගේනි ප්‍රිගෝසින්, රුසියානු හමුදා නායකත්වයට එරෙහිව නැගී සිටීම පසුගිය සිකුරාදා ආරම්භ වූයේ රුසියාවේ යුක්‍රේන ආක්‍රමණයද අභියෝගයට ලක්කරමිනි. යුක්‍රේන යුද පෙරමුණෙන් ඉවත්වී දකුණු දේශ සීමාවේ පිහිටි රොස්තොෆ් නගරයේ බලය අත්පත් කරගත් ප්‍රිගෝසින්ගේ වැග්නර් සන්නද්ධ බළකාය මොස්කව් වෙත වේගවත් ගමනක් ඇරඹීය. මොස්කව් නුවරට කිලෝමීටර් 200ක් පමණ තිබියදී ඔහු ආපසු හරවා යැවීම සඳහා බෙලරුස් ජනාධිපති…

Read More

කොළඹ වරාය නගරයේ ඩොලර් බිලියන 1.2ක් ආයෝජනය කිරීමට සුදානමින් සිටින බව චයිනා හාබර් එන්ජිනියරින් කෝපරේෂන් සමාගම පවසයි. එම සමාගමේ සභාපති Bai Yinzhan සහ ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා අතර පැවති හමුවකදී ඒ බව පවසා තිබේ. එම හමුව චයිනා හාබර් එන්ජිනියරින් කෝපරේෂන් සමාගමේ බෙයිජිං නුවර පිහිටි ප්‍රධාන කාර්යාලයේදී සිදුවූ බව සබ්රි අමාත්‍යවරයා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පැවසීය.

Read More

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩසටහන සඳහා පාර්ලිමේන්තු විවාදයක් පවත්වන බව ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. France 24 සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදී ඔහු පවසා ඇත්තේ එම විවාදය එලඹෙන සෙනසුරාදා සහ ඉරිදා පවත්වන බවය. මේ අතර ආණ්ඩු පක්ෂයේ සියලු මන්ත්‍රීවරුන්ට මෙම සතියේ විදෙස් ගමන්වලින් වැළකීසිටින ලෙස දැනුම් දී ඇති බව සඳහන්ය.

Read More

අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ මූලික ලැයිස්තුවට නම ඇතුළත් නොවූ පිරිසගේ අභියාචනා භාරගැනීම දිවයින පුරා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලදී ඊයේ ආරම්භ කෙරුණි. එහිදී ඇතැම් ස්ථානවල ඇතිවූයේ දැඩි නොසන්සුන් තත්ත්වයකි. අස්වැසුම ප්‍රතිලාභ යෝජනා ක්‍රමය මේ වන විට රට තුළ දැඩි ආන්දෝලනයක් මතුකර තිබේ. සමෘද්ධිලාභීන් චෝදනා කරන්නේ අස්වැසුම ප්‍රතිලාභ ලබාදීම සඳහා සිදුකළ සමීක්ෂණ නිසි පරිදි සිදුවී නොමැති අතර තමන්ට ලැබෙමින් තිබූ සමෘද්ධි සහනාධාරය ද අහිමි වී ඇති බවය. එලෙස චෝදනා කරමින් පසුගිය දින ගණනක සිට ප්‍රදේශ රැසක විරෝධතා පැවැත්වූ වාර්තාවේ. ඒ අනුව අස්වැසුම ප්‍රතිලාභ ලේඛනය පිළිබඳ විරෝධතා හා අභියාචනා ඉදිරිපත් කිරීම සඳහා රජය ඊයේ සිට ජනතාවට අවස්ථාව ලබාදුන් අතර එම කාලය ජුලි 10 වනදා දක්වා…

Read More

2023 එක්දින ලෝක කුසලානයට සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියේ මූලික වටයේ තරග අවසන් වීමටත් පෙරම සුපිරි 6 දෙනාගේ වටයේ සිය ස්ථාන තහවුරු කර ගැනීමට කණ්ඩායම් 6ක් සමත්ව තිබේ. ඒ අනුව ඒ කාණ්ඩයෙන් එම වටයට සුදුසුකම් ලබා සිටින්නේ සිම්බාබ්වේ, බටහිර ඉන්දීය කොදෙව් සහ නෙදර්ලන්තයයි. බී කාණ්ඩයෙන් ශ්‍රී ලංකාව, ස්කොට්ලන්තය සහ ඕමානය සුදුසුකම් ලබාගත්තේය. සුපිරි 6 දෙනාගේ වටයේදී ශ්‍රී ලංකා කණ්ඩායම සිම්බාබ්වේ, බටහිර ඉන්දීය කොදෙව් සහ නෙදර්ලන්තය සමග තරග වැදීමට නියමිතය. එම තරග පැවැත්වෙන අයුරු පහතින්, ජුනි 30 – ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය ජුලි 02 – ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ ජුලි 07 – ශ්‍රී ලංකාව සහ බ.ඉ. කොදෙව් 2023 එක්දින ලෝක කුසලානයට සුදුසුකම් ලබාගැනීමේ…

Read More

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (27) විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවය. ඌව පළාතේත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු-මැද පළාතේත් පුත්තලම, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 40-45ක පමණ තරමක තද සුළං ඇතිවේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා…

Read More