Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    සිසිල් බීම වෙනුවට රත්වෙන පානයක් දෙන්න දන්සැල් සංවිධායකයින්ගෙන් ඉල්ලීමක්

    May 21, 2026

    පදිංචියට සුදුසු රටවල් අතර ශ්‍රී ලංකාවට 4 වැනි ස්ථානය

    May 21, 2026

    දිල්ලියේ පැවැත්වීමට තිබූ අප්‍රිකානු සමුළුව දින නියමයක් නොමැතිව කල්යයි

    May 21, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Hot News»ඉන්දු – ලංකා සබඳතා පුළුල් වෙයි
    Hot News

    ඉන්දු – ලංකා සබඳතා පුළුල් වෙයි

    By LFNJuly 22, 2023No Comments2 Mins Read178 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අවබෝධය සහ විශ්වාසය මත පදනම් වූ ශක්තිමත් ඉන්දු–ලංකා සබඳතාවක් වෙනුවෙන් දෙරට අතර පුළුල් ආර්ථික හවුල්කාරිත්ව දැක්මක් ප්‍රකාශයට පත් කර තිබේ.

    ඉන්දියාවේ දෙදින නිල සංචාරයක නිරත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතර නවදිල්ලි හිදී ඊයේ (21) පැවති හමුවෙන් අනතුරුව එම ආර්ථික හවුල්කාරිත්ව දැක්ම එළිදැක්වුණු බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

    සමුද්‍රීය කටයුතු, ගුවන් සබඳතා, බලශක්ති සහ විදුලිබල සබඳතා, වෙළෙඳ, ආර්ථික සහ මූල්‍ය සබඳතා, පුද්ගල සබඳතා යන ක්ෂේත්‍ර 05ක් ඔස්සේ එය ප්‍රකාශයට පත්කර තිබේ.

    ඒ අනුව කොළඹ, ත්‍රිකුණාමලය සහ කන්කසන්තුරේ වරාය සැපයුම් යටිතල පහසුකම් සංවර්ධනය සඳහා සහයෝගයෙන් කටයුතු කිරීම, නාගපට්ටිනම් සහ කන්කසන්තුරේ අතර මගී බෝට්ටු සේවා නැවත ආරම්භ කිරීම සහ රාමේෂ්වරම්, තලෙයිමන්නාරම හා අන්‍යෝන්‍ය වශයෙන් එකඟ වූ අනෙකුත් ස්ථාන අතර මගී බෝට්ටු සේවා කඩිනමින් නැවත ආරම්භ කිරීම සම්බන්ධයෙන් නායකයන් දෙපල එකඟතාවකට පැමිණ ඇති බව සදහන්ය.

    යාපනය සහ චෙන්නායි අතර ගුවන් ගමන් නැවත ආරම්භ කිරීම, එය කොළඹ දක්වා තවදුරටත් පුළුල් කිරීම මෙන්ම චෙන්නායි සහ ත්‍රිකුණාමලය, මඩකලපුව සහ ශ්‍රී ලංකාවේ අනෙකුත් ගමනාන්ත අතර සම්බන්ධතා ගවේෂණය කිරීමට ද මෙහිදී එකඟතාව පළ වූ බව ජනාධිපති මාධ්‍ය අංශය වාර්තා කර ඇත.

    සාම්පූර් සූර්ය බලශක්ති ව්‍යාපෘතිය, ස්වභාවික වායු යටිතල පහසුකම් පිළිබඳ ඇතිකරගත් එකඟතාව ක්‍රියාවට නැංවීම කඩිනම් කිරීම සහ ඉන්දියාවේ දකුණු ප්‍රදේශයේ සිට ශ්‍රී ලංකාව දක්වා බහු නිෂ්පාදන ඛනිජ තෙල් නල මාර්ගයක් ඉදිකිරීම සඳහා සහයෝගයෙන් කටයුතු කිරීමට ද මෙහිදී තීරණය වී තිබේ.

    දෙරට අතර වෙළෙඳ ගනුදෙනු පියවීම් සඳහා මුදල් ඒකකයක් ලෙස ඉන්දියානු රුපියල නම් කිරීමට ගත් තීරණය වඩාත් ශක්තිමත් සහ අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක වාණිජ සම්බන්ධතා ඇති කර ඇති අතර, ව්‍යාපාර සහ සාමාන්‍ය ජනතාව අතර වෙළෙඳාම සහ ගනුදෙනු තවදුරටත් වැඩිදියුණු කිරීම සඳහා ඩිජිටල් ගෙවීම් ක්‍රියාත්මක කිරීමට ද මෙහිදී නායකයන් දෙපල එකඟතාවකට පැමිණ ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

    මේ අතර, ශ්‍රී ලංකාව ස්ථීර ලෙස ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරමින් සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දීය මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කර තිබිණි.

    ඒ හරහා දැනටමත් රට ස්ථාවර වීමේ සාධනීය ප්‍රතිඵල පෙන්නුම් කරමින් ඇති අතර, ශ්‍රි ලංකාව මේ වන විට ලබා ඇති ප්‍රගතිය රට තුළ මෙන්ම බාහිර පාර්ශවයන් තුළ ද විශ්වාසය යළි ඇති කිරීමට හේතු වී ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරයි.

    ශ්‍රී ලංකාවේ සැමට ආර්ථික පුනර්ජීවනය, තිරසර සංවර්ධනය සහ යුක්තිය සාක්ෂාත් කරගැනීම සඳහා වූ තම කැපවීම එහිදී තහවුරු කළ ජනාධිපතිවරයා, ප්‍රතිසන්ධානය හා බලය බෙදීම සඳහා වූ පුළුල් සැලැස්මක් සහිතව සියලු පක්ෂ නායකයින්ට පොදු එකඟතාවකට පැමිණෙන ලෙස සිදුකළ ආරාධනය මෝදි අගමැතිවරයාගේ ඇගයීමට ලක්වූ බව ද කියා සිටියේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ලොව සුප්‍රකට Mein Schiff 6 සුඛෝපභෝගී නෞකාව ප්‍රථම වරට ලංකාවට

    May 21, 2026

    සීදූවේ පාළු නිවසක ගමන් බෑගයක තිබූ කාන්තා නිරුවත් මළසිරුරක් සොයාගනී

    May 21, 2026

    ඉබෝලා වසංගතය ගැන සෞඛ්‍ය අමාත්‍යංශයෙන් විශේෂ නිවේදනයක්

    May 20, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,440 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,597 Views
    Don't Miss

    සිසිල් බීම වෙනුවට රත්වෙන පානයක් දෙන්න දන්සැල් සංවිධායකයින්ගෙන් ඉල්ලීමක්

    May 21, 202603 Views

    සිසිල් බීම දන්සැල් ආශ්‍රිතව ජලය මගින් ව්‍යාප්ත විය හැකි රෝග වැළඳීම සඳහා වැඩි ඉඩක් ඇති…

    පදිංචියට සුදුසු රටවල් අතර ශ්‍රී ලංකාවට 4 වැනි ස්ථානය

    May 21, 2026

    දිල්ලියේ පැවැත්වීමට තිබූ අප්‍රිකානු සමුළුව දින නියමයක් නොමැතිව කල්යයි

    May 21, 2026

    අයිස් මත්ද්‍රව්‍ය සමඟ කාන්තාවක් අත්අඩංගුවට

    May 21, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.