Author: LFN

අද (23) දිනයේදී බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකිය. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ උතුරු සහ වයඹ පළාත්වල වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බවය. ඌව පළාතේත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවෙයි. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු-මැද පළාතේත් පුත්තලම, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින්විට හමන පැ.කි.මී. 40-45ක පමණ තරමක තද සුළං ද ඇතිවිය හැකි බව නිවේදනය කරයි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවරගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් ද කරයි.

Read More

ටයිටන් සබ්මැරීනය තුළ ගමන් කළ පුද්ගලයින් පස්දෙනා මියගොස් ඇති බව අමෙරිකානු වෙරළාරක්ෂක බළධාරීන් තහවුරු කර තිබේ. ටයිටැනික් කෞකාවේ සුන්බුන්වලට අඩි 1500ක් පමණ ආසන්නයේ තිබී සබ්මැරීනයේ කොටස් 5ක් සොයා ගත් බව එම දෙපාර්තමේන්තුවේ රියර් අද්මිරාල් ජෝන් මෝගර් ප්‍රකාශ කර තිබේ. අදාළ යාත්‍රාව පිපිරීමකට ලක්වී ඇති බවට ඔහු සඳහන් කර ඇත. ගිලී ගිය ටයිටැනික් නෞකාවේ සුන්බුන් නීරීක්ෂණය සඳහා අදාළ සබ්මැරීනය පසුගිය ඉරිදා අත්ලාන්තික් සාගරය වෙත පිටත්වී ගොස් තිබුණි. පැය එකහමාරකට පමණ පසු සබ්මැරීනය සමග පැවති සබඳතා බිඳ වැටුණු බව එම ගමන සංවිධානය කළ ඕෂන් ගේට් සමාගම පැවසීය. අදාළ යාත්‍රාවේ පුද්ගලයින් 5 දෙනෙකු ගමන් කර තිබුණි.

Read More

පැරිස් සමුළුවට සමගාමීව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (22) ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලීනා ජෝර්ජියේවා මහත්මිය හමුවී තිබුණි. මේ සම්බන්ධයෙන් ට්විටර් සටහනක් තබමින් ඇය සඳහන් කළේ, වර්තමාන ආර්ථික අභියෝග ජයගැනීම සඳහා ලක් රජය දරන ශක්තිමත් ප්‍රයන්ත පිළිබඳව සතුටුවන අතර මෙරට ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියට මෙන්ම ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම සඳහා මූල්‍ය අරමුදල අඛණ්ඩව කැපවන බවය. ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් මහතා විසින් කළ ආරාධනයකට අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රංශයේ පැවැත්වෙන මෙම සමුළුවට එක්විය. ජුනි මස 22 සහ 23 යන දෙදින තුළ පැවැත්වෙන සමුළුවේ මෙවර තේමාව වන්නේ “වත්මන් ලෝකය මුහුණ දී ඇති දැවෙන අභියෝගවලට විසඳුම් සෙවීම” යන්නය.

Read More

ලොව ජීවත්වීමට වඩාත්ම සුදුසු නගර සම්බන්ධයෙන් අලුත්ම වාර්තාව “The Economist” විසින් නිකුත් කර තිබේ. ඒ අනුව ලොව ජීවත්වීමට වඩාත්ම සුදුසු නගරය ලෙස නම්කර ඇත්තේ ඔස්ට්‍රියාවේ වියානා නගරයයි. වසර 5ක් තුළ වියානා නගරය එම ලැයිස්තුවේ පළමු ස්ථානයට පත්වූ තෙවැනි අවස්ථාව මෙයවෙයි. මෙම වාර්තාව සැකසීමේදී ලොව නගර 173ක් විවිධ කරුණු මත ශ්‍රේණිගත කර තිබුණි. ඒ අනුව සෞඛ්‍ය, අධ්‍යාපනය, ස්ථායිතාවය, යටිතල පහසුකම් සහ පරිසරය යන කරුණු අදාළ ශ්‍රේණිගත කිරීම සඳහා යොදාගෙන තිබුණි. කැනඩාවේ කැල්ගරි සහ ස්විස්ටර්ලන්තයේ ජිනීවා නගර එම ශ්‍රේණිගත ලැයිස්තුවේ 7 වන ස්ථානයට පත්ව තිබීම විශේෂත්වයකි. එම ලැයිස්තුවේ ඉදිරියෙන්ම ඇති නගර මෙසේය… 01. වියානා – ඔස්ට්‍රියාව 02. කෝපන්හේගන් – ඩෙන්මාර්කය 03. මෙල්බර්න්…

Read More

ශ්‍රී ලාංකික කාන්තාවක් කුවේට්හි දී මියගොස් ඇතැයි එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් විදේශ අමාත්‍යාංශයේ කොන්සිය කටයුතු අංශය වෙත දැනුම් දී තිබේ. එලෙස මිය ගොස් ඇත්තේ 66 හැවිරිදි කුලසිංහ ආරච්චිගේ අනුලා ප්‍රීතිමාලි පෙරේරා නැමති කාන්තාවකි. නිවේදනයක් නිකුත් කරමින් විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කර ඇත්තේ, ඇයගේ අවසන් කටයුතු සිදුකිරීම සඳහා ළඟම ඥාතියෙකු හෝ ඇයව දන්නා අයෙකු සිටී නම් හැකි ඉක්මනින් දැනුම්දෙන ලෙසය. ඇය නො 438/1, නුගවත්ත පාර, කිරිවත්තුඩුව යන ලිපිනයේ පදිංචිව සිට ඇති බවට ආගමන විගමන දෙපාර්තමේන්තු තොරතුරු මඟින් අනාවරණය කරගෙන තිබේ. ඒ අනුව ඉහත ඡායාරූපයේ සිටින කාන්තාව හඳුනන අයෙක් සිටී නම් දුරකථන අංක: 011238836/ 0117711163/ 0112323015, විද්‍යුත් තැපෑල : consular@mfa.gov.lk…

Read More

දකුණු සහ බස්නාහිර පළාත්වල සිදුවෙමින් පවතින දරුණු අපරාධ වැළැක්වීම සඳහා දැඩි ක්‍රියාමාර්ග ගන්නැයි පොලිස්පතිවරයාට සහ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ට උපදෙස් දුන් බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසයි. එසේම නීතිවිරෝධී සහ බලපත්‍ර රහිත ගිනිඅවි ආරක්ෂක අංශවලට භාරදීම සඳහා ජුලි 31 වනදා දක්වා සහන කාලයක් ලබාදී ඇති බවද ඔහු පැවසීය.

Read More

වැලිමැස්සා දෂ්ඨ කිරීම හේතුවෙන් වැළඳෙන “ලිෂ්මනයිසීස්” (leishmaniasis) නමැති චර්ම රෝගය සහිත රෝගීන් දිවයිනේ පළාත් කිහිපයකින් බහුලව වාර්තා වන බව අනුරාධපුර ශික්ෂණ රෝහලේ සමේ රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ජ්.එච්.ඩී.ජනප්‍රිය මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ උතුරු, උතුරු මැද, වයඹ සහ දකුණ යන පළාත්වලින් එම රෝගීන් බහුල වශයෙන් වාර්තා වන බවය. මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වු වෛද්‍ය ජ්.එච්.ඩී.ජනප්‍රිය මහතා, “ලිෂ්මනයිසීස් රෝගය දැනට ලංකාවේ ඉතාම සුලබ රෝගයක් වෙලා. උතුරු මැද පළාත, උතුරු පළාත, වයඹ පළාත, දකුණු පළාත ඒ වගේම ලංකාවේ විවිධ ප්‍රදේශවලින් ඉතාමත් බහුලව දැනට රෝගීන් වාර්තා වෙනවා. එහිදී රෝග වාහකයා වශයෙන් කටයුතු කරන වැලිමැස්සා කියන මි.මී 2 – 4ක පමණ දිගින් යුතු ළා…

Read More

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අවලංගු කරන ලෙස ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීමක් කරන බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ නියෝජ්‍ය මහකොමසාරිස් නාඩා අල් නෂීෆ් පවසන්නීය. ඇය පෙන්වා දෙන්නේ සංහිදියාව වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා රජයට සහ ජනතාවට සහාය ලබාදීමට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය සූදානම් බවය. මානව හිමිකම් කවුන්සිලයේ 53 වන සැසිවාරයේ දී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වාචික වාර්තාවක් ඉදිරිපත් කරමින් නියෝජ්‍ය මහකොමසාරිස්වරිය මෙම අදහස් පළ කර තිබේ. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල නීති සම්පාදනය කිරීමට රජය පියවර ගත යුතු බව ඇය සිය ප්‍රකාශයෙන් දැනුම්දෙනු ලැබුවේය. පසුගිය කාලයේ ශ්‍රී ලංකාවේ පැවති විරෝධතා පාලනය කිරීමට ආරක්ෂක අංශ කටයුතු…

Read More

උතුරු සහ නැගෙනහිර වෙහෙර විහාරවල අයිතිය පිළිබඳව විධිමත් සැලැස්මක් නිකාය මූලස්ථානය සමඟ සාකච්ඡා කර සකස් කළ යුතු බව පුරාවිද්‍ය චක්‍රවර්ති එල්ලාවල මේධානන්ද හිමියෝ මහා නායක හිමිවරුන් දැනුවත් කිරීමට කටයුතු කළහ. උතුරු නැගෙනහිර වැඳගත් නටබුන් ඇති ස්ථාන ශික්‍ෂුන් වහන්සේලා තනි තනිව අයිතිය වෙනුවෙන් අත්තනෝමතිකව කටයුතු කිරීමෙන් ගැටලු ඇති වන බව ලිපියක් යවමින් මේ බව මහානායක ස්වාමීන්වහන්සේ දැනුවත් කර ඇත. හිතුමනාපයට කටයුතු කිරීමෙන් පුරා වස්තු විනාශ වනවාක් මෙන්ම භික්‍ෂූන් වහන්සේ අතර විරුද්ධවාදීකම් ඇති වන බව කියන එල්ලාවල මෙධානන්ද නාහිමියෝ එම ස්ථාන මහානායක ස්වාමීන්වහන්සේගේ අනුදැනුම සහ නියාමනය ඇති පාලනයක් ඇති කළ යුතු බවද සඳහන් කරති.

Read More

මෙරට උද්ධමනය මැයි මාසයේදී සියයට 22.1දක්වා පහත වැටී ඇතැයි ජන ලේඛන හා සංඛ්‍යාලේන දෙපාර්තමේන්තුව කියයි. ඉකුත් අප්‍රේල් මාසයේදී මෙරට උද්ධමනය සියයට 33.6ක් ලෙස වාර්තා වී තිබූ අතර ඊට සාපෙක්ෂව මැයි මාසයේදී උද්ධනමය කැපීපෙනෙන ලෙස පහත වැටී ඇතැයි ද එම දෙපාර්තමේන්තුව කියයි. අප්‍රේල් මාසයේදි ආහාර කණ්ඩයේ උද්ධමනය සියයට 27.1ක් ලෙස වාර්තා වූ අතර මැයි මාසයේදී එය සියයට 15.8 දක්වා අඩුවී ඇතැයි ද ආහාර නොවන කණ්ඩයේ වාර්ෂික උද්ධමනය අප්‍රේල් මාසයේදී සියයට 39ක් වූ අතර මැයි මාසයේදී එය සියයට 27.6ක්ව තිබූ බව ද ජනලේඛන හා සංඛ්‍යාෙල්ඛන දෙපාර්තමේන්තුව සඳහන් කරයි. අලුත් මාළු, එළවළු,සීනි කුකුළු මස්,මයිසූර් පරිප්පු, අර්තාපල්, ඉඟරු, සුදු ලූනු ලොකු ලූනු, දෙහි, කරවල,…

Read More