Author: LFN

රුවන්වැලි මහ සෑයේ නව චූඩා මාණික්‍ය පැළඳවීම සම්බන්ධයෙන් යූ ටියුබ් නාලිකාවකට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් අසත්‍ය ප්‍රකාශ සිදුකළ පුද්ගලයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබුණි. පසුව සැකකරුව මහර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදාහැර තිබේ. රුවන්වැලි මහා සෑයට රන්පාදමක් සහිත නව චූඩා මාණික්‍යය පැළඳවීම 2019 වසරේ නොවැම්බර් මාසයේදී සිදුකෙරුණි. ඒ එතෙක් පැවති චූඩා මාණික්‍යය පළුදු වී දුර්වර්ණ වී තිබීම හේතුවෙනි. එලෙස රුවන්වැලි මහාසෑයට නව චූඩා මාණික්‍යයක් පැළඳවීම සම්බන්ධයෙන් පුද්ගලයන් දෙදෙනකු සමාජ මාධය වෙත අසත්‍ය ප්‍රකාශ නිකුත් කර තිබූ අතර එය මහත් ආන්දෝලනයට තුඩු දෙන කරුණක් විය. ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් විමර්ශනයක් ඇරඹුණේ එවක රුවන්වැලි මහා සෑ චෛත්‍යරාමාධිකාරී…

Read More

අවුරුදු 10 ක් වයසැති දැරියක් පාසල් යන අතරතුර පැහැරගැනීමට ගත් උත්සාහයක් ව්‍යර්ථවීමේ පුවතක් බණ්ඩාරවෙල ප්‍රදේශයෙන් වාර්තා වෙයි. බණ්ඩාරවෙල මකුල්ඇල්ල, වනසිරිගම ප්‍රදේශයේ පදිංචි දැරියක් අද උදෑසන 6.50 පමණ පාසල් යෑම සඳහා නිවසින් පිටව ගොස් තිබේ. අවුරුදු 10 ක් වයසැති ඇය ඉගෙනුම ලබන්නේ මකුල්ඇල්ල විද්‍යාලයේ 6 වන වසරේය. දැරිය පවසන අන්දමට පාසලට යන මග ඇති වන සංරක්ෂණයට අයත් ටර්පන්ටයින් රක්ෂිතයක් තුළ ඇති මාර්ගයේ මෙම දැරිය වෙනදා මෙන් පාසලට යමින් සිට තිබේ. දැරිය වැඩිදුරටත් පවසා ඇත්තේ එලෙස ගමන් ගන්නා විට ත්‍රිරෝද රථයකින් පැමිණි දෙදෙනෙකු ඇයව ඔසවා ත්‍රී රෝද රථයට දමා ගෙන ගිය බවය. පැහැරගැනීමට ලක් වූ දැරිය පොලීසියට පවසා ඇත්තේ අදාළ පුද්ගලයින් දෙදෙනා…

Read More

හැකියාවක් ලැබෙන පළමු අවස්ථාවේදීම බදු බර පහළ දැමීමට අවශ්‍ය පියවර ගන්නා බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ මෙරට ආර්ථිකයේ නවතම තත්ත්වය හා බදු ප්‍රතිපත්තිය පිළිබඳ දැනුවත් කිරීමට මුදල් අමාත්‍යාංශයේදී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි. එහිදී අදහස් දැක්වූ මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා, ජනවාරි සිට මැයි දක්වා මාස 5 බැලුවොත් 2022 වසරට සාපේක්ෂව සියයට 38.1ක වර්ධනයක් තියෙනවා. බදු ආදායම සියයට 44.9කින් වර්ධනය වෙලා තියෙනවා. ආදායම් බදු සියයට 53.6කින් වර්ධනය වෙලා තියෙනවා. භාණ්ඩ හා සේවා මත බදු සියයට 65.6කින් වර්ධනය වෙලා තියෙනවා. විදේශ වෙළෙඳාම මත බදු සියයට 12.2කින් අඩුවෙලා තියෙනවා. ඒක රේගුවේ වරදක් නෙවෙයි අපි…

Read More

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (14) දිනයේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකිය. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ ඌව පළාතේත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවය. උතුරු සහ උතුරු-මැද පළාත්වලත් පුත්තලම, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 40-45 ක පමණ තරමක් තද සුළං ඇතිවිය හැකිය. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදු වන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවරගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් ද කරයි.

Read More

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන මහ නගර සභා හා ප්‍රාදේශීය සභාවලට අදාළ සංශෝධන පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි තීන්දු කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ තවත් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ. සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කළේය. එහි වගඋත්තරකරු ලෙස නීතිපතිවරයා නම් කර තිබේ. පෙත්සම්කරු කියා සිටින්නේ, පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතා විසින් මහ නගර සභා ආඥා පනත සහ ප්‍රාදේශීය සභා පනතට සංශෝධනයක් එක් කිරීමේ අරමුණින් නව පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති බවය. එය ජූලි මස 05 වනදා පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට ඇතුළත් කර…

Read More

එළඹෙන සෙනසුරාදා (15) කොළඹ ප්‍රදේශ කිහිපයක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. ඒ අනුව එදින පෙරවරු 08 සිට පැය 14ක ජල කප්පාදුවක් සිදුකිරීමට නියමිතය. මෙලෙස ජල කප්පාදුව සිදුවන්නේ කොළඹ 01,02,03,04 සහ කොළඹ 07,08,09,10,11,12,13,14,15 යන ප්‍රදේශවලටය.

Read More

ගොවින් විසින් ආර්ථික මධ්‍යස්ථාන වෙත රැගෙන එන එළවළු හා පලතුරු මිල දී නොගන්නා වෙළෙඳුන්ගේ බදු බලපත් අහෝසි කිරීමට පියවර ගන්නා බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි. ගොවීන් විසින් ආර්ථික මධ්‍යස්ථාන වෙත රැගෙන එන එළවළු හා පලතුරු ඔවුන් ගෙන් ඝෘජුවම මිල දී ගැනීම ප්‍රතික්ෂේප කරන වෙළෙඳසල් හිමියන් අතරමැදියන් හරහා ඒවා මිල දී ගන්නා බවට ගොවිජනතාව කෘෂිකර්ම අමාත්‍යංශයට පැමිණිලි කර තිබිණි. මේ හරහා ගොවි ජනතාව මෙන්ම පාරිභෝගිකයන් ද සූරාකෑමේ වැඩපිළිවෙළක් ආර්ථික මධ්‍යස්ථානවල ක්‍රියාත්මක වන බවට පෙනී ගොස් ඇති බව අමාත්‍යංශය අවධාරණය කර ඇත. මේ සම්බන්ධයෙන් ආර්ථික මධ්‍යස්ථානවල කළමනාකරුවන් හා ආර්ථික මධ්‍යස්ථානවලට පලතුරු හා එළවළු සපයන ගොවීන් කැඳවා පුළුල් ලෙස සාකච්ඡා කිරීමට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද…

Read More

කොළඹ රෝයල් පාක් ඝාතන සිද්ධියට මරණ දඬුවම නියම වූ ජූඩ් ජයමහ ජනාධිපති සමාව යටතේ නිදහස් කිරීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දීමක් සිදුකර තිබේ. එහිදී හිටපු ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ අදාළ පුද්ගලයා නිදහස් කරනු ලැබුවේ සියලු ක්‍රමවේදයන්ට යටත්ව ව්‍යවස්ථාවේ ප්‍රතිපාදනවලට අනුකූලව බවය.

Read More

මෙරට රැඳීසිටි තුර්කි ජාතික තරුණියකට ලිංගික අතවර කිරීමේ සිද්ධියක් වාර්තා වී තිබේ. මගී බස්රථයක ගමන් කරමින් සිටියදී ඇය මෙම අතවරයට ලක්වී ඇති අතර සිද්ධියට සැකපිට යුද හමුදා කෝප්‍රල්වරයෙකු අත්අඩංගුවට ගත් බව දඹුල්ල පොලීසිය පවසයි. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මාතලේ මේල්පිටිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුවය. තුර්කි ජාතික තරුණියන් තිදෙනෙකු සහ පාකිස්තාන ජාතික තරුණයෙක් මහනුවර සිට මගී ප්‍රවාහන බස්රථයකින් දඹුල්ල බලා පැමිණෙමින් සිටියදී මෙම සිද්ධිය සිදුවී තිබේ. අදාළ බස් රථයේ මඟීන් තිදෙනෙකුට ගමන් කළ හැකි අසුනක තුර්කි ජාතික තරුණියන් දෙදෙනෙකු අසුන්ගෙන සිට ඇති අතර අනෙක් තරුණයා සහ තරුණිය මඟීන් දෙදෙනෙකුට අසුන් ගත හැකි අසුනක වාඩීවී සිට තිබේ. අතරමඟදී බස් රථයට ගොඩවූ අත්අඩංගුවේ පසුවන…

Read More

ලබන වසරේදී නියමිත කාලයට සාමාන්‍ය පෙළ, උසස් පෙළ සහ පහ වසර ශිෂ්‍යත්ව විභාග පැවැත්වීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා පවසයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ පසුගිය කාලය තුළ රටේ පැවති අර්බුද තත්ත්වයන් හේතුවෙන් විභාග පැවැත්වීමේ කාලවකවානු සංශෝධනය කිරීමට සිදුවු බවය. සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ පැවති උත්සවයකට එක්වෙමින් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා මෙම අදහස් පළ කළේය.

Read More