Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    වාර්තාගත කඳු නගින්නන් සංඛ්‍යාවක් එවරස්ට් තරණය කරයි

    May 21, 2026

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 2026

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ආරක්ෂක රාජ්‍ය ඇමතිට තර්ජනය කළ පුද්ගලයෙකුට අධිකරණය දුන් නියෝගය
    Featured

    ආරක්ෂක රාජ්‍ය ඇමතිට තර්ජනය කළ පුද්ගලයෙකුට අධිකරණය දුන් නියෝගය

    By LFNJuly 21, 2023No Comments1 Min Read177 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතාට තර්ජනාත්මක කෙටි පණිවිඩ යැවීම සහ ෆේස්බුක් ඔස්සේ තර්ජනාත්මක පල කිරීම් සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවකු අගෝස්තු මස 03 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නාඋල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

    අරගලය පැවති කාලසීමාව තුළදී එලෙස රාජ්‍ය අමාත්‍යවරයාට තර්ජනය කිරීම සම්බන්ධයෙන් අදාළ සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි ජේෂ්ඨ රජයේ නීතිඥ ශමින්ද වික්‍රම මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් අරගලය සමයේ මෙම සැකකරු රාජ්‍ය අමාත්‍යවරයාට තර්ජනාත්මක කෙටි පණිවිඩ යොමු කර ඇති බවට විමර්ශන වලින් කරුණු අනාවරණය වී ඇති බව සඳහන් කළේය.

    එමෙන්ම ෆේස්බුක් ඔස්සේ මෙම සැකකරු අමාත්‍යවරයාට එරෙහිව තර්ජනාත්මක පලකිරීම් සිදුකර ඇතැයි සඳහන් කළ ජේෂ්ඨ රජයේ නීතිඥවරයා පුද්ගලයින්ට අදහස් පළකිරීමේ නිදහස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් හිමිවී තිබුණත් එය නීති විරෝධී ආකාරයට පරිහරණය කිරීමට අවකාශ නොමැති බවත් පෙන්වා දුන්නේය.

    මෙම ක්‍රියාව තුළින් සැකකරු පාර්ලිමේන්තු වරප්‍රසාද පනතද උල්ලංඝනය කර තිබෙන බව රජයේ නීතිඥවරයා සඳහන් කළේය.

    මෙම ක්‍රියා තුළින් සැකකරු ඇප පනතේ විධිවිධාන ද උල්ලංඝනය කර තිබෙන හෙයින් ඔහුගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කර රක්ෂිත බන්ධනාගාර ගත කර ලෙසත් ජේෂ්ඨ රජයේ නීතිඥ ෂමින්ද වික්‍රම මහතා ඉල්ලා සිටියේය.

    එම ඉල්ලීම පිළිගත් අධිකරණය අදාළ සැකකරු අගෝස්තු මස 3 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026

    අගමැති හරිනි ලන්ඩනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් හමුවෙයි

    May 21, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,440 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,597 Views
    Don't Miss

    වාර්තාගත කඳු නගින්නන් සංඛ්‍යාවක් එවරස්ට් තරණය කරයි

    May 21, 202600 Views

    කඳු නගින්නන් 274 දෙනෙකු අද (21) ලොව උසම කඳු මුදුන ලෙසින් සැලකෙන එවරස්ට් කන්ද තරණය…

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 2026

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.